දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීමේ දී සාමකාමී වටපිටාවක් අද පැවැති බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානය මෙසේ ද කියයි.
‘කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හි අපේක්ෂකයින් දෙදෙනෙකු මනාප ලැයිස්තුවේ ඉහළින්ම ඇති ‘එකේ අංකය‘ ලබා ගැනීම සදහා තම උප්පැන්න සහ ජාතික හැදුනුම්පත් වෙනස් කිරීම හැරුණු කොට මනාප අංක සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගෙන් පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැත.
‘අඅඅඅ‘ ලෙස නම වෙනස් කළ අයෙකුට කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් ද, ‘අආ‘ ලෙස කොටසක් තම නමට ඇතුලත් කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකු ගම්පහ ලැයිස්තුවෙන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී. ‘අඅඅඅ‘ සහ ‘අආ‘ යන අකුරු එකතු කිරීම නමක් ලෙස අර්ථ ගැන්විය හැකි ද යන්න පිළිබද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විමසීමට කටයුතු කොට ඇත.
නව සම සමාජ පක්ෂය විසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කොට ඇති අපේක්ෂක ලැයිස්තුවේ ව්‍යාජ නම් සහ දත්ත ඇතුලත්ව ඇති බව තහවුරු වී ඇති නමුත් මැතිවරණ නීතියට අනුව මෙම ව්‍යාජ නම් සහිත පුද්ගලයින්ට පවා මනාප අංක නිකුත් කරනු ලැබ ඇත. නාම යෝජනා පත්‍රයක් පිළිගැනීමෙන් පසුව එය ප්‍රතිකේෂ කිරීමේ නෛතික හැකියාවක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට හෝ මැතිවරණ කොමසාරිස්වරයාට නොමැත.
මනාප අංක ලබා ගැනීමෙන් පසුව මාතර දී අධික වේගයෙන් ධාවනය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකුගේ මැතිවරණ කටයුතු සදහා යොදා තිබූ වාහනයක් මාතර ආසිරි රෝහල ඉදිරිපිට මගී පාර මාරුවන ස්ථානයේ දී අනතුරට පත් විය. කහ ඉර මත සිදු වූ මෙම අනතුරින් පසුව ජීප් රථය මාතර පොලීසිය වෙත රියදුරා විසින් පදවාගෙන ගොස් ඇත. තුවාලකරු බරපතල තත්වයෙන් මාතර මහ රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත් කොට ඇත. මෙම රිය අනතුර මැතිවරණය හා ඝෘජු සම්බන්ධයක් නොමැත.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ආආ... දාගෙන ඡන්දෙ ඉල්ලලා දිනුවට පස්සේ ජනතාවට වෙන්නේ හැමදාම ආආආආආඅ........ කියාගෙන ඉන්නයි. (නදී)
ලංකාවේ තරම් මැතිවරණ පවත්වන රටක නමක් ලෝකේ කොහේ හරි තිබෙනවද? (නදී)
සෑම්, මම දැම්මේ එහෙම තමයි. (නදී)
අවසානයේදී ඇතුලත්මුදලිත් නැහැ බස්තියනුත් නැහැ. එක කියන්නේ කෙනෙකුට අසුබ අංකයක් වන්නට පුළුවනි.(නදී)
පටන්ගන්නකොටම මෙහෙම කරලා සභාවට යන්න හදන්නේ අපිට වැඩ කරලා දෙන්න තියෙන බලවත් උවමනාවෙන් සහ රට ගොඩනැගීමේ පරම චේතනාවෙන් කියල තේරෙනවා නේද.? (නදී)
ඉන්දික, ඔබ කීව එක ලලිත් ""අතුලත්මුදලි"" ලෙස විය යුතුයි. මට මතක හැටියට අනුර බැස්ටියන් ට වඩා ඉදිරියෙන් ඉන්නයි එහෙම කලේ. (නදී)
ගාමිණී, අං අකුර තියෙන්නෙ අපි කියවපු හෝඩියෙ නම් අන්තිමට.(නදී)
මතකද ලලිත් ඇතුලත් මුදලිත් ඡන්දෙදි ලලිත් ඇතුලත් මුදලි උනේ අංක 1 ගන්න නේද? .(නදී)
මේ දෑත් ශක්තිමත් කරන්න කියලා ගසා කාලා දූෂණය කරන්න එන තිරිසන් මිනිස්සුන්ට ගහලා රටෙනුත් පන්නන ඕනා... නැත්තං මෙයාලට මෙයාලගේ බත්පතට, අරක්කු බෝතලයට ඡන්දේ දීලා ඔයාලගේ දුවා දරුවන්ට වහ ටිකක් කවලා මුහුදේ දානවා ඊට හොදයි.(නදී)
බලාගෙන යනකොට ඔක්කොමලා බාහුලානේ. (නදී)
සංක බඹරව අයියේ. මම දන්නා විදිහට නම් අහඹු කියන්නේ අහම්බෙන් හෝ සසම්භාවිත යන තේරුමටයි. ඔයා කියන ක්‍රමය සමහර විට උදාහරණයක් සමගම රටට කියන්නකෝ. ඒක ඉදිරියේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය සලකා බලන්න ඉඩ තියෙනවා. (නදී)
මේ ගොයියලා කරන කියන වැඩ වල හැටියට මේක මොකද්ද අප්පා . (අ)
ඡන්දෙ ඉල්ලන ඔක්කොම වගේ ඉතින් අං තියන කට්ටිය තමා. (නදී)
අහඹු ක්‍රමයකට අංක නිකුත් කළා නම් හොදයි. (ත)
මෙවැනි අපේක්ෂකයන්ගේ නාමයෝජනා අවලංගු කළහැකි නීති සම්පාදනය නොකරන්නේ ඇයි? මොවුන් බලයට පත්වුවොත් තමන්ගේ වාසියට මොනවා නොකරයිද ? මැතිවරණ කොමසාරිස්තුමනි, පිළියම් නැත්ද ? (ත)
ඡන්දෙන් දිනලා මොනවා කරයිද?
දේශපාලනේ කරපු පුද්ගලයින් මහජනතාව වෙනුවෙන් කරපු සේවය, කැපවීම, අවංකකම , දක්ෂතාවය අනුව තමා සුදුසු කෙනා තෝරා පත්කළ යුත්තේ. එසේ නැතිව මනාප අංක අනුව නොවේ. එබැවින් බුද්දියක් තිබෙන කෙනෙක් අංක අනුව පාලකයෝ පත්කරන්නේ නැහැ.(නදී)
නුගත් කමත්, ඔලමොට්ටල කමත් විදහා පෑමක්. (නදී)
හෝඩියේ පන්තියට විතරක් වෙන්න ඇති ගිහින් තියෙන්නේ. (නදී)
මානසික පිස්සෝ......(නදී)
පරණ කියමනක් තියෙනවා ගම්පහෙන් ගෙනා ... අං පහේ ගොනා... කියල.ව්‍යාජ නම් දමන කාලේ ගොනාගේ නමත් ඇතුලත් කළා නම් " අ " අක්ෂරය අනුව ..අංක 1 ලැබෙන්නේ ගොනාට තමා. (අ)