අනුරාධපුර විහාරහල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතන සැකකරු ජගත් කුමාර ලබන 10 වැනි දා පාපොච්ඡාරණයක් කිරීමට නියමිතය.
ත්‍රීරෝද රථයක ණය තුරු බේරා ගැනීම සඳහා මුදල් සොයා ඔහු මේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
බකමූණ කළුගඟ ගොම හංදියේ පදිංචිකරුවකු වන මොහු ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
නඩු භාණ්ඩ ලෙස ලේ තැවරුණු මන්නයක්, සොරකම් මුදලින් මිලට ගත් බව කියන රන් භාණ්ඩ හා ත්‍රීරෝද රථයක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි තීරණයක් ක්‍රියාත්මක නොකලොත් එකත් වරදක් එහෙනම් මරණ දඩුවම දෙන්න කියල උසාවියකින් තීරණය කලොත් එක දිය දියයුතුයි. එක ක්‍රියාත්මක නොකරනවානම් ඒ යටත් නඩු දාන්න ඕන. (අ)
බන්දුල පෙරේරා,ඔබ වැන්නවුන් පිළිබඳව මගේ වෘත්තියට අනුව මට හොඳ අවබෝධයක් තිබෙනවා.මම සරසවි සිසුන්ට දැනුම ලබා දීම කළාට,හරකුන්ට,මීහරකුන්ට ,පන්ති තියන්න යන්නේ නැහැ.ඔවුන්ට ඕනෑ නම් පුන්නක්කු ටිකක්,තණකොළ ටිකක් දෙන්න පුළුවන්.ඔවුන් සමග තර්ක විතර්ක වල යෙදෙන්න මම කැමති නැහැ (නි)
ආත්මාර්ථකාමීන්... (නි)
රතුපස්වල තමන් උපන් ගමේ බොන වතුර ටික විනාශ කරන කම්හලට විරුද්ධව පෙළපාලි ගිය තුන්දෙනෙක් මරපු එකට හොද වැඩේ කියපු,තවත් පෙළපාලි යන අයටත් වෙඩි තබා මරාදැමිය යුතුය කියන බන්දුල පෙරේරා, ලක්ෂ දෙක තුනක් හොරකම් කරන්නට සැළසුම් සහගතව අහිංසක මිනිසුන් පස් දෙනෙක් මරපු ම්ලේච්ඡ පාපතර නින්දිත කෙනෙක් වෙනුවෙන් කැක්කුමක් පහළවෙලා කදුළු සලනවා.මේකට තමයි කියන්නේ "එක වර්ගයේ කුරුල්ලෝ එකට එක්වෙති" කියලා. (නි)
හා හා බලාගෙන ඉමු, මෙයා 10 වෙනිදා හැමදේම කියනකම්. එතකොට අර අහිංසකයෝ පස්දෙනා නැගිටියි. (නි)
බන්දුල මහතා,ඔබ නොදන්නා දෙයක් නැති තරම්. අපේ රටේ මිනිස්සු විවිධ මත පළකරනවා. ඔබ අනුන්ගේ දේවල් වලට හොට දාන්නෙ නැතුව ඔබේ මතය පළකරගන්න. අපේ සහෝදර පාඨකයාට ඔබ කරන්නේ මහත් අසාධාරනයක් (නි)
දැන් මොන කතන්දර කිවුවත් වැඩක් නැහැ. මෑත කාලයේ සිදු කරන ලද මිලේච්ඡම ක්‍රියාව මේක. (නි)
බන්දුල පෙරේරා ,ඔයාගේ මුල් අදහස අනුව අර තාත්තා කෙනෙක් දුවලා දෙන්නෙකුට (තමන්ගේම ලෙයින් ඉපදුන ) අතවර කරලා තිබුනෙත් හදිසි ආවේගයකින්ද? මෙතන පස්දෙනෙක් මැරුවෙත් හදිසි ආවේගයකින්ද..? (නි)
"ආරක්ෂාවට තර්ජන එල්ල වෙන ඕනෑම අවස්ථාවකදී බලය පාවිච්චි කරන්න හමුදාවට පොලිසියට බලය තියෙනවා." එත් නිරායුද මිනිසුන්ට වෙඩි තියන්න අයිතියක් නැත. තුවක්කුවක් අතේ තියාගෙන පැමිණි මිනිසෙක් උනත් එය තුවක්කුව බිම තිබ්බා නම් එයාට වෙඩිතියන්න බැහැ. අනික් අයට සුප්පු දෙන්න එපා තමන් හොඳ සුප්පුවක් ගන්නකො. (නදී)
නිමල් රණසිජහගේ මහතා බන්දුල පෙරේරා නිසා අපි අතර සංවාදයක් ඇතිවෙනවා එය හොඳයි නේද? නික්ම ඔව් ඔව් නැහැ නැහැ කියනවට වඩා(නදී)
මේ රටට දැන් අවශ්‍ය බෙල්ල කපන නීතියයි. එල්ලුම් ගහ සෝබනේට තිබ්බට එල්ලන කෙනෙක් නැහැ. සෞදි නීතිය මේ රටට අවශ්‍යයි. එකෙක්ගේ දෙන්නෙක්ගේ බෙල්ල කපනවා පෙන්නුවා නම් මුළු රටම නිශ්ශබ්ද වේවි.(නදී)
මාසයක් ඇතුලත වැඩ දී මරා දාන්න, පිළිලයක්, හිරේ තිබුනත් අපේ සල්ලි මුට යන්නේ. ගහල දාන්න. (නදී)
බන්දුල පෙරේරා වගේ මීහරක්ට නම් සුදුසු මස් කඩේ කොක්ක තමා.(නදී)
අන් අයගේ මතවාද ඉවසන්න බැරි උනත් මරනවා, මුදල් හා දේපල නය තියනවනම් ඒවා නිදහස් කර ගන්නත් මිනි මරනවා, නඩුවක සාක්කියකට හිටියත් මරනවා, ලිංගික අවශ්‍යතා ඉටුකර ගන්නත් මරනවා, මේ හැමදේම කරන්නේ සැලසුම් සහගගතව, මිනීමරන ළමා අපචාර කරන අපරාද කරුවන් එල්ලා මැරීම කල් මරමින් සිටියා ඇති. තව කොපමණ අහිංසක ජිවිත කියක් බිලිගනිද ...?(නදී)
මරණ දඬුවම ක්‍රීයාත්මක නොකිරිමම මිනීමැරීමට හේතු වනවා කියන්ට බැහැ. බටහිර රටවල මරණිය දණ්ඩනය නැහැ. (අ)
ප්‍රර්ථනා නෝනෝ..උගත්කම කියන්නේ පොත පත දැනුමම නෙමෙයි...උගත්කම කියන්නේ සමාජය සමග ජීවත්වීමේ හැකියාවත් සමග පොත පතෙන් ලබන දැනුම ....විශ්ව විද්‍යාලෙක උගන්නපු පලියට ඔබ තුමී උගතෙක් නොවන බවනම් එම මිනුම් දණ්ඩෙන් පැහැදිල්යි..මොකද සාමාජය ගැන තියෙන ඔබ තුමීගේ දැක්ම නිසා..ඔබ තුමී හොද හදවතක් තියෙන කෙනෙක් බව පැහැදිලි නිසා මම ඔබතුමිත් එක්ක වාදෙකට යන්නේ නැහැ..මේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක උණු කලේ තමයි මරු සිරාල පොඩි විජේල මිනී මැරුවේ.බණ්ඩාරනායක මහත්තයව මැරුවේ..තව ඕන තරම් උදාහරණ තියෙනවා..මරණ දඩුවම ඕන කියන මතයේ මම එදත් අදත් ඉන්නවා..නමුත් එකෙන් මේ අපරාද අඩු වෙනවා කීම විහිළුවක් පමනයි..මේ යන ආර්ථික රටාව අනුව මිනිස්සු දුවන දිවිල්ල දුවගන්න බැරි වෙනකොට එතන අපරාදයකට අවශ්‍ය බීජ ඇති වෙනවා.අපි යන්නේ ආදී වේගී ගමනක්..එම ගමනට සාපේක්ෂව අපරාද වල වර්දනයත් ආදී වේගී වෙනවා..එක නතර කරන්න මරණ දඩුවමට බැහැ..ජීවිතයක වටිනාකම නොදත් එකාගේ ජීවත්වීමේ අයිතිය නැති කරන එක පමනයි එයින් කලහැක්කේ..අවශ්‍ය දේත් එපමණයි(අ)
බන්දුලට අං ඇවිල්ලද මන්දා? (නි)
බන්දුල ඔබට හොද සමාජීය දැනුමක් තිබේ . රතු පස්වල සිද්දියයි,මේ මිලේජ්ජ ඝාතනයයි සම කරන්න හදන මොඩයොත් එක්ක කුමන කතාද? (අ)
අපේ හිතන තැනක නෙමෙයි ඔය ප්‍රශ්න තියෙන්නේ.(නදී)
ඔය අපරාද කාරයින්ට මොකුත් කියන්ඩ එපා. අනාගතයෙදි රට පාලනය කරන්ඩ ඉන්න මැති ඇමතිවරු උන්ව එල්ලලා මැරුවොත් අපට කොහෙන්ද මැති ඇමතිලා ? (නදී)
පාසල් අධ්‍යපනය ලබා ගන්න ඕනේ කාලයේ දේශපාලකයන්ගේ අගු පිල් වල කාලය ගත කලාම බන්දුලලාට මේ වගේ මනෝ වියාධි රෝග වැළදෙනවා.ඔහුම කියන විදියට ඔහුට පත පොතේ මෙලෝ දැනුමක් නැහැ.මේ නිසා හැමදාම කවුරු හරි එක්ක පැටලෙනවා.මොකද එයා පෙනී සිටින දේශපාලන පක්ෂයට සුදු හුණු ගාන්න.(නදී)
චන්දි කියන තාත්තගේ කතාව මමත් දැක්කා..මට ප්‍රශ්නේ ඒ තිරිසනාට ඇප ඇප දීමෙන් පස්සේ එම දරුවෝ ගාවටම මේ තිරිසනා ගිහින් ඒ තිරිසන් කම අයෙත් කරන කම් අපේ ළමාරක්ෂණ අදිකාරියත් පොලිසියත් කොහෙද හිටියේ කියන එකයි. ඒ විදිහේ අතවරයක් දැන ගත්තට පස්සේ මේ දරුවෝ ගැන හොයල නොබලපු ඒ දරුවන්ව ආරක්‍ෂිත කරන්න ක්‍රියා මාර්ගයක් නොගත්තු ළමා ආරක්ෂක අදිකාරියක් රටට මොකටද? අදහන්නත් බැරි ඒ තිරිසන් කතාවේ එම පරිච්ඡෙයනම් ටිකක් සැක කටයුතුයි..(නදී)
මේ මිනීමරුවාව වහාම එල්ලා මරනු,(අ)
මිනීමරුවන්ට මොන දඬුවම්ද , හෙට ඉඳල හිරකරයින්ට දවල් කෑමට පස්සේ කෙසෙල් ගෙඩි දෙකකුත් දෙනවලු (අ)
නැතිබැරිකම නිසා අපි එකිනෙකා මරා ගන්නවා. අපිට මෙහෙම උනේ කොහොමද කියල සිතන්න. අපේ මුදල් යන්නේ කොහාටද? කවුරුත් මොලේ කල්පනා කරන්නේ නැහැ. පනස් හයේ අපි රවටලා අපි අසරණ කරලා අපි මොට කරලා සිංහල ජාතිය නැති කරන්න පනස් හයේ සිට අපිට මෙහෙම කලේ කවුද? .(නදී)
කව්රු කොහොම කිව්වත් මිනිස් ඝාතන වලටයි ,ළමා දුෂන වලටයි,නීතියෙන් ගැල වුනත්,දෙවියන් ගෙන් වගේම හර්ද සාක්ෂියෙන් ගැලවීමක් නෑ ඒ අපරාද කරුවන්ට..(නදී)
බන්දුල ඔබ අනිකුත් අදහස් දරන්නන් අතර වෙනස් යමක් කියන්න උත්සහ කරන්නෙක් ලෙසයි මම හැදිනගෙන ඉන්නේ ඔබ තාර්කික ලෙස සමහර ප්‍රසන දිහා බලනවා නමුත් තිබෙන එකම ප්‍රශ්නය ...කොළ .නිල හෝ. රතු යන වර්ග තුලින් ඔබ යම් වර්ගයක උපැස් යුවලක් පැළදගෙන මේ ප්‍රසන දිහා බලිමඊ.එහිදී ඔබ අනිකුත් පාටකයන්ගේ තද බල දෝෂ දර්සනයට ලක් වෙනවා (අ)
අපි සියලු දෙනා ආවේගයෙන් විවිධ මත පළකරන්නේ අපේ හැගීම් පාලනය කරගන්න බැරි නිසා.මොනවා කිව්වත් මේ සැලසුම්සහගත අපරාධ ඔඩුදුවන තත්වයක තිබෙන බව කණගාටුවෙන් කියන්න වෙනවා (අ)
වෙනත් සොරකම් කළ බඩු සහ මුදල් ,අවි ආයුධ ,පුපුරන ද්‍රව්‍ය සොයාගන්න අරන් ගියා නම් මේකේ කෙළවරක් දකින්න තිබුනා (නි)
මරණ දඩුවමට අවසන් තීරණය දෙන්න අපහසු නම් ඒකත් උසාවියෙන්ම ඉවර කරලා දැම්මා නම් හරිනේ. (නි)
බන්දුල පෙරේරා මතයක් ප්‍රකාශ කරන්න හදනවා. ඒක හොඳයි. ඔහුට ඒකට අයිතියක් තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ ඒක විචාරාත්මක නැහැ. තමන් එකක් හිතාගෙන ඒක එහෙමම උනා වගේ ලියලා අනෙක් යට වාචාල විදියට බනිනවා. (නදී)
ත්‍රීරෝද රථයක ණය තුරුස් බේරා ගැනීම සඳහා මුදල් සොයා ඔහු මේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි....... මේ තිබෙන ආර්ථිකය අනුව අපිත් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් තමා.වේලක් හැර වේලක් කන්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්.රටේම ධනස්කන්දය ගලා යන්නේ එක දිශාවකට පමණක් නිසයි අපිට මේතරම් ජීවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ.මේ ආර්ථික ක්‍රමයේදී ඉදිරියේදී මෙවැනි අය වැඩි වැඩියෙන් බිහිවීම වළක්වන්න බැහැ. (නි)
මිනි මරුවන් ගෙන් මොන පාපොච්චාරනද? (නදී)
මගේ මිත්‍රයෙක් ඉන්නවා බන්ධනාගාර ජේලර්වරයෙක්.ඔහු කිව්වා එක වතාවක් ආණ්ඩුව එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පාකිස්ථානයෙන් ලනුවක් ගෙනාපු වෙලාවේ මරණ දඩුවම නියම වෙලා හිටි හිරකාරයෝ බොහොම කලබල වෙලා සමහරුන්ට අසනීප පවා වුණා කියලා.තව සමහරුන්ට මානසික ප්‍රතිකාර පවා ලබා දෙන්න සිදු වුණා කියලා.මිනිස්සු මෙච්චර දරුණු වැඩ කරන්නේ, උන් දන්නවා මොන වැරැද්ද කළත් තමන් කවදා හරි නිදහස් වෙලා එළියට එනවා කියලා.මම කියන්නේ අපි අපේ බෞද්ධකමට නිගා දෙනවා නෙමෙයි. ස්ත්‍රී දුෂණයට ළමා අපචාර වලට කුඩු සම්බන්ධ නඩු වලට මිලේච්ච මිනීමැරුම් වලට දෙන්නෙක් එල්ලලා මරන්න.රටේ මේ වගේ අපරාධ අඩුවෙනවා නිකන්ම. (නි)
ඔය මිනිස්සු මේ අපේ රටට බරක් .ඔවුන් ටික අල්ලලා ජිවිත කාලයටම සිර බත් කවන්න ඕන.මම චීනයේ සිට. (නදී)
මේ වගේ මිනිස්සුන්ට අරාබි දඬුවම් දෙන්න ඕනෑ (නි)
අපි මෙයාලට ශිෂ්‍යත්වයක් දෙමුද අරාබියට? (නි)
මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කලයුතුය් කියන මතයේ මම හිටියත් මරණ දඩුවමින් අපරාද අඩු වෙනවා කියන මතේනම් ඉන්නේ නැහැ..මිනී මරණ එකා ස්ත්‍රී දුෂණ කරන එකා එවෙලෙට එන ආවේගෙට හැගීම් වලට ක්‍රියාත්මක වෙන්නේ..වරද කලාට පස්සේ තමයි එල්ලුන් ගහ හිර ගෙවල් මතක් වෙන්නේ..අපරාද අඩු කරන්න මේ සමාජය දුවන දිවිල්ලේ හැටියට කවදාවත් බැහැ.. දවසින් දවස වර්දනය වෙනවා මිසක්..ජීවිතයක වටිනාකම නොදත් එකාගේ ජීවත්වීමේ අයිතිය මරණ දඩුවමින් නැති කරන එක පමනයි කලහැක්කේ..අවශ්‍ය දේත් එපමනයි. (අ)
බන්දුල පෙරේරා, ඔබ කියන්නේ ඉහත රණවිරුවා මෙම 'පංච මහා ඝාතනය' සිදු කලෙත් ක්ෂණික කෝපය නිසා කියලද? ඒකා හොදට සැලසුම් කරලයි කරලා තියෙන්නේ. මේ අය දන්නවා කී දෙනෙක් මරල අහුවුනත් තමා නොමැරෙන බව. ඒ මානසික ස්තීරතාව අපරාධය කරන්න තවත් ධන සාධකයක් එකතු කරනවා. (අ)
බන්දුල පෙරේරා කියන මතය වැරදියි. අපරාධ සිදුවන්නේ ඒ වෙලාවට එන ආවේගයට හැගීම් වලට පමණක් නොවෙයි. ලංකාවේ සැලසුම් සහගත අපරාධ කොපමණ සිදුවෙනවාද? කුලියට කෙරෙන මිනීමැරුම් ගැන කොපමණ අසන්න ලැබෙනවාද? මේ සිද්ධිය වුණත් සිදුවී ඇත්තේ, සැලසුම් සහගතව නොවේද? ආවේගය නිසා නෙවෙයි නේද? මරණ දඩුවමින් අපරාධ අඩු වෙනවා කියන එක, මෙවැනි සැලසුම් සහගත අපරාධ සඳහා අදාළ වෙනවා. මගේ මතය නම්, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. (නි)
මෙහෙම අපරාද වෙනවානම් අපිට සංවර්ධනය ගැන සතුටු විය හැකි ද (අ)
මේ රටේ මෑතක සිට මිනීමරුවන්ට ලැබුණු ගරු සැළකිලි නිසා තමයි මෙහෙම නොබියව බහු ඝාතන සිදු කරන්නට මොවුන් පෙලඹෙන්නේ.බන්දුලාලට නම් මේවා පෙනෙන්නේ වෙනත් මුහුණුවරකින්.මොකද මේ අය අන්තගාමී මඩගොහොරුවේ එරිලා ඉන්න නිසා. (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැහැ.එය ක්‍රියාත්මක කළහොත් කවදා හරි ලසන්ත වික්‍රමතුංග කටුනායක රොෂාන් ,රතුපස්වල තිදෙනා මැරූ අයටත් මේ දඩුවම් වලට මුහුණ දෙන්න වෙනවා. (අ)
මමත් කැමති එල්ලුම්ගහ නැවත පටන් ගන්නවනම්.අපරාදවලට නිසි දඬුවම් දෙන්නොන. මේ ගැන ජනමතය අහල චන්දයක් තිබුනොත් අපිහැමෝම පක්ෂව චන්දෙ දෙමු. (අ)
මම බලාගෙන ඉන්නේ කව්ද මුට ඉදිරිපත් වෙන්නේ කියලා (අ)
ප්‍රශ්න කිසිවක් නැහැ.මිනීමරුවන්ට දඩුවමුත් නැහැ, හිරේ ඉන්න අයම දෙන දඬුවමක් විතරයි, කන්න බොන්නත් ලැබෙනවා. ඉන්නත් ලැබෙනවා. ටික කාලයක් ඉඳලා එනවා. ඇවිල්ලා නැවතත් මරනවා. එපමණයි (නි)
මේ මහා පොලවට බරක් මේ මිනිස්සු ..? (ස)
හමුදාවේ මේ මල්ලි "පට පට ගාලා අසරණ නිරායුධ මිනිසුන්ට" වෙඩි තැබුවා වෙනුවට තෝරගෙන තියෙන්නේ,මන්නෙකින් අසරණයන් 5-6 දෙනෙක් කපාගෙන කපාගෙන ගිය එක විතරයි.නීතියක් නැති රටේ ඔය දෙකම වැරදියි (නි)
අද එල්ලුම් ගහ ක්‍රියාත්මක කර පසුව ඉවත් කරන්න බැහැනේ.මොකද කාගෙ කාගේ කිල්ලෝට වලත් හුණු තිබෙනවානේ. කවුද කැමති කවදාහරි දවසක තමන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙනවා දකින්න. (නි)
ආයුධ සොයන්න ගෙනියන්න නොහැකිද? (නි)
හමුදා නිතිය ඔහුට තවමත් වලංගුය,එසේ නම් හමුදා නිතිය අනුව දෙන දඩුවම වෙඩි තබා ජීවිතක්සයට පත් කිරීමයි.සිවිල් නීතියත් ඔහුට වලංගුය එසේ නම් ප්‍රසිද්දියේ එල්ලා මැරිය යුතයි.(අ)
සුපුමලිට සුප්පුවක් දෙන්න හිතෙනවා කටට සුප්පු කර කර බුදිය ගන්න...රොෂාන්ලා වැඩි කෑවේ,රතුපස්වල කට්ටිය වෙඩි කෑවේ සිල් අරගෙන භාවනා කරන කොට වෙන්න ඇති..මහජන දේපල වලට හානි වෙන සාමාන්‍ය ජනජීවිතයට තර්ජනයක් වන ක්‍රියාවලියක් මද පැවැත්වීමේදී තමන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වෙන ඕනෑම අවස්ථාවකදී බලය පාවිච්චි කරන්න හමුදාවට පොලිසියට බලය තියෙනවා. .ආසාව තිබුනට ඔයාට එයාලවනම් එල්ලුන්ගස් අරින්න ලැබෙන්නේ නැහැ.ලසන්තගේ මරණේ ගැන ඔය දන්නා දෙයක් තියෙනවනම් කියන්න..තාම එල්ලුන්ගස් යවන්න කව්රුවත් ඒකට අල්ලලා නැහැ.. (අ)
මල් වෙඩිවලට දෙලක්ෂ හතලිස් දහසක් වියදම් කරන රටක කී දෙනෙක් කෑම වේලක් කන්න නැතුව බඩගින්නේ ඉන්නවද?හැමෝම බලන්නේ ජීවත් වෙන්න.ජීවන බර දරා ගන්න බැරි වෙනකොට අනෙකා මරලා හරි සල්ලි හොයා ගන්න බලනවා. රටේ සියලු දෙනාට ආර්ථිකයේ ප්‍රතිලාභ නැතිවීමේ ප්‍රතිපල මේවා.සමහරු කෝටි ගණන් වැයකර බදු රහිතව ලැම්බොහිනි පදින විට සමහරු අමාරුවෙන් ත්‍රී වීල් එකක්වත් ගන්න නොහැකිව මෙසේ අපරාධ වලට පෙළබෙනවා. (නි)
සුරංග, සුපුමාලි එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න වැඩියම බය මරණ දඬුවම නියම වෙලා හිරේ ඉන්න අය නෙවෙයි. එය තමන්ගේ බෙල්ලට වැටෙනවා හීනෙනුත් දකින හිරෙන් පිට ඉන්න සුදු රෙදි අඳින පිරිසක්. (අ)
කරුණාකරලා මුව ගෙනියන්න තව හංගපු ආයුද හොයන්න (අ)
මල් වෙඩිල්ලට දෙලක්ෂ හතලිස් දහසක් නොවේ.දෙකෝටි හතලිස් දහසක් වියදම් කරන රටක ලෙස නිවැරදි කරමි (අ)
ධර්මසේනයි දිසය් තකට තක..මේ මනුස්සය මාසෙකට 50ක් විතර ගන්න පුළුවන් වැදගත් කමක් තියෙන ඉස්තිර රස්සාවක් දාල ඇවිත් ත්‍රීවිල් කටු එලෙව්වටත් ආණ්ඩුව පලිද..? ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා..මුගේ පිටින් එ අහින්සකයින්ව යවන්න එපා. (අ)
අපිට ඕනෑ වුණාට ආණ්ඩුවට ඕනෑ වුණාට මේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න මේ මානව හිමිකම් සංකල්පය හා ජාත්‍යන්තරය කවදාවත් ඉඩක් දෙන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා,ඔබ ඕනෑ කෙනෙකුට 'කඩේ ගියාට' කමක් නැහැ. මොකද ඔබට වාසියක් ඇතිනේ. හැබැයි ඒ කියලා රතුපස්වල පාසල් ගොස් එන විට මරා දැමු ඒ අහිංසක දරු පැටවූ නැවත නැවතත් මරා දමමින් කරුණු විකෘති කරන්න එපා.ඔබ මොනවා කිවුවත් මුළු ලොවම දැක්කා ඇත්ත (නි)
ප්‍රාර්ථනා නෝනෝ,අපිත් ඔය අවුරුදු 16/17 වයස් පහුකරලා ආවේ.ඔය වයසේ හිටි අපි නම් දන්නවා ඔතන වුණේ මොකක්ද කියලා.කොහොමත් වෙඩි කෑවට පස්සේ ඔක්කොම අහිංසකයෝ.හරි හරි නෝනෝ,අපි ගිහින් පාරවල් හරස් කළේ,අපි ගිහින් හමුදාවට ගැහුවේ,දේපල හානි කළේ, එහෙමවත් හිතාගමුකෝ (නි)
පණපිටින් තියන්න වටිනවද? (නි)