එන්ගලන්තයේ එළිසබෙත් රෝහලේ රැකියාවක් දෙන බව පවසා කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්ලක්ෂ විසිපන්දාහක් වංචා කළැයි කොළඹ පාසලක ගුරුවරියක වන පුෂ්පා ප්‍රියන්ති ඩේසි ඔක්තෝබර් 09 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇප පිට සිටි ඇය අධිකරණයට නොපැමිනීම නිසා වරෙන්තු නිකුත් කැර තිබිණි.
ඇයට ඇප තබා ඇත්තේ ඇගේ පාසලේ සිසුවෙකි.රුපියල් 50000 ක් වන එම ඇපයද රාජසන්තක කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර කෝකටත් ස්ට්‍රයික් කරන ගුරු සංගම් ලොක්කේ? මේකටත් ස්ට්‍රයික් කළා නම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්? කෝ යුතුකම් සහ වගකීම්? (නි)
මේ ගුරුවරුද? ගුරු හොරුද? (නි)
පිටබැද්දර ජයා, සමහරවිට ගුරුවරිය රටින් පිටවීත් අවසාන වන්නට පුළුවන. මුලින්ම කළ යුතුව තිබුනේ ඇයගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගැනීමය. අනිත් කරුණ වන්නේ දියුණු රටක රෝහලක රැකියාවක් ලබාගැනීම එතරම් පහසු කරුණක් නොවීමයි. කම්කරු තනතුරක් සදහාත් ඉතා ඉහළ සුදුසුකම් අවශ්‍ය වේ. මෙම ගුරුවරිය එම රෝහලේ හිමිකාරිය වූවා නම් මෙතරම් පහසුවට කෙනෙකුට රැකියාවක් ලබාදීමට හැකියාවක් තිබුණි. මෙම ව්‍යාපාරිකයා කොළඹ ජීවත් වූ අයෙකු වුවත් මෙවැනි සොරුන්ට අසුවීම පුදුමයකි. (නි)
තේරෙන භාෂාවෙන් ලියලත් සිරියලතාලට නොතේරෙන එක ගැනම තමයි සිරියලතෝ මෙතන ලියවෙලා තියෙන්නේ. (නි)
සිරියලතා, ඔයාගේ අදහස දැකලා මට රබන් පදයක් මතක් උනා,"දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත....පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත" අලහේකෝන් ටත් මේක නම් තේරෙනවා ඇති මගේ හිතේ. (ස)
සිරියලතා, අන්න එහෙම කතා කරන්නකෝ.. (ස)
නිලමේ, කුසුම් සහ දුරන්ග් මෙයාලා මොනවා කියනවද කියා අපිට නම් තේරෙන්නේ නැහැ.කියන්නකෝ තේරෙන භාෂාවෙන්. (ස)
කුසුම් කුලවමියගේ 18.36.15 කණිසමට කර ඇති ප්‍රකාශය පුරාවටම මම දකින විදියට සර්ව අශුබවාදී චින්තනයේ යටිපෙළ අරුතක් ගැබ්වී ඇත." වර්තමානයේ රටේ ආගම ධර්මයත් විශාල ලෙස පිරිහී ඇති විටෙක " යන්න ගැන පමණක් උවමට ගෙන ඉතාමත් කෙටි සටහනක් දැක්වීම පමණක් උචිතය. ආගම ධර්මය සර්වකාලීනයි. සරව භෞමිකයි.නිර්මලයි . පිවිතුරුයි. ආගම ධර්මය පිලිපදින්නන්ගේ භාවිතය පිළිබද ප්‍රශ්නයක් තමා අද මේ තියෙන්නේ .ඔබ මේ කථා කරන අවාසනාවන්ත තත්වය පැහැදිලිවම දක්නට තියෙන්නේ කොළොඹ හා ඒ අවට ඇති උපනගර වටායි. තවමත් අපේ ඓතිහාසික උරුමයේ සාධනීය හර පද්ධතීන් ආරක්ෂා කර ගෙන තමන්ගේ පාඩුවේ ජීවනෝපාය කරගෙන යන හද්ද පිටිසර, , ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටිමින් ජීවත් වන අහිංසක, අසරණ, සහ බුධිමත් දුප්පත් දෙමවුපියන් තවමත් සිටින බවයි මම නම් දකින්නේ.ආගම ධර්මය නිවැරදිව, නිදහස්ව,නිකලැල්ව සහ නිරතුරුවම ගරු කරන සත්පුරුෂයින් මේ රටේ ඇත්තෙම නැද්ද?. කුසුම්, කුසුමක්සේ දීප්තිමත්ව පිපී දස අත සුවඳ විහිදුවමින් එකලුකර ශුබ වාදී චින්තනයකට අනුගතවීමට අදහසක් නැද්ද ? (භාෂණයේ, චින්තනයේ සහ මතපල කිරීමේ නිදහසට හිස නමමි.) (ස)
නැද්ද අර මන්ත්‍රීතුමා මේ ගුරුවරීව දණ ගස්වන්න. හිරේ දාන එක පව් අනේ. (නි)
මුදල රජයන සමාජයක ඉන්න අපි කවුරුත් තම තමන්ගේ දක්ෂකම් අනුව සල්ලි හොයන්න හදනවා. වංචාකිරීමට, හොරකමට, කතාවට, ඉගැන්වීමට ඔය ඕනෑම දේකට දක්ෂ කෙනාත් එහෙමයි. නීතිය, සදාචාරය ආදිය දෙවැනි තැනට. "අවස්ථාව" ලැබෙනවා නම් හුඟක් මහත්වරු හොරු බවට හැරෙනවා. මේකත් එවැනි "අවස්ථාවක්" (නි)
මේ අදහස් දෙන සියළු දෙනා බොහොම වැදගත් අදහස් දීලා තියෙන්නේ. ඉතින් වැරදුණු තැන හදන්න මොකද කළයුත්තේ? මීට වසර 230 කට විතර පෙර ප්‍රංශයේ ජනතාවට තිබුණු මොළය අපිට කවදා පෑදෙයිද? (නි)
ආසියාවේ අශ්ච්රය දැකල ඇතිවෙලා දැන් මිනිස්සු වෙන රටවල රස්සා හොයන් යනවා .(නදී)
නිළමේතුමා, සුළඟට ගසාගෙන ගොස් ඔවුන් ළඟටම ඇදී යනු පිණිස.. ඔවුන් විසින් අපට කළ යම් දෙයක් වෙන්න බැරිද?(නි)
රට අසුවී ඇති හුළගට හැමෝම ගහගෙන යනවා. එතන ගුරුවරයාද දොස්තරද භික්ෂුවද කොස්තාපල්ද හැමෝම අහුවෙනවා... ප්‍රශ්නය තියෙන්නේ .......හුලග එනු පිණිස........අපි කළ දේවල් නේද? (නි)
චෞර රැජිණක්. (ස)
උද්ගතවී තිබෙන සමාජ පරිහානියේ තවත් ගොදුරක් බවට ගුරුවරුනුත් පත්වී ඇතිබව මේ වන විටත් ඔප්පුවී හමාරයි. ප්‍රයෝගය, වංචාව, බලපුලුවන්කාරකම මුල්කරගෙන සමාජීය පැවැත්ම රඳා පවතින යුගයක ගුරුවරුන්ට පමණක් එයින් මිදී සිටීමට හැකි නම් එයත් පුදුමයට කාරණයක් විය හැකියි. මීට කලකට ඉහතදී නම් නිතිය කෙසේ වෙතත්, තම හෘද සාක්ෂියට එකඟව සිතා හෝ කටයුතු කළ අවස්ථා තිබෙන්නට ඇත. නමුත් වර්තමානයේ රටේ ආගම ධර්මයත් විශාල ලෙස පිරිහී ඇති විටෙක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැන කවර කතාද? ගුරුවරුන් පමණක් නොව, එදා සමාජයේ ඉමහත් ගෞරවයට පත් වී සිටි ආගමික නායකයින්, දේශපාලකයින්, වෛද්‍යවරුන්, රජයේ නිලධාරින්ද අද පත්වී තත්වය ගැන අමුතුවෙන් මෙහි ලියන්න යමක් ඉතිරි කර නැත. (නි)
කෝ සල්ලි මිනිසුන්ට ජීවත් වෙන්න? ජීවන වියදම අහස උසට නැගලා. සිදුවුණ වැරැද්ද විතරක් ගැන කතා කරන්න එපා.මේවා වෙන්න හේතුව හොයලා බලන්න. (නි)
සමාජය ජරාජීර්න වෙනකොට අපි පුජනීයයි කියලා හිතන සමහර කොටස්ද සමාජයේ ගොදුරු බවට පත්වෙලා.අනාගතයේ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි (නි)
කොතනත් හොඳ නරක දෙකම තියෙනවා. එක් කෙනෙක් කල වරදට ගුරු පරපුරම අපහස විදින්න අවශ්‍ය නැහැ. ඔබලත් අකුරු කෙරුවේ ගුරුවරුන්ගෙන්. අනික දැන් සමාජයේ ටිකක් බලවත් උනාම මෝඩයෝ හිතනවා එයාලා තමයි ගුරුවරුන්ට වැඩිය ඉහල කියලා. ඒ වගේ අය යනවා නිතිය අතට අරගෙන ගුරුවරුන්ට දඬුවම් දෙන්න. ඉතින් මෙහෙම කාලයක අපි කොහොමද කාගෙන් උනත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? කවුරුත් බලන් ඉන්නේ මොන ක්‍රමයකින් හරි තමන් හැදුනොත් ඒ ඇති කියල හිතන්න. (ස)
අහෝ මගේ දේශයට ගිය කලක් ? (ස)
ගුරු, දෙගුරු ගණයට වැටෙන ගුරුවරු අද සිටිනවාද කියා මම නොදනිමි. නමුත් බහුලව දකින්න ලැබෙන්නේ සිලබස් එක කවර් කරන්න පඩියට වැඩ කරන 'උපදේශක' වරුය. (ස)
මෙවැනි ගුරුවරු ඉන්න සමාජය විශාල පරිහානියක් වේවි. මන්ද සමාජයේ යහ පැවැත්ම ඉගෙන ගනු ලබන්නේ ඔවුන්ගෙන් නිසා. එබැවින් එවැනි ගුරුවරුන් ඒ නමින් හැඳින්වීම සුදුසු නොවේ. මොකද බහුතරයක් වන ගුරු දෙවිවරුන්ට අපහස වන බැවිනි. එවැනි අය පස්ස දොරෙන් ඇතුලට ආපු ගුරු හොරු .මෙවැනි අයගේ ගුරුත්වය අහෝසි කල යුතුව ඇත. මක් නිසාද යත් මුලු සමාජ සංස්කෘතියම ගුරුවරුන් වටා මධ්‍ය ගතව තිබෙනෙ නිසා.ගරු ඇමතිතුමනි මෙයට ඔබගේ බලවත් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව බුද්ධිමත් සමාජයේ බලපොරොත්තුවේ. තෙරුවන් සරණයි. (ස)
ගුරුවරිය රිමාන්ඩ් කිරීම හොඳයි. ඒ වගේම ඇය සිදුකළ වංචාව අධිකරණය මඟින් විභාග කර අගතියට පත් පාර්ශවයට වන්දි ලබා දීමත් අවශ්‍යයි. (ස)
ඇප තියන්න අවුරුදු 18 වැඩි කෙනෙක් වෙන්න ඕන නේද ? පාසල් දරුවෙක් කොහොමද 50000 හොයන්නේ ? අධිකරණය මේ ගැන නොදැන හිටියද නොසොයා හිටියද ? නොදන්නා නිසයි අහන්නේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. (ස)
ගුරුවරිය දෙස අපි බලාසිටියේ වෙනත් කෝණයකින්නේ (නි)
ළමයි පාසලට ගන්න අපේ ලොකු සර්ලා ගහන ගැහිලි කාටවත් පෙනෙන්නේ නැහැ (නි)
ගුරුමවුනි, ගුරුපියවරුනි, දෙමාපියන්ට දෙවැනි උතුම් පදවිය තුට්ටු දෙකේ පනමට විකුණන සමාජයක් බිහිවුනා.දිනෙන් දින මේවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ.මෙයට නිමාව ලෝක විනාශයයි. (ස)
එක ටීච කෙනෙක් කසාද බැඳලා රට යන්න ගිහින් අමාරුවේ වැටිලා. මේ ටීච රට යවනවා කියලා වෙන අය අමාරුවේ දාාල. අනේ මන්දා කොහොමහරි ගුරු සිත රිදිලා නේද...... වෙලාවත් වැරදිලා නේද...... (ස)