නූතන තාක්ෂණයේ ඇති දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය මෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වේගවත්ව ඉදිරියටවිත් ඇති බවත්, එම තත්ත්වය පොලිසියට අභියෝගයක් බවත්, මේ නිසා පොලිසිය තම වෘත්තීමය භාවය තව තවත් වැඩි දියුණු කර ගත යුතු බවත් නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.
ඒ මහතා එසේ කීවේ රමොනරාගල මූලස්ථාන පොලිසියේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
පසුගිය වසරේ ජනවාරි අටට කලින් මේ රටේ මාධ්‍යව්දීන්ට කතා කරන්න නිදහසක් නොතිබුණ බවත්, ජනතාවට තම හඬ අවධි කරන්නට ශක්තියක් නොතිබුණු බවත්, එසේ කතා කළේ නම් හෝ හඬ නැගුවේ නම් කොහෙන් කෙළවර වෙයිද යන්න කිසිවකු දැන නොසිටි බවත් ඇමැතිවරයා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා 88/89 කාලේ ඉපදිලා නැතුව ඇති.(හේ)
එ්ක නම් ඇත්ත තමයි මොකද ඉස්සර සියලු රුපවාහිනී නාලිකාවල පුවත් ප්‍රකාශයට කලින් රජ පුතකුගෙන් අවසර ගන්න ඕනේ කියල කියන්නේ (බ)
දැන් කියලත් වෙනසක් තියෙනවද? (නි)
දැන් තියෙනවා වගේ කතාව. මේ අය හැමදාම හදන්නේ රටේ මිනිස්සු රවටන්න (නි)
එහෙම නම් කොහොමද ඔයතරම් විශාල බොරු චෝදනා පැතිරෙව්වේ? දිනපතාම ලැම්රබොගින, රත්තරන් අශ්වයෝ හොරා හොරා කියමින් කෑ ගහන්න නිදහසක් තිබුන බව දැන් අමතකද?
මම නම් මේ කතාව පිලි ගන්නේ නැහැ. ඒකාලයේ අපි ගිය ආණ්ඩුවට බැනපු හැම දෙයක්ම පල උනා. (අ)
මාධ්‍ය නිදහස නම් අඩු වැඩි වශයෙන් එදත් තිබුනා, අදත් තියනවා. ප්රශ්නය අපේ රටේ නිදහස් මාධ්‍ය නැති එකයි. හැමෝම ප්රශ්නය අල්ලාගෙන ඉන්නේ කණපිට හරවාගෙන.(අ)
පොලීසිය නීතිය ආරක්ෂා කළයුත්තේ තාක්ෂණය දියුණු නිසා ඒකට බයේද?
මාධ්‍ය නිදහස කියන්නේ වැඩවලට බාල්දි පෙරළීම නොවෙයිනේ. යුද්ධයක් තියන වෙලාවට මාධ්‍ය ඔක්කොම දාන්න ගියොත් වැඩේ කරලා හමාරයි (නි)
අපට 88 89 කාලය මතක නෑ (අ)
අතිතයෙන් පාඩම් ඉගෙනගෙන ඒ ගැන කතානොකර වර්තමානේ ඇතිවන තත්වයන් පාලනය කර එය සමඟ අනාගතයට සරිලන සැළැස්මකට අනුව කටයුතු කළොත් පවතීවි. (නි)
මේ ආණ්ඩුව කාලේ තියනවද? (නි)
2003 හඳුන්වාදුන් මාර්ග සැළසුම ක්‍රියාත්මක කරන්න. පොලිසියේ කළමනාකරණ ව්‍යුහය දැනට තිබෙන්නේ අපරාධ විමර්ශනය පදනම් කරගෙන. එය ප්‍රජා පොලිස්කරණය පදනම් කරගෙන සකස් කරන්න. පොලිසියේ දියුණුවට මුදල් ප්‍රතිපාදන මදි. (නි)
වෙන කොහේ යන්නද ඇමතිතුමා, ඒක ඉතින් අපි හැමෝම දන්නවනේ (නි)
ගිය ආණ්ඩුවේ ඒවා දැන් වැඩක් නැහැ. ඔයාල හරියට කරන්නකෝ. (නි)
සාගල මහත්තයෝ, ඕවා අපිට කියලා වැඩක් නැහැ (නි)
ඔව් ඔව් නැතුව නැතුව. මොකට ඒ ගැන කියනවද?
දැන් වැරදි කිව්වා ඇති නේද. වැඩ කළොත් නරකද? (නි)
එ්කද අර තව එක්කෙනෙක් කියන්නේ මාධ්යවේදියන්ව උත්තර බඳින්න පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට පමුණුවන්න ඕනෑ කියලා? අපි ජනවාරි 8 ට කලින්ද නැත්නම් පස්සෙද දැන් ජීවත්වෙන්නේ. මට මතක නැහැ! (නි)