පාසල් කාලයේ තමනට සිදුවූ අතවරයක් ගැන ගුරු සංගම් කාර්යාලයයේ දී මාධ්‍යයට අදහස් දැක්වීයැයි කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක වැරදිකාරිය කර දඩුවම් පැමිණවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 14 වැනි වගන්තියේ සඳහන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරන එම ගුරුවරිය සාධාරණයක් පතා කළ ප්‍රකාශයට දඩුවම් පැමිණවීමෙන් සිදුව ඇත්තේ පැමිණිලි කාරියට දඩුවම් කිරීමක් බවත්, විවිධ වරප්‍රසාද ලත් පිරිස් තම අභිමතය පරිදි විවිද ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කළ ද ඊට එහෙරිව ආයතන සංග්‍රහය ක්‍රියාත්මක නොවන බවත්, ගුරු සංගම් ක්‍රියාකාරිකයකුට මාධ්‍යයට අදහස් දැක්විය හැකිව තිබිය දී ගුරුවරියට දඩුවම් දී ඇති බවත් එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
තාක්ෂණයෙන් හා සන්නිවේදනයෙන් දියුණු වර්තමාන සමාජයේ මෙම දඩුවම තොරතුරු ලබා ගැනීමේ හා ලබා දීමේ අයිතියට බරපතල බාධාවක් බව ද, ඒ තුලින් ඇතැම් ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා ජනමාධ්‍යයට යෑම ඇහිරෙන බව ද, ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය හා සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතියක් උල්ලංඝනය වුනා නම්, අධිකරණයට ගොස් සාධාරණයක් ලබා ගත හැකිය. (ස)
කැකිල්ලේ රජුගේ තීන්දු වගේම මහදැනමුත්තාගේ තීරණත් රට පුරාම එමටයි. (නි)
අනේ මන්දා, මට නම් තේරෙන්නෙ නැහැ (නි)
තමන්ට අතවරයක් වුණා නම් මාධ්‍යය සාකච්ඡා තියන්න පෙර කළයුතු දේවල් තියෙනවා නේද? ගුරු සංගමයවත් මාධ්‍යයවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන නෙමෙයිනේ (නි)
කාට හරි මොනවා හරි උනොත් සේරටම ඉස්සෙල්ල මේ බන්දුල පෙරේරා ගෙන් උපදෙස් ගන්න . ලෝකෙන්ම වැඩියම දේ දන්නා කෙනා එය කියලයි හිතාගෙන ඉන්නේ. මෙච්චර මිනිස්සු දෝෂාරෝපණය කරද්දීත් ලජ්ජා නැහැ. (අ)
දුෂණය කළත් කට වහගෙන ඉන්න. ඒකටත් දුෂණය වූ කාන්තාව තමා වැරදි වෙන්නේ. මුස්ලිම් රටවල් තව හොඳයිනේ බලාගෙන යනකොට. (නි)
පැන්චි තාම පුංචි වැඩියි මිනිස්සු තේරුම් ගන්න.මේ ලෝකයේ ස්වබාවය තේරුම් ගන්න.ඔය හැම සිදුවීමකම පෙනෙන, කියන පැත්ත වගේම නොපෙනෙන නොකියන පැත්තකුත් තිබෙනවා. (නි)
ගුරුවරිය පොලිසිය, උසාවිය තිබෙද්දී මාධ්‍යයට පැමිණිලි කරලා හරියනවද? (නි)
ඒ කාලේදී ඕක කිව්වේ නැත්තේ ඇයි? නොකියන්න හේතුව මොකක්ද? (නි)
ලංකාවේ සාධාරනය ඉෂ්ට වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා ගුරුවරිය, මානව හිමිකම් සංවිධානයට ගිහිල්ලා පැමිණිලි කරන්න. (නි)
මනව හිමිකම් කොමිසමට යන එකට වඩා හැකිනම් ශ්‍රේෂ්ඨාධිකරණයටවත් ගියොත් ටිකක් හරි සහනයක් තිබේවි. එත් ගුරුවරයෙකුට කොහෙද ඒ තරම් මුදලක්? (නි)
පැන්චි,මොන වරද කළත් එයාට ඒක හරි කියලා කියන්න වෙලා තියෙනවා. එහෙම වුණාට සමහර අදහස් දැක්කම මට මතක් වෙන්නේ අර පැරණි කියමනක් තියෙන්නේ" කටේ නරිවාදන් - රෙද්ද පල්ලෙන් පෙරෙනවා " කියලා.අන්න ඒක (නි)
බන්දුල පෙරේරා මහතාගේ අදහස දැඩිව හෙළා දකිමි. (නි)