හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි ගැහැනුන් තිදෙනකු පෑලියගොඩ දිප්පිටිගොඩ දී රුපියල් ලක්ෂ 12ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් ළඟ තිබී රුපියල් අනූ දෙදහසක් ද, විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බවත්, කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි මේ දෙදෙනා දිප්පිටිගොඩ නිවසක් කුලියට ගෙන කුඩු ඔතමින් සිටි බව ද, පැකට් කරන කුඩු ප්‍රමාණය අනුව ඔවුන්ට මුදල් ගෙවන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා කොළඹ නගරයේ සාධාරණ වෙළහෙළදාමක් කළ වට්ටි අම්මලාගේ මිනිපිරියෝ අද කරන්නේ,දුරා චාර ,ගංජා,මත්කුඩු,පොකට් ගැසීම ,වැනි දේවල්.කාන්තාවෝ වුනත් වැරදි වැඩ වලට කිසිදු සමාවක් නොදියයුතුයි ! (අ)
නරකද මොහුට ව්‍යාපාරයක් සඳහා ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ලබාදී රැකියා විරහිතය අඩු කරන්න බැලුවොත්? මෙයා ඇල්ලුවට ගෙන්වන මිනිසුන් අල්ලන්නේ නැහැනේ. (නි)
මම කියන්නේ මේ අය අහිංසකයින් කුඩු වලට ඇබ්බැහි කරන හා ඔවුන්ගේ ජීවිතයට කරන විනාශයට හරියන පරිදී ,මොවුන්ට උසාවියේදීම අල්ලාගත් කුඩු ඉරීමට දිය යුතුය.නැත්නම් මේ විනාශයෙන් අපේ පොඩි අය බේරාගැනීමට විකල්පයක් සෙවීමට අපහසුය (නි)
තවම මෙහි මහ මොළකරු හසුවුණේ නැහැ නේද? (නි)
පව්. තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගන්නනේ ඔය මහන්සි වෙන්නේ. (නි)
ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නෑ. ඇයි බැරි ලංකාවට කුඩු ගෙන්නන පුද්ගලයන් සොයා නිසි දඩුවම් නියම කරන්න. මේ පසුගිය මාස කීපය තුල වැටලීම් කළා. නමුත් තාමත් කොළඹ අවට කුඩු ව්‍යාපාර සිදු කරනවා. ගසක ඉති රිකිලි කපලා වැඩක් නෑ කරන්න ඹ්න ගස මුලින් ම කපා ඉවත් කරන එකයි. (නදී)
මුන්ට අම්මා තාත්තා නොගහපු තැන්වලට ගහන්න ඕනේ (නදී)
මහා එවුන් අල්ලන්නේ නැතිව පොඩි එවුන් අල්ලලා වැඩක් නැහැ. මොකද සල්ලි තියනවා නම් ඕවා කරන්න කට්ටිය ඕනා තරම් ඉන්නවා. (නදී)
දැන් අපට පැහැදිලි වෙනවා කොපමන කුඩු කන්ටේනර් ප්‍රමානයක් ලංකාවට අවිත් ද කියලා. ඉහත අදහස් දක්වලා තියෙන හැටියට ගෙන්වන අයව කවදාවත් අල්ලල හිරේ දාපු බවක් මෙතෙක් අහන්න ලැබිලා නැහැ. පොලිසිය ඒ අයව දන්නව උනත් ඔවුන් ඉන්නෙ ගොඩක් උස සවි අතු අල්ලගෙන. ඇතුල් වෙන්න අමාරුයි. ගෙවල් හොදට ශක්තිමත්ව හදලා ඒකයි. (නදී)
පාලකයන්ගේ වැරදි නේද මේවා. (නදී)
අර පසුගිය කාලයේ රේගුව ඇල්ලූ කුඩු කන්ටේනර් එකට මොකද වුණේ? (නි)