සිරස රූපවාහිනියේ නිවේදිකාවක වශයෙන් කටයුතු කර ඇය හර්ෂි පද්මරත්නයි. වෙළෙඳ දැන්වීම් හා නිරූපණයෙහි යෙදෙන ඇය මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබේ. ඇයගේ අලුත් තොරතුරු පිළිබඳව සාරවිට සමග ඇය මෙසේ දොඩමලු වූවා.
මම හර්ෂණී මධුෂානි පද්මරත්න. ගොඩක් අය මාව හඳුනන්නේ හර්ෂි පද්මරත්න කියලයි.
කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?
මම ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. ඊට පස්සේ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. "සුජාතා" කියන ටෙලි නාට්‍ය සඳහා දායක වුණා. ඒකෙන් පස්සේ නාට්‍ය සඳහා දායක වුණේ නැහැ. දැනට චිත්‍රපටයක් සඳහා ආරාධනා කරලා තියෙනවා. ඒකේ වැඩකරන්න බලාපොරොත්තු ඉන්නවා.
ක්ෂේත්‍රයට අවතීර්ණ වූ වෙළෙඳ දැන්වීම?
මම මුලින්ම දායක වුණේ මොබිටෙල් කෑෂ් බොනැන්සා වෙළෙඳ දැන්වීම සඳහායි.
කොහොමද ක්ෂේත්‍රයේ ගමන?
මම හිතන විදියට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකයි. ඒ ඇතුළත කාලයේදී ටෙලි නාට්‍යයකට දායක වුණා. දැන් චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ක්ෂේත්‍රයට එන්න මුල ඉඳන්ම අදහසක් තිබුණද?
පොඩි කාලේ එහෙම අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම හිතුවේ ගායිකාවක් වෙන්නයි. නමුත් උසස් පෙළ කරද්දී ඒ අදහස වෙනස් වුණා. ඊට පස්සේ හිතුණා නාට්‍ය කරන්න ඕනේ කියලා. සාමාන්‍ය පෙළ ඉවර වෙද්දි රංගනය පිළිබඳව ප්‍රියන්ත ලලිත් සර්ගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ උසස් පෙළ ඉවරවෙනවාත් එක්කම මහේන්ද්‍ර පෙරේරා සර් ගාවට ගියා.
දැන් වෘත්තිය කුමක්ද?
තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. වෘත්තීය මට්ටමෙන් මේ හරහා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගායිකාවක් වෙන්න තමයි මුලින්ම හිතුවේ