IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගුරු වෘත්තියට හානියක් නොවන චරිත තෝරාගන්නවා

2017-01-09-ent-27

කලක සිට ගුරු වෘත්තියේ නියැළී සිටි ඇය කලා ලොවට මීට වසර ගණනාවකට පෙර පියවර මනින්නීය. කලාවට සම්බන්ධ පවුල් පසුබිමකට හිමිකම් කියන ඇය නමින් ඩයනා හෙට්ටිආරච්චිය. ඇගේ කලා කටයුතු මෙන්ම ඉදිරි බලාපොරොත්තු පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් දොඩමළු වුවාය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-01-09-ent-33මම ඩයනා හෙට්ටිආරච්චි. ක්ෂේත්‍රයට ආවේ 2012 වසරේදී. ක්ෂේත්‍රයට එන්න කලින් සිටම මම වෘත්තීමය ගුරුවරියක්. ක්ෂේත්‍රයට මම ආවේ ‘පූජනීයයි ආදරේ’ කියන චිත්‍රපටයෙන්. නමුත් ඒක තවම ප්‍රචාරය වුණේ නෑ. මේ වසරේ ප්‍රචාරය වූ ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයෙන් තමයි ප්‍රේක්ෂකයන් අතරට මම ආවේ. එහි මම නිරූපණය කළේ ගුරුවරියකගේ චරිතයක්.

 

වෘත්තීය වශයෙන් ගුරුවරියක් වුණ ඔබ, රංගනය එහෙමත් නැත්නම් කලාව කියන ක්ෂේත්‍රයට එන්න හිතුවේ ඇයි?

මම කොහොමත් කලාවට ආසයි. මගේ Husband වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තියෙන නිසා කලාවට මමත් යොමුවුණා.

 

කලාවට සම්බන්ධවීම නිසා ගුරු වෘත්තියෙන් ඈත්වෙලාද?

අපෝ නැහැ. මගේ Husbandගෙ සහයෝගයත් තියෙන නිසා, මගේ වැඩකටයුතු කළමනාකරණය කරගෙන ක්ෂේත්‍ර දෙකේම කටයුතු සමබරව කරගෙන යනවා.

 

දැනට ඔබ දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

මම ‘පූජනීයයි ආදරේ’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඉන්පසුව ‘සුජාත පුත්‍ර’ චිත්‍රපටයේ ගුරුවරියකගේ චරිතයට දායක වුණා. ලබන වසරේ ‘කෝකිල වංශය’ නමින් චිත්‍රපටයක් තිරගතවීමට නියමිතව තියෙනවා. එහි තිරපිටපත මගෙ. එය මගේ පළවෙනි තිරපිටපත. ඊට අමතරව මියුසික් වීඩියෝවලට සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය සඳහා දායක වීමට නම් බලාපොරොත්තුවක් නැහැ. මොකද මගේ වැඩකටයුතු එක්ක ඒ සඳහා යොමුවෙන්න තියෙන කාලය අඩුයි.

 

තිරපිටත් ලියන්න ඔබ යොමුවුණේ කොහොමද? එහිදී හමුවූ අභියෝග මොනවාද?

මුලින්ම මගේ Husbandට ස්තූති වෙන්න ඕන. එයා නිසා තමයි මට මේ දේවල් කරන්න අවස්ථාව ලැබුණෙ. එයාගේ මගපෙන්වීම යටතේ තමයි මම තිරපිටත ලිව්වේ. අඩුපාඩුකම් ගොඩක් තියෙන්න ඇති. ඒ දේවල් බලලා එයා මට ලොකු සහයෝගයක් දුන්නා. රූගතකිරීම් කරන අතරතුරත් ජීවන් කුමාරතුංග මහතා ඇතුළු ප්‍රවීණ රංගනශිල්පීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

 

රංගන ශිල්පිනියන් ගැන සමාජයේ විවිධ මත තිබෙනවා. කලා කටයුතු නිසා ගුරුවෘත්තියට හානියක් වෙන්නේ නැද්ද?

තමන්ට ගැළපෙන දෙයක් තෝරාබේරාගෙන කරනවානම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලැබෙන හැමදේම භාරගන්න ගියොත් තමයි ඔය කියන ප්‍රශ්නය ගොඩනැගෙන්නේ. මට නිර්මාණවලට ලැබෙන ආරාධනා එක්ක මම ගුරුවරියක් වශයෙන් මේ දේ කළොත් මොකද වෙන්නෙ කියලා බලලා තමයි මම ඒ දේවල්වලට දායක වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. මගේ චරිතයට හානිවන කිසිම නිර්මාණයක් මම භාරගන්නේ නැහැ.

 

ඉදිරි කටයුතු හා ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම යන්නේ හෙමින් ගමනක්. මගේ වෘත්තියත් සමගම දිගටම ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න තමයි බලාපොරොත්තුව. මට බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි දවසක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. කවදා හරි ඒ දේ කරන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ.

 

ඔබට උදවු කරපු අය ගැන මතක් කළොත්?

විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා මතක් කළ යුතුයි. මගේ Husband, ඔහුගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ තමයි මට මේ දේවල් කරන්න අවස්ථාව ලැබුණේ. නැත්නම් මම මගේ වෘත්තියේම විතරක් නියැළිලා ඉන්න ඉඩ තිබුණා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2017-01-09-ent-32
2017-01-09-ent-31
2017-01-09-ent-30
2017-01-09-ent-29
2017-01-09-ent-28
2017-01-09-ent-26



අදහස් (0)

ගුරු වෘත්තියට හානියක් නොවන චරිත තෝරාගන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2353 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9573 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site