IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගාලු පළාත් ඇමැති බින්දු වැලිකඩදී බින්දුවක් දමා ගනී

වැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්‍යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණි කැර ඇත.

සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව  ඔහු ‘දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයිද පැමිණිල්ලේ සදහන්ය.

මේ සිදු වීමේදී බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ද පහර කෑමට ලක්ව ඇත.ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී.



අදහස් (0)

ගාලු පළාත් ඇමැති බින්දු වැලිකඩදී බින්දුවක් දමා ගනී

අජිත් Sunday, 01 December 2013 08:36 PM

ඇමති කෙනෙක් නම් ඔයිට වැඩිය සදාචාර සම්පන්න දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. (නදී)

:       0       0

මධු Sunday, 01 December 2013 09:00 PM

රටේ අපචාර වැඩි වෙන කොට මොහම දේවල් වෙනවා.(නදී)

:       0       0

ශාන්ති Sunday, 01 December 2013 09:50 PM

ඔය වගේ දේවල් අහන්ඩ දකින්ඩ බැරි හන්දා තමයි අර ගොන් වස්සත් වැවට පැන්නේ (නදී)

:       0       0

නාරද දිසාසේකර Sunday, 01 December 2013 10:31 PM

ඇමති කමට තටිටු වෙලා දැන් හොදටම කෙට්ටු වෙලා. (නදී)

:       0       0

සලීම් Sunday, 01 December 2013 11:48 PM

වැල යන විදියට මැස්ස ගැහුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ (නදී)

:       0       0

විමල් Sunday, 01 December 2013 02:35 PM

බල්ලොත් එක්ක හිටියහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවනේ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 01 December 2013 02:39 PM

කතා කිරීමේ නිදහස කියන්නේ මේකට මම හිතන්නේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 December 2013 02:49 PM

තරයේ නෙවෙයි කන පැලෙන්න දෙන්න තිබුනේ ! (නදී)

:       0       0

පණ්ඩිත Sunday, 01 December 2013 02:54 PM

ඇමති කමක් දීමට පෙර 8 පාස්ද කියල වත් දැන් හොයා බලන්න කාලය ඇව්ත් (නදී)

:       0       0

සිරි පාල Sunday, 01 December 2013 02:58 PM

මේ අයගේ පිස්සුව දැන් හොඳටම තද වෙලා.(නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 01 December 2013 03:20 PM

තමන්ට හිමි ස්ථානයේ චන්ඩිකම් පවත්වනවා (නදී)

:       0       0

හචිකෝ Sunday, 01 December 2013 03:26 PM

වවුලා ගේ මගුල්ගෙදර ගියානම් එල්ලිලා සින්දු කියපන් රාලේ මොන දේකටද පොලිසි ගියේ (නදී)

:       0       0

වෙදමහත්තයා Sunday, 01 December 2013 03:27 PM

ගැසුවා නම් එය බොහෝ වැරදිය. නමුත් සමහර ගායකයින් තමන් දරන දේශපාලන මතවල සිට වෙනත් මතවල සිටිනා අයට සින්දු මාර්ගයෙන් පහර ගසනවා. එවිට සිදුවූ දෙයක්ද දන්නේ නැහැ. අර එක පාරක් ජිප්සීස් ලා සින්දු කියද්දී ඇමති පුතෙක් ඔවුන්ට පහරදීලා පසුව සමාදාන උනා වගේ.(නදී)

:       0       0

මාපා Sunday, 01 December 2013 03:47 PM

ඕවා තමා දැන් තියෙන අලුත්ම සින්දු.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 01 December 2013 04:00 PM

නීතියක් රීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 01 December 2013 04:02 PM

සමහර ඇමතිලා බලහත් කාරයෙන් අනුන්ගේ භාර්‍යාවන් අයිති කරගෙන. ගෙදරට පොලිස් ආරක්ෂාව දාලා. ගෙදර මනුස්සයවත් පරික්ෂා කරලයි ගෙදරට එන්න සිද්ද වෙලා තියෙන්නේ. පොලිසි වල පැමිණිලි දැම්මට වැඩක් නැති තත්වයටම රට පත් වෙලා. වැඩි විස්තර අන්තර්ජාලයෙන් සහ සති අන්ත පුවත් පතක හෙළි දරව්ව බලන්න. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 02 December 2013 06:29 PM

මම දකින විදියට බින්දු මහතා ඉතාම හොද ගති ගුණ තිබෙන කෙනෙක්. ගමේ ඕනෑම දෙයකට සම්බන්ධ වෙනවා. මනුස්සකම දැනෙන විදියට කතා කරනවා. ඒ නිසා මේ ගැන වැඩිය හිතන්න එපා (නි)

:       0       0

තිලක් තිලකරත්න Monday, 02 December 2013 02:52 AM

මේ අය ඇමතිලා නේද? (නදී)

:       0       0

රවින්ද්‍ර සිල්වා Sunday, 01 December 2013 05:19 PM

ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු, ප්‍රාදේශීය සභාවල ලොක්කෝ සියලු දෙනාම එක්කෝ චන්ඩි නැත්නම් නෝන්ඩි. රට කරවන අයගේ අනුග්‍රහය නිරතුරුවම මෙයාලට ලැබෙන බව දන්නා නිසයි මේ නරක හැසිරීම් නවත්තන්නේ නැත්තේ. මීළඟ මැතිවරණයකදී මේ වගේ චෝදනා වලට ලක්වෙන අය ගැන සලකා බලන්න. (නදී)

:       0       0

උපාලි Monday, 02 December 2013 04:44 AM

බුදු අම්මෝ, මීට පස්සේ නම් කවුරුවත් 'දකින්නත් ආසයි' කියල කියන්නේ නෑ දේශපාලුවෙක් ඉන්න තැනක. ඉස්සර කොච්චර පාවිච්චි කරපු වචනයක්ද? මෙච්චර භයානක බව දැනගත්තේ දැනුයි. (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:20 PM

මමත් ආසයි එතුමා ඔතන ඉන්නවා දකින්න.(නදී)

:       0       0

තාරා Monday, 02 December 2013 06:48 AM

වැරැද්ද ඕනවට වැඩි බලයක් හැමෝටම දීලා එයාලව පාලනය කළ නොහැකි තත්වයට පත්වීමයි. දැන් ජනාධිපති චෝගම් වැඩට ගියාම තවත් සෙල්ලම් පෙන්නයි. දුක රට හා මිනිස්සු ගැනයි. (නදී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 01 December 2013 06:39 PM

ඇද්ද කඩේ ගියාට දෑත් ශක්තිමත් කරන්ඩ.(නදී)

:       0       0

අජිත් Monday, 02 December 2013 08:06 AM

ආ මේක මේ පළාත් ඇමති කෙනෙක් මධ්‍යම ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙනුවෙන් කඩේ ගිය අවස්තාවක්. (නදී)

:       0       0

සේරම් Monday, 02 December 2013 08:10 AM

කඩේ ගියා නම් මෙහෙම වෙන්නත් ඕනා. නොගියා නම් වු දෙය අසාධාරණයි.(නදී)

:       0       0

අසාද් Monday, 02 December 2013 08:15 AM

විමල් ඔබ හරියටම හරි.(නදී)

:       0       0

සෙන්සා Monday, 02 December 2013 08:43 AM

අප රටේ දේශපාලකයින්ට හැදිලා තියන බරපතලම අසනීපය තමයි ඕනෑම දෙයක් කරන්න කියන්න ඒ අයට වරප්‍රසාද තියෙනවා කියල හිතන එක. කරන්න කියන්න දැණුමක් තේරුමක් තියන අය වගේ නෙමෙයි අනුවන ඇත්තන් දේශපාලනයට ආවම.සියලුම අපචාර වල සංයෝජනයක් තමයි තියෙන්නේ. අපේ කලා කරුවන් හා ක්‍රීඩකයින් හිතන්න ඔනෑ දක්ෂතාවය බාල්දු කර නොගන්න. ඡන්දෙන් ඇවිත් විහිලුවට ලක්වන බොහෝ දේශපලකයන්ට වැඩිය රටට සේවයක් කලාකරුවකුගෙන් ජනතාව අපේක්ෂා කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 596 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 579 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 127 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 826 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 184 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1064 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site