(උපාලි ආනන්ද සහ සජීවා කෝට්ටගොඩ)
අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස පහරදී තියුනු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එහි ප්‍රධාන සැකකරු මෙම 18 වන දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා නියෝග අද නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කලේ හික්කඩුව තිරන්නගම පදිංචිකරුවකු වන ජේ කේ ටෙක්සි ඩෙනිස් නැමැත්තෙකි.
සැකකරු එදිනට හදුනා ගැනීෙමි පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට තවදුරටත් නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අඔන්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් පෙරේරා මහතාට නියෝග කළේය.
මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් මෙම සැකකරුගේ වැඩිමහල් සහෝදරයකු බව කියන සදුන් නමින් හදුන්වන පුද්ගලයකු සිටින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ග්‍රාම නිලධාරිවරයා මිය යන තුරුම තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කර ඇත්තේ මෙම සැකකරු බවට දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
ග්‍රාම නිලධාරි කපිල ප්‍රියන්ත සපුකුමාර මහතා ඝාතන කොන්ත්‍රාත්තුව දුන් බවට සැකපිට අත් අඩංගුවට ගෙන මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගල්ගමුව දුම්රිය ස්ථානයේ සේවය කරන පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයකු වන චානක තිලාන් කුමාර නැමැත්තාද මෙම මස 18 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටී
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්මුලාදෑනි ඝාතනයේ තවත් සැකකරුවකු රිමාන්ඩ්
sithu Friday, 08 October 2021 10:10 PM
චූදිතයින්වත් ඒ විදිහටම මරන්න ඕනේ..