එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උලුවිටකේදී පැවැති දිස්ත්‍රික් සමුළුවට එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැමිණියේ නැත.
කරු ජයසූරිය, තිස්ස අත්තනායක, රවී කරුණානායක මහත්වරු ද, එජාපයට මෑතක දී එක් වූ නදීෂා හේමමාලි මෙනවිය ද මේ සමුළුවට සහභාගී වූවාය.
ගයන්ත කරුණාතිලක මහතාගෙන් විමසූ විට මෙසේ කීය.
‘මෙම සුමුළුවේදී බෙන්තර ඇල්පිටිය ආසන්නයේ සංවිධාන කටයුතු මට බාර නොදී වෙනත් අලුත් කණ්ඩායමකට බාරදී තිබුණා. ඒ නිසා මම ඊට බාධා නොකර ඒ වැඩට ඉඩ දුන්නා. පක්ෂයෙන් මා යවන්න ඕනෑකම එක්කෙනකුට දෙන්නකුට තියෙනවා. නමුත් මා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර යන්නේ නැහැ. එජාපය හැර ගියොත් මා යන්නේ ගෙදර.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය හැරගිය අය රාජකීය උණුසුම රැගෙන ගොස් තියෙන්නේ මගුල් ගෙදර. (නදී)
ලාල්ගේ එක බලලා වැඩක් නෑ ලාල්! මේක ජාතික ගැටළුවක්. (නදී)
අනේ පව් ඉතින් මේ මනුස්සයා.(නදී)
මෙවන් වැඩවලින් අසරණ වෙන්නේ පාක්ෂිකයෝ (දී)
ගයන්ත කරුණාතිලකට ජයවේවා, ඔබ වැනි දේශපාලකයෝ පක්ෂයට ආඩම්භාරයක් (දී)
පක්ෂයක් ගොඩ ගන්න බැරි ඔන්න ඔයවනි කැපිලි කෙටිලි තියෙන නිසා (දී)
ඇත්තටම උනේ මොකද්ද දන්නේ නැතුව අපිට මොකුත් කියන්න බැහැ (දී)
මම ඔට්ටුවක් අල්ලනවා. ගයන්ත මහතා ආණ්ඩුවට එකතුවෙන්නේ නැත. එකතු වුනොත් ඇල්පිටිය නගරයේ නිරුවතින් දවල් 12 ඇවිදගෙන යනවා (දී)
පක්ෂය තුල පක්ෂය ගොඩ ගන්න ඉන්න මිනිසුන්ව තරහා කර ගන්න එපා (දී)
ගයන්ත මන්ත්‍රීතුමා ලංකාවේ මතු දිනක අගමැති වන්නට පුළුවන් අනාගතයක් ඇති කෙනෙක්. අනෙක් එක්කෙනා වජිර අබේවර්දන දෙන්නටම දේශපාලනය හොදට කරන්න පුළුවන් දෙන්නෙක්. මේ අය ආරක්ෂා කර ගත යුතුයි. ඇයි මෝඩ තිරණ ගන්නේ.(නදී)
අන්තිමට මංගලයි රනිලුයි තිස්සයි විතරක් ඉතුරු වේවිද? (නදී)
මේ ගැන විපක්ෂ නායකතුමා පරීක්ෂණයක් කර සුදුස්සාට සුදුසු තැන ලබා දීමට මණ්ඩලයට දන්වන්න. මෙහෙම ප්‍රශ්න ඇතිකර ගන්න පාක්ෂික අපට ඉඩ දෙන්න පුලුවන්ද? (නදී)
ගයන්ත මන්ත්‍රීතුමාට පනින්නට කිසිම උවමනාවක් නැහැ වගේ. ඒ උකාට උන්නැහේ පන්නන්ට තනන්නේ මේකට කොමෙන්ට් ලියන අයියලානේ. කෝකටත් මගේ දැනීමේ හැටියට මම එකක් කියන්ට අවසර දෙන්ට. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නං නැහැ.(නදී)
මේ අය කවදාවත් බලය ගන්න කණ්ඩායමක් නොවෙයි. ඒ නිසා තමයි ඔය වගේ දේවල්.(නදී)
ඔව් අනේ පනින්න්න ඕනේ උනහම තමා මේ කැපිලි කැපිලි කියන්නේ.(නදී)
මේ ගොල්ලෝ යන්නේ නැහැ වගේ අන්තිම මොහොත වෙනකල් ඉන්නේ මෙයාට එජාපයෙන් එන මඩ නවත්තගන්න. ඔය පෙනෙන්නේ නම් යන ලකුණු තමා. ලොක්කන්ගේ වැරදි කියලා ඒ පිටින් දාල වෙන වාසි වලට පනිනවා. (නදී)
"ගෙදර" කිව්වේ අර පැත්තේ "මහගෙදර"ද දන්නේ නැහැ නේද? (නදී)
ඒකනේ මේ කරන්න හදන්නේ.(නදී)
ඒකත් එහෙමයි එහෙනම්. ඔහොම යන්.(නදී)
මණ්ඩලේ කචල් වෙද්දී දිනන්නත් හදනවා.(නදී)
සැලුන් දොර ඇරලද වහලද තියෙන්නේ? (නදී)
ගොඩක් කණගාටු දායක සිදුවීමක්. ගයන්ත මහතා සහ පක්ෂය නායකයින් කල්පනාවෙන් කටයුතු කලයුතු කාලයක්, ගයන්ත මහතාණනි බුද්දීයෙන් කටයුතු කරන්න. (නදී)
මට දැන් සිංහල අමතක වීගෙන යනවාදෝ කියලා හිතෙනවා. මොකක්ද මේ ගයන්ත මහත්තයා කියන්නේ. අර දයාසිරි මහත්තයා කියපු එකම නේද. කවුරු හරි තේරුම් කරලා දෙන්ටකෝ. (නදී)
මන්ත්‍රීතුමනි, ගෙදර යන කරුණ පැහැදිලි කරන්න.(නදී)
ඌරං කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මඟුල්ලු. (නදී)