IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැමියෝ සිරිධම්ම හිමි ඇඳ පිටින් ගම වටේ වැඩමවති

පාලකයන් දෙන ලද පොරොන්දුව පරිදි රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන තුරු තම සටන අත් නොහරින බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියති.

කම්හල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ගත් තීරණ අනුව වාර්තා ලැබෙන තෙක් එහි නිෂ්පාදන ආරම්භ නොකරන බවට වැලිවේරිය පොලිසියේදී අද දුන් පොරොන්දුව පිළිගන්නා බව ද ඒ හිමියෝ පවසති.

පෙරදින පෙරවරුවේ සිට කම්හල තුළ සිටි සේවකයන් 350ක් පමණ පොලිසියේ හා පොලිස් විශෙෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ කම්හලෙන් පිටව ගියහ. ඔවුන් පිටව යද්දී ගැමියෝ හූ තැබූහ.

ඉන් පසු සිරිධම්ම හිමි සිටි ඇද පිටින්ම උස්සාගත් ගැමියෝ ඒ හිමියන් රැගෙන ගම වටේ ගොස් පන්සලට ළඟා වූහ.

(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 

 

 



අදහස් (0)

ගැමියෝ සිරිධම්ම හිමි ඇඳ පිටින් ගම වටේ වැඩමවති

බන්දුල පෙරේරා Wednesday, 04 September 2013 08:51 PM

කට්ටිය පාළු ගෙදර වලන් උඩ පැන පැන බිදිනවා.

:       0       0

සමන් Sunday, 01 September 2013 11:13 AM

ආයෙත් ඉල්ලන් කන්න වගේද හදන්නේ?... (දී)

:       0       0

වසන්ත Saturday, 31 August 2013 07:01 PM

මෙතන පැහැදිලිවම ප්‍රශ්නයක් තියනවා ගම්මුන්ටත් මොකක් හෝ අසාධාරණයක් වෙලා තියනවා මෙම කම්හල හින්දා. මෙම තත්වය උඩ මොන වාර්තා ආවත් කම්හල නැවත පවත්තගෙන යනවට ගම්මුන් කැමති නැහැ ගම්මුන්ගේ සහයෝගය නොමෙතිව නැවත වැඩ ආරම්භ කලොත් අසරණ සේවකයන්ටත් කරදර වෙන්න පුළුවනි එනිසා කරනකරලා කම්හලේ පාලකයන් මෙමෙ නිෂ්පාදනය එයාලගේ කෙමිකල් නිෂ්පාදන අංශයට ගෙනවිත් මෙමෙ ගොඩනැගිල්ලේ වෙනත් එයාලගේ පරිසර හිතකාමී නිෂ්පාදනයකට යොදාගනු මැනවි (දී)

:       0       0

ඒ එස් ඩි Saturday, 31 August 2013 07:03 PM

බන්දුල කන්නෙ මොනවද

:       0       0

ඒ එස් ඩි Saturday, 31 August 2013 07:03 PM

බන්දුල කන්නෙ මොනවාද

:       0       0

ඒ එස් ඩි Saturday, 31 August 2013 07:03 PM

බන්දුල කන්නෙ මොනවාද

:       0       0

කටා Sunday, 01 September 2013 11:43 AM

නොදන්නා බබාලට අතීත කතාවක් කියන්නම්, 88/89 කාලේ කට්ටියක් එස්.ටී.එප් එකේ අයගේ දෙමාපියන් කිහිප දෙනෙක් මැරුවා. හොරෙන් අනුන්ගේ ගිණුමට බැර වෙන්න. ඉතින් මොකද බඹරේ වැල්ලේ කැරකුනා වගේ කොල්ලෝ දහය පහළොව දවසකට ටයර් සෑයට ගියා. මෙවගෙත් යටින් තියෙන්නේ ඒ ක්‍රම වේදයේ දිගුවක්. (නදී)

:       0       0

රවිනාත් Sunday, 01 September 2013 11:48 AM

මේ කර්මාන්තශාලාව පරීක්ෂණ අවසන් වෙනතෙක් වසා ඇති බව නේද සෑම ජනමධ්‍යක්ම වාර්තා කලේ? කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය අරම්භ කිරීමට උසාවියෙන් අවසරයක් ලැබිල නෑ නේද? එහෙමනම් කොහොමද 350ක සේවක සංඛ්‍යාවක් ඇතුලේ හිටියේ? එක පුවත්පතක තිබුණා ගස් වවා සඟවා දමා ඇති අඩි 60ක් ගැඹුරු ළිං 6ක් ගැන. අපජලය ඒවාට දමන බවයි ගැමියන්ගේ චෝදනාව. සේවකයින් 350 පෙර දින සේවයට වාර්තා කිරීම තුලින් පැහැදිලිවන්නේ රහසි ගතව නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවයි. මේ ආයතනයේ ඉහල නිලධාරීන් ගම් වැසියන්ව පමණක් නොවේ රවටා තිබෙන්නේ. අධිකරණ පවා රවටා ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ. එය අධිකරණයට කල අපහාසයක් නොවෙයිද? සේවකයින් ගම් වැසියන්ට කල වැරද්දක් නැහැ. නමුත් ඔවුන් මේ අවස්ථාවේ රැකියාව නිසා ගම් වැසියන්ව රැවටීමට දායක වෙලා තියෙනවා. හාමුදුරුවෝ කරන්නේ වැදගත් කාර්යභාරයක් . ඔය හරක් වෙනුවෙන් ගිරිය පුප්පන සමහර උන්නන්සේලට වඩා "ගමේ දායකයාගේ" දුකට ඉදිරිපත්වීම පිනක්. කුසලයක්. යුතුකම ඉතුකල උන්නාන්සේව අගය කිරීමයි පෘතග්ජන ගම්වැසියෝ කරලා තියෙන්නේ. නිර්පාක්ෂිකව සිදුවන මෙවැනි ක්‍රියා සමහරුන්ට දිරවන්නේ නෑ තමයි. එක එක පාට කන්නාඩි තුලින් ලෝකය දකින දේශපාලන අන්ධ චරිතවලට මේ සිදුවීම අදහගන්න බැහැ. දේශපාලකයෙකුගේ පිහිටක් නැතුව ගමනක් නැති හඬක් අවදි නොවන කොඳු කැඩුණු මිනිස්සුන්ට මේ සිදුවීමෙන් හිතට ඊරිසියාවන් නොදැනෙනවා නම් පුදුමයක් තමා. වෙඩි උණ්ඩයකට සදහටම පොදු ජනයාගේ හඬ යටපත් කරන්න බැහැ.(නදී)

:       0       0

වාසල Sunday, 01 September 2013 11:57 AM

සමහර අදහස් දකිනවිට ලොකු දුකකුත් ඇතිවෙනවා. අපේ බහුතරයක් හරිම ආත්මාර්තකාමි පිරිසක්. තමන්ට ගැටලුවක් තියේ නම් එය මිහිපිට තියෙන ප්‍රධානම ගැටලුව කියා හිතන අය අනෙකෙකුගේ ගැටලුවක් කෙරේ දක්වන ආකල්පය හරිම ලැජ්ජා සහගතයි. ඒක ආත්මාර්ථකාමිත්වයද, කුහක කමද එසේ නැතහොත් මෝඩකමද කියා තෝරා බේරා ගැනිම පවා ගැටලු සහගතයි. ඇතෙමෙක් කියනවා මේක දේශිය සමාගම්ක් නිසා ආරක්ෂාකර ගත යුතු බවට. ඔවුන් දේශිය යැයි කියා ජනතාවට හානි කරන තත්වයක් තුල එය එය ඉවසා සිට්ය යුතු බවක්ද එයින් අදහස් වෙන්නේ? අපේ ආයෝජන මණ්ඩලය යටතේ කර්මාන්තයක් ආරම්භ කිරිමෙදී තත්වය සහ පවත්වාගෙන යාමේදි වන නියාමනය පිළිබදව මෙන්ම කර්මාන්ත කරුවන් බලපත්‍රය ලබා ගන්නා තෙක් ක්‍රියා කරන ආකාරයත් ඉන් පසුව ක්‍රියා කරන ආකාරයත් පිළිබදව කොතෙකුත් ප්‍රායෝගික අත්දැකිම ඇත්තෙමු. පරිසර අධිකාරිය බලපත්‍රරය ලබාදෙන තුරු කරන අවදානය පැසසුම් සහගත මුත් ඉන් ඉක්බිති වන නියාමනය ප්‍රශ්නකාරීයි. තවත් වැදගත් දෙයක් තමයි ඕනෑම කර්මාන්තකරුවෙක් තම නිශ්පාදන වැඩිකිරිමට සාපේක්ශව පරිසර හානිය ගැන නොතැකිම. මම හිතන්නේ මෙතැන ගැටලුවෙත් ආරම්භය ඕකයි කියලා. මම නම් හාමුදුරුවන් කරන කාර්ය අගය කරනවා. තමන්ට සිව්පස දෙන දායක දායිකාවන්ගේ බොන දිය බිදට ගැටලුවක් තිබෙන විට එය නොදැක්කා සේ බණ කියන්න පුලුවන් තත්වයක් මටනම් හිතා ගන්නවත් බැහැ. ඔය නොදන්නා අයට මතක් කරල දෙන්න කැමතියි ඔවුන් නොදන්නවානම් දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේගේ සහ තන්තිරිමලේ නායක හාමුදුරුවන් වහන්සේගේ ක්‍රියා කලාපය නොවන්නට ත්‍රස්තවාදින් කලා ඔය පවා ඉක්මවන්නට ඉඩ තිබුන බව. අනික බුදුන් දවස විශාලා මහ නුවර දුර්භික්ෂය අභියස බුදුන් පවා බණ කියන්නට කලින් කලේ තුන්බිය පලවා හැරිම කියන එක අමතක කරන්න එපා.(නදී)

:       0       0

ප්‍රිය Saturday, 31 August 2013 07:05 PM

බලාගෙන යනකොට ලංකාවේ එන්න හැම මිනිහම පව් තම, පර්ලිමෙන්ට් කට්ට්ටිය හැර, දරුවෝ දෙන්නෙක්ම මල ඒ ගැන නැහැ ඒ දුක කම්හල ගැන, සේව්වකයොත් වැඩ කරන්න ඕනේ නැහැ කියන්නේ නැහැ , හැමෝටම සදරණය ඉෂ්ට වෙන්න ඕනේ (දී)

:       0       0

බන්දුල Saturday, 31 August 2013 07:07 PM

බොරු වැඩ නොකර දවස කන්නේ නැතිව පලක් ඇති වැඩක් කරන්න ඕක දේසපාලන මගඩියක් (දී)

:       0       0

රතූ Sunday, 01 September 2013 11:57 AM

මේ පුවතේ වැදගත්ම දේ හැටියට මං දකින්නේ කම්හලේ සේවකයන් 350 ක් පොලිසියේ ආරක්ෂාව යටතේ පිටව ගියා කියන කරුණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂකයෝ කම්හලේ රැකියාවෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි. උසාවියේදී කියවුනා නේද කම්හලෙන් කිසිම අපද්‍රව්‍යයක් පිටවී නැහැ කියල? එහෙනම් මොකක්ද මේ උද්ඝෝෂණය? ජනප්‍රිය වෙන්න සමහරු චරිත රඟපානවා වගෙයි. මේවා බුද්ධාගමටත් නිගාවක්. (අ)මේවගේ කතා කියන මිනිස්සු මේ ගම වලට ඇවිදින් ජීවත් වෙලා බලන්න ඕනෑ. පොඩි ලමයින්ට වතුර ටිකක් බොන්න බැ අනාගත පරම්පරාවට බොන්න වෙන්නෙත් මේ විසම තමයි. මේ ගම් වල මිනින්සු බීපු ලින් වතුර දැන් බොන්න බැරි හින්ද වතුර ටැංකි ලගට ගිහින් වතුර පොලින් වල ඉදල අරගෙන එන්න වෙලා තියෙන්නේ. දුක දන්නේ ඒ මිනිස්සූ විතරයි. මේ කියන කතා කියන මිනිස්සු හින්දා තමා සුද්දා අපේ රට අල්ලා ගත්තේ.(නදී)

:       0       0

අමිත් Saturday, 31 August 2013 07:11 PM

අයියෝ අපේ හාමුදුරුවරුන්ට ගිය කල.සෝම හාමුදුරුවෝ වගේ බුද්ධිමත් හමුදුරුනමකගේ අඩුව දැන් තමයි තේරෙන්නේ.කම්හලෙත් ගැටළුවක් නැත්නම්, මිනිස්සුන්ට රැකියා ටිකත් ආපහු ලැබෙනවා නම් හාමුදුරුවන්ට තියෙන ගැටළුව තේරෙන්නේ නෑ.ඉස්සෙල්ලා කෑගහපු ලැජ්ජාවට තාම කෑගහනවා වගේ. (දී)

:       0       0

අමිල Saturday, 31 August 2013 07:12 PM

හමුදුරුවන්ත් වැඩ නැහැ ගමේ මිනිස්සුන්ත් වැඩ නැහැ !!!!!!!!!!!!!කාලේ කනවා ඉතින් කොමද රට හදන්නේ ඔතන වැඩ කරනෙත් අපි වගේම මිනිසු සධාරනව හැම දෙයක්ම බලන්න (දී)

:       0       0

යොහාන් Saturday, 31 August 2013 07:13 PM

මේ ප්‍රශ්නේ තාම විසගල නැහැනේ (දී)

:       0       0

සමන් Saturday, 31 August 2013 07:16 PM

බොරු වැඩ කරන හැමකෙනාටම ගිය පාර කරපු වැඩේ කරන්න ඕනි මෙතන තියෙන්නේ වෙන මගඩියක් (දී)

:       0       0

නිමන්ත Saturday, 31 August 2013 07:21 PM

රටකට ගිය කලක් (දී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 31 August 2013 07:24 PM

විකුම් ඔබේ අදහස් මම අගේ කරනවා (දී)

:       0       0

චාන් Saturday, 31 August 2013 07:28 PM

අසරණ සේවක ඉන්ට අනතුරක් නොකරපු එක ගැන ස්තුතිය ,නමුත් එයාලට හූ කියපු එකත් වැරදිය (දී)

:       0       0

දමින්ද Saturday, 31 August 2013 07:32 PM

අයියෝ හාමුදුරුවනේ (දී)

:       0       0

රෝහණ Sunday, 01 September 2013 01:08 PM

බන්දුල නම් නියම බුරුවෙක්. (ස)

:       0       0

ලංකා Saturday, 31 August 2013 07:37 PM

ලංකාව ගැන අනේ කියවෙනවා (දී)

:       0       0

දියෝ Saturday, 31 August 2013 07:42 PM

කම්හල වැහුව කියල ජලය පිරිසිදු වෙනවද ?හාමුදුරුවෝ ගමවටේ ගිය කියල කම්හල වහෙනවද ? මිනිසුනේ කල්පනා කරලා තීරණ ගන්න තව ජිවිත බිලිනොදෙන්න (දී)

:       0       0

ඉසුරු Saturday, 31 August 2013 07:54 PM

ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ විදිහට හැසිරෙන්නේ ඇයි කියල මට හිතා ගන්න බෑ. හමුදුරුවොන්ට ලජ්ජා නැනේ (දී)

:       0       0

සසිකා Saturday, 31 August 2013 08:03 PM

මේ හාමුදුරුවෝ හරි (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 August 2013 08:06 PM

හාමදුරුවෝ දෝලාවෙන් වඩින හැටිනම් ලස්සනයි ..කට්ටිය හමදුරුවන්ව අන්දනවද, හැමදුරුවෝ කට්ටියව අන්දනවද නැත්නම් දෙගොල්ලොම අපිව අන්දනවද කියලනම් හරියටම කියන්න බැහැ. කොහොම උනත් හැමදුරුවනේ බලාගෙන..උඩින් ගියා වගේ නෙමෙයි බලන්නේ.

:       0       0

සනත් Saturday, 31 August 2013 08:06 PM

මිනිස්සු ඉල්ලන දේ සාධාරණයි

:       0       0

රහල් Saturday, 31 August 2013 08:25 PM

අනේ මන්දා කාටද පිස්සු? (දී)

:       0       0

බුද්ධික Saturday, 31 August 2013 08:25 PM

මෙතන මොකක්හරි බොරුවක් තියනවා මිනිස්සු රැවටිලා.(දී)

:       0       0

සරත් අතුල Sunday, 01 September 2013 02:07 PM

ගිනි තියාගන්න දෙන්න එපා බුද්දාගමට අගෞරවයක් (දී)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 08:33 PM

350 කගේ රස්සාවල්. දැන් මේ රැකියාවන් අහිමි වෙන මිනිසුන් ගැන කතා කරන්න කව්රුත් නැද්ද? කෝ කම්කරු නායකයෝ ? (දී)

:       0       0

ජසීම් Saturday, 31 August 2013 08:39 PM

ගමේ එකමුතුවට ජයවේවා (දී)

:       0       0

හසීම් Saturday, 31 August 2013 08:41 PM

මේක පිළිකාවක් වගේ වෙලානේ (දී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 31 August 2013 08:47 PM

උද්ගොෂකයන් විවේචනය කරන අය රතුපස්වල හිටියනං ඔය විදියට කතා කරන එකක් නැහැ. තුවාලයක් තියන කෙනා තමයි එකේ වේදනාව දන්නේ. (දී)

:       0       0

ජගත් liyanage Saturday, 31 August 2013 08:51 PM

ලංකාවට අවශ්‍ය මේ වගේ හාමුදුරු වරු තමයි . ලොක්ක කියන හැදේම හරිය කියන එක නියම හාමුදුරුවෝ කෙනෙක්ගේ ගුණය නෙමෙයි (දී)

:       0       0

තරිදු Saturday, 31 August 2013 08:55 PM

තවත් ජීවිත බිල්ලට නොදී මේ ප්‍රශ්නය විසදන්න (දී)

:       0       0

සුනිල් Saturday, 31 August 2013 08:56 PM

මේ ප්‍රශ්නේ විසදන්නේ තවත් ජීවිත කීයකින්ද? (දී)

:       0       0

නිරෝෂන් කටාර් Wednesday, 04 September 2013 11:32 PM

රට කන්නන්ට, රජය රට අස්ථාවර කරන්නන්ට දුටු තැන පහර ගැසිය යුතුය. (නි)

:       0       0

කොස්තා Saturday, 31 August 2013 09:02 PM

මම හොද කතෝලිකයෙක් මෙවන් හාමුදුරුවරු තමයි අපේ රටට දැන් ඕනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මහත් අඩම්බරයක් අපිට

:       0       0

හාමිනේ Sunday, 01 September 2013 02:43 PM

අනේ අපේ සිරි ලකට ගිය කල (දී)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 09:19 PM

ඔය හාමුදුරුවන් ඔසවාගෙන යන අය අද රස්සාවට ගියේ නැද්ද? ඔවුන් මේ ගමේ අයද? (අ)

:       0       0

අනිල් රෝහන Saturday, 31 August 2013 09:33 PM

උද්ඝෝෂණය කරන සේරටම කියන්නේ ,ඔයාල වලිවෙරියේ නම් විතරක් උද්ගොෂණයට සහය වෙන්න කලින් මියගිය තුන්වෙනියා ගම්පොල එයාගේ මළගමට වලිවෙරියෙන් එක බල්ලෙක්වත් හිටියෙනෑ (අ)

:       0       0

පාලිත Saturday, 31 August 2013 10:09 PM

උපාලි, උසාවියෙන් කියවුනා නම් වතුර වල ප්‍රශ්නයක් නැහැ කියලා ඔක්කොම හරි නේද? (නි)

:       0       0

පාලිත Saturday, 31 August 2013 10:12 PM

බන්දුල, ඔයා අපේ පැත්තට නම් එන්න හිතන්නවත් එපා (නි)

:       0       0

අජිත් රෝහණ Saturday, 31 August 2013 11:19 PM

හාමුදුරුවෝ නමක් කියන්නේ බුද්ධිමත් කෙනෙක්.පිල්ලේ වගේ කෙනෙක් ලංකාවේ සිටින වීට මේ වගේ කරන්න කලින් දෙපාරක් සිතන්න ඕනෑ නේද? (නි)

:       0       0

අදහස් ලියනගේ Saturday, 31 August 2013 11:21 PM

ඉතිහාසයේ ඉදලම ගම වැසියන්ගෙ දුකකදී කරදරයකදී ගමේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ.ඒ මග පෙන්වීම යටතේ තමා රට ගොඩ නැගුනේ.හරි විදියට සිවුර මුලික වුන හැම තැනකම ජයග්‍රහණයක් තිබුනා.ඒ නිසා මිනිසුනේ හැම වෙලාවේම ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක ඉන්න.උන් වහන්සේලා හැම කරදරේකදිම පිහිටට එයි. (නි)

:       0       0

රවි Saturday, 31 August 2013 11:44 PM

උපාලි ඉන්නේ වෙන ලෝකෙකද? නොදන්නා දේට කට නොදා ඉන්න (නි)

:       0       0

චන්දි Saturday, 31 August 2013 03:03 PM

අනේ මන්දා (අ)

:       0       0

සේරම් Saturday, 31 August 2013 11:47 PM

බුදු දහමටත් සිල්වත් භික්ෂුන්ටත් මේ වගේ දේවල් ගැළපේද? බුදුරජාණන් වහන්සේ අද සිටියා නම් පළමුව බණ කියා ධර්මය පැහැදිලි කරන්නේ මෙවැනි අයටය. අනික් කරුණ අද කාලයේ චීවරයක් දමන සෑම දෙන භික්ෂුන් නොවෙති (නි)

:       0       0

සුජීව Saturday, 31 August 2013 11:55 PM

ගැමියන්ට ජය! (නි)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 31 August 2013 11:56 PM

ජනතාවගේ හද ගැස්ම හදුනාගත් ශ්‍රේෂ්ඨ හාමුදුරුනමක් විදිහට ජනතා හදවත්තුල ඔබ වහන්සේ අමරණීයයි.වෙඩි හඩට වඩා ජනහඩ හැමදාම ඉහළයි. (නි)

:       0       0

උපාලි Saturday, 31 August 2013 03:13 PM

මේ පුවතේ වැදගත්ම දේ හැටියට මං දකින්නේ කම්හලේ සේවකයන් 350 ක් පොලිසියේ ආරක්ෂාව යටතේ පිටව ගියා කියන කරුණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂකයෝ කම්හලේ රැකියාවෙන් ජීවත්වෙන අහිංසක මිනිස්සු ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි. උසාවියේදී කියවුනා නේද කම්හලෙන් කිසිම අපද්‍රව්‍යයක් පිටවී නැහැ කියල? එහෙනම් මොකක්ද මේ උද්ඝෝෂණය? ජනප්‍රිය වෙන්න සමහරු චරිත රඟපානවා වගෙයි. මේවා බුද්ධාගමටත් නිගාවක්. (අ)

:       0       0

කාන්ත Sunday, 01 September 2013 12:03 AM

මිනී තුනක් මැරිලත් ගේම අතහැරියේ නැතුව සමගියෙන් නැගී හිටපු මේ ගමේ මිනිස්සු මුලු ලංකාවටම ආදර්ශයක්. වෙන පලාතක වුනානම් එකෙක් මැරෙනකොට පැනලා දුවයි. (නි)

:       0       0

සනත් ඉතාලිය Sunday, 01 September 2013 12:33 AM

ඇයි අර අහිංසකයන්ට හූ කියන්නේ? මට හිතෙනේ මේ කර්මාන්ත ශාලාවේ රතුපස්වල කව්රුත් රැකියාව කරන්නේ නැහැ වගේ. ඒකයි මේ තරමටම මේ කර්මාන්ත ශාලාවට උද්ඝෝෂණ. ඒ අහිංසකයන් මොනවා කරන්නද? ඔය හු කියන කට්ටියගේ කව්රුවත් ඔය කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නේ නැහැ නේද? (නි)

:       0       0

වීරසිරි Saturday, 31 August 2013 03:22 PM

නියමයි මම ගමේ සියලුම ජනතාවට සුබ පතනවා නිතරම හාමුදුරුවොත් එක්ක ඉන්න ඔබ සියලුමදෙනාට වරදින්නේ නැත. ජයවෙවා (අ)

:       0       0

මහසෙන් Sunday, 01 September 2013 12:52 AM

සමහරු අදහස් දාන්නේ...අර අලියාගේ හැඩරුව කිව්වේ කන්නු ටිකක් අතගාලා බලලා,අන්න ඒ වගේ.අපුරු කතා. බැලුවහම හිතෙනවා මෙයාලා ලාංකිකයෝද කියලා. (නි)

:       0       0

සෑම් Saturday, 31 August 2013 03:24 PM

මෙන්න හාමුදුරුවරු(අ)

:       0       0

අන්ටෝන් Sunday, 01 September 2013 02:11 AM

විකුම්, රතුපස්වල ගමේ ජලය පොලිසියටත් බොන්න දෙන්න. (නි)

:       0       0

කුමාර් Sunday, 01 September 2013 04:25 PM

රට කන පිස්සෝ ටිකක්, මෙයාලට වෙන වැඩ නැතිවද? නූගත්කම ලෝකෙට පෙන්නනවා. (ස)

:       0       0

කටා මාමා Sunday, 01 September 2013 04:43 PM

කැනඩා දිසා නයගරා ඇල්ලෙන් නාලා එන්න.. මුළු රටම බලා ඉදියි. (දී)

:       0       0

අනුර Sunday, 01 September 2013 03:48 AM

මෙවැනි කම්හල් ආරම්භ කිරීමට අවසර දුන් අය කවුද? (නි)

:       0       0

රන්ජි Sunday, 01 September 2013 04:28 AM

ඔය හාමුදුරුවන්ව උස්සගෙන යන උදවිය ගමේ අයද වෙනත් අයද කියලා හොයල බැලුවොත් ඇත්ත හොයා ගන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 August 2013 04:06 PM

අහිංසක මිනිස්සුන්ට හු කියල වැඩක් නෑ.ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක් .ඔවුන්ට හිරිහැරයක් කරන්න එපා. (අ)

:       0       0

ධම්ම Saturday, 31 August 2013 04:16 PM

වතුර අපිරිසිදු වෙන එකට පිළියමක්ද, කම්හල වහන්නද ඕනෑ? (අ)

:       0       0

ප්‍රියාන් Thursday, 05 September 2013 05:48 PM

අනේ හාමුදුරුවනේ, තේරෙන්නේ නැද්ද? ආයතන වහලා හරියනවද? මට නම් ෂුවර් ආයතනය නැතත් පසේ හැටි ඔය පළාතේ ඔහොම තමයි. (නි)

:       0       0

විකුම් Saturday, 31 August 2013 04:29 PM

පිරිසිදු පානීය ජලය රතුපස්වල ජනතාවටත් අවශ්‍යයි .එත් දැන් දැන් සමහර ක්‍රියාකාරකම් ඕනවට වඩා වැඩියි වගේ,ස්වාමින්වන්සේ ගමවටා ඇඳ පිටින් රැගෙන යාම නොකළ යුතුව තිබුනා,ඒ වගේම හූ නොකිය ඉන්නත් තිබුනා,ඇරත් ස්වාමින්වහන්සේ නමක් ඉස්සරහ.මේවයින් සවුත්තු වෙන්නේ අපිම තමයි. අපි විසින් ප්‍රශ්නයත් බැරෑරුම් කර ගන්නවා..................කරුණාකර ඉවසීමෙන් කටයුතු කරන්න. (අ)

:       0       0

හසිත Thursday, 05 September 2013 01:20 PM

හාමුදුරුවෝ කරපු දේ හොදයි. ඒත් යුද්දේ දිනුව වෙලාවේ හමුදාවේ කොල්ලෝ එක්කෙනෙක්වත් ගම වටේ උස්සගෙන ගියේ නැහැ නේද? (නි)

:       0       0

කමල් Saturday, 31 August 2013 04:41 PM

රටට කම්මලත් වැදගත්, නිරෝගී ජනතාවත් වැදගත් (අ)

:       0       0

මෝරලා Saturday, 31 August 2013 04:48 PM

ඇත්තටම හමුදාවට එකට වඩා පොලිස් විශේෂ කාර්ය බලකාය හොදයි (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 04:54 PM

ඉස්සර අපේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්නකොට ඉදිරියෙන්ම හිටිය ගරු සංඝයා වහන්සේලා .එරකට දැන්.අසරණයන් වෙනුවෙන් සාදාරණයක් ඉස්ට කර ගන්න මේ හාමුදුරුවරුවෝ විතරමද ලංකාවටම ඉන්නේ (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 04:56 PM

බලන්න 5 වෙනි ෆොටෝ එකේ එන්න ආරච්චි අම්ම.අ ආරච්චි අම්ම පිරිසිදු වතුර පොදක් වෙනුවෙන් එදිරියෙන්ම එන්නේ/ඉල්ලන්නේ කා වෙනුවෙන්ද?

:       0       0

අජිත් Sunday, 01 September 2013 07:22 AM

ඇත්තටම රතුපස්වල සහ වැලිවේරිය ජනතාව ඒ ප්‍රශ්නෙට විසදුමක් ඉල්ලන්නේ ස්වභාවික ජලය වෙනුවෙන්. ඒ වගේම මේ ප්‍රශ්නේදී ඔවුන්ට ජීවිතත් 3 ක් අහිමි වෙලා. (නි)

:       0       0

ෆයිසාල් Saturday, 31 August 2013 05:01 PM

ඔය ආයතනය මීට කලින්ම වහාන්ඩ තිබුනා ඇයි වහාන්ඩ බැරි වුණේ ඔය දේයින්ම තේරෙනවා ආණ්ඩුව පිටි පස්සේන් ඉන්න බව?දැන්වත් මහාඡනතාව දැනුවත් වෙන්ඩ (අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 September 2013 07:41 AM

මිනී තුනක් මැරිලත් ගේම අතහැරියේ නැතුව සමගියෙන් නැගී හිටපු මේ ගමේ මිනිස්සු මුලු ලංකාවටම ආදර්ශයක්. (නි)

:       0       0

සුමනා මනන්දුව Saturday, 31 August 2013 05:06 PM

ජනතා බලය හැමදෙයකටම වඩා බලවත් බව රජය තේරුම් ගත යුතුයි.මහජනයාගේ ඡන්දයෙන් බලය ලබාගෙන දනපතියගේ සාක්කුවට වැටිලා ඉන්න පාලකයන් මේ බව වටහා ගතයුතුයි (අ)

:       0       0

සේනක Saturday, 31 August 2013 05:12 PM

මිනිස්සු ගැන හිතල තීරණ ගන්න මිනිස්සුන්ගේ හදවතන් තිබෙන්න ඕනිනේ (අ)

:       0       0

උද්දික Tuesday, 03 September 2013 09:13 PM

ඔය ප්‍රශ්නය වගකිව යුතු අය එක්ක සාකච්ඡා කරලා විසදා ගත්තොත් හොද නැද්ද? ඒ සමගම ඔය කෙමිකල් ප්ලාන්ට් එක ඔය කොම්පැනියේ කෙමිචාල් ප්ලාන්ට් එකට අරගෙන ඔය කම්හල වෙන දෙයකට ගත්තොත් නරකද? අනික වැඩ කරන අය ඔය ප්‍රශ්නෙට ගාවගන්න එපා. මොකද කැද බොන්න තියෙන්නෙත් ඔය හම්බ කරන තුට්ටු දෙකෙන් නේද? (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 August 2013 05:17 PM

උසාවි නියෝග පරීක්ෂණ වාර්තා ඔක්කොම ලැබිල තියෙද්දී මේ කට්ටිය කම්හල වහන්න මේ තරම් දත කන්නේ ඇත්තටම මේ සටන පිරිසිදු ජලය වෙනුවෙන් කල සටනක් නොවන නිසා බව ඉතා පැහැදිල්යි..මිනිස්සු අනවශ්‍ය ලෙස උසි ගන්වන්නේ හාමදුරුවෝ.හාමදුරුවෝ කියන විදියට කම්හල නිවැරිදි උනත් කම්හල වාසිය යුතුයි ..මෙයා අර කම්හලෙන් පලි ගන්න දතකන තුන්වන පාර්ශවයට සම්බන්ද කෙනෙක්ම තමයි (අ)

:       0       0

අසේල Sunday, 01 September 2013 08:00 AM

මේකේ යතාර්ථය දන්නෝ දනිති (නි)

:       0       0

සත්‍යපාල Sunday, 01 September 2013 06:34 PM

බන්දුල පෙරේරාටයි, උපාලිටයි එකතුවෙලා හොඳ රෙදි හෝදන ලොන්ඩරියක් දාගත්තා නම් රටේම කුණු රෙදි ටික හෝදලා හොඳට දියුණු වෙන්න පුළුවන්. (ස)

:       0       0

ලක්මාල් Saturday, 31 August 2013 05:31 PM

බන්දුලපෙරේ කන්නේ මොනවාද (අ)

:       0       0

සිරි Tuesday, 03 September 2013 07:57 AM

අයියෝ බන්දුල! (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 01 September 2013 08:07 AM

එක ගමක හඬ මෙය නම් පළාත් නවය එකමුතුව මේ හඩ නැගුවොත් මොන වෙනසක් වේවිද ,එකමුතු වෙමු ,උද හරණයකට රතු පස්වල ගනිමු . (දී)

:       0       0

චානක Sunday, 01 September 2013 08:08 AM

කනගාටුයි මේ වෙච්ච දේට (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 August 2013 05:45 PM

ලක්මාල් මහාත්තයත් තුන්වන පර්ශවයේද..තව මිනී දෙක තුනක් බාගන්නකම් නින්ද යන්නේ නැහැ නේද? (අ)

:       0       0

කටා මාමා Saturday, 31 August 2013 05:46 PM

එහෙ මෙහෙ අතගාන්නෙ නැතුව, දැනඋගත් කවුරු හරි මේ හැම දෙයක් ගැනම හොද විමසීමක් කර රට නිවැරදි මගට යොමු කරන්න ඉදිරිපත් වෙන්න. (නි)

:       0       0

නෙත්මල් Sunday, 01 September 2013 08:21 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ හරි (නි)

:       0       0

උපාලි Sunday, 01 September 2013 08:22 AM

උසාවිය කියන්නේ එක පැත්තක් නෙමෙයි දෙපැත්තම අහලා නිගමනයක් දෙන තැනක්. එතෙන්දි ඔය දෙපැත්තම අහලා නේද තීරණයක් දීලා තියෙන්නේ. ජනප්‍රිය මතය හැමවිටම හරි නිගමනය වෙන්නේ නැහැ. මේ සිද්ධියේදී කිසිම පරීක්ෂණයක් නොකර කම්හල ඉවත්කළ යුතුයි කියලද මේ කියන්නේ?හාමුදුරුවෝ කියන්නේ නම් කම්හල "නිවැරදි වුනත්" වසා දැමිය යුතුයි කියලා. ඒක හරිද? එතකොට ඒ සේවකයින්ගේ රස්සාවල්? අනික, ජනාධිපතිතුමා උපදෙස් දුන් බව පළවුනා පරීක්ෂණ අනුව මේ කම්හල වෙනත් තැනක ස්ථාන ගත කළයුතු නම් එහෙම කරන්න කියලා. දැන් නලජලය සැපයීමේ වැඩ පිළිවෙලකුත් සිදුවෙනවා නේද? මේ සියල්ලම පැත්තකට දාලා කම්හල වසා දැමුවාම ප්‍රශ්නය විසඳෙනවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 August 2013 05:50 PM

විකුම්," කරුණාකර ඉවසීමෙන් කටයුතු කරන්න" කියන්නේ ඔහේ කැමතිද ඔහේගේ දරුවන්ට වතුර කියලා ඇසිඩ් පොවන්න? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 August 2013 05:52 PM

සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ කරපු පිනට, මේ ජාතියේම නිවන් දකින්නට හේතු වාසනා වේවා! සාදු සාදු සාදු! මෑත යුගයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ කියලයි අපට හිතෙන්නේ (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 06:01 PM

මොන පරීක්ෂණ වාර්තා ද.වතුර ටිකක් වීදුරුවකට දාල දවසක් දෙකක් තිබුණාම මලකඩ තෙල් වගෙ වුද පාවෙනවා.අරක පුවත් පත් වල පවා ෆොටෝ සහිතව පෙන්වල දීල තිබුන.හොදි කියල පරීක්ෂන වාර්තා ලැබිල තියෙන්නේ ඒකයි .අනිකුත් අර්යතන 7 කින් තවමත් පරීක්සන වාර්තා ලැබිලත් නැහැ.ඔර්වට තමා හොරාගේ අම්මගෙන් පීන අහනවා කියල කියන්නේ. (අ)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 31 August 2013 06:04 PM

රතුපස්සවල ජනතාවනි ඔබ සැමට ජය !. තෙරුවන් සරණයි (අ)

:       0       0

ඇසළ Sunday, 01 September 2013 09:12 AM

කම්හල වස දැමිය යුතුමයි. හාමුදුරුවෝ උස්සන් යන කට්ටියගෙන් දෙන්නෙක් ගිය අවුරුද්දේ කම්හලෙන් එලියට දාපු රතු මල්ලිලාගේ කට්ටියේ. හොද වතුර බොන්න තියා නාන්න දුන්නත් කම්හල වහනකම් ප්‍රශ්නේ විසදිය නොහැක. පිල්ලේ නෝනා ඉන්න කොට රතු මල්ලිලා ආරාධනාවක් කරලා තිබුන උද්ගෝෂණයක් කරන්න එන්න කියල

:       0       0

වික්‍රම Saturday, 31 August 2013 06:15 PM

විකාර වැඩ කියා කියන්න කාටවත් බැහැ (දී)

:       0       0

සමන් කුමාර Saturday, 31 August 2013 06:15 PM

මේවා දුක හිතෙන වැඩ

:       0       0

පෙරුමාල් Saturday, 31 August 2013 06:16 PM

මේ කම්හල කච්චතිවු වලට ගෙනිච්චනං දේශප්‍රේමය උච්චස්ථානයට නංවන්න පුලුවන් වෙයි. (දී)

:       0       0

රනේ Saturday, 31 August 2013 06:17 PM

මේ හැම එකකම පෙනෙන්නේ රටේ අවිස්වාසය, අවිනීතිය

:       0       0

අචිනි Sunday, 01 September 2013 09:38 AM

මගේ පුද්ගලික අදහසනම් මේ ප්‍රශ්නයට මේ රජයෙන් සාදාරන විසදුමක් බලාපොරොත්තු විය නොහැකිබවයි ..

:       0       0

නුවන් Tuesday, 03 September 2013 03:47 PM

හාමුදුරුවෝ වගේම අනිත් ආගමික නායකයොත් මෙහිදී තව දුරටත් හිටියා නම් කොපමණ හොඳද ? (ස)

:       0       0

අප්පුහාමි Sunday, 01 September 2013 09:42 AM

මේ ප්‍රශ්නයට අදාල කර්මාන්ත ශාලාව අයිති සමාගම 100% ක්ම දේශීය ආයතනයකි. කොළඹ ඩීන්ස් පාරේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන රටට විශාල විදේශ විනිමයක්ලබාදෙන දහස් ගණනකට රැකියා සපයනආයතනයකි. මා දකින විධියට ප්‍රශ්නය තිබෙන්නේ මේ කර්මාන්තශාලාව ආරම්භ කරන විට ඒ සම්බන්දයෙන් ආයෝජන මණ්ඩලය, පරිසර අධිකාරිය, පරිසරවේදීන් , ගම, පන්සල මේ සම්බන්දයෙන් නිසි පරිදි කළයුත්ත ගැන අවදියෙන් පසු වූවාද යන්න විවාදිතය. කෙසේ වෙතත් දැන් කල යුතුව ඇත්තේ ගමටත් කර්මාන්ත ශාලාවටත් අසාධාරණයක් නොවන පරිදි විධිමත් ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකට අදාල ව්‍යවස්ථාපිත බලධාරීන් විසින් කටයුතු කිරීමය. ජනාධිපතිතුමා නියෝගයක් කලා වගේ මතකයි කර්මාන්ත ශාලාව ආයෝජන කලාපය තුල පිහිටුවන්න .කියල. මේ ගැටලුව ඉක්මනින් විසදා ගැනීම අදාල සියලුම පාර්ශව වල වගකීමක් සහ අයිතියක් ද වන බව පෙනේ. (දී)

:       0       0

සජිත් Saturday, 31 August 2013 06:21 PM

පිලි ගන්න බන්දුල මහත්තයා නැවතත් කරලියේ (දී)

:       0       0

බන්දුල Sunday, 01 September 2013 09:44 AM

හාමුදුරුවන්ට නියමම ට්‍රිප් එක (දී)

:       0       0

රතු Saturday, 31 August 2013 06:23 PM

වතුර නිසා මිනිසූ විදින දුකක්. (දී)

:       0       0

යෝෂිත Saturday, 31 August 2013 06:25 PM

මේක විසදන්න තව කොපමණ කල් යයිද? (දී)

:       0       0

ජයා Saturday, 31 August 2013 06:29 PM

මේ මිනිසුන් වෙන වැඩ නැද්ද ?? (දී)

:       0       0

නාමල් Sunday, 01 September 2013 10:01 AM

හාමුදුරුවෝ ලජ්ජා කරනවා (දී)

:       0       0

සිල්වා Saturday, 31 August 2013 06:33 PM

මෙතන මොකක් හරි බොරුවක් තියනවා. හරි සාධරන තීරණයක් රජය ගනීවි කම්හල වසනවා කියනේ තව පිරිසකගේ රැකියාව නැතිවෙනවා කියනඑක හැම පැත්තම හොදින් බලන්න !!!!!!!!!!!(දී)

:       0       0

නිල් පෙරේරා Saturday, 31 August 2013 06:34 PM

ලෝකෙ මොළත් ඇත මොළට මොළත් නැත අදහස් දානා මොළ වාගේ.. අපේ මොළත් ඇත ලෝකෙ කොහෙත් නැත දෝලාවෙන් යන මොළ වාගේ..(දී)

:       0       0

නසීර් Saturday, 31 August 2013 06:35 PM

ඔය ඔක්කොම ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන ඒවා.

:       0       0

මයා Saturday, 31 August 2013 06:35 PM

ජනතාවනි බුද්දි මත් විදියට වැඩ කරන්න එක එකාගේ අතුකොළුවක් නොවී (දී)

:       0       0

නීල් රනා Saturday, 31 August 2013 06:36 PM

ලෝකෙ මොළත් ඇත මොළට මොළත් නැත අදහස් දානා මොළ වාගේ.. අපේ මොළත් ඇත ලෝකෙ කොහෙත් නැත දෝලාවෙන් යන මොළ වාගේ..(දී)

:       0       0

ගයානි Saturday, 31 August 2013 06:37 PM

මොන බොරු වැඩද මේ කලේ කනවා විතරයි ලංකවේ මිනිස්සුන්ට පිස්සු මේ ජනතාව රැවටිලා වගේ (දී)

:       0       0

බණ්ඩා Saturday, 31 August 2013 06:39 PM

මෙතන තියෙන්නේ ජනතාව උසිගන්වීමක් මට පෙන්නේ මේ කට්ටිය රැවටිලා !!! (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 September 2013 10:32 AM

අප්පුහාමි ඔබගේ අදහස මමත් අනුමත කරනවා. එත් අප්පුහාමි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා කියන විධියට ඔය කර්මාන්තශාලාව වෙළඳ කලාපය තුල පිහිට වුවාට එම ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. මොකද එතනට ගිහිල්ලත් ඔය විස සහිත අපජලය පිරිසිදු නොකර පිට කලොත්, එම කලාපය අවට ජීවත් වන අපේ ගම්මානත් රතුපස්වල වාගේ වේවි නේද? අප්පුහාමි. (දී)

:       0       0

සුමනා Saturday, 31 August 2013 06:41 PM

ඇත්තටම මේ අයට වැඩ නැද්ද ?>??????????????? (දී)

:       0       0

කමල් Saturday, 31 August 2013 06:44 PM

ලක්මාල් කන්නේ මොනවද? මෝඩයෙක් වගේ කතා කන්නේ ඔයටත් වැඩ නැද්ද ?(දී)

:       0       0

නෙවිල් Saturday, 31 August 2013 06:45 PM

හාමුදුරුවනේ ලැජ්ජයි (දී)

:       0       0

ලසන්ත Saturday, 31 August 2013 06:46 PM

කෙලින් ඉන්න හාමුදුරු නමක්.. හිතේ සතුටින් කකුල් දෙක අල්ල වදින්න පුළුවන් හාමුදුරු නමක් !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 37 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 110 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1583 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1123 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 502 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1278 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33228 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23888 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site