ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) නියෝග කළාය.
උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.
සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූ අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ සමඟයි මහත්තයෝ (නි)
ඇප ලැබිලා ආවම ජය වේවා කියන්නත් අය ඉන්න රටක් මේක. (ර)
පරාක්‍රම, ඔබේ ප්‍රතිචාරය අගේ කරමි. (ර)
ඔබතුමා මන්ත්‍රී වාහන පර්මිට්, පිටරට සවාරි වලට එරෙහි සටනේ පෙරමුණ ගන්න. (නි)
සත්‍යය කවදා හෝ ජයගන්නවා මහත්තයෝ (නි)
මොහුගේ අවඥාසහගත සිනහවෙන් අපිට ඔප්පුවෙන දේ බොහෝය (නි)
මේ නඩුව පුද්ගලික ව්‍යාපාරයකට සම්බන්ධ වංචාවකට අදාළව පැවරුන නඩුවක් බව පෙනෙන්නට තිබියදීත් දේශපාලන පළිගැනීමක් ගැන කතාබහ වෙන්නේ ඇයි කියන එක ප්‍රහේළිකාවක්. (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
නන්දලාල්, ගම්මන්පිලලා වගේ අය ඉන්න නිසා තමයි ලංකාවේ තරමක් හෝ පාලනයක් තියෙන්නේ. පුළුවන් නම් මේ දවස්වල ලංකාවට ගිහින් බලන්න කොහොමද තත්වය කියලා. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ අයව හිරේ දානවා. හිරේ ඉන්න ඕනෑ අයව පාර්ලිමේන්තුවේ තියා ගන්නවා. මොකද්ද මේ කරන්නේ? (නි)
සද්දයක් නැතුව හිටියා කාලයක්. ආයෙත් දැන් පටන්ගනී (නි)
රජිත් මංජුල, අපිත් හිතුවේ එහෙම තමයි. අපිටත් දැනුම් තේරුම් ආවට පස්සේ තමයි තේරුනේ ඒ සුදු ඇඳුම ඇතුළේ ඉන්නේ කවුද කියලා. (නි)
ඔය වැන්ඳාට ඇප විතරයිනේ. නඩුව තිබෙනවානේ තවම (නි)
එතුමා වරදක් කරලා නැද්ද ? (ර)
තවත් ඉන්නවනේ මේ වගේ අයව විශ්වාස කරන අය? (නි)
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ දැනුමක් තේරුමක් නැති වයසේදී සුදු ජාතික ඇදුම ඇදගෙන ඉස්කෝලෙට එන ලොකු මහත්තයට වැඩිය ගරු සරුවක් තිබ්බේ කලිසන් ඇදන් එන ගුරුවරුන්ට දැනුම් තේරුම් අවට පස්සෙයි තේරුනේ ඒ සුදු ජාතික ඇදුම ඇතුලේ උන්නේ මොන තරම් නීතිගරුක ගෞරවන්විත මහත්මයෙක්ද කියල (බ)
හාමුදුරුවනේ, වරදක් කර ඇත්නම් ආශිර්වාද කරන්න නම් එපා. (නි)
ජයවේවා ඔබට! (නි)
ගම්මන්පිල ගැන මම දැනගත්තේ මීට ගොඩක් කලින් (නි)
මෙයා මේ හිනාවෙන්නේ ඇප ලැබුන සන්තෝෂයටම වෙන්න බැහැ. මට නම් හිතෙන්නේ මේ හිනාවෙන්නේ එයාට ඡන්දෙ දෙන්න තරම් මෝඩ ජනතාවක් ලංකාවේ ඉන්න නිසා කියන සතුටට. ඒ වුණත් තව මොන මොන දේවල් ඉස්සරහට වේවිද කියලා කවුද දන්නේ. (නි)
'ඇතුළට දානවා ඇප දෙනවා'... 'ඇතුළට දානවා ඇප දෙනවා'... ඇතුළට දාන්නේ ඇයි ඇප දෙනවානම්... මගේ ඔලුව කැරකෙනවා වගේ. (නි)
මේවා දේශපාලන පළිගැනීම් ලෙසයි අපි දකින්නේ (නි)
රජිත් මංජුල මහතාගේ කතාව මම අනුමත කරනවා. (ර)
අපිට තමයි ඇපත් නැත්තේ... (නි)
අද ඉඳලා නැවත මාධ්‍ය සංදර්ශන බලන්න පුලුවන්. (නි)
බලමු කව්ද හරි - වැරදි කියලා. (ර)
මේකත් මේ එක්තරා සංදර්ශනයක් තමයි. (ර)
මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඇප ලැබෙයි කියලා. (ර)
සතුටුදායක පුවතක්..(බ)
ගම්මන්පිලට ඇප ලැබුනට පස්සේ, හන්දි ගානෙයි, වේදිකා උඩයි ආයෙමත් හොල්මන් කරන්න පටන් ගනීවි !! (බ)