ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන් ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හත් දෙනෙක් අද (27) යළිත් ජාතික හෙළ උරුමයට එක්වූහ.
සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුන්කළහේනේ රතනරංසී හිමි, ලම්පහ නගර සභා මන්ත්‍රී නලින් සමන්ත, උඩුදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මඩුගල්ල, පදියතලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් රණවක, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ විල්බට් පෙරේරා, බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුමිත් නිශාන්ත, පානදුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන පිරිස යළි හෙළ උරුමයට එක්වූහ.
උදය ගම්මන්පිළ තමන් රවටා පක්ෂයෙන් ඉවත්කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට එක් කරගත් බවත් රැවටීමකට ලක්වූ බව අවබෝධවූ නිසා යළිත් හෙළ උරුමය හා එක්වීමට තීරණය කළ බවත් බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලේ පැදුර හේනට අරගෙන එනවා - එළා පැදුර මැස්සේ සැතපෙනවා - රටාවියපු අත් දෙක මට සිහිවෙනවා - හිතේ දුකට එතකොට කවි කියවෙනවා (නි)
මහින්ද දිනුවා නම් ඔහොම වෙයිද? මේ වගේ අයට තමයි අපි නම් අවස්ථාවාදී දේශපාලුවෝ කියන්නේ. (නි)
මේ අය හැසිරෙන අයුරු නිරීක්ෂණය කරන්න. හෙළ උරුමයේ ස්වරූපය ඉන් සිතාගත හැකියි. (නි)
අපෙන් ගත් රුපියල් සීයත් ආපහු දුන්නා නම් නේද හොඳ? (නි)
ආපසු ගත්තත් අපි නම් මේ අයට ඡන්දෙ දෙන්නේ නැහැ.(දිල්)
ඇල්වතුර නිවලා බොන කෙනත් ආපහු එනවා... මෙන්න මගේ කණ (නි)
අනේ කාවද මේ රවටන්නේ? මහජනතාව නේද?
කෝ ඇඹිලිපිටියේ හාමුදුරුවෝ (නදී)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නොවේද මෙය? (නි)
ගම්මන්පිළ ඔච්චර රැවටෙන්න බබෙක්ද? දැන් පේනවා නේද එයා ගියේ ඇයි කියලා (නි)
මඩේ හිටවපු ඉන්න වගේ කියන්නේ මේවගේ අයට. වාසියට පිල් මාරු කරන අයට ආයෙත් ඡන්දෙ දෙන්න එපා. පැති මාරු කරන්න කලින් පක්ෂවල ප්‍රතිපත්ති බලන සිරිතක් නැද්ද? (ර)
අනේ පවු අනේ එයාලා... (නි)
සමන්ති, මේ අය සහ අපේ තව ගොඩක් අය පහුගිය මාස 2-3 කාලයේ පැදුරු මාරුකළේ වතුර බොන්න වගේනේ. ඒකටත් ගැළපෙන්න ඔය සින්දුව අලුත් කළා නම් හොඳයි (නි)
මොන එකකට ආයෙත් ගත්තද මන්දා? (නි)
ගම්මන්පිලට හොඳ වැඩේ තමයි වුණේ (නි)
අනේ සාදු කිවුවලු (නි)
අනේ පවු. මේ පුංචි ළමයි ටික හොඳටම රැවටිලා. (නි)
ඔය කවූරුවත් පොඩි බබාලා නෙවේනේ රවට්ටන්න.? (ර)
බත් කන හරක් ලංකාවේ දැන් නැහැ (නදී)
අනේ පව් වරෙල්ලා හරහට අරන් නලවන්න. (නදී)
පන්නන්න තියෙන්නේ (නදී)
අනේ පවු, පොඩි බබාලනේ රැවටෙන්න තරම්.... (නි)
ගම්මන්පිළ, ඔබ නියමයි.ඔහොම යමු (නි)
එක්කෙනෙක්වත් ගන්න හොද නෑ. (ර)
වරද පිළිගත් එකනම් හොද ගතියක්, එත් ආපසු හෙළ උරුමයට ගත්ත එකනම් ලොකු වරදක්. (ර)
මේ වගේ අයටද අපේ රටේ ඉදිරි සැලසුම් කරන්න දෙන්නේ ? (ර)
කන්න හිතුනහම කබර ගොයත් තලගොයා වෙනවලු. (ර)
රවට්ටන්න බබාලද.? (ර)
කළ වරද පිළිගෙන සමාව ඉල්ලා නැවත ආවාට ස්තුතියි , නමුත් මොවුන්ව ඉදිරියේදී උනත් විශ්වාස කිරීමට අපහසුයි , වාසියට සල්ලිවලට , තාන්න මාන්නවලට දෙකට නැමෙන මෙවැනි අයව දේශපාලන භූමියෙන් අතුගා දැමිය යුතුයි (බ)
නරින්ට, හිවලුන්ට, කැනහිලුන්ට රැවටෙන උන් රටක් පාලනය කොරාවිද? (බ)
මොකට ආයෙත් ගත්තද දන්නේ නැහැ. (ර)
හැමෝගෙම බාල බොළඳ රැවටීම් වලට ලක්වෙන අත දරුවන්ද රටට වැඩකරන්ට දේශපාලනයට ඇවිත් ඉන්නේ ? මහින්ද දින්නානම් මේ අය කියන්නේ වෙන කතාවක්. (ර)
මෙවන් රැවටීම් වලට ලක් වන පුද්ගලයන්ද ජනතා නියෝජිතයෝ වෙන්නේ. බයත් හිතෙනවා. (ර)