ගනේමුල්ලේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී වාහනට යමින් සිටි ගායක අසංක ප්‍රියමන්ත පීර්ස්ට පහර දුන් බව කියන තිදෙනකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය නියම කළාය.
එලෙස ඇප නියම වූයේ හර්ෂ සංජීව, එම් ඒ ඩී ප්‍රසන්න කුමාර සහ ධනුෂ්ක චතුරංග යන ගනේමුල්ලේ පදිංචිකරුවනටය.
අසංක ප්‍රියමන්ත පීරිස් එක් සැකකරුවකු හඳුනාගත්තේය.
ජුනි 17 නැවත නඩුව කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට පහර දී වද හිංසා කොට දිනාගත් දේ මොනවාද? තිරිසන් වැඩ. (අ)
මෙයා ගුටි කෑවේ සිගරට් උදුරන්න ගිහින්, ගායකයෙක් විදිහට ලැජ්ජයි.(නදී)
නීතිය සාදාරණය ඉටු කරත්වා (අ)
මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද? (දී)
පවු වැඩ කරනවාට දඩුවම් දෙන්න ඕනේ ස්වභාව ධර්මයෙන් (අ)
මම හිතන්නේ මෙයා ගොඩක් නිහඩ මනුස්සයෙක්. නිහතමානී මනුස්සයෙක්.ගහපු එකනම් වැරදි වැඩක්.(අ)
හේතුව මොකක්ද? එයාගේ සින්දු හරිම අර්ථවත්. අසංක පියමන්ත රටේ ප්‍රශ්න ගැන හරියට බලපෑම් කරනවා සංගීතය මගින්. මෙහෙම කලා කාරයෙකු වෙනුවෙන් පෙළපාලි යන්න අය නැද්ද?(දිල්)
නිහතමානී . මිනිස්සුන්ට ලැදි . අහිංසක ගායකයෙක් (දිල්)
අහිංසකයා හැමතැනින්ම තැලෙනවා (දී)
බොහොම කනගාටු දායක සිද්ධියක් (දී)
බොහොම කනගාටු දායක සිද්ධියක් (අ)
නීතිය සාදාරනය ඉටු කරත්වාඅහිංසක හොද ගායකයෙක්. (අ)
මොකටද මේ මනුස්සයට ගහන්නේ (අ)
අහිංසක ගායකයෙක්. නීතියේ සාදාරණය ඉටු වේවා!(දිල්)
ලංකාවේ හොද ගායකයකුට සලකන්න දන්නෑ (දිල්)
නිහතමානී අහිංසක කලාකරුවෙක් වන අසංකට කරපු දේ ගැන හරිම කණගාටුයි (දිල්)
නිහතමානි ගායකයෙක් මොහු, කුහක කමට එක එක අය දොස් කිව්වට අනිත් බක පණ්ඩිතයනට වඩා මොහු උතුම් මනුස්ස ගති පුද්ගලයෙක් බව මන් හොදින්ම දන්නවා , බිගත්තු නොසන්ඩාලයෙක් අරියාදු කරන්න ඇති, (අ)
මෙයා හැමතැනින්ම ගුටි කනවා,මිට කලිනුත් පිටරට ඇවිත් ගුටිකෑවා (අ) .
ගයන්න පුතනුවනි ගයන්න! මුන් ගෙන් පහර කා මියැදෙන තුරුම ගයන්න! උන් වෙනුවෙන් ඔබ ගැයූ ගීත හිස් අහසට මුසු වෙන තුරු ගයන්න. (අ)
දන්නා අයනම් කියන්නේ අසංකට ගැහුවේ කාලයකට ඉස්සෙල්ල ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය, ආයතනයක කෝටි ගානක මුදල් මංකොල්ල කෑමකට හසුව සිරෙන් නිදහස්වී ආපු පුද්ගලයෙක් සහ ඔහුගේ සහචරයන් මේ වැඩේ කල කියලා. (අ)