බොරැල්ල වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියෙන් පසු පැවති සංගීත සන්දර්ශනයේදී තමා ගායක සමන් ද සිල්වාට පහර නොදුන් බව දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා කියයි.
සමන් ද සිල්වා වේදිකාවේ සිට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාට අපහාස වන අයුරින් කතා කළ බවත් ඔහු කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා බන්ධනාගාර නිලධරයකු අත පණිවුඩයක් යැවු බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු කියයි.
තමා ඇමැතිට අපහාස වන අයුරින් කිසිවක් නොකී බවත් දෙදෙනකුට පහර දුන් බවට පැමිණි ලැබී ඇති බවත් බොරැල්ල පොලීසිය කියයි.
ගායකයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු පසු වේදිකාවට නැඟ ඔහුට අවවාද කළ නමුත් පහර නොදුන් බවත් ඇමැති සඳහන් කරයි
තමාට සමන්ද සිල්වා පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් තමා ඒ බව කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කළ බවත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි තේරෙන්නේ කඩේ යන අයට වෙන දේවල්.(නදී)
දේසපාලුවන්ගේ හිතේ මේක ඒ අයට ගිය රටක් කියලා. (ස)
අනේ.. බින්දු අයියා හරි හොදයි. එයා අවවාද කලා පමනයි. නදී)
අවවාද කරන්න ඇමතිතුමා නඩුකාර තුමාද...?(නදී)
ඇයි තමුන් ලොකු අප්පාද මේ ගායකයාගේ. මේ ගොල්ලන්ට දැන් තෙල් වැඩිවෙලා තියෙන්නෙ. (ස)
කඹුරුපිටිය පොලීසියට පැමිණිල්ල බාරගන්න පුලුවන්ද ? ඕක බොරැල්ල පොලීසිය ට අයත් කලාපයක් නේද ?එතකොට සමන් ද සිල්වා මහත්මයාට ගුටි කාලා කඹුරුපිටිය පොලීසියටත් යන්න වෙනවද ? (නදී)
" සමහරු ඉතිහාසය විකෘති කර ප්‍රබන්ධ කතා ගොතනවා.." ඉහත සදහන් වැකිය ලිව්වාට රාධා ඔබට මගෙන් මල් මිටක්. එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් ගැන හිතලයි මම එහෙම කිව්වේ.(නදී)
සමන් ද සිල්වා මහත්මයා නිහතමානි කලාකරුවෙක්. ඔහු රටේ ජනතාවගේ රසික හදවත් වල මනාපය ලබාගත් සැබෑ ගායකයෙක්. දේශපාලකයින් මෙන් චණ්ඩිකමින්,තර්ජනයෙන් වංචාවෙන් මනාප අරන් එතැනට ආපු කෙනෙක් නොවෙයි .ඔහුටත් පහර දුන්න නම් බින්දු මහත්තයෝ ඉදිරියේදී ඔහෙටත් බින්දුව හම්බ වෙයි.(නදී)
කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කරේ ඩෝප් හිදුනෙ ඒ හරියෙදිද දන්නේ නෑ. අනික සින්දු කියන්න ගියානම් සින්දු කියලා එන්නේ නැතිව අනුන්ගේ වත්තේ මායිම් හොයන්න ගියාම මේවා වෙන බව ගායකයොත් දැනගන්න ඕනා. මෙහෙම දේශපාලකයෝ හැසිරෙනවා. ඒ අයටම නැවත ඡන්දෙ දීලා පත්කර ගන්නවා.(නදී)
මෙය දේශපාලකයන් තවත් තමන්ගේ මැර කම ප්‍රදර්ශනය කිරීමක් පමණි. (නදී)
බලෙත් එක්ක මේ දේශපාලුවන්ට වෙලා තියෙන දෙයක්. ප්‍රශ්න මෙච්චර තියෙද්දී ඇමති තුමා බයිලා කියන්න ගියාට හොඳ වැඩේ හිනාවුණා එක. විෂ පොහොර දාලා මුළු රටේම පස් වල ආසනික්. වී වතුරේ වැවෙන නිසා වැඩියෙන් හාල් වල තියෙන්නේ. අනිත් හැම දේම විෂ තියෙනවා. මිනිස්සු ලෙඩ වෙලා අඩු වයසින් මැරෙන කොට ජනගහනය අඩුවෙනවා. අප්‍රිකාවේ ආසියාවේ ජනගහනය අඩු කරන එක බටහිර එක වැඩ සටහනක්. කොච්චර මුදලක් මේවට වෙන් වෙලාද ? මේවයි ඇමැතිතුමාල කරන්න ඕනේ. රටේ පස් ටික, වතුර ටික පිරිසිදු කිරීම, පිරිසිදු ගොවිතැන් ක්‍රම කියාදීම , ඒවාට උදවු දීම, මිනිස්සු රැකගැනීම, මේ සේරම පැත්තක තියල මොනවද මේ කරන්නේ? වේදිකාවට නැගල ගායකයෙකුට තර්ජන දාන එක? ඒක පහත්, බියගුළු ක්‍රියාවක් නේද? (නදී)
නමටම ගැලපෙන වැඩේ. (නදී)
දෑත් ශක්තිමත් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සමන් ගේ දෑත් ශක්තිමත් කොට මොන කෙහෙල් මලකටද මෙයාලගෙ දෑත් ශක්තිමත් කරන්න ගියෙ? අන්න ජිප්සිස් සුනීල් පෙරේරා වගේ තැන තියාගෙන සින්දුවෙන්ම දෙන්න ඕන ලජ්ජා නැති දේශපාලකයන්ට."වැලිකඩ හිර ගෙදෙරදී ඔබ ගුටි කෑවත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ" (ස)
අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපී කියලා, හැබැවටම රැවටෙන්නේ විරූපී අය දැකලා, දුටු පමණින් විරුපී යයි අහක නොබලලා, ඇසුරින් ඇය හදුනාගනු කව්රුද කියලා.එහෙම කිව්ව ගායකයාට බැරි උනා මේ අය හරියට හදුනා ගන්න. (නදී)
සතිපට්ඨානය ඔලුවේ උඩ තියා ගන්න තරම් වටිනා දෙයක් තමයි. වචන පාවිචිචි කරනකොට ඒවා පරිස්සමින් යොදන්න සැලකිලිමත් උනොත් හොඳයි.මට හැඟෙන අන්දමට ඔබ සතිපට්ඨානය කියන වචනය පමණක් දන්නා අයෙක් විතරයි. (නදී)
මේ මොනව කියනවද? ගහල නැහැ අතගාල විතරයි.(නදී)
මහජන ඡන්දෙන් පත්වෙච්චි නුගත් මිනිස්සු හිතාගෙන ඉන්නේ උන් තමයි සර්ව බලධාරී දෙවිවරු, අනිත් අය නික්ම නිකන් වහල්ලු කියලයි. ඔතන වැරැද්ද ඔය දේශපාලකයින්ගේ ගතිගුණ සාරධර්ම නොබලා පක්ෂේයි පෞද්ගලික වාසියයි පමණක් සලකලා උන්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙයි.(නදී)
මේ මිනිස්සු ගැහුවත් කියන්නේ ගැහුවේ නැහැ කියලා. දෙනෝ දාහක් මැද ඔක්කොම වෙන්නේ. සාක්කියට මිනිස්සු එන්නත් බයයි. නිතිය කැළේ වැදිලා. දේශපාලන හොර තක්කඩි නිසා . අනේ අපේ රටට ගිය කලක්.(නදී)
දැන් මේ දේශපාලනයින්ට මොකද වෙලා තියෙන්නේ. මොවුන්ගේ මේ බලපුලුවන්කාරකම් නැවැත්තුවේ නැති නම් රටට ශාපයක් වෙනවා.(නදී)
අනේ රටකට ගිය කල. මිනිසුනේ හිතපල්ලා අපේ රටේ දේසපාලනය අපිව ගෙනියන්නේ කොහෙටද කියලා ...... (ස)
සිංදුකාරයට ගහලා චන්ඩියෙක් වෙන්නද යන්නේ? (නදී)
දෙයියෝ සාක්කි. මම ගැහුවේ පතෝල කරලකින් නේ. රිදුනේ නෑ නේද පැටියෝ. කරල පහට කැඩුනා .සොරි අනේ.(නදී)
අපි කන ළඟ ඇත ගෑවා විතරයි. කව්ද කියන්නේ අපි ගැහුවා කියලා. මට මතක තියෙන අතීතයත් උඹට මතක නෑ. ගුටි කෑවෙත් කලාවකට නේ. මතක නෑ.(නදී)
මස්කට්ට දිගේ ඇදිල යනවා සිතම පිරිලා.(නදී)
බින්දුවක් ලැබෙන වැඩක් තමා කරලා තියෙන්නේ, අනික මදිනේ දුර මෙය ගිහින් තියෙන පැමිණිල්ලක් දාන්න බොරැල්ලේ ඉඳල, අනික ඉතින් මෙයාට කවුද බලයක් දුන්නේ රටම ආදරය කරන ගායෙකකුට අවවාද කරන්න ? වරද කලානම් ඒකට තමා පොලිසිය තියෙන්නේ, මහත්තයෝ කකුළුවා දගලන්නේ වතුර රත් වෙනකම් විතරයි හොඳේ ! (ස)
ඇති ගුටිකාලා බේරුනා.නැත්තම් සුදු වෑන් එකකින් අරන් ගියා නම් මොකද වෙන්නේ.මෙයාලා ඔක්කොම එක වගේ, එයාලා හිතන්නෙ එයාට ගිය රට කියලා. (ස)
මට නම් ගහන්න බැහැ කාටවත්. ඒකට ඕස්ට්‍රේලියාවට එන්න වෙනවා! (නි)
මෙයට උදැල්ලක් අතට දීලා මොනවා හරි වවන්න කියන්න ඕනේ. යනවා මෙතන අවවාද දෙන්න. (නදී)
සමහරුන්ට දකුණෙෘ්න්මාදය කියන පිස්සුව තදටම වැහිලා. ඔවුන් ලංකාවේ දිග පළලවත් දන්නවද දන්නේ නැහැ. (නි)
අනුන්ට අවවාද දෙන්න නම් හසල බුද්ධියක් අවශ්‍යයි නේද? (නි)
අපි එය හොඳින් දනිමු (නි)
මම දකින විදියට බින්දු මහතා ඉතාම හොද ගති ගුණ තිබෙන කෙනෙක්. (නි)
මට හිතෙන දේ මට මෙතන කියන්න බැහැ (නි)
සුවර් එකටම කට කැඩිච්ච කතාවක් කරන්න ඇති. දකුණේ අයට අසාධාරණයක් කොතැනදී උනත් පේන්න බෑනේ. (ස)
නිරන් මම සමන් ද සිල්වාගේ ලොකු අප්පා නෙමේ ,නමුත් ඔහු මේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක්. නිරන් තමුන්ලා වගේ අය තමයි මේ වගේ ලජ්ජා නැති දේශපාලකයන්ට අත්පොඩි ගහලා බලය ලබාදෙන්නේ . (නදී)
ගහපු තැනටම යන්න ලෑස්ති වෙන්න (නදී)
මෙයත් යු.එන්.පි . එකේ ඉදලා පැනපු කෙනෙක් නේද? (නදී)
මෙයා කියන්නෙ බොරු, සාමාන්‍ය කෙනෙක් කොහොමද ලංකාවේ දෙසපාලුවෙකුට පරුෂ වචනයෙන් මුණටම බනින්නේ? (ස)
සමන් ද සිල්වා එහෙම කිව්වා නම් වැරදියි. ඇමතිතුමා පොඩ්ඩක් යු ටියුබ් ගිහින් බලන්න බලවත් රටවල්වල ජනදිපතිතුමන්ලා , ජෝකෙර්ල එක්ක එක වේදිකාවේ කතාකරන්නේ. ඔබතුමන්ලාට කරන්න හොඳයි කිව්වම නරකයි. (නදී)
හි.... හි ............. මට නිකන් කිචි වගේ .! (ස)
ලංකාවටම අර අහවල් ඇමති වගේ එක් කෙනෙක් හිටියම හොඳටම ඇති! (ස)
ප්‍රමුඛ ඔබ හරි. කලාකාරයෝ නලාකාරයෝ වුනාම ඉතින් ගුටි කකා ඉන්න වේවි කියල හිතන්න තිබුනේ නලා කාරයෝ වෙන්න කලින්. (ස)
මොකද මල්ලි? විසඳගන්ටම බැරි ප්‍රශ්නයක් නම් විතරක් මට කියන්ට. (ස)
කනේ හිටපු මදුරුවෙකුට ගැහුවේ .. ඇයි අවුල් ද? (ස)
වහාම වැඩ තහනම් කරන්න තියෙන්නේ. පරික්ෂණ කරනකම්. සමන් ද සිල්වා කියන්නේ අපේ රටට ආඩම්බරයක්. (ස)
මෙතැනදී සමන්ද සිල්වා මහත්මය නිවැරදියි කියල හිතෙනවා.මොකද දේශපාලුවෝ කියන්නේ අද චන්ඩි කොටසක්, (ස)
ඔක්කොම කියෙව්වා. මෙයා බින්දුවටම බැහැලා........!!! (ස)
ගුරුතුමාගේ අවවාදය නම් හොඳයි. නමුත් කනට කොඳුරලා කිව්වා නම් කනට ගහන්නේ නැතුව. හනික මතක තබා ගන්න ගුරුතුමා ඔබතුමාගේ විදුහල්පතිතුමා වැදගත් පුද්ගලයෙක් මේ වගේ හැසිරීම් තුලින් එතුමාගේ නම්බුවටක් කැලල්ලක් වෙනවා. (ස)
දැන් ඇමති තුමා බයිලා කියනවා. පව්.(නදී)
කුසුම් පිංවත, බුදුන් වහන්සේට උන අපහාසය මොකක්ද රන්ජිත් පින්වතාගෙන්?(නදී)
මුණ දිහා බලපුවහ නම් මීට වැඩිය අහිංසක කෙනෙක් කිසිම පළාත් සභාවක නැහැ වගේ පෙනෙන්නේ. (නදී)
දේශපාලකයන්ට පුලුවන්ද තමන්ට ඕනේ විදියට අනික් අයට අවවාද දෙන්න? ඔක්කොටම ඉස්සෙල්ලා තමන් හැදිලා ඉන්න ඕනේ.(නදී)
දැන් මගලීත් බයිලා කියනවා. බයිලා කාරයොත් එක්ක බැරි වැඩ කරන්න යනවට මේවා වෙන්නත් ඕනා.(නදී)
බල්ලෝ දේශපාලනයට ඇවිත් වගේ (නදී)
කුසුම් මමත් බෞද්ධ ඒත් ඔයාගේ තේරුම් ගැනීම ගැන මම කණගාටු වෙනවා. ඔයා සති ඵට්ටනේ ඔලුව උඩ තියන් ඉන්නේ (නදී)
රූකාන්තව මතක් කළා නම් ගහන්න එන්නේ නැහැ.(නදී)
රන්ජිත් අපි ඔබේ ආගමට නිගරු නොකරන නිසා අෂ්ට ලෝක දාතුවේදී නොසැලෙන බුදුන් වහන්සේට අපහාස නොකරන මෙන් ඉල්ලා සිටිමි .(නදී)
ගායකයන්ට විතරක් නෙමේ බුදු හාමුදුරුවෝ හිටියානම් ඒත් දේශපාලුවන්ගෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ.(නදී)
තනියම ගහගන්න ඇති අනේ. තමන් තමාට ගහගන්න රටනේ (නදී)
ජාතික ඇඳුම ඇඳගත් පාදඩයින් හැම තැනම ඉන්නවනේ.(නදී)
ගැහුවේ නෑ නේ පැටියෝ...ගහන්න හැදුවටත් බය උනාද? (නදී)
අවවාද දෙන්න මෙයා ගායකයාගේ අප්පච්චිද ? (නදී)
ඒ කියන්නේ කතා කිරීමේ අයිතියක් නැත.(නදී)
මේ දේශපාලකයන් අහිංසක ජනයාට පහර දෙන විට ඔබ වැන්නවුන් ඔවුන්ගේ ගුණ වනමින් ඔවුන්ට ප්‍රසස්ති ගීත ගායනා කළා. එහෙත් අද ඔවුන් ඔබලාට පහර දෙන විට ඒ ජනයා සානුකම්පිතව මෙය හෙළ දකිනවා.. ඒ අතින් රජ බොජුන් සොයා යන නලා කරුවන්ට වඩා මානුෂීය ගුණයෙන් මේ අහිංසක ජනයා පොහොසත්ය.(නදී)
මේ තමා ලංකාවේ අර රඟපෑම් කරන අය, (නදී)
මෙයත් අර පසුගිය කලේ කඩේ ගිය ගොඩේ කෙනෙක්ද? ඒ කියන්නේ සංවේදී කලාකරුවෙක්ද? එහෙම නම් අපිට මොකුත් කියන්න බැහැ. නැතුව ස්වාදීන කෙනෙක් නම් පව්. (නදී)
දැන් ලංකාවේ සංවේදී හදවතක් නැති බොහෝ කලාකාරයෝ,මෙන්ම නලා කාරයොත් දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ. සමහරු ප්‍රශස්ති ගයනවා. සමහරු ඉතිහාසය විකෘති කර ප්‍රබන්ධ කතා ගොතනවා. මේ සියල්ලම කරන්නේ ආත්ම ලාභය උදෙසා. ජෝන් ද සිල්වා රගහල බිමට සමතලා කලත් මුනි වත රකින මේ කලාකරුවන් ගැන තවත් මොන කතාද? පරාක්‍රම නිරිඇල්ල වැනි කලාවට සැබවින් ආදරය කරන අදීන කලාකරුවන් අතලොස්සක් ද නැතුවා නොවේ. (නදී)
බන්ධනාගාරය ළඟම වුන නිසා දෙන්නාම එතනින්ම දක්කන්නනේ තිබුනේ? (නදී)
අද ලංකාවේ බහුතරයක් කලාකරුවෝ තමන්ට සිතු පැතු සම්පත් ලබාදෙන සුරබි දෙනක් බවට දේශපාලකයන්ව පත් කරගෙන ඉන්නේ. හැබැයි මේ සම්පත් දුක් විදින ජනතාවට අයිති ඒවා කියා නිකමටවත් ඔවුන්ට හිතෙන්නේ නැහැ. මේ නිසා තමා කලාකරුවෝ මෙන්ම කලාකාරියෝ කිසිම හිරිකිතයක් නැතුව මේ අය වෙනුවෙන් කඩේ යන්නේ. (නදී)
මේ අය ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ? (නදී)
කෘෂිනර්ම ඇමතී තුමා ගොවීන්ගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසදලා නේද තියෙන්නේ?බන්ධනාගාර වැඩවලට අත දාන්න ඉස්සෙල්ලා තමාගේ රාජකාරීය කරනු.(නදී)
දෑත් ශක්තිමත් කරන්න ගියාට හොඳ වැඩේ (නදී)
ප්‍රමුඛ, ඔබේ අදහසට මම 100% ක් ම එකගයි.(නදී)
ගානකට සිටියොත් ඇගට ගුණය.(නදී)
ශිරානි අහනව වගේ මෙයාට ගායකයාව හදන්න කවුරුවත් බලය දීල තියෙනවද? සුදු රෙද්ද ඇඳගත්තහම මේ ගොල්ල හිතනවා තමන්ට ඕනෑම දෙයක් කරන්න දිව්‍යමය බලයක් ලැබෙනවා කියලා. නිහතමානී මිනිසෙකු වන ගජදීර ඇමතිතුමා ඔතන හිටියා නම් ඔය කියන කිසිදෙයක් ගණන් ගන්නේ නැති වෙයි. එතුමාගෙන් ලකුණු ටිකක් දාගන්න හිතෙන්න ඇති මෙයාට. (නදී)
ඇයි අවවාද දෙන්න මෙයා පොලිසියෙන්ද ? මෙයා විනිසුරුවෙක්ද?(නදී)
දකුණු පළාත් කෘෂිකර්ම ඇමති බොරැල්ලේ බන්ධනාගාරේ කරන්නේ මොනවා ද ? ඒ මදිවට පැමිණිල්ල කඹුරුපිටියේ ? (නදී)
මෙයා වතුරත් නිවල බොන්නේ. අම්මපල්ලා මිනිස්සු කියන කතා. එයා විතරක් නෙමේ අපේ ඇමති මණ්ඩලේ ගොඩක් අය එහෙම තමා. සමහරු තමන්ම ගැට ගහගෙන අහිංසක ඇමතිලට මඩ ගහනවා. සමහර මේජර්ලා ඔලුව කුඩු කරගෙන ගහපු කෙනා අමතක වෙනවා. ඔයා ගායකයාටත් ඔය වගේ අවුලක් තමා.(නදී)
අනේ! ජිවක උපාසක තැන මම දන්නෙම නැතිව පිං ගොඩ දෝරේ ගලලා . දැනුයි දැක්කේ, බලාගෙන ගියාම වරදවා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැහැ මළයෝ. (හැබැයි ඒ පිනත් මගේ නමින් කලින් අදහස දාපු එකාටම තමයි ඉතින් ) (නදී)
ගොවියෝ ටික ඒ අයගේ පලදාව විකුණගන්න බැරිව වහ බොනවා. මෙයා ගායකයන්ගේ වැඩ සහ බන්දනාගාරේ වැඩ වලට අත දානවා.(නදී)
මුන් ඔක්කොම කටුවැල් බටු පඳුරු වගේ.යන යන තැන පැටලෙනවා. (ස)
රාධා, ඔබේ අදහස 100% ක් සත්‍යයි.ජෝන් ද සිල්වා රඟහල බිමට සමතලා කලත් මුනිවත රකින මේ කලාකරුවන් ගැන තවත් මොන කතාද? (ස)
ලංකාවේ දේසපාලුවන් අතින් කහඉර මත දී හැප්පිලා මලත්, මරුන අසරණයා වැරදී.ඒ දේසප්‍රේමීන් පාරේ යනකොට පාර මාරු වීමට ගිය නිසා... (ස)
රජිත් ඉතාලි .ඔබ හරි.බුදු හාමුදුරුවෝ ජීවතුන් අතර හිටියා නම් මේ වෙනකොට අම්බානට අපේ දීසපාලුවන්ගේ ගුටි කාල.නීතියෙනුත් නිදහස් වෙලා ඉවරයි.දැක්කේ නේද හාමුදුරු කෙනෙක් කපල කොටලා මරපු පාපතරයෙක් මේ ළගදී නීතියෙන් නිදහස් වෙලා ලස්සනට ගෙදර ගිය හැටි. (ස)
ඇමති තුමා දන්නවනේ දේශපාලකයො සමාජයේ හැසිරෙන හැටි. ඉතින් දේශපාලකයෙක් ටිකක් ජනප්‍රිය කෙනෙකුට රවලා බැලුවත් ඇති ලෙඩක් වැටෙන්න. ඉතින් කවුරු හරි වැරදි දෙයක් කළොත් හොඳම දේ තමයි ඉල්ලං කන්නෙ නැතිව නීතියට වැඩේ බාර දෙන එක. දේශපාලකයොම තමයි තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන තියෙන්නෙ.(නදී)
කලාව ජනතාව වෙනුවෙනි. දේශ පාලකයෝ ජනතාව වෙනුවෙනි. එනිසා කලාව දේශපාලකයෝ වෙනුවෙනි. කලාකරුවෝ කලාව වෙනුවෙන් නොවීම කණගාටුවට කරුණකි.(නදී)
සමන්ද සිල්වා මහත්මයා සමාව අරගන්න එක නුවණට හුරුයි. දන්නවනේ අපේ වර්තමාන දෙසපාලකයන්ගේ හැටි. ආයේ ජිවිතේට සින්දුවක් කියන්න කට අරින්න ලැබෙන්නේ නැහැ. (ස)
රට දවසින් දවස පිරිහෙන්නේ සුදුසු කමක් නැති දේසපාලුවන් නිසයි. ඔය පළාත් සබා ක්‍රමය රටින් තුරන් කරන්න ඕනෙ. (ස)
සමන් ද සිල්වා කෙලින් කතා කරන පුද්ගලයෙක්.(නදී)
මෙවැනි අයට ඡන්දය දුන් අය ඔළුව අතගාලා බැලුවා නම් හරි අන් තියෙනවද කියලා.(නදී)
රටේ වැඩියෙන්ම වැරදි කරන අය, ඒ වගේම වැරදි කරලා නීතියෙන් ගැලවෙන්න හැකියාව තියෙන සහ බලය තියෙන අය උපදෙස් පමණක් දීම අපේ රටේ නොවන දෙයක්. දෙයියෝ දනී මම නොදනී. (නදී)
හොද වෙලාවට ඇමති තුමාට කඹුරුපිටියට ගියාම කියපු දේවල් මතක් උනේ. ඒකනේ ඒ පොලිසියට පැමිනිල්ලක් දැම්මේ.(නදී)
ඔය හරි රංජිත් මිනිස්සුන්ට තේරුම් කරන්න මොලයක් තියෙන්න ඕනේ. මමත් නියම බෞද්ධ යෙක්. මේ ගායකයාට සිල්වාට කරපු වැඩේ සම්පූරණ නින්දා සහගතයි. නීතියෙන් දඬුවම් කරන්න(නදී)
සමහර කලාකාරයෝ කඩේ යනවා.....තවත් සමහර කලාකාරයෝ කොන්ත්‍රාත් කඩ දාගෙනම ඉන්නවා....බිස්නස් එකත් සරුයි......මෙතැන කලාකාරයින් කලාකරුවන්ගේ වැඩ කරන්නෙත් නෑ....දේශපාලඥයෝ තමන්ගේ වැඩ විතරක් බලාගන්නෙත් නෑ....(නදී)
ආ....! මා මේ දකින්නේ සප්නයක්ද මහ රජ තුමෙනි? නුගත් නරයින් සියලු දෙනා විදේශ ගතව සිටින මෙවන් උත්කර්ෂවත් සමයක, උගතුන් හා කුලවන්තයින් පමණක් අප භුමියේ වාසය කරන මෙවන් වකවානුවක, මෙය අප පුරෝහිත තුමා අපහසු තාවයකට පත් කිරීමට ඇටවූ උගුලක් විය නොහැකිද? සුපිරි ස්ටාර්ලා දුසිම් ගණනින් පරිපුර්ණ මේ පින්වත් පුරයකට පරණ සින්දු කාරයින් ගෙන් අපට කිනම් පලක් ද ස්වාමිනි? මේ සිරිලක් පුරේ, මේ මනරන් සමේ, උපදින්න මතු වාසනා....... (නදී)
ගායකයා වෙනත් පක්ෂයක සංවිධායකයෙක් නේද? (නදී)