
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
පවතින වර්ෂා සහිත තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම "ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටම " දක්වා ඉහළ ගොස් ඇති බව , ගම්පහ දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
අද දහවල් 12 ට නිකුත් කරන ලද නිවේදනයට අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 3 දශම 41 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටම ලෙස දක්වා තිබිණි.
මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයෙහි නියෝජ්ය අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා සදහන් කර සිටියේ , වැසි තත්ත්වයේ වැඩිවීමක් වුවහොත් අත්තනගලු ඔය ආශ්රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවය.
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්රදේශවල ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න වල පහත්බිම් ප්රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද අනතුරු අඟවා ඇත.
එම නිසා, මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්රදේශවල මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්න ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලා සිටීන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 2026 ඔක්තෝබර් 27 වන දින පස්වරු 6.00 දක්වා වලංගු වන බවද එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd