(ඩයනා උදයංගනී)
ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ කාරක සභාවක් හරහා ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන 2022 අයවැයෙන් මෙම ගැටලුවට අනිවාර්ය විසඳුමක් ලැබෙන තුරු ගුරු විදුහල්පතිවරුන්ට දීමනාවක් ලබාදීමට ද රජය තීරණය කර ඇති නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ඔවුන් පියවර ගනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා කීවේය.
වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කී ඇමතිවරයා එහි ආරම්භක පියවර ලෙස ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බරයේදී නිකුත් කරන බව ද සඳහන් කළේය.
දැනටත් එම නිර්දේශයන්හි ඇතුළත් ඇතැම් කරුණු පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කී ඇමතිවරයා වසර හතරක් පමණ තුළ ඒ සියල්ල ක්‍රියාවට නංවන බව කීවේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු වැටුප් විෂමතා ගැටළුව විසඳන්න විශේෂ කාරක සභාවක්
Nimal Tuesday, 31 August 2021 02:55 PM
විසඳුමක් නැත. ප්ලාස්ටර් පමණි
Shashika519 Tuesday, 31 August 2021 03:07 PM
කාරක සභාව අධීක්ෂණය කිරීමට තවත් කමිටුවක් දාමුද?
SANJEEWA Tuesday, 31 August 2021 03:16 PM
පුදුම ආණුඩවක් මේක
Prabath Tuesday, 31 August 2021 04:25 PM
ඔක නොදීම ඉනන තියෙන්නේ