IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගල් අඟුරු නඩුවට මන්මෝහන් සිං උසාවියේ

කිසිදු විනිවිදභාවයකින් තොරව පෞද්ගලික සමාගම්වලට පතල් කැණීම් සඳහා බලපත‍්‍ර දීම සම්බන්ධ ගල් අඟුරු වංචාවකට හිටපු ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඇතුළු පස් දෙනකුට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

හින්ඩාල්කෝ නැමැති සමාගමට මේ ආකාරයෙන් පතල් කැණීම් හිමිකම් ලබාදී ඇති අතර එම සමාගමේ සභාපති මංගලම් බිර්ලා, හිටපු ගල් අඟුරු සම්බන්ධ ලේකම් පී. සී. පාරාකා ඇතුළු 6 දෙනකුට මේ ආකාරයෙන් විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකයක් විසින් නඩු පවරා ඇතැයි වාර්තා වේ.

හිටපු ඉන්දීය අගමැති ඇතුළු 6 දෙනාට අපේ‍්‍රල් 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද නියෝග කර ඇත.

ආචාර්ය මන් මෝහන් සිං ඇතුළු හය දෙනාට එල්ල වී ඇති චෝදනා වනුයේ කුමන්ත‍්‍රණ කිරීම, දූෂණය හා විශ්වාසය කඩ කිරීම ආදියයි.

මෙසේ දූෂණ චෝදනාවක් එල්ල වීමත් සමඟ තමා ඉන් එක්වරම පුදුම වූ බවත් තමා ජීවිතයේ අවසන් කාලය ගෙවන විට මෙවැනි චෝදනාවක් එල්ල වීම කම්පාවට කරුණක් බවත්, තමා  ඕනෑම නීති කටයුත්තක් ඉදිරියේ පෙනි සිටින බවත් හිටපු අගමැති ආචාර්ය මන් මෝහන් සිං මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. සත්‍ය හෙළදරවු වනු ඇතැයිද ඔහු එහිදි පැවසීය.

අපරාධ පරීක්ෂණ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ද කිසිදු චූදිතයකුට එරෙහිව ඔප්පු කළ හැකි සාක්ෂි නොවූ බැවින් අධිකරණය එම වාර්තාව ප‍්‍රතික්ෂේප කළේය.

හිටපු අගමැතිවරයාට මෙම චෝදනා එල්ල වී ඇත්තේ හින්ඩාල්කෝ  නැමැති සමාගමට ඔඩීෂා ප‍්‍රාන්තයේ කොටසක් කැණීම් සඳහා ලබාදීම සම්බන්ධයෙනි. එම ගනුදෙනුව සිදු වී ඇත්තේ 2005 වසරේදීය. එම පතල මඟින් ඇලූමිනීයම් නිපදවන බවද පැවැසෙයි.

මෙම ගල් අඟුරු ආකරයේ හිමිකම් පෞද්ගලික සමාගමකට විකිණීමෙන් 2012 වසරේදී ඉන්දියාවට ඇමෙරිකන් ඩොලර් බිලියන 33ක පාඩුවක් සිදුව ඇතැයි එරට ස්වාධීන විගණන නිලධාරීහූ පවසති.

1993 වසරේ සිට ඉන්දීය ආණ්ඩුව දුන් සියලූ ගල් අඟුරු ආකාරවල හිමිකම් නැතහොත් බලපත‍්‍ර අහෝසි කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී නියෝගයක් ද නිකුත් කළේය.

ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං ගල් අඟුරු වංචාවකට හසුවීම සම්බන්ධයෙන් කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් කොංග්‍රස් පක්ෂයේ විශේෂ රැස්වීමක් පැවැත්විණි.

එහිදී ඒකමතිකව තීරණය කෙරුණේ මන් මෝහන් සිංගේ නිර්දෝෂිත්වය වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට පක්ෂය සූදානම් බවයි.

හිටපු අගමැතිවරයාගේ අවංක භාවය ඉන්දියාවේ පමණක් නොව මුළු ලොවම දන්නා බවත් නීත්‍යනුකූලව ඔහු වෙනුවෙන් කළ හැකි හැමදෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා කරන බවත් සෝනියා ගාන්ධි මින් මද වේලාවකට පෙර නවදිල්ලියේදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවාය.



අදහස් (0)

ගල් අඟුරු නඩුවට මන්මෝහන් සිං උසාවියේ

දම්මිකා Thursday, 12 March 2015 09:39 AM

මෙහෙ ගලන්අඟුරු නඩුවට කවුද යන්නේ. (අ)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:07 PM

එහෙ බැලුවත් මෙහෙ බැලුවත් දූෂණයම තමයි... (නි)

:       0       0

බටගල Thursday, 12 March 2015 05:44 AM

ඉන්දියාවේ අපට වඩා අපක්ෂපාතී ප්‍රබල නීති පද්ධතියක් සහ ඕනෑම බලගතු පුද්ගලයෙක් වුවත් නීතිය ඉදිරියේ එක සමාන නිසා මේ ගැන හොඳ තීන්දුවක් බල පොරොත්තු වෙන්න පුළුවන්. අපිටත් මෙම නීති ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්නත් ඒවා ආදර්ශයට ගන්නත් ලැබේවා.(දිල්‍)

:       0       0

ඉඳුනිල් Thursday, 12 March 2015 06:26 AM

එහෙ බැලුවත් යහ පාලනේ, මෙහෙ බැලුවත් යහ පාලනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 27 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 259 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 432 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 504 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 304 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 170 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site