ශ්‍රී ලංකාවට ආවේනික වූ ගල්පාඬියා නම් දුර්ලභ මසුන් 231ක් කරවිටකන්ද රක්ෂිතයෙන් ඇල්ලූ දෙදෙනෙක් රත්නපුර මහේස්ත්‍රාත් කේ බී එම් සමන්කුමාර මහතා විසින් ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම මසුන් මීගමුවේ සංචාරක හෝටලයකට විකිණීමට නියමිතව තිබූ බවත්, එම හෝටලය මසුන් විදේශ රටකට යැවීමට සිටි බවත් පලාබද්දල වන සත්ත්ව ආරක්ෂණ කාර්යාලයය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම මසුන් ඔවුන්ගේ පැවැත්මට උචිත ස්වභාවික මිරිදිය පරිසරයකට මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ගල් පාඬියා රතු දත්ත පොතට ඇතුළත් දුර්ලභ මාළුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියේදී පිටුපස ඉන්න ලොක්කෝ අල්ලන්න. රට යවනවා නම් සංවිධානාත්මක කණ්ඩාමක් පිටුපස්සේ ඇති (අ)
සල්ලි තන්නාසේට අම්මා තාත්තා මරණ රටේ මාළු ගැන කුමන කතාද ? (ත)
හොරුන් මේ තරම් ප්‍රමාණයක් අල්ලා ගනු ලබන්නේ නිලධාරීන්ගේ ඇති දක්ෂ තාවය නිසා නොව, රටේ ජනගහනයෙන් වැඩි දෙනෙක් හොරුන් වීම නිසාය. මෙය දිනක "චෞර රාජ්‍යය" නමින් ලොව පතළ වෙනු ඇත. (අ)
මේ මාලු ආපේ ගෙවල් ලග ඇලක ඉන්නවා. ඇති තරම් ඇලට බැස්සම කකුල්වල එල්ලෙනවා මේ මාලු.(නදී)
මසුන්ට සුදුසුම පරිසරය තමයි - දෙහිවල සත්වොද්‍යානය ... එතනට මුදාහරින්න(අ)
ජනතාවගේ මාළු කන එවුන්ට මේ මාළුන්ව කනවා කියන එක මහා ලොකු දෙයක්ද? (අ)
දේශප්‍රේමයේ නාමයෙන් ඕන හොර වැඩකට දැන් ඉඩ තියෙනවා . (අ)
ගල් පාඬියා රිමාන්ඩ් කරල මදි! (අ)