යාපනය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන්, අාපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිසක් අද (19) උදැසන යාපනය විශ්ව විද්‍යාලයට පැමිණියහ.
එහිදී යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාලයීය පාලක මණ්ඩලය අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ස්වාමිනාදන් මහතා කීවේ “යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමෙහි දෙමළ සිංහල කියා මෙතන කිසිම ගැටුමක් නැහැ . මේ විශ්ව විද්‍යාලයේ සිසුන් ඉතා හොදින් සිටිනවා ඒ නිසා එයට එරෙහිව ඉතා පොඩි කණ්ඩායමක් සිටිනවා මෙහි ප‍්‍රශ්න ඇතිකරමින්. එම කණ්ඩායම නවත්වා සිසුන්ට ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් ඇතිකිරිමට තමයි අප සාකච්ඡා කළේ‘ යනුවෙනි.
නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා පවසා සිටියේ යාපනය විශ්ව විද්‍යාලීය පාලක මණ්ඩලය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම්, සිංහල සිසුන් සමඟ සාකච්ජා පැවැත්වු බවත්, එහිදි විශ්ව විද්‍යාල සිසුන් හා පාලක මණ්ඩලය විශ්ව විද්‍යාලීය අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය බවත් විශ්ව විද්‍යාල සිසුන් අතර ඇති වු ගැටුම සාමාන්‍ය සිසු ගැටුමක් විනා ජතිවාදි ගැටුමක් නොවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.(හේ)
රටක් සංවර්දනය කරා ගෙන යාමට හොඳම මාර්ගය නම් ... එක්මුතුකමයි .. මෙන්න මේ අත්තිවාරම මත තමයි ලෝකයේ සෑම .. දියුණු රටක්ම ගොඩනැගිලා තියෙන්නේ ... ලස්සන උදාහරණ නම් .. ඇමෙරිකාව , කැනඩාව , සහ අනිත් සෑම දියුණු රටකම .... ජර්මනිය ... ප්‍රංසය ... ඉතාලිය ..... මේවගේ රටවල් වල .. මුළු ලෝකයේම මනුස්සයෝ .. එකට ජීවත් වෙනවා .. රැකී රක්ෂා කරනවා ... එකතුවෙලා දියුනුව කරා ගමන් කරනවා .(හේ)
හැකි අයුරින් මේ ප්‍රශ්නය ඉක්මණින්ම විසඳාගන්න (නි)
අපි නාෙදන්න චෙස් කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
ළමයි ගහගත්තාම ආයතන මට්ටමෙන් එය සමතයකට පත් කරන්න ඕනෑ. ඇමතිවරු මේවා මත වේදිකා හදාගෙන සිද්ධිය දේශපාලනීකරණය කරනවා. (හේ)
අනේ කරුණාසේන වගේ මේ රටේ හැමෝම හිතුවා නම්. (හේ)
එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වෙද්දී ලංකාවේ කණ්ඩායමක් එහෙ ගියා වගේම උතුරට මාසෙකට සැරයක්වත් කණ්ඩායමක් ගිහින් උතුර හා දකුණ අතර ඇති මතවාදී දුරස්ථ බව අයින් කළයුතුයි. නැතිනම උතුරත් කවදාහරි ජනමත විචාරණයකින් දකුණෙන් වෙන් වෙන්න ඉඩ තියෙනවා. (නි)
මෙම ප්‍රශ්නය සුළුකොට තකන්න සුදුසු නොවේ. මෙම ප්‍රශ්නය පිටුපස වෙනත් බලවේගයන් තිබිය හැකිය. කරුණාකර කළයුත්තේ එය පිළිබඳව සැළකිලිමත්ව වැරදි කළ අයට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. මෙය තවත් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුය. (නි)
පොලිස් පරීක්ෂණ වෙනුවට අැමති පරීක්ෂණද දැන් තියෙන්නේ? (නි)
සිංහලයා නැසීමට ක්‍රියාකරන, එයට උදව්දෙන හැම කෙනෙකුම නොමැරී විඳවත්වා! දුක් විඳිත්වා! (නි)
මෙතන සිද්ධිය හුදකලා සිද්ධියක් හැටියට දකින එක වැරදියි. මීට කලින් සිද්ධවුණ ත්‍රස්තවාදී සැමරුම්, දේශනා ගැන හරියට ක්‍රියානොකරපු එක තමයි මේවට මුල. ගැටුම සාමාන්‍ය සිසුන් දෙපිරිසක් අතර නම් වැඩේ හිතාගන්න පුළුවන්. එ්ත් සිද්ධියට මුල්වුණ ප්‍රධාන නායකයා දිහා බැලුවහම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. අනික නීතිය ක්‍රියාත්මක වෙන්න මෙච්චර ප්‍රමාද ඇයි? (නි)
දේශපාලකයෝ යන්නේ කොහොමත් දෙයක් වුනාට පස්සේ ඒ දේවල් වලට විසදුම් ගේන්න නේ.(හේ)
බොරු කියන්නේ නැතුව ඉන්න (අ)