වැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්‍යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණි කැර ඇත.
සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව ඔහු ‘දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයිද පැමිණිල්ලේ සදහන්ය.
මේ සිදු වීමේදී බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ද පහර කෑමට ලක්ව ඇත.ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇද්ද කඩේ ගියාට දෑත් ශක්තිමත් කරන්ඩ.(නදී)
මම දකින විදියට බින්දු මහතා ඉතාම හොද ගති ගුණ තිබෙන කෙනෙක්. ගමේ ඕනෑම දෙයකට සම්බන්ධ වෙනවා. මනුස්සකම දැනෙන විදියට කතා කරනවා. ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා (නි)
අප රටේ දේශපාලකයින්ට හැදිලා තියන බරපතලම අසනීපය තමයි ඕනෑම දෙයක් කරන්න කියන්න ඒ අයට වරප්‍රසාද තියෙනවා කියල හිතන එක. කරන්න කියන්න දැණුමක් තේරුමක් තියන අය වගේ නෙමෙයි අනුවන ඇත්තන් දේශපාලනයට ආවම.සියලුම අපචාර වල සංයෝජනයක් තමයි තියෙන්නේ. අපේ කලා කරුවන් හා ක්‍රීඩකයින් හිතන්න ඔනෑ දක්ෂතාවය බාල්දු කර නොගන්න. ඡන්දෙන් ඇවිත් විහිලුවට ලක්වන බොහෝ දේශපලකයන්ට වැඩිය රටට සේවයක් කලාකරුවකුගෙන් ජනතාව අපේක්ෂා කරනවා. (නදී)
විමල් ඔබ හරියටම හරි.(නදී)
කඩේ ගියා නම් මෙහෙම වෙන්නත් ඕනා. නොගියා නම් වු දෙය අසාධාරණයි.(නදී)
ආ මේක මේ පළාත් ඇමති කෙනෙක් මධ්‍යම ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙනුවෙන් කඩේ ගිය අවස්තාවක්. (නදී)
වැරැද්ද ඕනවට වැඩි බලයක් හැමෝටම දීලා එයාලව පාලනය කළ නොහැකි තත්වයට පත්වීමයි. දැන් ජනාධිපති චෝගම් වැඩට ගියාම තවත් සෙල්ලම් පෙන්නයි. දුක රට හා මිනිස්සු ගැනයි. (නදී)
බුදු අම්මෝ, මීට පස්සේ නම් කවුරුවත් 'දකින්නත් ආසයි' කියල කියන්නේ නෑ දේශපාලුවෙක් ඉන්න තැනක. ඉස්සර කොච්චර පාවිච්චි කරපු වචනයක්ද? මෙච්චර භයානක බව දැනගත්තේ දැනුයි. (නදී)
මේ අය ඇමතිලා නේද? (නදී)
වැල යන විදියට මැස්ස ගැහුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ (නදී)
ඇමති කමට තටිටු වෙලා දැන් හොදටම කෙට්ටු වෙලා. (නදී)
ඔය වගේ දේවල් අහන්ඩ දකින්ඩ බැරි හන්දා තමයි අර ගොන් වස්සත් වැවට පැන්නේ (නදී)
රටේ අපචාර වැඩි වෙන කොට මොහම දේවල් වෙනවා.(නදී)
ඇමති කෙනෙක් නම් ඔයිට වැඩිය සදාචාර සම්පන්න දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. (නදී)
බල්ලොත් එක්ක හිටියහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවනේ.(නදී)
මමත් ආසයි එතුමා ඔතන ඉන්නවා දකින්න.(නදී)
ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු, ප්‍රාදේශීය සභාවල ලොක්කෝ සියලු දෙනාම එක්කෝ චන්ඩි නැත්නම් නෝන්ඩි. රට කරවන අයගේ අනුග්‍රහය නිරතුරුවම මෙයාලට ලැබෙන බව දන්නා නිසයි මේ නරක හැසිරීම් නවත්තන්නේ නැත්තේ. මීළඟ මැතිවරණයකදී මේ වගේ චෝදනා වලට ලක්වෙන අය ගැන සලකා බලන්න. (නදී)
සමහර ඇමතිලා බලහත් කාරයෙන් අනුන්ගේ භාර්‍යාවන් අයිති කරගෙන. ගෙදරට පොලිස් ආරක්ෂාව දාලා. ගෙදර මනුස්සයවත් පරික්ෂා කරලයි ගෙදරට එන්න සිද්ද වෙලා තියෙන්නේ. පොලිසි වල පැමිණිලි දැම්මට වැඩක් නැති තත්වයටම රට පත් වෙලා. වැඩි විස්තර අන්තර්ජාලයෙන් සහ සති අන්ත පුවත් පතක හෙළි දරව්ව බලන්න. (නදී)
නීතියක් රීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නදී)
ඕවා තමා දැන් තියෙන අලුත්ම සින්දු.(නදී)
ගැසුවා නම් එය බොහෝ වැරදිය. නමුත් සමහර ගායකයින් තමන් දරන දේශපාලන මතවල සිට වෙනත් මතවල සිටිනා අයට සින්දු මාර්ගයෙන් පහර ගසනවා. එවිට සිදුවූ දෙයක්ද දන්නේ නැහැ. අර එක පාරක් ජිප්සීස් ලා සින්දු කියද්දී ඇමති පුතෙක් ඔවුන්ට පහරදීලා පසුව සමාදාන උනා වගේ.(නදී)
වවුලා ගේ මගුල්ගෙදර ගියානම් එල්ලිලා සින්දු කියපන් රාලේ මොන දේකටද පොලිසි ගියේ (නදී)
තමන්ට හිමි ස්ථානයේ චන්ඩිකම් පවත්වනවා (නදී)
මේ අයගේ පිස්සුව දැන් හොඳටම තද වෙලා.(නදී)
ඇමති කමක් දීමට පෙර 8 පාස්ද කියල වත් දැන් හොයා බලන්න කාලය ඇව්ත් (නදී)
තරයේ නෙවෙයි කන පැලෙන්න දෙන්න තිබුනේ ! (නදී)
කතා කිරීමේ නිදහස කියන්නේ මේකට මම හිතන්නේ.(නදී)