IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගාලු පාරේ මල් පෝච්චි ඉවතට

අලියගහමැදුර ඉදිරිපිට යකඩ ආධාරක මත තබා තිබූ කුඩා මැටි මල් පෝච්චි අද (28) පෙරවරුවේ ඉවත් කැරිණි.

ඒවා ගම්පහ සෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට බාරදීමට නියමිතය.

21 22 23  24



අදහස් (0)

ගාලු පාරේ මල් පෝච්චි ඉවතට

පුර්ණ Saturday, 28 February 2015 10:44 AM

අයියෝ රටකට ගිය කල (නදී)

:       0       0

සම්පත් කුමාර Saturday, 28 February 2015 10:45 AM

යම් දෙයක පැවැත්ම තියෙන්නේ නඩත්තුව නිසා කියලා අපේ සමහර අයට හැගීමක් නැහැ (නදී)

:       0       0

කසුන් චතුරංග Saturday, 28 February 2015 10:49 AM

ඕක ලස්සන බව ඇත්ත. නමුත් අනවශ්‍ය වියදමක් (නදී)

:       0       0

අමල් Saturday, 28 February 2015 10:56 AM

විරුද්ද පක්ෂට ඡන්දෙ දීපු මෝඩයෝ ටික ඇවිත් ගොන් කතා කියනවා. මෙන්න මේක තමයි ඉවත් කරන්න හේතුව. අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්පයේ සැරසිල්ලක් ලෙස යොදා තිබුණු හතළිස් පන්දහසක් පමණ වන මල්පෝච්චි තොගය අද එම ස්ථානයෙන් ඉවත් කර දැමුණා. ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙම මල්පැල සැරසිල්ල සකස් කෙරුණේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කරමින්. සාමාන්‍යයෙන් මාසයකට එහි තිබුණු මල්පැල තුන්දහසක් පමණ මියගිය බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. එ්වා වෙනුවෙන් නව මල්පැල අඩංගු පෝච්චි තැන්පත් කිරීමට සිදු වූ බවත් නඩත්තු හා මාසික ජල බිල වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් එම කාර්යාලය සඳහන් කළා. පසුගියදා මෙම මල්පැල පරීක්ෂා කළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ මල්පැල බේරා ගැනීම සඳහා පොච්චිවල පස් ඉවත් කර අලූත් පස් යොදවන ලෙසයි. එවැනි කටයුත්තක් සඳහා තවදුරටත් මහජන මුදල් නාස්ති කළ නොහැකි බැවින් එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කළා (නදී)

:       0       1

ගයන් Saturday, 28 February 2015 10:57 AM

දිනපතා නඩත්තුවට ඔය කියන තරම් මුදලක් යන්නේ නෑ මම හිතන්නේ. මම දිනපතා මේ අසලින් යනවා එනවා. කවුරුවත් නඩත්තු කරනවා පේන්නේ නෑ . වතුර වැටෙන්න බට හයි කරලා තියෙන්නේ. එතකොට ගම්පහ උද්‍යානයේ දී මේවට වතුර දාන්නේ නැද්ද. ඒවාට වියදම් යන්නේ නැද්ද (නදී)

:       0       0

අමල් Saturday, 28 February 2015 10:59 AM

මමත් ගිය සතියෙ මේක දැක්කා. දැක්ක පළමු පාරම මගේ හිතටත් ආවෙ මොන තරම් සල්ලියක් මේ බොරු වැඩේට වියදම් කරලද කියලා. එතන එකම ජාතියෙ චූටි මල් පෝච්චි දහස් ගානක් එක ගොඩේ තියල තිබුනේ. ඒකෙ වියදමට සරිලන ලස්සනක් නම් තිබ්බෙ නැහැ. මල්වලට වඩා පේන්නෙ කැත කෘත්‍රිම පෝච්චි ගොඩක්. ඔයිට වඩා අඩු වියදමකින් ඔතන කොයිතරම් ලස්සන කරන්න තිබ්බද. අඩුම තරමෙ ඕක නඩත්තු කරන්න විතරක් දවසකට රුපියල් ලක්ෂයක්වත් යන්න ඇති. මෙතන කමෙන්ට් කරල තියෙන අය අඩුම තරමේ මේක දැකලවත් නැහැ. (නදී)

:       0       0

රූපවතී Saturday, 28 February 2015 11:08 AM

මේ රටේ ඉන්න මිනිසුන් කවදා හැදෙයිද මන්දා? පිටරැටියෙක් අපේ රටට එනවිට අපේ රට ලස්සනට පිරිසිදුවට තියෙන්න ඕනෑ තමයි.මහින්ද ජනපතිතුමා හැදුවේ කොළඹ නගරය යුරෝපීය නගරයක මෙන් පිරිසිදුවට අලංකාර නගරයක් කිරීමටයි. එවැනි දෙයක් එතුමා කළා නම් අද ඉන්න අයට පිටරැටියෙක් එනවිට කොපමණ ආඩම්බරද? මෙතැන සිටින පිටරටක එකවතාවක් හෝ ගිහින් තිබෙන බුද්ධිමත් පුද්ගලයෙක් නිකමට හෝ සිතන්න ඒ රටවල කිසිම ප්‍රමිතියක් නැතුව අපේ රටේ වගේ පාරේ කුඩාරම් ගහගෙන වෙළඳාම් කරන්න දී තිබෙනවද කිසිවෙකුට කියලා. කොපමණ ලස්සනද ඒ නගර? සිංගප්පුරුව පිරිසිදුව තියාගෙන ඉන්න ඒ රටේ රජය මහජන මුදල් නොවෙයිද වියදම් කරන්නේ? (නි)

:       0       0

යසපාල Saturday, 28 February 2015 11:10 AM

සමහර උදවිය කියනවා නඩත්තුවට සල්ලි යනවා කියලා. එහෙනම් ඒ උන්නැහලාගේ ගෙවල් වල තියෙන මල් පැලත් ඉවත්කරන්න වහාම. එතකොට මාසෙකට ලක්ෂයක් විතර ඉතුරු කරගන්න පුළුවන්නේ එයාලටත්. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 28 February 2015 11:13 AM

ගම්පහට ගිහින් දැම්මහම නඩත්තුව කවුද දරන්නේ? ඊට වඩා නරකද මල්ගස් ටික වෙන්දේසි කළා නම් (නි)

:       0       0

රෝයි Saturday, 28 February 2015 11:15 AM

රටක අගනගරය අලංකාරයට තිබෙන මල් ටික ඉවත් කිරීමෙන් රජය විශාල මුදලක් ඉතිරිකරන බව ජනතාවට පෙන්වීමට උත්සාහ කරනවා. මුදල් නාස්තිය අඩුකරන්න එකදෙයක් කියන්නම්. දේශපාලකයින් වසර පහෙන් විශ්‍රාම යාම අවලංගු කරන්න. (නි)

:       0       0

කසුන් Saturday, 28 February 2015 11:18 AM

මේ මල්පෝච්චි ටික පාරේ යන මිනිසුන්ට ලොකු කරදරයක්. ඉවත්කළ එක ලොකු දෙයක්. අයියෝ සල්ලි! හි හි හී.. මේකට කියන්නේ යහපාලනය කියලා හො‍ඳේ.ගාලු පාරේ දිගටම තියන මල් පෝච්චි ටිකත් ඉවත්කරන්න ඕනෑ. නැත්නම් කොහෙන්ද සල්ලි?? මිනිස්සු ඡන්දෙ දුන්නේ හදපුවා කඩන්න මිසක් සංවර්ධනය කරන්න නෙමෙයි වෙන්න ඇති. අපරාදේ මගේ චන්දෙ! (නි)

:       0       0

ක්‍රිස්ටි Saturday, 28 February 2015 11:31 AM

එතන ලස්සනට තිබුනා. අපරාදේ! (නි)

:       0       0

නාලනී Saturday, 28 February 2015 11:37 AM

දියුණු රටවල ලස්සන දකින්න ලැබෙන්නේ නැති අපේ කට්ටිය කෑගහනවා. (නි)

:       0       0

‍යහපාල Saturday, 28 February 2015 11:41 AM

හැමදේකටම බොරුවට අදහස් දාලා විතරක් වීරයො වෙන්න හදන අය තමයි මේ රටේ ඉන්නෙ. කවුද මේවා නඩත්තු කරන්න සල්ලි දෙන්නෙ? ඔය කෑගහන කට්ටියද? (නි)

:       0       0

රජීව Saturday, 28 February 2015 11:49 AM

සංවර්ධනය වෙන රටක සහ නොවෙන රටක වෙනස!අපේ ගෙවල් වල වුණත් වැඩක් කරනවා නම් බිල් වැඩියි වියදම වැඩියි. මොකුත් කරන්නේ නැත්නම් වියදමක් නැහැ. ඉතුරු කරන්න දක්ෂ වෙන එකට වැඩිය වටින්නේ හම්බ කරන්නට දක්ෂ අයයි. (නි)

:       0       0

අරවින්ද Saturday, 28 February 2015 11:57 AM

අවට ලස්සන තිබුණාම යහ පාලනයට හානි වෙනවාලු, මල්පැල හිටවපු එකෙත් කොමිස් ගහලාලු, හොරා කාලාලු. ඒ නිසා වහාම ඉවත් කරනවලු.(නදී)

:       0       0

සමන් අනුර Saturday, 28 February 2015 12:09 PM

දින 100 වැඩක් නේ මේකත් (නදී)

:       0       0

රුවන් Saturday, 28 February 2015 12:12 PM

වට රවුම් වල තියෙන මල් පැලත් අයින් කරන්න. ඒවත් නඩත්තු කරන්නේ මහජන සල්ලිනෙ නගර සබාවලින් කලත් (නදී)

:       0       0

අමිල Saturday, 28 February 2015 12:19 PM

මල් පැල තිබුනා කියලා මොකද වෙන්නේ? (නි)

:       0       0

ගයාන් Saturday, 28 February 2015 12:32 PM

තමන්ට නැති බලයක් අතට අරගෙන සමහරු වැඩකරන්නේ (නි)

:       0       0

ජනිත් දිල්ෂාන් Saturday, 28 February 2015 12:35 PM

ඔය කියන විදියට අලංකරණය වෙනුවෙන් වියදම් කරන මුදල් නාස්තියක් කියලා කියනවා නම් මුලු කොළඹම ලස්සනට හදල තියන තැන් අායිත් අර ඉස්සර තිබ්බා වගෙ ජරා කුණු ගොඩවල් වගේ තියෙන්න හදන්න ඕනේ. ලෝකේ රටවල් දියුණු වෙමින් නගර අලංකාර වෙමින් තිබෙන කොට, ලංකාවෙත් කොළඹ පොඩ්ඩක් ලස්සනට හැදුවම අපේ රටේ ඒවා විනාශ කරමින් ආපස්සට යනවා. පිටකොටුවේත් අායිත් පදික වේදිකා වෙළදාමට අවසර දීලා.(නදී)

:       0       0

නිහාල් Saturday, 28 February 2015 12:38 PM

මේවාට සැපයම්කරුවෝ ඉන්නවා. ඒවාට නඩත්තුවලට මාසිකව ගෙවනවා. කොටසක් පිටිපස්සේ ඉන්න කණ්ඩායමට ලැබෙනවා එතකොට කාට කාටත් මල්වවන්නම හිතෙන එක පුදුමයක්ද (නදී)

:       0       0

කසුන් Saturday, 28 February 2015 12:39 PM

හැමෝම දේශපාලඥයෝ තමන්ගේ ගෙවල් වල තියෙන මල් ගසුත් ගලවල දාන්න. අපරාදෙනේ සල්ලි යනවනේ නඩත්තු කරන්න.(නදී)

:       0       0

චමී කන්නන්ගර Saturday, 28 February 2015 12:47 PM

පාර ඇරල නිසා ඔතනින් යන එන අය ඔය මල් ගස්වලින් අතු පැල කඩනවලු (නදී)

:       0       0

චමින්ද Saturday, 28 February 2015 12:52 PM

මේවා නඩත්තු කරන්න සල්ලි ගොඩක් වියදම් වෙනවා කියන කට්ටියට කියන්නේ. පොඩ්ඩක් රටින් පිටට ඇවිත් බලන්න අනික් රටවල මිනිස්සු රට ලස්සන කරන්න මොනවද කරන්නේ කියල. ඔහොම ලියන අය තමයි සල්ලි වලට ලෝබකමේ. හරියට ඇදුමක් වත් ලස්සනට අදින්නේ නැත්තේ. මොකටද බොරු වියදම් කරන්නේ ලස්සනට අදින්න කියල. අන්තිමට පස් වෙනවා ජීවිතේ විදවල. විදින්නේ නැතුව (අ)

:       0       0

ජෙහාන් Saturday, 28 February 2015 12:56 PM

මල් පැල ඕන කියන උදවිය උදේ හවා වැඩට යන එන ගමන් එතනට ගිහින් ඒවාට සාත්තු කළා නම් හරි. (අ)

:       0       0

ගාමිණී Saturday, 28 February 2015 01:04 PM

මේකේ තිබුන ලස්සනක් නෑ. ඇත්තටම බොරු වියදමක් විතරයි. (අ)

:       0       0

දුමිඳු Saturday, 28 February 2015 01:07 PM

නඩත්තු වියදම බොහොම සැරයි. ඉවත් කිරීම ලොකු දෙයක්. ලස්සනට වෙන දෙයක් කරන්න.(අ)

:       0       0

රොෂාන් Saturday, 28 February 2015 01:16 PM

ඕනවට වැඩිය දගලනවා ..මෝඩ කම කියන්නේ මෙන්න මේ දේට මහජන්දෙදි ගෙදර තමා මෙයාල (අ)

:       0       0

අවන්ති Saturday, 28 February 2015 01:26 PM

යහ පාලනයට මල් හොද නැහැලු. (අ)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:27 PM

[මේකේ ඉන්නේ මාර පිස්සු මිනුස්සු ටිකක්. මාසයකට ලක්ෂ ගණන් වියදම් කර කර ඕක නඩත්තු කරනවට වඩා කරන්න තව කොතරම් දේවල් තිබේද.] හරි හරි ඔයාගේ ගෙදරත් ලස්සනට තිය ගන්න එපා මොකද වියදම් වෙනවනේ (අ)

:       0       0

ප්‍රතාප Saturday, 28 February 2015 01:29 PM

මල්ගස් කියන්නේ ස්වභාවධර්මයේ දායාද මිනිසාගේ මානසික සුවය සහ ආතතියට දිව්‍යමය ඔසුවක් නිවුනබව, ශාන්තිය ,තැන්පත්බව ,ලැබීමට ව්‍යාකූල පරිසරයක් තුල මෙවන්පසුබිමක් තිබීම මේ තුල ජීවත් වන අයට සහ දකින අයටද සුවපත් බවක් ලබා දෙන්නේමයැ. (ස්වභාවධර්මයට ගරු නොකරන කෙනාට ස්වාභාවධර්මයද ගරු නොකරන්නෙමයැ). (අ)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:29 PM

[බොරුවට කෑ ගහන අයටයි කියන්නේ.මේවා නඩත්තු කරන්ඩ සේවකයෝයි මුදලුයි කොච්චර යනවා ඇතිද?] රට රකින්නන් නඩත්තු කරන්ඩ හමුදාවයි මුදලුයි කොච්චර යනවා ඇතිද? (අ)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:33 PM

මේවා නම් මහ ගොන් බූරු වැඩ..මල්පල තිබ්බ එකද? ඉවත් කරපු එකද? කටාර් වලට ගිහිල්ල තිබෙනවානම් දකින්න පුළුවන් මල් පල වලින් නගරය කොපමණ අලංකාර කොරලද කියල. (අ)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:38 PM

විරංග කොළඹ නගරයේ ලස්සන දකින්න පුළුවන් ලස්සන දකින ඇස් වලට පමණයි. පිටරැටියෝ දහස් ගණනක් සුපිරි බස් වලින් ඔය පාරේ යනවා. ඔවුන් පොටෝ ගන්නවා ඒවා තම රටේ අයට පෙන්වනවා එතකොට ආඩම්බර කාටද? (නදී)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:40 PM

ඕකට නාහෙන් අඬන මහත්තුරු දන්නවද ඕක බොරු වියදමක් කියල? ඔයාගේ ගෙදර දොර රෙදි ජනෙල් රෙදි දාල තිබෙනවද ඒවත් බොරු වියදමක් නේද? (අ)

:       0       0

හසන් Monday, 02 March 2015 01:27 PM

ඔබලාට තිබෙන ලොකුම වියදම මේ මල් පෝච්චි ටික නඩත්තු කරන එකනම් ඒවා අයින් කලාට කමක් නෑ. නමුත් මෙ වගේ නගරය ලස්සන කරන පෝච්චි තායිලන්තය වගේ රට වල මුලු නගරෙම කරලා තියෙනවා. රටේ තියන දෑවෙන ප්‍රශ්නයක්නෙ මේක. ඒක නිසා කමක් නෑ.(නදී)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:41 PM

රොහාන් රද්දොලුව ඔබ හරි. විසිල් ගහන්නේ ටෝයියෝ නොවෙයි කබ්බෝ(අ)

:       0       0

බණ්ඩා Saturday, 28 February 2015 01:42 PM

මේවා නඩත්තු කරන්න මහජන මුදල් දැන් වෙන් කරන්නේ නෑ, කරුණාකරලා බයියෝ මේවා මැද මුලනට ගිහින් දාන්න.(අ)

:       0       0

බමුණු Saturday, 28 February 2015 01:43 PM

ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ . කව්ද ඔය බෙර කරය? කීවානම් ආයුබෝවන් (අ)

:       0       0

මැක්සි Saturday, 28 February 2015 01:47 PM

මේවගේ බූරු රැලක් පත් කරගත්තු හරක්ට පෙනේවා....(අ),

:       0       0

දිනෙල්ක‍ Saturday, 28 February 2015 01:51 PM

මල් පැලයක් කොච්චර ලස්සනද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රුවන් Saturday, 28 February 2015 01:54 PM

මේ මල් පැලවලට වතුර අඩුවෙන් ජීවත්වෙන්න පුළුවන්. මම දන්න තරමින් මේවට කියන්නෙ රෝහියෝ කියලා. ඕනම ශුෂ්ක පරිසරයකට ඔරොත්තු දෙන්න පුළුවන්. මේ පැල ඉවත්කරලා කොපමණ මුදලක් ඉතිරි කරනවද කියලයි මට ප්‍රශ්නය. (නි)

:       0       0

ලියනආරච්චි Saturday, 28 February 2015 01:55 PM

මිනිසුනේ, දැන්වත් පෙනෙනවද රඟ! (නි)

:       0       0

ජීවන Saturday, 28 February 2015 02:00 PM

මීට වඩා විනාශ ලංකාවේ තව කොච්චර තිබෙනවද? (නි)

:       0       0

වික්‍රම Saturday, 28 February 2015 02:04 PM

මම අවුරුදු නවයක්ම ඔය ගෙදර ළඟින් කැම්පස් එකට වැඩට ගියා. ගෙදර බැම්ම වෙනස් වුණ විදියට ගෙදර අයිතිකරු වෙනස් වුණ ආකාරයත් දෑක්කා. අද මම එන්ගලන්තයේ නායකතුමගේ ගෙදර ළඟින් යනවා. මෙහේ නායකයො කොච්චර සාමාන්‍යය ජීවිතද ගතකරන්නේ කියලා දකිනකොට අපි ගෑන ඈත්තටම ලැජ්ජා හිතෙනවා. ලංකාවේ සිංහල බහුතරය තාම කෑමති රජ පාලනයට. ලංකාවෙ මිනිසුන්ට කියලා දෙන්න ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදය. (නි)

:       0       0

ජයන්ත Saturday, 28 February 2015 02:07 PM

වෙන රටවල් කොයිතරම් වියදම් කරනවද නගර අලංකරනයට. යහපාලනය කියන්නේ මේකද? ඔය මල් පැල තව තැනකට ගෙනගියාම නඩත්තු කරන්නේ කොහොමද? අරාබි රටවල් කාන්තාර මල්වවලා ලස්සන කරලා. (නි)

:       0       0

පාල අයියා Saturday, 28 February 2015 02:24 PM

හරි ලොකු වැඩක් කරලනේ. ෂා මාරයි. ඔහොම තමයි ඉන්න ඕනි. දැන් එහෙනන් ලොකූ ගානක් ඉතුරුවෙයි නේ. ජනතාවට තවත් කොත්තමල්ලි ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි. (නදී)

:       0       0

පාල Saturday, 28 February 2015 02:24 PM

හරී ලොකූ වැඩක් කරලනේ. නියමයි! ඔහොම තමයි ඉන්න ඕනෑ.දැන් එහෙනම් ලොකූ ගානක් ඉතුරුවෙයිනේ. (නි)

:       0       0

විජේදාස Saturday, 28 February 2015 02:27 PM

මේ වගේ වැඩ තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

අනුර Saturday, 28 February 2015 02:58 PM

අයි.එස් කාරයන්ට රට අයිති උනා වගෙයි. (නදී)

:       0       0

යොහාන්‍ Saturday, 28 February 2015 02:58 PM

මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

ගමගේ Saturday, 28 February 2015 04:07 PM

මේ මල් පැල ටික ගම්පහ මල් වත්තට යවනවලු වියදම අඩු කරන්න. දැන් තමයි මට තේරුනේ මමත් අපේ ගෙදර ඉස්සරහ තිබුණු මල් පෝච්චි ටික පිළිකන්නේ තිබ්බා එතකොට පිටිපස්සේ ටැප් එකෙන් වතුර දාල වියදම අඩුකර ගත හැකියි.(නදී)

:       0       0

ගමගේ Saturday, 28 February 2015 04:11 PM

මේ මල් පැල ටික ගම්පහ මල් වත්තට යවනවලු වියදම අඩුකරන්න.දැන් තමයි මට තේරුනේ. මමත් අපේ ගෙදර ඉස්සරහා තිබුණු මල් පෝච්චි ටික පිළිකන්නේ තිබ්බනේ. එතකොට පිටිපස්සේ ටැප් එකෙන් වතුර දාලා වියදම අඩුකර ගන්න පුලුවන් (නි)

:       0       0

නීලා Saturday, 28 February 2015 04:45 PM

මේ යහපාලනෙන් කියන්නේ රටේ රාජය නායකයා පොල් අතු පැලක ඉන්න ඕනෙ කියලද ? මම හිතන්නේ නෑ මේ බොරු වැඩ වලින් මිනිසුන්ව තවත් රවටන්න පුලුවන් කියා (නදී)

:       0       0

නෙරාන් Saturday, 28 February 2015 04:47 PM

දැන් යහපාලනයෙන් කියන්නේ රටේ රාජ්‍ය නායකයා පොල් අතු පැලක වගේ තැනක ඉන්න ඕනෑ කියලද? ඡන්දෙ දීපු මෝඩකම කියලා හිතෙනවා. (නි)

:       0       0

සේතන් Saturday, 28 February 2015 04:58 PM

සමහරුන්ට බඩේ බත් නැතත් ලස්සන ඕනෑ (නි)

:       0       0

සේතන් Saturday, 28 February 2015 04:59 PM

අනේ හොඳයි මේවා මැද මුලනට ගෙනියන්න. එයාටනේ බඩේ බත් නැතත් ලස්සන ඕනේ (නදී)

:       0       0

සේතන් Saturday, 28 February 2015 05:00 PM

අනේ හොඳයි. මේවා මැදමුලනට ගෙනගියා නම් තවත් හොඳයි (නි)

:       0       0

කවිෂ් Saturday, 28 February 2015 05:26 PM

ගහක මලක ලස්සන දකින්නත් එහෙම හිතක් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

වීරසිංහ Saturday, 28 February 2015 05:36 PM

අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)

:       0       0

අනන් Saturday, 28 February 2015 05:41 PM

ඕක බොරු වියදමක්. මාසයකට ලක්ෂ ගණන් වියදම් කර කර ඕක නඩත්තු කරනවාට වඩා ගම්පහ මල්වත්තට යවන එක හොඳ වැඩක්. එතනට ආදායමක් එනවා. (නි)

:       0       0

ගගන Saturday, 28 February 2015 05:55 PM

මේවා ආණ්ඩුවක් කරන වැඩද ? (නදී)

:       0       0

රසිකා Saturday, 28 February 2015 06:48 PM

ඡායාරූපයක් බලා කට්ටිය බොරුවට බෙරිහන් දෙන්නේ නැතුව හරියටම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. බමුණු, බොරුවට කියවගෙන කියවගෙන යන්න එපා. ගෙදරත් ඔහොමද? (නි)

:       0       0

ප්‍රභාෂ් Saturday, 28 February 2015 06:56 PM

ඔය පෝච්චි වලින් ආරක්ෂාව එන්නෙ කොහොමද කියලා සමහරු අහලා තිබුණා.ඇයි හමුදා ක්‍රියාන්විත වලදි සෙබලු හිස් ආවරණයේ තණකොළ අතු කෑලි ගහගන්නෙ.සටන් බිමට ගැළපෙන වර්ණ අඳින්නෙ.සතුරාට දුර සිට නොපෙනෙන්න. මෙතනත් ඒකමයි කරලා තියෙන්නෙ.තාප්පෙට විතරක් නෙමෙයි උඩින් තිබෙන ආරක්ෂක අට්ටාලත් ගස්කොළන් වල රූප තිබෙන ස්ටිකර් ගහො තියෙන්නෙ ඈතට එතන මුර අට්ටාල තිබෙන බව නොපෙනෙන්න. නරකද මේවත් කැත නිසා ලස්සන කැපීපෙනෙන පාටක් ගාලා ගත්තා නම්.දැන් ඔය පැල ටික ගම්පහට ගෙනගොස් නිකම් විසිකරලා දානවද? එතනත් නඩත්තු කරනවා නේද? (නි)

:       0       0

යොමාල් Saturday, 28 February 2015 06:58 PM

ඔය තියෙන්නේ වෙනසක්. අයියෝ සල්ලි! (නි)

:       0       0

විජිත Saturday, 28 February 2015 08:59 PM

මීට වඩා කරන්න වැඩ නැද්ද? (නි)

:       0       0

නාලනී Saturday, 28 February 2015 11:12 PM

අපේ ගම්වල මිනිස්සු මෝඩ නැහැ හිතන තරම් (නි)

:       0       0

කමල් Saturday, 28 February 2015 11:48 PM

තාප්පය වටේට දැන් ඊළඟට මොනවද හිටවන්නේ? (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 01 March 2015 12:59 AM

මේවා ඉවත්කළ හේතුව අපේ සල්ලි ලක්ෂ ගණන් මේවා නඩත්තු කිරීමට වියදම්වීම.මහජන මුදල් ඉතිරිවීම ගැන මම නම් සතුටුයි (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 01 March 2015 02:22 AM

එතකොට මේවා ගෙනගොස් දාන තැන්වල මේවා නඩත්තු කරන්නේ කාගේ සල්ලි වලින්ද? (නි)

:       0       0

ජෙසීමා Sunday, 01 March 2015 02:52 AM

හිත ලස්සන නැත්නම් මොනවා වෙනස් කලත් වැඩක් නැහැ. (නදී)

:       0       0

ඉන්දික Sunday, 01 March 2015 03:04 AM

දැන් එතකොට අර ඇමතිවරුන්ගේ වාහන? ඒවායින් මුදල් ඉතුරු වෙනවද? මල්පෝච්චි වගේද වාහන නේද?? (නි)

:       0       0

විෂාන් Monday, 02 March 2015 04:30 AM

ළඟදීම කොළඔට පේමන්ට් කාරයෝ වැහැ වහලා පාරේ යන්නවත් බැරිවෙයි. (නදී);

:       0       0

ලලිත් Sunday, 01 March 2015 04:01 AM

ලෝකයේ ගොඩක් නගර සහ වැදගත් ස්ථාන ලස්සනට පවත්වාගෙන යනවා. එ්ක රටේ ප්‍රතිරූපයට වැදගත්. (නදී)

:       0       0

ජයසේකර Sunday, 01 March 2015 04:47 AM

එතකොට අර කොළඹ තැන තැන පාර අයිනෙ තියල තියෙන මල් පෝච්චි එහෙමත් අයින් කරමු. එතකොට ලස්සනට හදල තියෙන පාක් ටිකත් අයින් කරල දාල ඒ තැන් වල මොනව හරි ගොඩනැගිලි ටිකක් හදමු. එතකොට ඒව කුලියට දීල හරි කීයක් හරි හොයාගන්න පුලුවන්. පේමට් වල වෙලදාම් කරන්න දීල පදිකයන්ට පාරෙන් යන්න කියමු. එතකොට පේමන්ට් එකෙනුත් කාට හරි වැඩක් තියෙනවනෙ. (නදී)

:       0       0

මහේෂ් Sunday, 01 March 2015 05:31 AM

කොන්ද කෙලින් තියාගෙන රටේ යුද්දයකුත් ඉවර කරලා රටත් සංවර්ධනය කරලා රට ලස්සන කරපු නායකයත් එක්ක තියෙන තරහට කරන වැඩ මේවා. අපි වැරදි තිබුනේ නැහැ කියන්නේ නැහැ. එ්ත් මේ කරන විනාශය තේරෙද්දී පරක්කු වැඩි වෙලා තියෙයි (නදී)

:       0       0

ජයේ Sunday, 01 March 2015 06:08 AM

ඇත්තටම අපි ඇදුම් අදින්නේ මොකටද?අවට ලස්සන වෙනකොට හදවත ලස්සන වෙනවා. හදවත කැත උනහම අවට මොනවා උනත් කමක් නැහැ. (නදී)

:       0       0

ඡයේ Sunday, 01 March 2015 06:33 AM

මතක තියාගන්න ලෝක ධර්මය අනුව කිසිම දෙයක් ස්තිර නැති බව. අපි කවුරුත් මැරෙන මිනිස්සු. හොදම දේ තමයි ඉවසීම. ඉන්නකොට හොඳ අහනවට වඩා හොඳයි මරුනහම හොඳ අහන එක. ඒක හින්ද පව් පුරවගන්න එපා පරිසරයට හානි කරලා. 2009 ට ඉස්සර නම් ඔය සෙල්ලම් දැම්මේ නැහැ කවුරුත් (නදී)

:       0       0

සමන් ජයවර්ධන Saturday, 28 February 2015 07:46 AM

ඒවා තිබුනම යහපාලනයට කරදරයක්ද (බ)

:       0       0

පිටිගල Saturday, 28 February 2015 07:49 AM

මේකට මිලියන කීයක් වියදම් වෙලාද? (බ)

:       0       0

ශාන් Sunday, 01 March 2015 08:32 AM

මේකේ ලියන සමහර අයගේ බුද්ධිය ගැන පුදුම හිතෙනවා. රටක අදායම් වියදම් පරතරය අඩු කරගන්නේ නැතුව රටක් ලස්සන කර කර ඉඳල වැඩක් නෑ. සමහරු නම් ණය වෙලා හරි ජොලියේ ඉන්න කැමතියි තමා. (දිල්)

:       0       0

ඉන්දික Sunday, 01 March 2015 08:34 AM

මොකද්ද මේ කරන්නේ ලස්සනට තිබුණ තැන් (දිල්)

:       0       0

ජනක Saturday, 28 February 2015 07:57 AM

මම නම් ඔතනින් ගිහින් නෑ.දන්නා කෙනෙක්ගෙන් අහන්නේ,ඔය මල් පෝච්චි වලින් මිනිස්සුන්ට කරදරයක් තියෙනවද.බලන්න දැන් කැත. (අ)

:       0       0

දිනුෂා Sunday, 01 March 2015 09:05 AM

ඔය හැමෝම මාසෙකට රුපියල් 100 ක් දෙනවද මල් පෝච්චි නඩත්තුවට? පොචිචියක් 100. මොකෝ කියන්නේ. තමන්ගේ නම ගහල ඉස්සරහින් තියනවා. කැමතිද?(දිල්)

:       0       0

ඇසළ Saturday, 28 February 2015 08:02 AM

රනිල් සහ මෛත්‍රී මහත්වරුන් යුධකලේ නැති නිසා වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ආයිත් ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ බෝම්බ ගහන්න පටන් ගත්තට පස්සේ. (අ)

:       0       0

රුවන් Saturday, 28 February 2015 08:13 AM

හමුදාවේ කොල්ලන්ව කිසිම බාහිර වැඩකට යොදාගන්නේ නැහැ කිව්වට මේ වැඩකරන්නේ හමුදාවේ කොල්ලොනේද ?(අ)

:       0       0

සිරියානි Saturday, 28 February 2015 08:15 AM

අඩු කළේ සෙලවේ කියන්නේ මේවාට තමා. අවට ලස්සන තිබුණාම යහපලනයට හානි වෙනවාලු, මල්පැල හිටවපු එකෙත් කොමිස් ගහලාලු, හොරා කාලාලු. ඒ නිසා වහාම ඉවත් කරනවලු. (අ)

:       0       0

තිළිණ බණ්ඩාර Saturday, 28 February 2015 08:28 AM

මේවගේ මෝඩ වැඩ කරලා කොමිස් ගහපුවා අායෙමත් ලැබෙනවද දන්නෑ. (බ)

:       0       0

චමින්ද Saturday, 28 February 2015 08:30 AM

මාර්ග බාදක අයින් කිරීම, උතුරට තිබුන තහනම ඉවත් කිරීම. අපි ඔයාලව ඉවත් කරනවා මේවා දිගටම උනොත් (නදී)

:       0       0

රජීව් Saturday, 28 February 2015 08:32 AM

යාන්තම් ඇති ලංකාවේ තිබුන ප්‍රධානම ප්‍රශ්නය විසඳුනා (නදී)

:       0       0

සුමිත් ධර්මවර්ධන Saturday, 28 February 2015 08:32 AM

මේ මල් පෝච්චිවලට තවමත් අපි කොම්පැනියකට මාස්පතා ගෙවන නිසයි ඒවා ආපසු ඒ අයටම බාර දෙන්නේ. (නදී)

:       0       0

කමල් Saturday, 28 February 2015 08:35 AM

පිස්සු වැඩ මේවා තමයි (නදී)

:       0       0

අරුණ Saturday, 28 February 2015 08:36 AM

මේ මල් පෝච්චි අයින් කරපු එක හොඳයි. මේවා තියන්න කලින් අරලිය ගහ මැදුර ලස්සනට තිබුනා (නදී)

:       0       0

චතුරංග Saturday, 28 February 2015 08:39 AM

මම ඡන්දෙ දුන්නෙත් යහපාලනේට. ඒ මල් පෝච්චි නිසා කොච්චර ලස්සනට තිබුනද ? ඔක්කොටම හොදටම පිස්සු, බලයට අවම කව්රුත් එකයි. හොදම දේ තමුන්ට පුළුවන් දේ කරලා හම්බ කරලා කන එක. යාළුවො කී දෙනෙක් තරහ උනාද පහු ගිය ඡන්දෙ ගැන කතා කරන්න ගිහින්. (නදී)

:       0       0

නිහාල් Saturday, 28 February 2015 08:40 AM

මේවට ඉංගිරිසියෙන් කියන්නේ ගොන්පාර්ට් කියල (නදී)

:       0       0

ජගත් Saturday, 28 February 2015 08:46 AM

මේ ඉවත් කිරීමේ ඇති දේශ පාලනයක් නෑ, ඔය පැල පාලනය කරන්න වතුර පද්ධතිය, මෝටර්, මිනිස් ශ්‍රමය, විදුලිය ඇතුලු මසකට මිලියනයක් විතර මහා නාස්තියක් මේ ඉවත් කලේ. (නදී)

:       0       0

සජිත් Saturday, 28 February 2015 08:48 AM

විශාල නඩත්තු වියදමක් මේ සඳහා යනවා කියල මම අහල තියෙනවා. ඒ නිසා වැඩේ නරක නැහැ. අනවශ්‍ය වියදම් අඩුකරන එක හොදයි. රටේ තවත් ඔය වගේ ගොඩක් තැන් තියෙනවා. ඒවත් අඩුකරන්න මේක හොද ආරම්බයක් විදිහට හිතමු..(නදී)

:       0       0

මගලී ෆොන්සේකා Saturday, 28 February 2015 08:52 AM

ඔය මල් පෝච්චි අරගෙන තියෙන්නේ කුලී පදනම මත. ඒවාට ගෙවන්න ඕනි ලක්ෂ ගනනින්. තව ඇතුලෙත් තියෙනවා ඔය එම සමාගමෙන් තමයි අයින් කරගෙන යන්නේ. ඔය හමුදාව නෙමේ. නොදන්නා දේවල් ලියන්න එපා. (නදී)

:       0       0

බිලී Saturday, 28 February 2015 08:54 AM

මල් පෝච්චි වලින් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ කියා පොඩි ළමයත් දන්නවා. ඕක අයින් කළේ අදික නඩත්තු වියදම නිසා (නදී)

:       0       0

ටෙරාන් Tuesday, 03 March 2015 08:01 PM

මීට වඩා විශාල මුදල් නාස්ති රටේ වුණා (නි)

:       0       0

අජිත් Saturday, 28 February 2015 08:54 AM

ඡන්ද කාලෙ කිවුවෙ යුද්ධ හමුදාව මල් පැල හිටවන්න, වතුර දාන්න වගේ වැඩවලට ගන්නෙ නෑ කියල. මේ ගොවි හමුදාවද? අනික ඔය මල් පෝච්චි තිබුනම යහ පාලනය නැති වෙනවද? (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Saturday, 28 February 2015 08:54 AM

ඔය සමාගම තමයි ලංකාවේ ගොඩක් තැන වලට මල් පෝච්චි මල් පොකුරු දමන්නේ. බැංකු වලට සංස්ථා වලට පුදුම ගනන්. අයින් කරන එක හොදයි බොරු වැඩ. (නදී)

:       0       0

නිහාල් සමරවික්‍රම Saturday, 28 February 2015 08:56 AM

මෙය වියදම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් විය හැක. තමන් පුම්බා ගැනීමේ,බොළඳ ක්‍රමයකට වඩා විද්‍යාත්මක පරිපාලන, දේශපාලනය ඉතාම සුදුසුය. එවිට අවසානයේ ප්‍රතිලාභය සමස්ත මහජනතාවට ලැබේවි.(නදී)

:       0       0

දිනේෂ් පී ජයසුරිය Saturday, 28 February 2015 08:58 AM

මේකද අර කිවුව වෙනස. කොච්චර ලස්සනට තිබ්බද. හොද දේ හොද විදිහට ගන්න ඕනි. මමත් යහ පාලන ගොයියෙක් තමා. එ්ත් මේක දෙකයි පනෙහේ වැඩක් (නදී)

:       0       0

රූබි Saturday, 28 February 2015 08:58 AM

සිංහයාගේ බුල් ගානවා වගේ වැඩක් ඔය වගේ අනවශ්‍ය දේවල් කරනවට වඩා කරන්න තව කොයි තරම් දේවල් තියෙනවාද..(නදී)

:       0       0

ලාල් Saturday, 28 February 2015 09:00 AM

මේ මල් පෝච්චි නඩත්තුව සදහා මාසෙකට රුපියල් ලක්ෂ ගානක් වැයවෙනවා කොමිස් ඇතුළුව මහජන මුදල්. මේවා හොඳ රාජපක්ෂ මහත්තයට මිසක් - යහ පාලනයට නොවේ. (නදී)

:       0       0

රොෂාන් Saturday, 28 February 2015 09:01 AM

මේවා තිබුන කියල නම් අපට ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් හොරු තවම එලියෙනේ. (නදී)

:       0       0

සමීර Saturday, 28 February 2015 09:03 AM

හොඳ වැඩක්. නැත්තන් මෙකට දවසකට කීපරක් වතුරම දැම්මද ?(දිල්)

:       0       0

අකිල Saturday, 28 February 2015 09:11 AM

පාලනයේ ආශ්චර්ය (අ)

:       0       0

දුමිත් Saturday, 28 February 2015 09:16 AM

මේකේ ඉන්නේ මාර පිස්සු මිනුස්සු ටිකක්. මාසයකට ලක්ෂ ගණන් වියදම් කර කර ඕක නඩත්තු කරනවට වඩා කරන්න තව කොතරම් දේවල් තිබේද. (අ)

:       0       0

උපුල් ශාන්ත Saturday, 28 February 2015 09:16 AM

දෑන් ඉතින් ඔය තාප්පෙත් ගලවල දෑම්මට ප්‍රශ්නයක් නෑහෑ, මේ යහ පාලනේ කියන්නෙ ඉරිසියාවෙන් පිරුන පලි ගෑනීමේ පාලනයක් මිසක් රටට හෝ ජනතාවට අවශ්‍ය දේ දෙන පාලනයක් නෙමෙයි ,,(අ)

:       0       0

සිල්වා Saturday, 28 February 2015 09:18 AM

කොළඹ විසාල වාහන තද බදයක් ඇති වෙන්නේ මේ මැදුර ඇති නිසා කරුණාකරලා මේ හැම දෙයක්ම මෙතනින් ඉවත් වෙන්න ඕනි මෙම ඉඩම සහ දේපල වෙනයම් කටයුක්තකට යොදගත හැක ඒ තුළින් රජයට විසාල අදායමක් ලබාගත හැක කොළෙඹ වෙළද මධ්‍යස්ථානයක් කරන්න නම් නගරය තුල හරි නිදහසක් තියෙන්න ඕනි !!! (අ)

:       0       0

සෑම් Saturday, 28 February 2015 09:19 AM

යහපාලන ආතල් (අ)

:       0       0

හේමන්ත Saturday, 28 February 2015 09:19 AM

වෙනසක් වුවමණා වුන අයට හරි සතුටු ඇති. මේ මල් පෝච්චි ටික වෙන්න ඇති රටේ සුභ සිද්දියට තිබෙන ලොකුම බාදකය. මේවට තමයි කුහක කම කියන්නේ. (අ)

:       0       0

රොහාන් Saturday, 28 February 2015 09:20 AM

ලස්සන නම් තම ප්‍රතිචාර ලියන අයට වැටහෙන්නේ නැද්ද මේක නඩත්තු කරන්න විශාල මුදලක් යන බව ඒගැන හිතුවනම් ඔහොම අවලාද කියන්නේ නැහැ එ වියදම් කරන්නෙත් මහජන මුදල් තම. (අ)

:       0       0

පතිරණ Saturday, 28 February 2015 09:20 AM

මෙම පාර හරියට විවෘත විය යුතයි ජනතාවට බොරු වට වහගෙන කරගෙන කරලා තියෙන්නේ අමු හොරකම් මැරකම්. (අ)

:       0       0

සුමිත් Saturday, 28 February 2015 09:21 AM

අඩු කළේ සෙලවේ කියන්නේ මේවාට තමා (අ)

:       0       0

මල්කුමාර Saturday, 28 February 2015 09:22 AM

ඕකට නාහෙන් අඬන මහත්තුරු දන්නවද ඕක බොරු වියදමක් කියල? ඕකට වියදම් කරන සල්ලි වලින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුලුවන්. අඬන උදවියට ඕක අත්‍යවශ්‍යම දෙයක් නම් තමුන්ගෙ පෞද්ගලික වියදමින් නඩත්තු කරන්න ඉදිරිපත් වුනා නම් හරි. (අ)

:       0       0

කිශානි Saturday, 28 February 2015 09:28 AM

මේක මහා පිස්සු වැඩක් .... රටක් ලස්සන වෙන්න මල් පෝච්චි තිබුණාම එකෙන් කාටවත් හානියක් වෙනවද.... කරන්න වැඩ නැතිවට හොදයි..... (අ)

:       0       0

සචී Saturday, 28 February 2015 09:31 AM

අපරාදේ ලස්සනට හදා තිබුනා කවුරු කළා වුණත් (දිල්)

:       0       0

දිනුෂා Saturday, 28 February 2015 09:32 AM

මේ මල් පැල නඩත්තුවට මසකට 3 ලක්ෂ 48 දාහක් වියදම් වෙනවලු. ඉතින් ගම්පහ සෙනරත්ගොඩ උද්‍යානයට බාර දෙනවා. (දිල්)

:       0       0

චමිල Saturday, 28 February 2015 09:32 AM

අපේ සාලේ වෙනසක් කළා (අ)

:       0       0

චන්දන Saturday, 28 February 2015 09:37 AM

අයියෝ සල්ලි ! (අ)

:       0       0

කැලුම් Saturday, 28 February 2015 09:37 AM

ඒකාලේ හදපු කොන්ක්‍රීට් තාපයක් අරලිය ගහ මන්දිරය වටේට තියනවා 2002 එකට ගිය වියදම කවුරුවත් දන්නේ නෑ (අ)

:       0       0

රාජා Saturday, 28 February 2015 09:38 AM

කරන්නන්වාලේ හැමදේම වෙනස් කිරීම මෝඩයන්ගේ ගතියකි. මේවටත් යන්නේ රටේ සල්ලි. අනිත් එක මල්ගහකින් ලස්සනක් එනවනේද. ඇයි ඕනෑකමින් මේ අවලස්සන වෙන්න හදන්නේ. (අ)

:       0       0

විරංග Saturday, 28 February 2015 09:40 AM

ශ්‍රියානි අවට ලස්සන කෙසේ වෙතත් ඔය මල් පෝච්චි දාස් ගණනක් දිනපතා නඩත්තු කිරීමට මාසිකව වැයවන විශාල මුදල දෙන්නේ හිටපු එක්කෙනාගේ පුද්ගලික බුදලෙන්ද ?මහජන මුදල්වලින් නේද ? නැත්නම් ඔයා ඒක ගෙවනවද ? (අ)

:       0       0

මොහොමෙඩ් Saturday, 28 February 2015 09:41 AM

ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (අ)

:       0       0

අසංක Saturday, 28 February 2015 09:42 AM

මේවා නම් මහ ගොන් බූරු වැඩ... මොන ආණ්ඩුවෙන් කළත් හොඳ දෙයක්නම් හොඳයි, නරකනම් නරකයි. (අ)

:       0       0

මහින්ද රත්නායක Saturday, 28 February 2015 09:42 AM

මේක මෙතනට සුසුදුසු නැ..... අරලිය ගහ අවට පාර කැත උනා මේ මල් පෝච්චි නිසා ඊට වඩා ලස්සන තාප්පයක් තිබ්බේ තැන (අ)

:       0       0

අශේන් Saturday, 28 February 2015 09:46 AM

බොරුවට කෑ ගහන අයටයි කියන්නේ.මේවා නඩත්තු කරන්ඩ සේවකයෝයි මුදලුයි කොච්චර යනවා ඇතිද?තව කෙනෙක් ආරක්ෂාව ගැන කියලා තියෙනවා . මල් පෝච්චි වලින් කොහොමද ආරක්ෂාව ලැබෙන්නේ. (අ)

:       0       0

රොහාන් රද්දොලුව Saturday, 28 February 2015 09:46 AM

ඔන්න පිටකොටුවේත් පදික වේදිකා වෙළදාමට අවසර දීල. ලෝකේ රටවල් දියුණු වෙමින් නගර අලංකාර වෙමින් තිබෙන කොට, අපේ රටේ ඒවා විනාස කරමින් ආපස්සට යනවා , ඒවාට ටෝයියෝ විසිල් ගහනවා (අ)

:       0       0

වසන්ති Saturday, 28 February 2015 10:03 AM

රටේ තියෙන ලොකුම අනවශ්‍ය වියදම මේකද ? (නදී)

:       0       0

රුවන් Saturday, 28 February 2015 10:06 AM

රට ලස්සනට තිබුනම කොච්චර හොඳද ? ඇයි මේ යහපාලනය මේ තරම් වියරුවෙන් වැඩ කරන්නේ. ? (නදී)

:       0       0

සමීර චතුරංග ප්‍රනාන්දු Saturday, 28 February 2015 10:07 AM

කොළඹ ගිය නෙමෙයිද මෙතන ප්‍රතිචාර දාලා තියෙන්නේ. ඇයි මල් පැල මැරිලා තියෙනවා දක්කේ නැද්ද ? (නදී)

:       0       0

බියංකා Saturday, 28 February 2015 10:25 AM

කුහක දේශපාලනය (නදී)

:       0       0

ගාමිණී Saturday, 28 February 2015 10:30 AM

මම හදපු බැම්ම මහින්දගේ මල් වලින් වැහිලා එ් නිසයි මම අස්කරන්න කිව්වේ (නදී)

:       0       0

දේවේන්ද්‍ර චාමර Saturday, 28 February 2015 10:38 AM

මම ඔතනින් ගිය වෙලාවේ නම් කිසිම කරදරයක් කියා පෙනුනේ නැහැ. ලස්සනට තිබුන දේට මෙහෙම උන එක ගැන දුකයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 10 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 368 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 222 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 343 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1064 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2849 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site