ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා තෙරිපැහැ සිරිධම්ම හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ. මීට කලින් ද ඒ හිමියෝ උපවාසයක් කළහ. කම්හල ආරක්ෂාව පතා පොලිස් මුර යොදා ඇත. කම්හල පිළිබඳව උසාවි තීරණය කල් යෑමෙන් පසුව ගැමියෝ දෙතුන් සියයක් කම්හල අවට රැස්වී සිටිති. කම්හලේ පිවිසුම් මඟද කොටදමා අවහිර කර ඇත.
(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ඡයාරාරූප තරිදු ජයවර්ධන)
;
(ඡායාරූප අජිත් මදුරප්පෙරුම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තුන්වන පාර්ශවයක් ඉන්නවා නම් දැම්මම කියන්න (නි)
ගැමියන්ට ජය පතමි (නි)
ඔන්න දැන් රනිල් මහත්තයාට යමක් කළ හැකියි (නි)
'ඉම්පෝර්ට් වස' තහනම් වුනාට ලෝකල් වස බඩට ගියාට අවුලක් නැද්ද? (නි)
ජයවේවා! (නි)
දැන්ම කියමු කව්ද හමුදාවට එන්න කිව්වේ දැන්? හමුදාව මොනවටද තුවක්කු අරගෙන ආවේ ? කෝ පොලිසියේ කඳුළු ගෑස්, වතුර බවුසර් ? (නි)
අනේ මේ අපේ හමුදා මල්ලිලා ,ඔහොම ඇතුලෙම ඉන්න හොදේ. මෙයාලට ඕනෑ දෙයක් කරගන්න කියන්න ,මේ ගැහැණු කට්ටියට ගෙවල්වල වැඩපල නැද්ද අප්පා!! (නි)
මේ වගේ කම්හලක් වසා දමනවා කියන්නේ කී දෙනෙකුට නම් රැකියා අහිමි වීමක්ද මෙයට එරෙහි වන අය ඒ ගැනත් හිතන්න ඕනේ. ඒවගේම කම්හල අයිති අයත් පරිසර හානිය අවම කරවන්න වග බලාගන්න ඕනේ මොකද එක ප්‍රදේශයක වතුර විස වෙනවා කියන්නේ එය කාලයක් ගත වෙන විට තව බොහෝ ප්‍රදේශ වලට පැතිර යා හැකියි. මෙය මුලූ රටේම අනාගත පරපුරට තර්ජනයක්. (අ)
හොදට බලන්න, හොදට බලන්න, තුන්වෙනි පාර්ශවයක් ඉන්නවද කියල, මිනිසුනේ රතු තොප්පිනම් ගෙන යන්න එපා ඕවටවත් එහෙම උනොත් මේක රතු මල්ලිලලා කරපු දෙයක් කියයි. (අ)
කම්හලත් එක්ක ඕනෑ ප්‍රශ්නයක් බේරා ගන්න. පාරේ යන එන මිනිස්සු මේ ප්‍රශ්න වලට පලි නැති බව කට්ටිය දැන්වත් වටහා ගෙන තියෙනවද දන්නෙ නැහැ.මුළු රටටම දැන් රතුපස්වල විහිළුවක් වෙලා තියෙන්නේ..ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩි වුනාම සිදුවන්නේ හිතන දේ නෙමෙයි. (නි)
මිනිස් ජීවිතවල වටිනාකම මෙතරම් හෑල්ලු වුනා ද? මෙතරම් ඉක්මනට අමතක වුනාද? (නි)
ඇත්තටම මෙතන බැහැර කරන අපද්‍රව්‍ය වලින් වතුර වලට විෂ එකතු වෙනවා.ඒක මම හොඳටම දන්නවා (නි)
මිනිසුනේ, වෙඩි කන්න ආසා හිතිලද? අපේ අනාගතේ අදුරේ... (නි)
"කම්හල ආරක්ෂාවට පොලිස් මුර". එතකොට වටිනා මිනිස් ජීවිත ආරක්ෂා කරන්නේ කව්ද? (නි)
මේ අහිංසක මිනිස්සුන්ට ආයිත් නම් මොකුත් කරන්න එපා (නි)
මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඇයි නීතිය මෙච්චර අකමැති? කිරිපිටි ප්‍රශ්නයට වහා පියවර අරගෙන කම්හල වහන්න පුලුවන් නම්, බොන වතුර ටික නිසා ඇයි ඒ දේ කරන්න අමාරු? රැකියා නවතිනවා නම් ඉහත ක්‍රියා නිසාත් නවතිනවනේ (නි)
ඇයි මේ කර්මාන්ත ශාලාව ජන ශූන්‍ය ප්‍රදේශයකට ගෙනියන්න බැරි (නි)
අර 3 වැනි පාර්ශවයේ අයත් ඉන්නවද දන්නේ නැහැ. (නි)
මේ අහිංසක මිනිස්සුන්ට ආයිත් නම් මොකුත් කරන්න එපා කරුණාකරලා (නි)
මෙයාල ඉල්ලන්නේ වතුර. බලධාරින් වහා සාධාරණය ඉටු කරන්න.මෙය තේරුම් ගන්න (නි)
රතුපස්වල වතුර ප්‍රශ්නෙට හරිම හේතුව ඔය කොම්පැනිය කියලා ඔප්පු කරලා තියෙනවද? එහෙම නම් ඕක වහාම වහලා නිසි දඩුවම් දෙන්න ඕනෑ අදාල අවසරයන් දුන්න ගොල්ලන්ටත් එක්කම.එහෙම නැතුව බොරුවට මෙහෙම කර්මාන්ත ශාලාවක් වහලා දාලා තියෙනවා කියන්නේ අපරාධයක්.... (නි)
ඔය ආයෙත් පටන් අරන් තියෙන්නේ? අඩු ගානේ පිල්ලෙ මැඩම් යනකන් ඉවසුවා නම්... (නි)
දෙවියන්ගේ නාමෙන් එයාට කැමති දෙයක් කරන්න ඉඩදෙන්න (නි)
සෙවිලි තහඩු වල කොළ පාට ගෑ පමණින් කම්හලක් පරිසර හිතකාමී වන්නේ නැහැ. (නි)
කම්හලද?මිනිස් ජීවිතද? ජීවිත කාලයටම බලපාන ජලයද? මෙතන පූජකතුමන්ලා නැද්ද? (නි)
මෙතන තුවක්කු තියාගෙන ඉන්නේ කාට වෙඩි තියන්නද ? කම්හල් ඕනෑ තැනක හදන්න පුළුවන්.වතුර හාමතේ හරි ජීවත් වෙන්න තියන දෙයක්. (නි)
කොහොම වුනත් මේ කොම්පැනිය වහනවට මම විරුද්ධයි. (නි)
රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලයේ පී.එච් අගය පහළ වැටීමට අදාළ කර්මාන්ත ශාලාවෙන් බලපෑමක් එල්ල වී නොමැති බව ඒ පිළිබඳව සොයා බැලූ ආයතන කිහිපයකින් අධිකරණයට දන්වා ඇති බව සඳහන් වෙනවා නේද? (නි)
මේ අයට ළිං වතුර බොන්න බැරි නම් ඔය කඩවල ඕනෑතරම් මිනරල් වතුර තියෙන්නේ. (නි)
කච්චතිව් දුපතටවත් ඔය කම්හල ගෙනිච්චොත් කාටවත් කරදරයක් නැහැ (නි)
රැවුලත් ඕනෑ, කැදත් ඕනෑ. අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. එකෙක් කෑගහන කොට ඒ පස්සෙන් තව දහස් ගානක් කෑ ගගහා යන්න තමයි දන්නේ. උසාවියේ නඩුවක් තියනවා නම්, වතුර ගැන පරීක්ෂණ කටයුතු කරනවා නම් තව ටිකක් ඉවසලා තීරණේ මොකක්ද කියලා ඒවට නිසි පියවර ගන්න ක්‍රම තියනවා, පාරවල් වහගෙන උද්ගෝෂණය කරනවට වැඩිය. දැන් කර්මාන්ත ශාලාව වැහුවයි කියලා එකපාරටම වතුර පිරිසිදු වෙනවද. ඔය පස්සෙන් ඉන්න තුන්වෙනි පාර්ශවේ අයින් කරලා දාලා මොලයක් තියන මිනිස්සු වගේ වැඩ කරන්න. (නි)
බන්දුල වගේ දේශපාලන පක්ෂ වලට දිවි හිමියෙන් 'කඩේ යන' අයට නම් රතුපස්වල මේ සිදුවීම විහිළුවක් වුනාට රටේ සංවේදී ජනතාවට නම් සානුකම්පිත සිදුවීමක්. (නි)
නෙතුමි,පිළිතුර ඉතාම පැහැදිලිය. (නි)
බන්දුල පෙරේරා මොනවගේ කෙනෙක්ද? (නි)
මේ කම්හලට ඔච්චර ආරක්ෂාවක් දෙන්න තරම් මේක කාගේ? ඇයි ඕක වහන්න බැරිද? වෙන තැනකට ගෙනියන්න බැරිද? (නි)
ෆැක්ටරියට මෙතරම් ආරක්ෂාවක් දෙන්නේ ඇයි කියලා දෙවරක් සිතිය යුතුයි. (නි)
අද උසාවියට ඉදිරිපත් කළ වාර්තා හතරෙන්ම කියවුනේ වතුර වල පී.එච්. අගය වෙනස් වෙන්න ආයතනය වග කියන්න ඕනෑ නැහැ කියලා. ඒ වාර්තා හතරම රජයේ ආයතන වලින් සිදුකල පරීක්ෂණ. තව එක වාර්තාවක් එන්න තියෙනවලු . වාර්තා පිළිගන්න මිනිස්සු කැමති නැත්නම් මේ ප්‍රශ්නෙට විසදුමක් නැහැ. (නි)
අහන්නත් දෙයක්ද මිනිස්සු නීතිය අතට ගන්න එක. (නි)
මේක අප්‍රිකානු රටක්ද කියලා හිතෙනවා වෙලාවකට. (නි)
බන්දුල පෙරේරා වගේ 10 දෙනෙක් හිටියොත් හොඳටම ඇති. (නි)
මේ පරීක්ෂණ කරපු අයට සහ බන්දුල පෙරේරාට මාස 3ක් කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන වතුර බොන්න දීලා බලන්න. ඔවුන්ට මොකුත් වුණේ නැත්නම් අපි මේක පිළිගන්නම් (නි)
මියගිය අයගේ තුන් මාසේ දානයටත් කලින් නැවත මේ සිදුවීමෙන් මියගිය ආත්ම වලට සැනසීමක් ලැබේද හෝ නොලැබේද? (නි)
පේනවද හමුදාවෙ මල්ලිලා තුවක්කු කෙලින් කරගෙන ඉන්න හැටි. මොකද මෙම කම්හලට මේතරම් ආරක්ෂාව? හොරේ මොකක්ද? (නි)
සර්ව සාදාරන සමාජ පතන්නේ මෙහෙම අනුන්ගේ මතයක් ඉවසන්න බැරි අය තමයි.රතුපස්වල ප්‍රශ්නය රතුපස්වල පසේ ප්‍රශ්නයක් කියලා මම මුල ඉදලා කිව්වා.ඔය පී එච් අගයට වඩා අඩු ජලය තමයි මේ රටේ වැඩි ප්‍රදේශයක තියෙන්නේ (නි)
මොනවද මේ බන්දුල කියවන්නේ? (නි)
හේතුවක් නොමැතිව කොම්පැනියක් හදිසියේ වසා දැමුවොත් එහි සේවකයන් කී දෙනෙකුගේ රැකියා අහිමි වෙනවද? දැනට කොම්පැනිය නිසා ජලය අපිරිසිදු වීමට බලපෑමක් නොමැති බව ලංකාවේම ආයතන තුනකින් දන්වා තිබෙනවා. කිරි පිටි පරීක්ෂණය කලෙත් ලංකාවේම මිනිස්සු.එය අපි කවුරුත් පිළිගත්තා. එහෙම නම් මෙම පරීක්ෂණ ගැනත් විශ්වාසය තබන්න හැකියි නේද? උසාවි තීන්දුව දෙන තුරු හිටියා නම් හොඳයි නේද? ලංකාවේ වෙනත් සමහර ප්‍රදේශ වලත් බීමට නුසුදුසු ජලය තිබෙන තැන් තිබෙනවා. (නි)
නරකද මේක හම්බන්තොටවත් ගෙනිච්චොත්? (නි)
බන්දුල පෙරේරාගේ කාගේහරිද මේ කොම්පැනි එක. (නි)
නරකද මේ කොම්පැනි එක බන්දුල පෙරේරාගේ ගෙදර දාගත්තොත්? (නි)
රතු පස්වල ජනතාව මෙපමණද? (නි)
මේකට ඉක්මන් විසදුමක් බලදාරින් ලබා දිය යුතුයි (නි)
මට නම් දැනෙන්නේ මේවා දැන් ලංකාවේ නුගත් සමාජයට හුරු පුරුදු දෙයක් වෙලා හරියට ඉන්දියාව වගේ (නි)
හේතුවක් නැතුව ඔය මිනිස්සු කැගහන්නෙ නැහැනෙ. ප්‍රශ්නයක් තියන නිසා තමයි ඔය වගේ කෑගහන්නෙ (නි)
කම්හලින් එන වතුර පිරිසිදු බව වාර්තා ලැබිලා තියෙනවා නම් , මේ කරන වැඩේ තේරුම මොකද්ද? (නි)
මෙය මහා අපරාධයක්. පව් අහිංසක මිනිස්සු (නි)
බන්දුල පෙරේරා මගේ ළග හිටියා නම් දත් ටික බඩට අරිනවා සිකුරුයි (නි)
මේ පැක්ටරියේ නියම අයිතිකාරයා කවුද දන්නවද? (නි)
බන්දුල දිව දෙකේ කතා එපා (නි)
වග කිව යුතු මජන නියෝජිතයෙකුට ඇවිත් මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න බැරි හේතුව මොකක්ද?හමුදාව,පොලිසිය මෙතනට ආවම නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. (අ)
කවුද මේ බන්දුල පෙරේරා? (නි)
අණ ලැබුනත් ඔලුව කල්පනා කළා නම් අද විදවන්නේ නැහැනේ. (නි)
පොලිස් කාරයන්ගේ බොරු රඟපෑම් තියන්නේ දුමින්ද සිල්වලට දන ගහල වඳින්නේ(අ)
දසුනි මේ හිමිගේ පෙර මාධ්‍ය සාකච්ඡා නොදැක්කේද සිරිදර්ම හිමි මෙය නවතන්නේ ජනපති පමණක් රතු පස්වලට ඇවිත් මේ ප්‍රශ්නය සොයා බැලුවොත් පමණි (අ)
කුමාර ඔබ හරි. වැඩේ කියන්නේ මම දාන අදහස් මේ පත්තරේ පල වෙන්නේ නැහැනේ.බන්දුලයා ගැන කියන්න දෙයක් නැහැ කකුල් හතරේ තණකොළ කන සතාටත් වඩා අන්ත දුර්ජනයෙක්. (අ)
ඔය පච්ටෝර්යේ පිටකරන වතුර නොවෙයි පරික්ෂා කරන්න ඕන ඇසිඩ් වැනි අපද්‍රව්‍ය මෝඩ කරනවා මිනිස්සුන්ව (අ)
මිනිස්සුන්ට කරදරයි කියල ජපානේ නරිට එයා පෝර්ට් එක රෑ 10 ට වහල උදේ 10 ට අරින්නේ මුළු ලෝකෙම ගුවන්ගමන් ඊට අනුරූපව වෙනස් කරගන්නවා .එයාර් පෝර්ට් එක හදද්දී බිම් අහිමිඋනු ජනතාව ට ඉහලම පහසුකම් සැලසුවා එත් තාමත් එයාලගේ දිනයක් තියනවා එදාට පොඩි විරෝධතාවක් තාමත් කරනවා ජපන් රජය කවදාවත් වෙඩි තිබ්බේ නැහැ (අ)
මෙතැනදී මාද්‍යවේදීන්ට යමක් කිවයුතුයි.ප්‍රශ්නයට අදාල නොවන කෙනෙක් ඒ කියන්නේ මහජන සේවකයන් ලෙස පෙනී සිටින අය ගේ පින්තුරු පුවත් පත්වල පලනොකල යුතුයි.බොහෝ විට මේ අය එන්නේ ප්‍රසිද්ද්යට පත් වීමේ අදහසින්ය. (අ)
මක රතුපස්වල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව ජාතියේම,රටේම ප්‍රශ්නයක්, කෝ විරුද්ධ පක්ෂෙ බුදිද? (අ)
අනුන්ගේ මතය කෙසේ වෙතත් බහුතරයගේ මතය තේරුම් ගන්න බැරි මිනිස්සු, මේකේ වේදනාව දැනෙන්නේ එකේ විදින කෙනාට මිසක් මේක දිසා බලගෙන මෙතන ප්‍රතිචාර දමන අය නෙවෙයි. කඩෙන් වතුර බෝතල් අරගෙන බොන්න අරයගෙ බුදලයෙන් සල්ලි දෙනවාද දන්නේ නැහැ, එදා වෙලා පිරිමහ ගන්න අපේ රටේ මිනිස්සුන්ට කොහොමද මනුස්සයෝ කඩෙන් වතර අරගෙන බොන්නේ, එකවත් තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි මේවට විසදුම් දෙන්නේ මෙහෙ ඉදන්. හොදම දේ මේ වතුර බොන්න කියන අයටයි එයාලගේ පුලේ අයටයි මේ වතුර බොන්න දෙන එක එතකොට තේරෙයි මේකේ අමාරුව. (අ)
මේක හම්බන්තොට පැත්තේ මුඩු බිමකට ගෙනියමුද? (නි)
මට මේ රතුපස්වල ප්‍රශ්නේ ඇසූ විට බොන්න හිතෙනවා. ඊට පස්සේ මොනවා ලියනවද කියලා මමම දන්නේ නැහැ.ඉතින් කියවන අය මේ බේබදු මට අනුකම්පා කර බැන වැදීමෙන් වළකින්න (නි)
අනික මේ පොලව රතු පස්නේ. රතු පසේ රසායනික තත්වය නිසා තමයි වතුර ආම්ලික වෙලා තියෙන්නේ (නි)
කව්ද මේ බන්දුල? (නි)
මේ වතුරේ පී .එච්. අගය කියන්නේ අර ඩෙංගු පරීක්ෂා කරන්න එන පී.එච්.අයි වරුන් වැඩියෙන් හොදයි කියන වතුර නේද ? (නි)
ඔය කියන වතුරේ ඇසිඩ් ටිකක් තිබුනා කියලා බොන්න බැරිකමක් නැහැනේ.අපේ පැත්තේ අනන්තවත් මී හරක් වගේ සතුන් ඔය මඩ වතුරත් බොන්නේ.උන්ට කවුද වතුර චෙක් කරලා දෙන්නේ.ටිකක් දුක් වින්දම මොකද වෙන්නේ? (නි)
මොනවා කළත් කමක් නැහැ.අහිංසක ජිවිත විනාශ කරන්නෙ නැතුව (නි)
ආයෙත් ප්‍රශ්නයක් ඇති කරගන්න වගේ හදන්නේ. (නි)
බන්දුල පෙරේරා, ඔහේට හදවතක් නැහැ කියලා හැමෝම දන්නවා.රතුපස්වල කම්හල වහන්න බැරි දේශපාලන බලපෑම් නිසයි.දේශපාලකයට අද ජනතාවට වඩා අවශ්‍ය මුදල් හා බලයයි.විපක්ෂය මේ ගැන දැඩි අවදානයක් යොමු කළයුතුයි.කම්හලේ සේවකයන් පරිහරණය කරන්නේ කුමන ජලයද? (නි)
සියලු හමුදා සාමාජිකයිනි.. .ලැබී ඇත්තේ මහගු ආදර්ශයකි.මාර්ගය නිදහස් කර දුන් බ්‍රිගේඩියර් වරයාගේ තරු පටි ගැලව ඇත .. .පොලු මුගුරු ගල් ප්‍රහාර එල්ල වන්නේනම් මින් පසු අවිය ද අත හැර පසු නොබලා දුවනු මැන.නොමැතිනම් ගල් මුගුරු පහරකා මියයාව..අවි භාවිතය සපුරා තහනම් අතර කිසියම් ලෙසක භාවිත කළහොත් බල ධාරීන් සකල සර්වංගයේම ඇති සියලු දේ ගලවා නුබලා යුද අධකරණයකටද යොමු කර හිර බත් ද කවවනු ඇත. (අ)
රටේ මේ වැඩ තීරණය කරන්න උගත් නිලධාරී ඉන්දෙද්දී, මේ සංගයක් නැති චීවර ධාරීන්ට මේවට හොට දා ඉන්නේ වෙන වැඩ නැතුවට ද, මෙයාල රට කාල, සියල්ල අවුල් කරනවා. (අ)
තුන්වෙනි පාර්ශවයක් ඉන්නවද
තුන්වෙනි පාර්ශවයක් ඉන්නවද (අ)
ඇයි
මටනම් දැන් බන්දුල පෙරේරා නම දකින කොටත් මල පනිනවා (අ)
ජනතාවට ජයවේවා (අ)
කව්රු කොහොම කිව්වත් දැන් මේ කම්පැනියේ දෝෂයක් නැහැ කියලා ඔප්පු වුනොත් ඒක වහන්න ඔය කාටවත් බැරි වෙනවා.මට පෙනෙන්නේ මේ මිනිස්සුන්ට වතුර ප්‍රශ්නෙට වඩා ඕනෑකම තියෙන්නේ මේ කම්හල වහන්න.ඔය කම්හලේ ඔය ගමේම කි දෙනෙක් රක්ෂාව කරනවා ඇද්ද ..?ඒ අයට කව්ද රක්ෂාවල් දෙන්නේ ..? මේ අදහස් දාන කට්ටිය ඒ ගැන ටිකක් හිතුවද? අනේ මන්දා!! දැන් මේකත් පොර කුකුල්ලු ඉන්න පොර පිටියක් වෙලා (නි)
මම බන්දුල අයියගේ පැත්තේ.ඒ මනුස්සයා යථාර්තය දන්නා කෙනෙක්. සංවේගය, අනුකම්පාව,සාදාරනය හා යථාර්තය අතර පොඩි වෙනසක් තිබෙන බව අපි වටහා ගත යුතුවේ. (නි)
වැඩි හරියක් තියෙන්නේ ඔයාගේ අදහස් නේ බන්දුල (නි)
රටේ අනාගත දියුණුවට රතු පස්වල පිළිලයට ඉක්මන් විසදුමක් ලැබේවා! (නි)
රතු පස්වල කෙසේ වෙතත් බන්දුල පෙරේරා වගේ අය නම් අපට විහිළුවක් වී ඇත (නි)
කාන්තාරයේ ජීවත් වෙනවා(ඩෙෂට් ඉගුවනා) කහපාට තලගොයෙක්. ඒ සතාට වතුර අවශ්‍ය නැහැ. ඒ වගේම වැස්සටවත් නාන්නේ නැහැ.ඉහත බන්දුල පැවැත එන්නේ එම සතාගෙන්ද? (නි)
වාසනාවකට බන්දුල පෙරේරා මට පෙනෙන මානයක නැහැ (නි)
අපි මොනවා කිව්වත් කම්හලේ වැඩට එන්නේ දුප්පත් අය. අපිත් බෞද්ධයෝ. අපිටත් ලැජ්ජයි (නි)
කවද මේ සිරිධම්ම හාමුදුරුවෝ? (නි)
බන්දුල පෙරේරා. මමත් ඔබ සමගයි. මම මුල සිටම කිවුවා මේකට හේතුව පස් වල සංයුතියේ කාලයක් සමග සිදුවන වෙනස් වීම නම් පැක්ටරිය පලි නැහැ කියලා. එහෙත් මිනිස්සු මේවා පිළිගන්නේ නැහැ. මේවා හරි කියලා අදහස් දාන අය තමා හතරවැනි පාර්ශවය. දැන් පටිත් ගැලෙවුවානේ. ඔහොම ගිහින් ඔය අන්තර්ජාතික මට්ටමේ තියන පැක්ටරියත් වහ ගනියි. හැබැයි කොහේ හරි උත්සවයක් එහෙම, රටේ කල එළියක් කරන තැනක් එහෙම, දැක්කාම දුප්පත් අපිට කන්න දෙන්න තිබුනනේ, ඇයි මේවට රටේ සල්ලි වියදම් කරන්නේ කියලා අහලා අදහස් දානවා. (නි)
තුන් වන පාර්ශවය ගැන කවුරුත් සොයා බැලුවද? රතු පස්වල ගැටුමේ මුල් කාලයේ පාඨකයෙක් අදහසක් දාලා තිබුනා පල්ලිය ඇගිලි ගහන එක ගැන. වගකිය යුතු ආයතනයක් විසින් පල්ලියේ හැසිරීම විමසිය යුතුයි. (නි)
හමුදාවේ ටී 56 මේ සැරේ නම් බිමට නැමිලා තියෙන්නේ... (නි)
මේ ජනතාව කරන දෙයට විරුද්ධව කතාකරන අය එන්න වැලිවේරියට, රතුපස්වලට, අපේ ගෙදරට. ළිදෙන් නාලා, වතුර වීදුරුවක් බිලා යන්න. එතකොට තේරෙයි. ඔයාලගේ වගේම අපේ කිරි සප්පයොත් ජිවත් වෙන්න ඕනෑ මහත්වරුනේ. ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ වෙඩි කාගෙනත් මේ මිනිස්සු ඉස්සරහට යන්නේ ඇයි කියලා. ඔයාලා ලජ්ජා වෙන්න, මේ මිනිස්සු සටන් කරන්නේ තමන් වෙනුවෙන්ම නෙමෙයි. ඒක දන්නා නිසා මම මේ මිනිස්සුන්ට ආදරෙයි. කොන්ද පණ තියනවා නම් ආයෙත් හිතන්න (නි)
ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ තැන් වල වතුර සාමන්‍යයෙන්ම පායන කාලයට අම්ල ගතිය වැඩිවන අතර වැහි කාලයට ඒ ගතිය අඩුවේ. මීට අමතරව ඒ වතුරෙහි යකඩ පදාර්ථද සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය වැඩිය. මෙයට මෙම කර්මාන්ත ශාලාවේ සම්බන්ධයක් නැත. මේ බව එහි ජීවත් වන හැමෝම වගේ දනිති. නමුත් මෙහිදී සිදුව ඇත්තේ දේශපාලනික හේතු මත රජයට විරුද්ධ පාක්ෂිකයන් ලවා උද්ගෝෂණ ඇතිකර රටේ ප්‍රශ්න ගොඩ නැගීමයි. මේවාට වග කියන්න ඕනෑ රට ජාතිය ගැන හැගීමක් නැති කණ්ඩායම්ය. (නි)
පිටිගල මිලානෝ, මේ ගැන මටත් සැකයි. මෙච්චර මිනිස්සුන්ට මේ ආයතනය නිසා කරදර වෙලත් ඇයි වහන්නේ නැත්තේ කියලා (නි)
මහත්වරුනි , ආයිත් නම් මිනිස්සු මරන්න එපා (නි)
මේ මිනිස්සුන්ගේ වතුර ප්‍රශ්නය විසදුවේ නැත්නම් රජය විශාල ප්‍රශ්නයකට මුහුණපානවා ඇත. කර්මාන්ත ශාලාව ආරක්ෂා කරන එක වරදක් නැත. එලෙසම ජනතාවගේ වතුර ප්‍රශ්නයටලා වහා විසදුම් දිය යුතුය. මිනිස්සු හරි වුනත් වැරදි වුනත් ජනතාවගේ හඩට කන් දිය යුතුය. (නි)
මමත් හිතන්නේ කවුරුම හරි බොරදියේ මාලුබාන්න හදනවා.රාජ්‍ය ආයතනයකින් නිකුත් කළ පරීක්ෂණ වාර්තාව පිළිගත නොහැකි නම් ඒ සදහා විකල්පයක් හොයාගන්න ප්‍රදේශයේ ආගමික නායකයන් එක්ව කටයුතු කරනවා නම් කිසිවෙක් අපහසුතාවයට පත්වන එකක් නැහැ.ප්‍රමිතියෙන් තොර වතුර බීලා ජීවිත නැති වුනත්, රැකියාව අහිමිවී දරුපවුල ආරක්ෂා කරගන්න ක්‍රමයක් නැතිව දිවිනහ ගත්තත් ඒ අපේම සහෝදර ලාංකිකයෝ. ඒ නිසා අනවශ්‍ය ගැටුම් වලින් මිදී විසදුමක් සොයා ගැනීමට මේ සියලු දෙනා බුද්ධිමත් වේවා! (නි)
ගමේ මිනිසුන්ට නල වතුර ලබා දුන්නට පසුව කම්හල ඉවත් කළයුතු නැත. ඔය ගමේම කී දෙනෙක් ඔතන රැකියාව කරනවා ඇත්ද? (නි)
බුද්දික අනුරාධ, ඔබ කියන කතාව ඇත්ත. නමුත් දැන් කම්හල වැසුවා කියලා එකපාරටම ඕගොල්ලන්ට හොඳ වතුර ලැබෙන්නේ නැහැ. නල දමා වතුර දෙනතුරු ඉන්න. (නි)
බන්දුල පෙරේරා මහතා ඔලුවක් තිබෙනවා නම් ටිකක් අතගාලා බලන්න (නි)
බන්දුල, මෝඩයෙක් වෙන්න එපා. රටක් දියුණුවෙන්න ඕනෑ අපේ පරිසරය විනාශකරගෙන නෙමෙයි. ඔයා ඇවිත් අගුරුවාතොට හේලීස් එකට පහලින් කළු ගඟ දිහා බලන්න. (නි)
කුමාරි, කට කට.දන්නවනේ මොකද වෙන්නේ කියලා. (නි)
ඔය කියන තරම් ලාබ ලබන එකක් නම් ඕක හම්බන්තොටට අරන් ගියාට ගමේ කවුරුවත් දොස් කියන්නේ නැහැනේ. (නි)
ඇත්තටම මේ ආයතනය කාටද අයිති? (නි)
බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමග බද්ද වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්. (නි)
කුමාර.මිනීමරු ප්‍රභකරන් කලෙත් අසරණ මිනිසුන්ගේ මොළ හූරපු එක.අද කරන්නෙත් දේශප්‍රේමි කියල රටේ මිනිසුන්ගේ මොළ හෝදන එක.අසරණ මිනිසුන්ගේ සබැ අවශ්‍යතාවයක් උදෙස වුනත් උද්ඝෝෂණයක් කරන්න බැරි වෙලා තියෙන්නේ (අ)
ජනාධිපති තුමා කිව්වා මේක වෙන තැනක ස්ථාන ගත කරනවා කියල. ජනධිපතිතුමා බොරු කියන්නේ නැ නේද. (අ)
දැන් ප්‍රශ්නය බන්දුල වතුර නොවෙයිද මෙඑකට කියන්නේ මන්මුලක ප්‍රශ්නය වෙනතකට හරවනවා කියල (අ)
කොහොම තිබුන පොලිසියක්ද?කොහොම තිබුන හමුදාවක්ද අද මේ ගානට වැටිලා තියෙන්නේ.
සරත් කියන මහතා වෙත, ඔය තරම් බොරු කියන්න එපා මහත්තයො, ඔබට දරුවන් ඉන්නවාද? ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය ඔය කියන ලෙස වෙනස් නොවේ. අනික මෙම ප්‍රස්නය පසුගිය වැසි කාලයේ සිදුවුනේ. පව් පුරවගන්න එපා බොරු කියලා. බුද්ධික අනුරාධ මහතාට මාගේ ගෞරවය (අ)
බන්දුල පෙරේරා යන්න රතු පස්වලට ඔයාගේ දරුවන්ටත් දෙන්න වතුර වීදුරුවක් එතකොට තේරෙයි ඔය ගොන් මොලේට ඒ අසරණ මිනිසුන්ගේ සාදාරන එල්ලීම (අ)
මේ හාමුදුරුවෝ ඊලග චන්දෙට ඉල්ලනවා ඔන්න බලන්න .. මෙතන තුන්වැනි පාර්ශවයක් තියෙනවා කියල දැන් හොදට පැහැදිලියි.. ((දී)
දරුවනේ ඔය බන්දුල ගැන ලියන්නේ නැතුව ඔයාලගේ අදහස් ලියන්න මෙය කාගේ ඉත්තෙක්ද කියල පේනවනේ ? (දී)
රතුපස්වල මිනිස්සුන්ගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය ජලය සපයාදීමට රජය නොපමාව කටයුතු කළයුතුයි. මින් ඉදිරියටවත් කම්හල් පිහිටුවීම කාර්මික ජනපදයක් තුල පමණක්ම සිදු කළයුතුයි (නි)
ඔය තුවක්කු මානාගෙන ඉන්නේ ඡන්දෙ දීපු අසරණ නිරායුද ජනතාවට.දැන් පැහැදිලියි නේද? ජනතාවනි, මැතිවරණයකදී තීන්දුවක් ගැනිම ඔබ අතේ. (නි)
මේ බන්දුල පෙරේරා කියන්නේ පිස්සෙක්ද කොහෙද? (නි)
මේක වෙන තැනක ස්ථානගත කරනවා කියා කිවුවා. ''ඇත්ත'' ඒත් මේ මිනිස්සු හිතන්නේ මේ කිව්ව ගමන්ම කරන්න පුළුවන් කියලා. දැන් අපි දුටුවා ටැප් වතුර දෙන්න කටයුතු කරනවා.පින්තූරත් දැක්ක,ප්ලාස්ටික් බැරල් දාලා වතුර බෙදුවා. මට හිතාගන්න බැරි ඇයි මේ මිනිස්සු ආයෙමත් පාරට බැහැලා උද්ගෝෂණ කරන්නේ කියලා. මෙතන මොකක් හෝ කාගේ හෝ යටිකුට්ටු වැඩක් තියෙනවා වගෙයි (නි)
මිනිස්සු පව්, මේකේ අදහස් දමපු සමහර අය මෙලෝ දෙයක් කාර්මික රසායනයක් ගැන අවබෝදයක් නැති අය. ඒ වගේම අනෙක් අය ගැන චුට්ටක්වත් හිතන්නේ නැති අය (නි)
මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි වලියෙන්ම ප්‍රශ්න විසදන්න හදන්නේ, අධිකරණයත් හෑල්ලු කරනවා, ඉල්ලන්නේ වතුර නෙවෙයි ගේම!. පොල්පොට් න්‍යාය-යෙන් මහජන මතය කියලා පෙන්නන ජවනිකා. පිටපත තුන්වන පාර්ශවයෙන්. (අ)
මේ කම්හල වහලා දාන්න හොද නැද්ද (දී)
හැමෝම විමසනවනේ මේ බන්දුල පෙරේරා කව්ද කියලා.එයා මගේ එකම සහෝදරයා. මල්ලි අන්ධයි.අතගාලා තමයි යමක් තේරුම් ගන්නේ. (නි)
මේවට ලොකුම පැලැන්තියේ සහයෝගය තියෙනවා ඊලග චන්දෙදිවත් දේශපාලකයන් දෙන කැරට් අලේ කන්නේ නැතුව නිවැරදිව කටයුතු කරන්න .නැත්තම් ආයේ රැවටිලා වෙඩි කන්න තම වෙන්නේ
තුන්වන පාර්ශවයක් හෝ හතරවන පාර්ශවයක් මේකට සම්බන්ධ වුනත් අපේ අයට තේරෙන්නේ නැද්ද මේ අය කියන්නේ කොම්පැනිය හරි වුනත් වැරදි වුනත් ඒක වහන්න ඕනෑ කියලා? අන්තිමට වතුර නෙමෙයි කොම්පැනිය වහන්නයි වලි කන්නේ.මම රතුපස්වල වතුර බීලා නැහැ. ඒත් වැලිවේරියේ වතුර බීලා තියෙනවා 2012 සතියක් පුරා.ඒකේ බොන්න බැරි කමක් නැහැ, අමුතු රහකුත් නැහැ, පොඩි කිවුලක් තියෙනවා. ඔය මහ ලොකුවට සංවේදීයි කිය කියා මෙතන අදහස් දාන අයටයි කියන්නේ, වෙලා තියෙන දේ හරියට දැනගෙන කියවන්න. (නි)
මේ වීඩියෝ එක බැලුවම හිතා ගන්න පුළුවන් !!එදා මොන වගේ දෙයක්ද වෙන්න ඇත්තේ කියලා. මේ හාමුදුරුවෝ ප්‍රශ්නය වැඩි කරනවා වගේ !!! හාමුදුරුවෝ ඉන්න ඕනේ පන්සල්වල මිසක් මෙවැනි තැන්වල නොවේ !! හාමුදුරු කෙනෙක් ධර්මය පතුරනවා මිසක් මෙලෙස අත පය විසි කරමින් කතා නොකළ යුතුයි .., අර බන්දුලට විරුද්ධව කතා කල අය මේ හාමුදුරුවන්ගේ හැසිරීම දැක්කේ නැද්ද.....?බන්දුල ඔයා හරි අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. (ස)