නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන් වෙනුවෙන් "ගුරු අත් හුරුව" මැයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩමුවක් පැවැත්විණි.
පෙර පාසල් 25 ක ගුරුවරියයෝ 60 මේ සඳහා එක්වු.මෙහිදි නැටුම් ගැයුම් හා සිතුවම් පුහුණුවක්ද ගුරුවරුයන් වෙත ලබා දුන අතර විජය , බිලිඳු ළමා පුවත්පත්වල ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවිර මහතා සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිණි දිනුෂා නිශාන්ති මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්හ.
නෙළුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. කේ .විතාන මහතාගේ උපදෙස් පරිදි මුල් ළමා විය සංවර්ධන නිලධාරිනී අනුෂා රුවන් කුමාරි මහත්මිය විසින් සංවිධානය කළ විජය පුවත් පත් සමාගමේ බිළිඳු පුවත්පත සහ වර්ල්ඩ් විෂන් ආයතනය වෙනුවෙන් එහි අධ්‍යාපන සම්පත් සමිබන්ධි කාරක තුසිත පිරිස් මහතා අනුග්‍රාහකත්වය දැක්වීය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කැපවීමෙන් වැඩකරන අය අතළොස්සකුත්, තමාට මුදල් උපයා ගැනීමට පෙරපාසල් කරන බහුතරයකුත් ලංකාවේ ඇත. මොවුන් මාස 3 හෝ 6 ඩිප්ලෝමාවක් හදාරා, සියළු දේ දත් අයවලුන් ලෙස හැසිරේ. වැරදි උච්චාරන, අක්ෂර වින්‍යාස නොදරුවන්ට කියාදෙයි. මෙය ජාතික ව්‍යයසනයකි. සුළු මානසික ආබාධ ඇත්තවුන් පවා අද පෙරපාසල් පවත්වයි. ළමයින්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
අනේ ඉන්දු, අපි නොදන්නා මෙල්බෝර්න්? ඔයත් ඔය පාඨමාලාව ඉංග්‍රීසියෙන් කළ නිසාද මානසික මට්ටමක් ගැන කතා කරන්නේ. පටලවා ගන්න එපා ඔහේ ඉන්න මවුවරු දරුවෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට දාලා ඇවිදින්න යනවා. ඒ නිසා අඩන වැළපෙන දරුවාව සනසන්න ඔය දේවල් කළාට අපේ අම්මල හොඳට දන්නවා අපේ දරුවන්ගේ මානසික තත්ත්වය. (නි)
අන්න බලව් නාකි රිලව් පිලුම් ගස්සන්නේ. (ස)
මේවා කරන්න ඕනෙ නැත්නම් එක එක් කෙනාට ඕන විදියට ළමයින්ට උගන්වන්න ගිහින් පොඩි උන් අමාරුවෙ වැටෙනවා. මාස 3, 6 ඩිප්ලෝමා කියන ඒවා දෙන තැන් නැවැත්විය යුතුයි. (ස)
අගේ කළයුතු ඉතා හොඳ වැඩසටහනක්? මෙවැනි වැඩසටහන් ලංකාවේ සියලුම පෙර පාසල් ගුරුවරුන්ට ලබා දෙනවා නම්... කුඩා දරුවන්ගේ පෙර පාසල විශ්ව විද්‍යාලයක් වේවි. (ස)
ලලිත් අපෝන්සුලා වැනි උදවිය මෙවැනි පහත් අදහස් පල කරන්නේ මෙවැනි පාසැල් වලට ගිහින් නැති නිසා වෙන්න ඇති. (ස)
ලලිත් අපෝන්සුට පිස්සුද කෙහෙද? මෙතරම් හොඳ දෙයක් අගේ කරන්න දන්නෙ නෑ. (ස)
හොඳයි. (ස)
ඉතාමත් වැදගත් පුහුණුවක්, ගුරුවරයෙක් මනසින් දරුවාගේ මට්ටමට යන්න ඕනේ. දරුවන්ට තේරෙන විදිහට යමක් කියල දෙන්න. මට මතකයි අපේ සමහර උපාධිධාරී ගුරුවරු පන්තියට ඇවිල්ල කතා කලේ තවත් උපාධිධාරී පිරිසකට කතා කරනවා වගේ. මොනවත් තේරුනේ නැහැ. නමුත් ටියුෂන් ගුරුවරු හුඟ දෙනෙකුට දක්ෂකම තියෙනවා. ළමයෙකුගේ මොලයට වැටෙන විදිහට යමක් කියල දෙන්න. මම කියන්නේ අසභ්‍ය කතා උගන්වන එක නෙවෙයි. ළමයාගේ මට්ටමේ ඉඳල උගන්වන එක. මෙය අගය කල යුතු සහ ව්‍යාප්ත කල යුතු වැඩ සටහනක්. (ස)
මං දන්න එක් පෙර පාසල් ගුරුවරියක් ඉන්නවා. එයාගෙ පෙර පාසලට එන ළමයි හවස අතිරේක පංතියකට එවීම අනිවාර්ය කරලා. පොඩි පොඩි තේ කඩ වගේ තියන පෙර පාසල් නැවැත්වීමට ක්‍රියා කළ යුතුයි. අඩුම තරමේ දරුවන්ට දුවන්න පනින්න හා වෙනත් පහසුකම් ඇති තැනක්වත් තිබිය යුතුයි කියලා නීතියක්වත් ගේන්න ඔනෙ. තමන්ගේ ගෙදරම පැත්තක, ඉස්තෝප්පුවෙ කරන්නනෙ සල්ල ගරන්න මිසක් ළමයින්ට යමක් දෙන්න නෙමෙයි. (ස)
මේ පුහුණු ගුරුවරියව දැක්කාහම ළමයි කොහොම වෙතත් අපිටත් බය හිතෙනවා.ළමයි මේවා දැකලා හීනෙනුත් බය වෙන්න පුලුවන්. (ස)
අපෝ ඒක නම් ඇත්ත. අද ලංකාවේ වැඩිපුරම තියෙන්නේ සැලෝන් සහ පෙර පාසල්. ඉස්තෝප්පුවක, ගරාජ් එකක තමයි හුඟක් ඒවා පවත්වන්නේ. ඒවට ළමයි යවන්නෙත් අනේ තරමක් නූගත් දුප්පත් දෙමව්පියොම තමයි. ඇත්තටම හරි මඟ පෙන්වීමක් ඕනෙත් එවැනි පවුල් පසුබිමක් සහිත දරුවන්ට. අවාසනාවට මේ වගේ මගඩි නිසා අ යන්න කියවන තැන ඉඳලම නොමගට යන්නෙත් එවැනි දරුවොම තමයි. (ස)
ඒක අගෙයි.ඒ වුණාට බිලිඳු වැඩ කරන්න ගියොත් කිරි බෝතලුත් සුප්පුත් දෙන්ට වේවිද? (නි)
මෙවැනි පුහුණුවීම් දියුණු රටවල ඉහලින් සලකනවා. ළමා මනසට සරිලන සැහැල්ලු ක්‍රියාකාරකම් කිරීම වැදගත්. (ස)
මොනවා උනත් හරිම ලස්සනයි. (නදී)
දෙයියෝ සාක්කි මෙහෙමත් පුහුණු. ගීතයක තේරුමටවත් නටන්න දන්නේ නැහැ හරක් වගේ උඩ පනිනවා. මෙවැනි වැඩසටහන් හොදයි එයට පිළිවලක් සහ ආකර්ශනීය නැවුම් බවක් තිබිය යූතූයි. පැමිණෙන සියලු දෙනා ඉතා ඕනෑකමකින් ආශාවෙන් කරන පරිදි මට කියන්න තියෙන්නේ ඒ පුහුණුකාරිය කි ගීතය සහ පුහුනු කරවන්නන්ට පුහුණු වීම අවශ්‍යයි.(නදී)
මේ වගේ නුවමන දේවල් වලට තමයි කාලයයි මුදලුයි වැය කරන්නේ. මේවා කියලා දුන්නා කියලා හරියන්නේ නැහැ.(නදී)
දවසක් මම උයන්වත්ත ගුරු විද්‍යාලයට ගියා රාජකාරි වැඩකට. ටීචර්ල කට්ටියක් පිට්ටනියෙ හාවො පනිනව. මම හිතුවෙ රැග් එකක් කියල. ඒ කුඩා ලමයින්ට ක්‍රියාකාරකම් උගන්වන හැටි පුහුනු වෙනවා කියල පස්සෙ දැනගත්තා.(නදී).
ඔය පෙර පාසැල් වලට ඒන ළමුන් මෙහෙම නටනවා දැක්කොත් බය වෙයි නේද? (නදී)
අනේ මේ හුරුවට අර බොරැල්ල පැත්තේ ගහගත්ත ටීචර්ලා දෙන්නවත් යවමුකෝ (නදී)
පිස්සු නැත්නම් හොදයි.(නදී)
අයියෝ!(නදී)
වැඩි හිටි අය පොඩි ළමූන් වගේ මටත් මගේ ළමා කාලේ මතක් උනා හරිම සතූටූයි...!! අගය කල යූතූම වැඩමුලුවක්...!!(නදී)