පසුගිය රජය හා පාලකයින් දූෂිත බව ඔප්පු වී ඇතැයිද රටවල් හතරක සහාය ලබාගෙන මේ පිළිබඳ පරීක්ෂණ කරන බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද (7) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රාජපක්ෂ රජයේ දූෂණ වංචා සෙවීමට කණ්ඩායම් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් ඩොලර් බිලියන ගණනක වංචා සිදුවී ඇතැයි එම කණ්ඩායම් අනුමාන කරන බවත් ඔහු පැවසීය.
ලංකාවේ එක්තරා පවුලක සමාජිකයන්ගේ ඇමෙරිකා ඩොලර් කෝටි 1800 ක් (රුපියල් 242181.00) පිටරට බැංකුවල ඇතැයිද ඔහු කිවේය.
ගත වු දින 100 සාර්ථකව අවසන් කළ බවත් , 19 වැනි සංශෝධනය එහි හදවතයි. විධායක ක්‍රමය කියු පරිදිම අහෝසි කළ නොහැකි වුයේ අධිකරණය දුන් තීන්දු අනුව ඊට හිස නමා කටයුතු කිරිම නිසා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (7) මාධ්‍ය හමුවකදි කීය.
ඉදිරි මැතිවරණයෙන් පසු මීට පෙර පැවසු පරිදි මුළු පාර්ලිමේන්තුවටම ව්‍යවස්ථා දායක සභාවක් බවට පත් කරන බවත් අමාත්‍ය සමරවීර මහතා පැවසුයේ ඉකුත් පාලන සමයේ දී ශ්‍රී ලංකාව මීනිමරුවන්ගේ දේශයක් වී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හුදකලා වු බවද පවසමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔප්පු කරන්න බැරි දේවල් අහලම එපා වෙලා. (ත)
ලැජ්ජා නැද්ද? පැරදුනාට පස්සේ මේ පැත්තට පැන්නා.ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද? ඔහේලගේත් බැංකු ගිණුම් සෝදිසි කරන්න වරෙන්තුවක් ගන්න ඕනෑ අපියි (නි)
දුප්පත් ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්න එපා (නි)
ජනතාව රැවටුවා හොඳටම ඇති (නි)
කථාව විතරයි. මොනවාද මේ දවස් ටිකට කරපු වැඩ? මෙහෙම ගියොත් තව දවස් දෙතුන් සියයකින් ආර්ථිකය සම්පුර්ණයෙන් කඩාගෙන වැටෙනවා! (නි)
අනේ අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)
ටෙලිකොම් එකේ ඒ කාලේ වැඩ ගැනත් බැලුවොත් හොඳයි. බලයට ආවහම හැමෝම හොරු අල්ලමින් යටින් හොරකම තමයි බොහෝවිට කරන්නේ (නි)
ලංකාවේ නූතනම න්‍යාය (නි)
දූෂණ ගැන අහල අහල එපාවෙලා. කාව හිරේ දැම්මත් රටේ සංවර්ධනය වැඩි කරගන්න බැහැනේ? කරුණාකරලා රටට වැඩක් ඇති දෙයක් කරන්න! (නි)
මෙයා කතාකරන්නේ හරිම ශුද්ධවන්තයෙක් වගේනේ (නි).
කොහොමද දන්නෙ නැහැ හරියටම දන්නේ? (නි)
ඇහින් දුටුවා දැක්කා වගේ ප්‍රචාර වපුරලා ගිය පාර ගොඩ දාගත්තා වගේ යාළුවා මෙදාපාරත් ගොඩදාන්න වගේ හිතාගෙන ඉන්නේ. (නි)
පසුගිය කාලේ විතරක් නෙමෙයි දැන් තියෙන රජයේත් දූෂණ චෝදනා ලබපු අය ලොකු තැන්වල සිටිනවා නේද? ඒවත් කියන්න බැරි මොකද? (නි)
මෙතුමා ගයන ගායනා වසර ගණනාවක සිට අපි අහලා තියෙනවා. ඒවා අහපු අපි මනාපය පළ කරලා අපි දැන් ප්‍රතිඵල දකින්නට ඔන්න මෙන්න කියලා යහපාලන හිනිපෙත්තටම ගිහිනුයි ඉන්නේ. මේ කියන අලුත්ම එකත් අපි අහලා ඊළඟ මැතිවරණය එනකම්ම ඉඳලා ප්‍රතිඵල දකිමු නේද.? (බ)
මෙයා වරාය ඇමති කාලේ කරපුව හොයන්නත් ඕනා. (අ)
තවත් මොනවා කියන්නද? (ම)
මෙයා තමයි අර චැනල් 4 කට්ටිය සිරිකොතට ගෙන්නලා තොවිලයක් නැටුවේ රටට විරුද්ධව (බ)
මෙයාගේ තියෙන්නේ වංචා දුෂණ විතරද ? (බ)
ඔය ටොන් පච අපි පිළිගනියි කියලා හිතනවාද?යහ පාලනයට අපි රැවටුනා. මොනා කරන්නද. පාඩමක් ඉගෙන ගත්තා. (බ)
මෙය කිව්වේ ඩොලර් බිලියන් කියල එහෙම බැලුවහම ලෝකේ 59 වැනි කෝටිපතිය මහින්ද රාජපක්ෂ. අපිට කොච්චර ආඩම්බරද? (බ)
ඔය කියන දේ හරිද?(හේ)
බොරු බයිලා කියන්න එපා ඔප්පු කරලා පෙන්වන්න (බ)
ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු හමුදා නිලධාරියෙක් එක්ක එකතුවෙලා ප්‍රභාකරන් විනාශ කර දැමු අපරාධය පිළිබඳව ගෝඨාභයට එරෙහිව නඩු පවරන්න ඇමතිතුමනි. (බ)
බිලියන් 18 (18000000000) මෙම මුදලින් ඉන්දියාවට යන්න හයි වේ එකක් හදන්න පුළුවන්. ලෝකේ විශාලම ගුවන් යානා (අ 380) 57 ක් ගන්න පුළුවන්. ඩබල් ඩෙක් ජෙට් යානාවක මිල මිලියන් 320 $. මේක නම් ජාත්‍යන්තර මඩ පාරක් (නදී)
කියන බොරු වලට කර්මානුරූපව විපාක ලැබෙනවා.සැමදෙනාටම ඒ බව වැඩිකල් නොගොස් දැනගන්න ලැබේවි. (නි)
මෙයා චැනල් 4 ලංකාවට ගෙනැල්ලා අපේ රට බාල්දු කරා. ඒවාට දෙන දඩුවම මොකක්ද ? (බ)
මෙයා තවත් සුරඟන කතා කියනවා .(හේ)
හරි හරි. කතා ඇති (නි)
විල්පත්තුව පැත්තේ වෙන වන විනාශය ගැනත් සොයා බැලුවහොත් නරකද? (නි)
අනේ ඇත්තට අපිත් මේවා බල බලා ඉන්නවනේ හැබෑටම (නි)
මේ රජයේ වංචා ගැන ඊළඟ රජය කියයි (නි)
හරියටම කළොත් ඉතිහාසගතවෙන වැඩක් (නි)
තවම චෝදනා පමණද? (නි)
එතකොට මහින්ද ගන්න කලින්, චන්ද්‍රිකා ඉන්නකොට සිදුවුණ වංචා හොයන්න බැරිද දැන්? හැම ගැහිල්ලම වුණේ මහින්දගෙන් විතරද? (නි)
අනේ අපරාදේ! තව ටිකක් කල් ඉන්න දුන්නා නම් ලෝකෙන්ම පළවෙනියා වෙන්න තිබුනා. එහෙම හරි ලෝකෙන් එකට එන එක අපේ රටට මහා ගෞරවයක්නේ. (නි)
සුදු නෙලුම් ව්‍යපාරය සම්බන්ධයෙන් ගිණුම් වාර්තා තිබේද? (නි)
දැන් අපිට ඕවා වැඩක් නැහැ (නි)
මහා බැංකු මහා මංකොල්ලය ගැනත් හොයන්න (නි)
මැරෙන්න යන එකාට තණ කොළ ගහත් පිහිට වෙනවා වගේ ඔතන ඇමතිකම් කරන ඒ.ජ.ප සේරම අගමැතිත් එක්ක ඉන්නේ ශ්‍රී ල නි ප පිහිටෙන්. ඡන්දෙ ළඟ එන නිසා මොනවා හරි කියන්න එපාය. දැන් මාස 4 ක් වුනා එක වංචාවක් ඔප්පු කළාද. බයිලා කිය කිය ඉන්නවා විතරයි රටේම සංවර්ධනය ඇන හිටලා දහස් ගානකට රැකියා නැති වුනා. උතුරෙන් දෙන්න පුළුවන් සේරම දීල. රට බල්ලට ගියත් කමක් නැහැ මහා බැංකුව කල් දැම්ම. දැන්නම් මේ පාර ඇට්ටි හැලෙන්නම. (බ)
කුරුඳු පොලු වීරයාගේ වැඩ අපි නොදන්නවාද? හැමදාම ලෝකේ වටේ සවාරි ගහල මේ රට විනාශ කරන එක තමයි කරන්නේ.මේ අය සමාජයටම කරදරයක්.මෙයාගේ දුෂණ මුලින්ම විභාග කළ යුතුය. (බ)
අපි රවටන්න කියන කතා විතරයි. (නි)
මඩේම ඉපදිලා මඩ වලින්ම ජිවිතේ ගෙනියන මේ මනුස්සය තරම් අනුන්ට අපහාස කරන මනුස්සයෙක් මේ ලෝක ධාතුවේම මෙතුවක්නම් ඉපදිලා නැතුව ඇති..ඇහින් දුටුවා දැක්ක වගේ පච ප්‍රචාර වපුරලා ගිය පාර ගොඩ දාගත්ත වගේ යාළුවා මෙදා පාරත් ගොඩ දාන්න වගේ හිතාගෙන ඉන්නේ..(බ)
දැන් ඔය ගැනම කිය කිය ඉන්නේ නැතුව ජනතාව ගැනත් හිතුවොත් නරකද?(හේ)
මේවට දඩුවම් දිය යුතුමය. (හේ)
මංගල සමරවීර ටෙලිකොම් ගැන මොනවද කියන්නේ (බ)
වංචාකරපු මුදල් ඔක්කොම ගන්න වැඩපිළිවලක් යොදන්න ඕනි ජනතාව උගස්කරලා බොරු සංවර්ධනයක් පෙන්නලා ලබා ගත්තු ණය රුපියල් කෝටි ලක්ෂ පන්සීය මොකද කළේ බොරු සංවර්ධනය වියදම් කරලා තියෙන්නේ රුපියල් කෝටි ලක්ෂ 132කි ඉතිරි මුදල මොකද වුනේ වර්තමාන රජය බැදිලා ඉන්නවා මේ හැම දෙයක්ම හොයල නිතිය ඉදිරියට ගේන්න දැඩි දඩුවම් ලබාදෙන්න උපදින්න ඉන්න දරුවොත් ණය ගෙවන්න ඕනි කරලා තියෙන ප්‍රෝඩාව රටට හෙළිකරන්න. (බ)
ඇමැතිකම් කරපු කාලේ කරපු දේවල් කොහොමද. හොඳට හම්බ වෙන්නේ ලබන ඡන්දෙදි. එතකම් නටන්න (බ)
වැඩක් කරපු අයට මඩ ගහල තමන්ගේ නොහැකියාව වසා ගන්න හදනවා (අ)
ජාත්‍යන්තරය කියනේ ඇමෙරිකාවද (අ)
කතා නම් කොච්චර කියනවද..ඔප්පු කරන්න තම බැරි වුණේ. (අ)
ලංකාවේ පිරිමි අඩුයි දැන් දේශපාලනේ.බයවෙලා ඡන්දෙ ළඟ නිසා (අ)
හලෝ ඇසළ ..... අපේ රටේ දෙසපලකයා කරන හොරකම් මිනී මෙරුම් එලියට එන්නේ නැහැ කියල ඔබලා නොදන්නවා නොවේ ...ඒවගේම ඔවුන් ඒවා කරන්නේඉතා හොඳට සැලසුම් කරලා නීතියට ,ජනතාවගේ ඇස් වලටවැලි ගහලා .. පරාද වුණාට පසුව ඒවා ඉදිරියේදී ඇදිලා ආවත් ඔවුන් පක්ෂ මාරුකරලා හෝ එම බලය උපයෝගී කරගෙන එම දේවල් වසා ගන්නවා .(අ)
අනේ අපේ රටට ගිය කලක්. රට බේරාගෙන මේ තරම් සංවර්දනය කරපු නායකයන්ට ගරහන වසලයෝ ! (අ)