(ආරියරත්න රණබාහු)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේය
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති වාර්තා ප්‍රසිද්ධ කිරීමට සතියක කාලයක් ලබා දෙන බවත් එසේ නොවුවහොත් තමා ඒවා ප්‍රසිද්ධ කරන බවත් ගම්මන්පිල මහතා පෙරේදා පැවති මධ්‍ය හමුවකදී කළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ රජයට ලබාදි ඇති වාර්තා සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු කරන බවය
ඔහුට මෙම වාර්තා ලැබුණේ කෙසේදැයි පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරයා පැවසීය
ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරය මූලික කරගත් ආණ්ඩුවක් බලයට පත් කිරීම කිරිම සදහා වේදිකාවල නොයෙකුත් දේ පවසමින් ජනතාව මුලාකළ අයෙකු බවත් එම ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයකු ලෙස කටයුතු කළ අයෙකු බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ තිබි අදාළ වාර්තා සොරකම් කරන්නට ඇතැයි සැක සිතෙන බවත්ය
කෙසේවෙතත් ඔහු ළඟ ඇතැයි කියන එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද කි ඇමතිවරයා මෙපමණ කාලයක් එම වාර්තා සඟවා තබා ගැනීම බරපතළ වරදක් බවද අවධාරණය කළේය.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි
Sediris Tuesday, 15 October 2024 05:20 PM
ඒ කියන්නේ ගොයියෝ, ගම්මන්පිලයා ළඟ තියෙන්නේ එසේ මෙසේ වාර්ථාවක් නෙමේ වගේ. මොකද මේ විජිත කලබල වෙලා.
යෝගා Tuesday, 15 October 2024 05:39 PM
ගම්මන්පිලගේ ප්රශ්නය වෙනම බලාගන්න. පිටු අතුරුදන් වගේ බොළඳ කෙප්ප ගහන්නේ නැතුව ඡන්දෙට කලින් පොරොන්දු වෙච්චි විදියට වාර්තාව මුළුමනින්ම ප්‍රසිද්ධ කරන්න...!
අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 06:32 PM
යෝගා ඔයා දැන් නියෝගය දුන්නානේ, හෙටම ආණ්ඩු වාර්තා එළියට දායි. ටිල්වින් සිල්වා හැමදාම කියන කතාවක් තියෙන ඒ තමයි අපි ගමනක් යනවිට මගදී අපට බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් අපිට ගමන යන්න වෙන්නේ නැහැ කියලා.
පොඩිඑකාTuesday, 15 October 2024 07:30 PM
හලෝ Yoga...., ඔහෙට ඔච්චරම පස්ස පැත්තේ අමාරුව නම්, ගොම්මං පිල්ලියා හම්බවෙලා ඉල්ලගන්නකෝ..!
Sampath Tuesday, 15 October 2024 06:22 PM
හරිනේ අමාරුව...
අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 06:35 PM
අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි, මේ වාර්තා කොහොමද ගම්මන්පිලට ලැබූණේ සහ කවදාද ලැබුණේ කියලා... ඒ විතරක් නොවෙයි, මේ වාර්තාව එයා මෙච්චර කල් හංගාගෙන හිටියේ ඇයි කියලා...
ව්මර්ශනීWednesday, 16 October 2024 10:55 AM
ඒක ඇත්ත ඔහු යම් ලෙසකින් හොරකම් කළා නම් ජනාධිපතිට වාර්තාව එළිදැක්වීමට නොහැකි වෙනවා. විජිත ඇමැතිවරයා කලබල නොවී හිටියා නම් ඔය වාර්තාව එළියට දැම්මාට පස්සේ විමර්ශණ කරන්න තිබුණා දැන් ඉතින් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැහැ...
de silva berlin Tuesday, 15 October 2024 07:44 PM
ගම්මන්පිලය නොවේ... මොකෙක් හරි යකෙක් ඔය සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා නම් අපි කැමැතියි... ඔය වාර්තාව ප්‍රසිද්ධ කරනවාට ඔබතුමා විරුද්ධ මොකද?
Rana Wednesday, 16 October 2024 05:33 AM
මේ වාර්ථා දෙකේ හිටපු ජනාධිපති රනිල්ට භාර දුන්නේ ගිය මාසේ. . රනිල්ගේ කාලයේ මේ කමිටු දෙක පත් කලේ. ඒ වාර්තා දෙක ගැනයි මේ ගම්මන්පිල මහතා කියන්නේ.
කේසර Wednesday, 16 October 2024 08:09 AM
අරවින්ද මොනරවිල නම් රෙදි නැතුවම කඩේ යනව වගේ. තමන් ඡන්දෙ දුන්නා උනත් හරි දේට හරියි කියන්නයි වැරදි දේට වැරදියි කියන්නයි පුරුදු වෙන්න. ඔයාල වගේ අයට තමයි දේශපාලන වහල්ලු කියන්නෙ. සුපිරිම ජෙබයියෙක්.