අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ භාර ගත්තේය.
ග්‍රේරු මහතා කොළඹ රාජකීය විද්‍යාලයයේ හා ආනන්ද විද්‍යාලයයේ ආදී සිසුවෙකි.
ඔහු මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු ගෞරව උපාධිධරයකු හා කොළඹ විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.
වැඩභාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යල්පැනගිය අධ්‍යාපනය ක්‍රමය නවීන ලෝකයට සුදුසු අයුරින් සැකසීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විහාග හරි ප්‍රමිතියකට සකසා ප්‍රතිපල විකෘති නොකර දරුවන්ගේ දක්ෂතා ඒ අයුරින්ම ලබාදීම හරිම වැදගත්. පස්ල් පද්ධතිය නගා සිටුවීමට පළාත් මට්ටමින් වැඩක් කරගෙන යන්න කුඩා පාසල් ජාතික පාසල් වලට අන්යුක්ත කර ඒ හරහා ගම්බද පාසල රැකගත හැකිය.පාසල් පද්ධතිය නගා සිටුවීමට යම්කිසි බැංකු ගිණුමක් අරඹා ජනතාවට හැකි අයුරින් ආධාර කිරීමට මගක් යොදන්න. විදෙස්ගත අපේ සහෝදරවරු මෙයට ගොඩක් ආධාර කරාවී. නිදහස් අධ්‍යාපනය ඉතා හොද මට්ටමකට ගෙනයන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !!! (නි)
මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න දැයේ දරුවන් වෙනුවෙන්. රටේ අනාගතය අපේ දරුවෝ !!! (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
අරයට කරන්න තියෙන්නේ දැන් එක දෙයයි (නි)
ඕකට තමයි කියන්නේ දන්නා දේ කරන්න කියලා (නි)
වැඩ බාරගන්න පෙර ඉස්සර දවසක් ඔබතුමා කිව්වා රූපවාහිනියෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම ගැන එහෙම හරියට හිත සැනසෙන දේවල්. වැඩ බාරගන්න පෙර කිව්වා වුනත් තවම ඒවා වලංගුයි නේද? මොනවා වුණත් අධ්‍යාපනය ගැන දැනුම් තේරුම් තිබෙන කෙනෙක් නිසා ඔබතුමාට රටට දැනෙන යමක් කරන්න පුළුවන් වේවි. පටන් ගන්න අමාරුම වැඩෙන්, ඒ කියන්නේ 5 ශිෂ්‍යත්ව අර්බුදයෙන්. (නි)
ආනන්දයේ එකම පන්තියේ එකට අකුරු කළ මිත්‍රයාට ඉත සිතින් සුබ පතමින් ඉල්ලා සිටින්නේ අලුතින් හඳුන්වා දුන් තාක්ෂණ උපාධිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපානයේ නව මගක් බිහි කරමින් අපේ අනාගත දරු පරපුරට විශාල ලෙස ලෝක රැකියා වෙළඳ පොළට පිවිසීමේ මාර්ගයක් දක්වා රැගෙන යන ලෙසයි. ඒ උපාධිය ලෝක ප්‍රජාව උසස් ලෙස පිළිගන්නා ඉහළ ප්‍රමිතියකින් යුතු එකක් වන බවට වග බලාගන්නා ලෙස ඉතා ගෞරවයෙන් මතක් කරමි. ඒ සමගම අපේ දරුවන්ගෙන් දැනට ඈත් කර තිබෙන සිංහල සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන් නැවත හඳුන්වා දෙන්නට කටයුතු කරන්න.පුළුවන් නම් සංස්කෘතික හා ජනමාධ්‍ය ඇමතිවරුන් සමග කතා කර අපේ සිංහල ගීතයට වෙමින් පවතින හානිය නැවැත්වීමට අවශ්‍ය නීතිමය පියවරක් ගන්න යෝජනා කරන්න. (නි)
උත්තරා, ඔබ නොදන්නවාට ග්‍රේරෝ ආනන්දයේ සිංහල විවාද කණ්ඩායම මෙහෙයවූ,ආනන්දියන්ට උරුම වූ රට, දැය, ආගම පිළිබඳ උපරිම ගෞරයක් ඇති පුද්ගලයෙක්. එතුමා ගුරුවරයෙක් ලෙසට අපේ දරුවන්ට කළ සේවයම ඇති එතුමා අද සිටින තත්ත්වයට පත්වීමට පින් ලබන්න. ඉදිරි අනාගතයේ අධ්‍යාපන ඇමතිධුරයද ලබා මේ රටේ නූතන සී. ඩබ්. ඩබ්. කන්නන්ගර බවට ඉතිහාසයට එක්වීමට සමත්කමක් ඇති නියම ආනන්ද පුත්‍රයෙක්. (නි)
ලංකාවේ නිදහස් අධ්‍යපනයට ජය වේවා! (නි)
නව යුගයක ආරම්භය! (නි)
අවසාන මොහොතේ හෝ ගත් තීරණය අගය කරනවා. මොකද අපේ දරුවන් වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ අධ්‍යාපනය නගාසිටුවීම. එයට උපරිම වශයෙන් රජය දායකවීම අපේ අනාගතය උසස් තලයකට ගෙනෙන්න පිටුවහලක්. (නි)
තමන් කළේ ලොකු වරදක් බව දැන් අරයගේ හිතට දැනෙනවා ඇති (නි)
5 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 12 ශ්‍රේණිය විබාග හරි ප්‍රමිතියකට තියන්න. ඒ වගේම නිවැරදි ප්‍රතිපල දරුවන්ට ලබාදෙන්න. දරුවන්ගේ දක්ෂතා කප්පාදු නොකර සුදුස්සාට සුදුසු තැන දෙන්න. විශේෂයෙන්ම දරුවන් කලකිරීමකට ලක්වෙන්නේ ප්‍රතිපල විකෘති කිරීම නිසා. දේශපාලන වාසී තකා දරුවන්ගේ දක්ෂතා යටගැසීම වරදක්. (නි)
අතිගරු ජනාධිපතිතුමා හරි තීරණයක් ඉක්මනට ගත් එක හොද දෙයක් අපේ රටට. දරුවන් කියන්නේ රටේ අනාගතය. රටට වින කරන ඇතැමුන් විගස මාරුකිරීමට ඔබතුමාට අයිතිය තිබෙනවා. ඒ දේ සිදු නොවුණා නම් ගැටළු මතුවෙනවා. (නි)
පහේ ශිෂ්‍යත්වය නැති කරහම ගමේ ළමයෙක් කොළඹ පාසලකට යන්නේ කොහොමද ? ගමේ දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ගමේම පාසලට වෙලා ඉන්න වෙයි. කොළඹට කිරි ගමට කැකිරි (ස)
රටේ සැම දක්ෂ දරුවෙකුටම අධ්‍යාපනයෙන් ඉදිරියට එන්න තිබෙන කඩයිම් අවස්ථාවන් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැතිකරන්න එපා. (නි)
මොනවා නැති වුනත් පිරිත් නුල් ගැට ගැහිල්ලනම් එකසිය ගානට සිද්ධ වෙනවා.අපේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට හෙන ගැහැව්වත් පිරිත් නුල් නම් ගැට ගහල සෙත් පිරිත් සජ්ඣායනා කරලම වැඩ කරගෙන යන්න බාර දෙනවා. (ස)
පහේ ශිෂ්‍යත්වය නැති කරහම ගමේ ළමයෙක් කොළඹ පාසලකට යන්නේ කොහොමද ? (ස)
මම බයේ ඉන්නේ ලබන අවුරුද්දෙ මගේ දෙවැනි දරුවාව 5 වසරෙන් කොළඹ පාසලකට දාගන්න තිබෙන බලාපොරොත්තු සුන් වේවිද කියලා (නි)
දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (නි)
5 ශිෂ්‍යත්වේ තියන්න ඕනි! ප්‍රතිපලත් ඒ විදියටම දෙන්න. එහෙම නොවුනොත් හැමදාම ඔය ප්‍රශ්නය වෙනවා දක්ෂයන්ට තැන දෙන්න ඕනි ප්‍රතිපල විකෘති කලොත් තමයි දරුවන්ට අසාධාරණයක් වෙන්නේ 2013 ප්‍රතිපල හරිම ගැටළු සහගතයි එයට වගකිය යුක්තේ බලධාරින්!! (ස)
උත්තරා,ග්‍රේරෝ සර්ගේ හැකියාව සහ දක්ෂතාව ගැන ඔහුගෙන් උගත් දහස් ගණන් සිසු සිසුවියෝ දනිති. (නි)
ඇමති, නියෝජ්‍ය ඇමති දෙදෙනාම අමතර අධ්‍යාපනය පිළිබඳ හසල අත්දැකීම් ඇති නිසාත්, නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආ නිසාත් රටේ අධ්‍යාපනයට හොඳ සේවයක් කරන්න හැකි බව මගේ විශ්වාසයයි. (නි)
ඔබ තුමාට සුබ පතනවා ඔබ ගොඩක් ළමයින්ට හොඳ ගුරුවරයෙක් උනා.ඒ නිසා අපිත් ගොඩ ගියා. ලගදීම ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වේවා. (ස)
සුදුස්සාට සුදුසු තැන ලබා දුන් දුර්ලභ අවස්ථාවක්. ඔබතුමාට සුබ පතනවා. (නි)
ලංකාවේ ඉන්න ලස්සනම මුහුණ තියන ඇමති වරයා කවුද?කියන්න බලන්න? (ස)
මගේ විතරක් නොවේ, ඔබතුමා බොහෝ දෙනෙකුගේම හොදම ගුරුවරයා වුණා. ඔබතුමාගෙන් උගත් අසීමිත ඉංජිනේරුවන් අතර මමත් එක් කෙනෙක්. ඉක්මනින්ම ඔබ අප රටේ අධ්‍යාපන ඇමති වේවා! (නි)
දැන් ඉතින් අධ්‍යාපනය කොහොම වෙතත් හිටපු 'හොරු' අල්ලන්න පටන් ගනීවී. කවුරු උනත් කාරී නැහැ රාජකාරිය හරියට කරනවා නම්. (ස)
අන්න නියම සුදුස්සාට නියම තැන .හරියට කරගෙන යන්න ඔබතුමා (ස)
වැදගත් පුද්ගලයෙකුට සුදුසු දේ ලැබුණා. ඔබට ජයෙන් ජය! (නි)
අධ්‍යාපනයට නියමම සුදුස්සා ඔහුයි (නි)
ඔබතුමා වැඩේට හොදයි. පක්ෂය දිනපු දවසට ඔබ ආපසු එන්න. (නි)
මොහාන් ලාල් ග්‍රේරු නව අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමාට අපි සුභ පතමු. සුදුසුකම් ඇති අයෙකුට නියම තැන ලැබී තිබීම ගැන අපි සතුටු වෙමු. (නි)
මුලින්ම කරන්න තිබෙන කාර්යය තමයි 5 වසර ශිෂ්‍යත්වය නැතිකරන එක. (නි)
අනේ වාසනාවන් නිදහස් අධ්‍යාපනයට! (නි)
ඔබතුමා අපි හුඟ දෙනෙකුගේ ගුරුතුමා වුණා. ඔබතුමාට අපි හැමෝම ගොඩක් ගරුකළේ ඔබතුමා ඇති දක්ෂයෙක් වුණ නිසයි. ඔබතුමා අපිට උගන්වන කාලේ කියපු දේවල් රට වෙනුවෙන් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රාජකීය නාමයත් ආනන්ද නාමයත් රැකීම ඔබතුමාගේ වගකීමක්. හිතට එකඟව කෙළින් වැඩකරන්න. (නි)
අපගේ ගුරුතුමනි, ඔබට ජය වේවා! (නි)
ඔබ තුමාට අපේ සුභ පැතුම් ඔබ අපේ හොද ගුරුවරයෙක් රටට, අපේ දුවා දරුවන්ට සුබ අනාගතයක් වේවි ජය ශ්‍රී (නදී)
ශ්‍රී ලංකාවේ අනාගත අධ්‍යාපනය ටියුෂන් මාස්ටර්ලා දෙන්නෙක් අරගෙන. එයාලා හොද ටියුෂන් වෙළදාමටයි. ඒක නිදහස් අධ්‍යාපනයට බාධාවක්.(නදී)
රටේ බහුතරය ඔබ (විසින්) නොහඳුණති. ඔබට රට වෙනුවෙන් යමක් කල නොහැක. (නදී)
ඔබතුමා මේ බාරගත් විෂය රටේ සංවර්ධනයේ පාදමයි. පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු වන්නේ සංවර්ධනයට අවශ්‍ය ඒ ඒ තාක්ෂණයන්ට අදාල ප්‍රවීණයින් බිහිකිරීමයි. අද සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධානම අදායම් මාර්ගයක් වුවත් එම සංචාරකයින්ට පහසුකම් සැළසීමට අවශ්‍ය පිරිස් බිහිකිරීමට රටේ අධ්‍යාපනය හැඩගස්වා නැත. අධ්‍යාපනය යනු සියලුම සංවර්ධන කටයුතු වලට යටිතල පහසුකමක් වන්නේය. ඔබතුමාවත් මේ ගැන සිතා බලා අධ්‍යාපනය රටේ සංවර්ධනයට දායක වන පරිදි හැඩගස්වනු ඇතැයි සිතමි. (නි)
පිළිවෙලක් තිබෙන, දුර දකින කෙනෙක්. දුර පළාතක පාසලක ළමයින්ට උදව් කරන්න එතුමාගේ පාසලේ ළමයින්ට පරණ පත්තරය බැගින් ගෙනෙන්න කිව්වා ඒ පත්තර විකුණලා ලැබුන සල්ලි වලින් තමයි උදව් කළේ. (නි)
ඔබ නිවැරදි මග තේරුම්ගන්න. අපේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය හරිමගට ගෙනෙන්න (නි)