IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී

ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ දස දෙනකු අත්අඩංගුවට ගත්තැයි විරෝධය පළ කරමින් ගැමියෝ දහස් ගණනක් අද පොලිසිය ඉදිරිපිට  උද්ඝෝෂණයක් කළහ.

මහා සංඝරත්නය ද ඊට එක්වූහ.

පොලිසිය ගේට්ටු වසා තිබුණු අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

 



අදහස් (0)

ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී

ඔසන් සලාම් - කටාර් Wednesday, 29 January 2014 06:08 PM

අප රටේ හැම තැනම හැම එකකටම උද්ඝෝෂණ, පාර නොහැදුවත්, පොසියට විරුද්ධවත් පාසලට ඇතුල් නොකළාටත් උද්ඝෝෂණ. මෙයින් වැටහෙන්නේ ලංකාවේ උද්ඝෝෂණ කිරීමෙන් පමණයි තම අයිතීන් රැකගන්න පුළුවන්වන්නේ.....පුදුම ප්‍රජාතන්ත්‍රවාදී රටක්.....එහෙම නම් ඇමති මන්ත්‍රීවරුන්ගෙන් වැඩක් නැතැයි මේ අය සිතනවාද? (අ)

:       0       0

නිරංජලා Wednesday, 29 January 2014 06:58 PM

මේ වගේ තමන්ගේ ගමේ පාර හදාගන්න උද්ඝෝෂණය කරන අහිංසක ගැමියෝ තමා මේ විදියට අත්අඩංගුවට ගන්නේ. නමුත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරපු යකඩ හොරු වන්දිභට්ටකම් කරන නිසා අත්අඩංගුවට ගන්නේ නැහැ. අරුම පුදුම රටක් මේක. (නදී)

:       0       0

මාලක සිල්වා Wednesday, 29 January 2014 07:50 PM

පොලිසිය අහිංසක මිනිස්සුන්ට චන්ඩි පාර්ට් දානවා.(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 29 January 2014 08:19 PM

ලොකු හොරු අත්අඩංගුවට නොගන්න එක වැරදියි. පොඩි අය වුණත් පාරක් අවහිර කරනවා නම් වරදක්. අත්අඩංගුවට නොගත්තොත් ඒකත් වරදක්. ලෝකයේ කිසිම රටක 100% සාධාරණ සමාජයක් නිර්මාණය කරලා නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 29 January 2014 08:22 PM

මාලකගේ අදහසට මම කැමතියි. (නි)

:       0       0

මෙවන් Wednesday, 29 January 2014 08:42 PM

මේ දුප්පත් අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කරලා තියෙන්නේ තමන්ට නැතුවම බැරි යටිතල පහසුකමක් සලසල‍ා දෙන්න කියලනේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 29 January 2014 09:05 PM

මාලක, අහිංසකයින්ට චන්ඩි පාර්ට් දමනවා. දේශපාලුවන් ලගදී හැංගෙනවා.(නදී)

:       0       0

නුවන් Wednesday, 29 January 2014 09:11 PM

ඔය තරු පටි තියෙන නිලදාරී තුමාට මොකක් හරි කශේරුවේ අමාරුවක් තියෙනවා වගේ. (නදී)

:       0       0

රන්ජි පින්නවල Wednesday, 29 January 2014 09:54 PM

මොන දේ වුනත් මහජනයාට පොදු ස්ථානයක් වන මහා මාර්ගයක් හරස් කර කරන උද්ඝෝෂණ කරන එක මහා බුරු වැඩක්.ඒකෙන් වෙන්නේ මහජනයා තවත් අපහසුතාවයට පත් වෙන එක විතරයි.(අ)

:       0       0

චින්තක Wednesday, 29 January 2014 10:13 PM

පොලිසියේ බොහොමයක් අයට ලජ්ජා නැහැ. (අ)

:       0       0

ධම්ම Wednesday, 29 January 2014 11:32 PM

තව ටික දවසකින් ඇත්ත හෙළි වෙයි (දිල්)

:       0       0

රූපවතී Thursday, 30 January 2014 02:15 AM

මහජනයාට පයින් ගමන් කරන්න තියන පාර හදා ගන්න උද්ඝෝෂණය කරන්න ඕන ! බුදු හාමුදුරුවනේ ...!!!!අහිංසකයින්ට සහනයක් සැලසේවා..!!!(දිල්)

:       0       0

ගිහාන් Thursday, 30 January 2014 02:34 AM

කවදද මේ අසරණ මිනිස්සුන්ට සහනයක් දෙන්නේ (දී)

:       0       0

චානක. Thursday, 30 January 2014 03:02 AM

රටේ ලොක්කෝ කිහිප දෙනෙක් එකතු උනොත් මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන් (දී)

:       0       0

ව්නුර Thursday, 30 January 2014 03:04 AM

මුලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් නේද මේ හැමදේම? (දී)

:       0       0

සුමිත් Thursday, 30 January 2014 05:16 AM

මේ අයගේ ලොකුකම් අහිංසකයන්ට තමයි (දී)

:       0       0

ආරියසේන Thursday, 30 January 2014 06:26 AM

පාරවල් වල වාඩිවෙලා ඉඳල ගමනා ගමනයට අවහිර කරලා වැඩක් නැහැ පළාතේ මැති ඇමතිවරු ගේ ගෙවල් සහ පළාත් සබා ඉදිරිපිටයි උද්ගෝෂණය කරන්න ඕන. (දී)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 06:29 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැහැ කියල කියන්නේ ඒ නිදහස තමන්ගෙන් උදුරා ගත් අය හෙටවත් හොඳ වෙයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සුමයි. පොලිසිය කියන්නේ පාලකයින්ගේ ආරක්ෂාව ට හදපු ආයතනයක් නිසා පොලිසිය සමහ හැපිලා (71 හෝ 88-89) ප්‍රශ්න විසඳන්න බැහැ. මැතිවරණයකදී තමන් සතු බලය පෙන්වන්න දැන්වත් මේ අසරණ වූ මිනිසුනට බැරිද? (නදී)

:       0       0

සරත් පර්ත් Thursday, 30 January 2014 08:01 AM

පොලිසිය දේශපාලකයින්ට බයයි. මහජනයා පොලිසියට බයයි. ඡන්දකාලෙට විතරක් දේශපාලකයින් මහජනයාට බයයි. දැන්බලාගෙන ගියහම හැමෝම බයෙන්නේ ජිවත්වෙන්නේ.(නදී)

:       0       0

අසාද් Thursday, 30 January 2014 08:16 AM

ලංකාවෙ පොලිසියට මේ මොකද වෙලා තියෙන්නේ? පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු කාලය ඇවිත් වගේ.(නදී)

:       0       0

සමන් Thursday, 30 January 2014 08:31 AM

මේවා දේශපාලන ප්‍රශ්න නම් ලබන පාර රනිල් ජනාධිපති උනාම මේ ප්‍රශ්න විසදෙයිද? නැත්නම් ඒක තවත් එක තට්ටු මාරුවක් විතරක් වෙයිද? ළඟදීම හැදෙන යු.එන්.පී ආණ්ඩුවේත් මේ ඉන්න ඇමතිලා ටිකම ඉඳීවිද? එහෙම උනොත් රටේ තත්වේ මීට වඩා වෙනස්ද? (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 30 January 2014 08:33 AM

ඕසන් සලාම්, මැති ඇමති වරුන්ගෙන් වැඩක් නැතැයි මිනිස්සු හිතනවා නොවෙයි. අපේ රටේ ඇත්ත එයයි. සරත් පර්ත් ගේ අදහස බලන්න වඩා හොදින් තේරුම් ගත හැකියි.(නදී)

:       0       0

ඉන්දික Thursday, 30 January 2014 09:51 AM

දැන් කලේ පළාත් සබා මන්ත්‍රිලා පාරවල් හොයා හොයා හදන්නේ. මේ පැත්තේ මන්ත්‍රිලා කව්රුවත් නැත්ද මන්ද. ඕකට උද්ගෝෂණ කරලා වැඩක් නැහැ.. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2276 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 47 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 308 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 298 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 634 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 351 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site