කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියකගේ වීසා ක්‍රෙඩිට් කාඩ් පත සොරාගෙන විවිධ ප්‍රදේශවලින් රුපියල් 36000ක බඩු මිලදී ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ එම පාසලේ ගුරුවරියක හා ඇගේ සැමියා වරද පිළි ගැනීමෙන් පසු මාස 6 බැගින සිර දඬුවම් සහ රුපියල් 4500 බැගින දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. සිර දඬුවම් වසර පහකට අත්හිටුවන ලෙස ද නියෝග කෙරිණි. මෙසේ දඬුවම් නියම වූයේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි නිර්මලී වෙත්තසිංහ සහ නිශ්ශංක ෆොන්සේකාටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, රු 36000/ ක නේ බඩු අරන් තියෙන්නේ. ඔන්න ඕක ගෙවල දාන්න එකවුන්ට් නොම්මරේ එවන්නකෝ... (ස)
ගුණරත්න,ඔයා සංජීවට දුන්න උත්තරය හරියටම හරි.ගුරුවරයෙකුට සොච්චම් පඩියක් ලැබුනා කියලා හොරකමේ යන්න අයිතියක් නැහැ. එහෙම නම් 20,000 අඩු පඩි ගන්න ඔක්කොම යයි හොරකමේ.... (නි)
ශිරානි,මේ වැරදි කරලා තියෙන දෙදෙනාට දීලා තිබෙන අවුරුදු 5හේ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.යම් හෙයකින් ඒ අවුරුදු 5 ඇතුළත ඒ අය නැවත හොරකමක් කරලා අසු වුණොත් එදින සිට ඒ දඩුවම ක්‍රියාත්මක වෙනවා. (නි)
ගුණරත්න, මටත් කියන්න තියෙන්නේ ඔයා කියපු ටිකමයි. හොරකම් කරලා හරි බලන්නේ තමන්ගේ මල්ල පුරෝගන්න. බොහොම හොදයි. රැකියාවෙනුත් පහකරලා දමන්නයි ඕනෑ.ගුරුවරයෙක් වුණාම මුලුරටටම ආදර්ශමත් වෙන්න ඕනෑ (නි)
ඉහළම අයත් හොරකම්,මැරකම්,කුඩු බිස්නස් කරන රටේ මේක මොන හොරකමක්ද? (නි)
සංජීව, කරුණාකරලා කියන්න පුලුවන්ද ඔය සාධාරන වැටුප කීයක් විතර වෙන්න ඕනෑද කියලා. රුපියල් ලක්ෂයක්,දෙකක්,තුනක්,හතරක්,කෝටියක්? දැන් ඔය කියන විදියට නෝනගේ වැටුප 24000යි.මහත්තයා කීයක් ගන්නවද දන්නේ නැහැ.දෙන්නගෙම වැටුප එකතු කරලත් ඔය දෙන්නට ජීවත් වෙන්න හොරකම් කරන්න ඕනෑද.ඔතන තියෙන්නේ වැටුප් ප්‍රශ්නය නෙමෙයි, හොරකම.අවංක ගුරුවරියක් නම් කරන්න තිබුනේ කාර්ඩ් එක මුල්ගුරුතුමාට හරි අදාල බැංකුවට හරි දෙන්නයි. ඔය වගේ කෙනෙකුට රුපියල් කෝටියක් තිබුනත් හොරකම් කරනවා. (නි)
සනත්, ප්‍රශ්නය හරියට තේරුම් ගත් එක ගැන ඔබට මගේ උත්තමාචාරය. අද ගුරුවරුන්ගේ වැටුප කීයද? 24,000යි. ඔ.ටී., බටා, ගමන් වියදම් ඔයවගේ වෙන මුකුත්ම නැහැ. ඕකෙන් ගෙයක් හදන්න ලෝන් එකක් ගත්තොත් ඒකට 10,000 විතර කැපෙනවා. ඉතින් ඉතුරු 14,000යි. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ. ගුරුවරියට කවුරුත් බනින්න පුළුවන්, එහෙත් ඒ ගැටලුව හරියට තේරුම් ගන්න බැහැ. රටක අනාගතය හදන්නේ, ගුරුවරු. ඒ අයට සාධාරන වැටුපක් දිය යුතුයි. එහෙම වුණොත් ගුරුවරුන්ගේ ගෞරවය රැකෙයි, නැත්නම් නිතරම මේ වගේ දේවල් අහන්න වෙයි. (නි)
ඔය අදහස් දාන කට්ටිය මෝඩයෝ වගේ ගුරුවරියටම බනින්න එපා.මේකෙන් පේන්නේ රටේ ඇතිවෙලා තියන තත්වේ එක පැතිකඩක් විතරයි .කව්රුත් දන්නවා ගුරුවරුන්ගේ සොච්චම් පඩිය ගැන.මේවට විසදුම් දෙන්නේ කව්ද කියන එකයි ප්‍රශ්නේ.රටේ මහා කට්ටිය බිලියන ගණන් ගිලිද්දී අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට විසදුම් නැ.මාත් ගුරුවරයෙක් නිසා අපිට තේරෙනවා. බැරි තැන රස්සාවට ආයුබෝවන් කියල පිටරටකට ආවා.අනේ අපේ රටට වෙන දේ බැලුවම පුදුම වේදනාවක් දැනෙන්නේ. (ස)
මොකක්ද මේ අත්හිටවු සිර දඩුවම කියන්නේ. වචනේ අර්ථයෙන් නම් තේරෙනවා සිර දඩුවම අත්හිට වු බව. එහි ස්වභාවය කුමක්ද?? (ස)
ගණන් ගන්න එපා. අද කාලේ ඕක බොහොම සුළු වරදක්. (නි)
ගජබා, ඔබ උසාවියකින් දඬුවම් ලබා ඇද්ද කියන ප්‍රශ්නෙට නැත කියලා ලිවුවා නම් ඉවරනේ. එහෙම නැත්නම් ලියන්න, මගේ නම රූපවතී, මම හිටියේ පිටරට, මෙහෙ උසාවි ගානේ ගියේ නැහැ කියලා. (නි)
ගමට ගිහින් කෝමද මුණ දෙන්නේ. (ස)
දැන් ඉතින් දෙන්නම උසාවියෙන් වැරදිකරුවන් වෙලා ඉවරයි. ඒ නිසා දෙන්නටම රස්සාව නැති වෙනවා. පොලිස් වාර්තා ගන්න ගියාම ඔය වැරැද්ද එකට දානවා. කිසිම අධි ආරක්‍ෂිත කලාප සඳහා ස්ථිර අවසර පත් නිකුත් කරන්නේ නැහැ (උදා: වරයා, ගුවන් තොටුපල). රැකියාවකට යන විට, පාස්පෝට් ගන්න විට ආදියේදී අර අන්තිමට අහන ප්‍රශ්නය "ඔබ උසාවියෙන් වැරදි කරු වී දඬුවන් ලබා තිබේද..?" කියන එකට උත්තර ලියන්න බැරි වෙනවා...!! ඉතින් හිරේ ගියාට හපන්..!! (ස)
විපුල මේකටත් දේශපාලනය ගාවගෙන.ඔය දේශපාලකයෝ පත් කරන්නෙත් මහජනතාවම නේද ?.තව සමහරු කියනවා මේවා, පොඩි හොරකම් කියලා.ඔය තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් කරපු හොරකම. වැරදිලාවත් ඇමති කෙනෙක් එහෙම වුනොත් මෙවුන් කොහොම හොරකම් කරාවිද ? (ස)
රුපා, චන්දි, මඩුගල්ලේ, වන්නි තිලක්, ලන්ඩන් ඉන්දු සහ අපෙ හොඳ මිතුරු කැළක්. අදහස් ලියනවා නිරතුරු වටිනා යමක්. මගේ අදහසට දෙන්නකෝ පොඩිම ඉඩක්. (ස)
ළමයිනේ ඔන්න ටිචර් විසා ක්‍රෙඩික් එනවා. (ස)
පොඩි දරුවන්ට උගන්වන ඔය වගේ හොර ගුරුවරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)
මේවා පොඩි හොරකම්. මහා පරිමාණයේ හොරුන්ට මොකුත් නැහැ. මේකත් වරදක් තමයි. අපරාදේ! සුළු ගානක් නිසා ආත්මයම විනාශයි. ජෝඩුවම එක වගේ, අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? (නි)
අනේ රූපවති අක්කෙ, ඔයාගෙ දරුවෝ ගෙනිච්චෙ පිටතට කියන්නෙ කොහේටද? (නි)
ඉස්කෝල ගුරුවරුත් දැන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා.ආඩම්බරයි! මට මතක් වෙනවා මා ගුරු සේවයේ හිටි කාලේ. පඩිය රුපියල් දෙසිය විස්සයි.අනේ ඉතින් අරපරිස්සමෙන් වියදම් කළා. (නි)
කෝ මේ ස්ටර්ලින්, කොහෙද හැංගුනේ? (ස)
ගුරුවරුන් දැන් ගුරු හොරුන් වෙලා. මෙහෙම අයද අද පාසල් වල කුඩා දරුවන්ට ආදර්ශ දෙන්නේ ? (ස)
හොඳ වෙලාවට මම මගේ දරුවාව ලංකාවෙන් පිටතට ගෙන ගියේ ...? අද හැමතැනම අහන්න දකින්න තියෙන්නේ මෙවැනි දේවල් නිසා ..අද කාලේ එවැනි ගුරුවරුන්ගෙන් දරුවොත් ලබන්නේ වැරදි ආදර්ශ ...?ඒ වගේ ප්‍රතිපල අදට වඩා මතුවට අපිට දැකිය හැකියි ...? (ස)
රටේ බහුතරය කොහොමත් මහන්සි වෙලා උපයාගෙන කන්න පුරුදු වුණ අය නොවෙයි (නි)
නරක ආදර්ශයක්. මේ වගේ හොරකම් මීට වැඩිය අනාගතයේදී වැඩි වෙයි. මිනිසුන් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ජීවන වියදම වැඩියි (නි)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු! ඉතින් කොහොමද ළමයින්ට උගන්වන්නේ? (නි)
දැන් දෙන්නටම එකටම හිරේට යන්නත් පුළුවන්. කොච්චර එකමුතුකමක්ද? (නි)
මෙතන වරද තියෙන්නේ පුද්ගලයාගේ මිස වෘත්තියේ නොවේ. නිවැරදි මිනිසුන් නිවැරදි වෘත්තින් වලට තෝරා ගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඇමතිගේ ලියුමට පුද්ගලයන් පත්කිරීමේ ක්‍රමයේ ඇති එක්තරා අතුරු ප්‍රතිපල තමයි මේවා. සියලුම රාජ්‍ය සේවයෙහි යෙදෙන වෘත්තියවේදීන්ගේ ආකල්ප වෙනස් කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
හොඳ වැඩේ හොර ගුරුන්ට. (ස)
අනේ මන්දා ලංකාවට ගිය කලක්.අද කාලේ ගුරුවරු ළමන්ට කියල දෙන්නේ හොරකන් කරන හැටිද කොහෙද.....? (ස)
ගුරු හොරු... (ස)
මේ අය ගුරු හොරු. (ස)