දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් ඩබ්ලිව් ගුණසේන පත් කළේය.
ගුණසේකර මහතා හම්බන්තොට පළාත් සභාව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.
අද දහවල් යෙදුණු සුබ මොහොතින් ගුණසේකර මහතා පත්වීම් ලැබීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සාමාජිකයන්ට ගල් ගසා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ උපුල් මහතා ඇප පිට සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිල ඉවත් කළාම ගසට ලොකු සහනයක් වගේම ගසේ වැඩීමටත් ඵල දැරීමටත් ලොකු රුකුලක් . තවත් ඉවත් කළ යුතු මෙවැනි පිළිල ඒමට ඇත. ප්‍රමාදවී හෝ ගත් පියවර පැසසිය යුතුය. (අ)
කිසිම සංවර කමක් , උගත්කමක් නැති මිනිස්සු අැමතිලා වශයෙන් පත්කරගෙන මේ රට දියුණු කළ නොහැක , අලුත් පුද්ගලයා ගැන මම නොදනී නමුත් මොහු ඉවත් කිරීමට ගත තීරණය හොඳයි , (හේ)
මේක අමරවීර මහත්තයගේ වැඩක්. ගුණසේන මහතා අමරවීර මහත්තයගේ ප්‍රධාන ගෝලය (අ)
ඔන්න ඕකයි අන්තිමට වුනේ.(හේ)
මේ වගේ ඡන්දේ දෙන අපිටයි ගහන්න ඕනේ.(හේ)
ගල් ගහලම යවන්න තිබුනේ.(හේ)
මෙසේ වෙන්න ඕන. අනිත් අය මේක ආදර්ශයට ගන්න ඕන. (ම)
මේවා කරන තරමට රාජපක්ෂ ගොඩ දිනෙන් දින වැඩි වෙන බව මෛත්‍රීට තේරුම් කර දෙන්න කෙනෙක් නැත්ද? (ම)
හොඳ වැඩේ. ඊළඟට තෙවරප්පෙරුමට (ම)
නුසුදුස්සන් රජ කරවීමේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පයින් ගහමු. (නි)
අපේ රණවිරුවෙකුට නින්දිත විදිහට සැළකූ අර මහා ඇමතිකමටත් වෙන කෙනෙකු ඔය විදිහට පත්කරන්න පුලුවන්ද? (නි)
දර්ශන, ඔබ හරියටම හරි. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ ඔක්කොම වැටිලා ඉන්න මුලාව හින්දයි. කවදා මේක හරියාවිද? කව්ද ඒක කරන්නේ? (නි)
හොඳ වැඩක්. මෙහෙම තමයි කරන්න ඕනෑ. දැන් ඉන්නකෝ පලා බබෙක් වෙලා තව අවුරුදු ගානක්. රිස්වාන් හරි. (නි)
කරුණාකර බැසිල් මහතා හොඳින් බලාගන්න. ඉදිරි අනාගතයේදී ඔහුගේ වැදගත්කම බොහොම උසස් එකක්වේවි. ඔහුට ඉක්මන් සුවය පතමු. (නි)
එතකොට එතනෝල් කට්ටිය? (අ)
මේවට යටින් තියෙන ගේම් දන්නේ, තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.එෆ් සී අයි ඩී කතා අදද ජනාදිපති දැනගත්තේ? ධීවර ඇමතිගේ ගෝලයට ඇමතිකම දීල, තමන්ට විරුද්ද අය පාලනය කරන එකයි මේ කරන්නේ.අවාසනාවට තාමත් මේ ලනු කන පිරිසක් ඉන්නවනේ. (අ)
වේවැල අතට අරන් ළමයි ප්‍රවේසමෙන් හොඳේ ! (අ)
හොද වැඩක් කට තියාගෙන ඉන්න බැරිවට කරගන්න දේවල් තමයි (බ)
අපච්චිට බලේ තිබෙන කොට උපුල් මාමට කලේ කුඩම්මාගේ සැලකිලි , අප්පචි බලේ ඉන්නකොට පාර්ලිමේන්තු මැතිවරනේදී කවදාවත් මෙයාට ටිකට් එක ලබාදුන්නේ නැහැ , මෛත්‍රී මහතාගේ පිලේ ඉන්නේ නැතුව බොරුවට උඩ පනින්න ගිහින් පස්ස බිම ඇන ගත්ත නේද මාමේ ? පුහුල් ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරම්වත් මොලයක් නැත (අ)
මේක ජනාදිපති තුමා පත් වූ ගමන් කළානම් අපට අගය කරන්න තිබුණා. නමුත් එතුමාගේ පැත්තට නැති වුණාම තමයි මෙහෙම කරන්නේ, එතකොට අපට ලජ්ජයි. මේවා ඉතින් මොලේ කළදක් හරි තියන අයට තේරෙනවා . (අ)
හම්බන්තොට පළාත් සභාව ?(අ)
මැරිච්ච අප්පොච්චිට පන දෙන්න ගිහින් උපුල් මාම මලා වගේ (අ)
තව වැරදි කරන අය ඉන්නවා. ඒ අයටත් වේවැල ගත්තනම් හොදයි නේද? (අ)
එතකොට වේදිකා ගිනි තියපු අයට (අ)
මේ ඔක්කොටම කුරහන් සාටක දන්නා. අලුත් ලොක්ක ඇරෙන්න. (අ)
ලෙස්ලි බලය තිබෙන කොට මොලේ නැහැ කියලා කියමනක් තිබේ න(අ)
මෙවැනි මැර ප්‍රකාශ ඉස්සරනම් වලංගුයි. ඉස්සර අත්පුඩි ගහනවා. නමුත් ජනතාව මනා බුද්ධියෙන් සිටිය යුතුයි. ඒවාට අත්පුඩි ගහන, උල් පන්දන් දෙන කොටසක් තවම ඉන්නවා. ඉස්සර ලොකු අය පාතාල නායකයන්, කුඩු මුදලාලිලා බලන්න අහසින් ගියේ. (අ)
අර පාලනයේ හිටපු සෙන්පතියෙක් (අ)
කළ කම් පල දේ.(හේ)
එම තීරණය අගය කරමි. රටෙ නිතීයට පයින් ගහන මිනිස්සුන්ට දඩුවම් කල යුතුය. මර්වින් සිල්වා කල හැම ජරා වැඩක්ම අනුමත කළ ඒ කාලේ නායකයන් වගෙ හිටියොත් ඔබට වෙන්නෙත් එ ටිකමයි. එම නිසා මෙම කල දෙය අගය කරමි. (අ)
මාළුවා කට හින්දා නහින වාලු. (අ)
එක පාරම මෙයා ඉවත් කළේ ඇයි.(හේ)