පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ඉහළ නැංවීම සඳහා පාසල් පද්ධතියට අමතරව නිවසේදී ඉංග්‍රීසි භාෂාව භාවිතයට හුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මව් පියන්ට සඳහා නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැටසටහන 15 වැනිදා පෙ.ව 8 නුගේගොඩ මොහාන් ලාල් ග්‍රේරු පදනම් මුලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතය.
රැකියාවල නියතු සහ රැකියා නොකරන ඕනෑම මව්පියකුට පහසුවෙන් අධ්‍යනය කළ හැකි පරිදි මෙම ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.
ඕනෑම අධ්‍යාපන මට්ටමක අයෙකුට මෙම පාඨමාලාව සඳහා ඇතුළත්වීමට පහසු පරිදි ඉංග්‍රීසි භාෂාවේ මුලිකාංග, ව්‍යාකරණ හා උච්චාරණය හා නිවැරදි භාෂා භාවිතය මේ යටතේ අධ්‍යාපනය කිරීමට අවස්ථාව හිමි වේ.
මේ සඳහා ඇතුළත්වීමට අපේක්‍ෂිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි දෙමාපියන් තම නම ලිපිනය ලියූ මුද්දර කවරයක් “දෙමාපිය ඉංග්‍රීසි අධ්‍යාපන ව්‍යාපෘතිය” මාධ්‍ය හා තොරතුරු අංශය, මොහාන් ලාල් ග්‍රේරු පදනම අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට මාර්තු මස 11 වන දිනට ප්‍රථම යොමු කළ යුතුය විස්තර දුරකථන අංක 0112825213 ඇමතීමෙන් ලබාගත හැකි බව එහි ප්‍රකාශකයෙක් කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටින වැඩක්.රටේ සියලු මන්ත්‍රී වරුනට මෙවැනි අදහස් පහල වෙනවා නම්, අපේ රටට කෙතරම් ඉදිරියට යන්නට පුලුවන් වේවිද? (අ)
මේ ලංකාවේ මිනිස්සු තවම ඉන්නේ යටත් විජිත මානසිකත්වයෙන්. ඒ නිසා මේ රටවල් දියුනුවෙන්නේ නැහැ. ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ,ප්‍රන්සය .ඉතාලිය නෙදෙර්ලන්තය ,ජපානය වැඩ කරන්නේ මව් භාෂා පාවිච්චි කරලා .දියුනු හැම රටක්ම මව් බස පමණි පාවිච්චි කරන්නේ. අනේ අපි තවම අදුරේ අතගානවා.(නදී)
මේක වසර ගණනාවකට පෙර කල යුතුව තිබු දෙයක්. බොහොම පින් ඔබ කරන ඥානවන්ත වැඩ වලට.(නදී)
මෙවැනි හොඳ වැඩ මුළු රට තුලම පැතිරේවා. (දිල්)
වැඩේ නම් හොදා නමුත් අපේ අයට නිකම් දෙනකොට අගයක් නැහැ. (නදී)
සද් භාවයෙන් දෙනවා නම් කොළඹ ස්තිර පදිංචිය බලන්නේ මොකකටද? (නදී)
ඉංග්‍රීසි බැරි නිසා ශ්‍රී ලාංකිකයින් තුල ඇතිවූ හීනමානය ඉංග්‍රීසි ඉගැන්වීම තුලින් ලබා ගන්න හිතුවොත් ඒක මුලාවක්. පන්ති මුහුණුවරින් ප්‍රකටව ඇති ඇති-නැති පරතරය අන් හැම සමාජ ප්‍රශ්නයක්ම අභිබවා නැගී සිටිනවා. අතීතයේ අප විසින් භුක්ති විඳි සෞභාග්‍යය නැවත ස්ථාපිත කර ජන ජීවිතය යහපත් කරන්න අවශ්‍යය වන්නේ පර භාෂා ප්‍රගුණ කිරීම නොව තම මව් බස නිවැරදිව හසුරු වන්න ඉගෙන ගෙන නිවැරදිව හිතා නිවැරදි ක්‍රියාවන් ට අවතීර්ණ වන්න පුහුණු කිරීමයි. පර භාෂාවන් හරහා අපි අනුන්ගෙන් යැපෙන්නන් බව ට පත්වුනා හැර ලඟා කර ගත් දෙයක් නැත.(නදී)
ගජභා : උදාහරණ ටික නම් හොදයි.. හෑබෑයි හොද වැඩේට හොදයි කියන්න ඔනෙ. ඔය රටවල් ගෑන කතා කරනවා වගේම ඔබ ස්විඩනය නොර්වෙ වගෙ රාජයන් ගෑනත් අධ්‍යනයක යෙදුනා නම් හොදයි.(නදී)
මේවා ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි බලමුකෝ තව ටික කලකින් මෙහි ප්‍රගතිය. ඉංග්‍රීසිය නැතිව අපිට අපේ භාෂාවෙන් ඉගෙනගන්න බැරිද? (නදී)
කියන්ඩ ඉතා කණගාටු වෙනවා මේ අදහස් ගැන. ඉංග්‍රීසි නැතිව මේ ලෝකය ඉදිරියේ කල හැකි කිසිවක් නොමැත. දෙනෙත් හැර ලෝකය දෙස පියවි සිහියෙන් බලන්න. (අ)
මේ වැඩේ ඉතාමත් හොදයි. නමුත් හැමදාම කොලඹට කිරි ගමට කැකිරි! මේවා විශේෂයෙන් ගෙන යා යුත්තේ ගම් වලටයි. අනික අපේ අයට ඉංග්‍රීසි ඉගෙන ගත්තම මව්බස නිකම්ම අමතක වීම ලොකු දුර්වල කමක්.(නදී)
කොළඹට කිරි අපට කැකිරි? (අ)
ඉතාමත් හොද වැඩක්. පිට රට ඉන්න අයටත් ප්‍රයෝජන ලබන්න දුරස්ථ අධ්‍යාපන වැඩ පිළිවෙලක් (ඉන්ටෙර්නෙට් හරහා ) සකස් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ග්‍රේරු සර්ගෙන් ඉගන ගත්තු අපි දන්නවා එතුමාට මොලයක් ඇති බව.(අ)
මෙය ඉතා හොඳ දෙයක් අපගේ ආශීර්වාදය (දී)
අනේ මෙහෙමත් මිනිස්සු. ඉංග්‍රීසි නැතිව මේ ලෝකය ඉදිරියේ කල හැකි කිසිවක් නොමැත. හොඳ වෙලාවට චීනය, ජර්මනිය, ජපානය, කොරියාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩන්, රුසියාව හා අපට වඩා සංවර්ධනයේ ඉහලම අදියරයක ඉන්න රටවල් අපේ ලෝකයට අයිති නැති නිසා ඉංග්‍රීසි නැතිවම දියුණු වෙලා. (නධී)
අපේ මව් බස වගේම ජාත්‍යන්තර භාෂා දැනුමත් අවශ්‍යයි. අපි තේ පිටරට යවනවා නම් ආනයනය කරන රට එක්ක අපේ මව් භාෂාවෙන් සන්නිවේදන කටයුතු කරන්න පුළුවන් ද? ප්‍රයෝගික වීම හැම භාෂාවක් සම්බන්දයෙන් ම වැදගත්. (නදී)