ප්‍රතිකාර ගැනීමට ගාල්ල කරාපිටිය රෝහලට පැමිණි රෝගින් පිරිසක් අධ්‍යක්ෂගේ කාමරය අසළට ගොස් කෑ කෝ ගසමින් ප්‍රතිකාර කරන ලෙස බළ කළහ. ඔවුනට ප්‍රතිකාරයක් ලැබුනේ ද නැත. ප්‍රතිකාර නොලද පිරිසක් හිස් අතින් ගියහ. රෝහල් ආරක්ෂයෝ සහ පොලිස් කණ්ඩායමක් ද එහි රැඳී සිටියහ.
රෝහලේ ගොඩගැසී ඇති කුණු නගර සභාවෙන් ඉවත් නොකළැයි රෝහලේ සායන ප්‍රතිකාර ද නතර කැර ඇත. හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම පමණක් සිදුකරන බව රෝහල් බලධාරීහු පවසති. දැනට ගොඩගැසී ඇති කුණු ඉවත්කර ඉදිරියේදී ද කුණු ඉවත්කරන බවට ගාල්ල මහ නගර සභාවෙන් තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු රෝගී සත්කාර සේවා ආරම්භ නොකිරීමට තීරණය කැර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ ඉරිදා පස්වරුවේ සිට රෝහලේ කුණු රෝහලට අයත් වෙනත් ඉඩමකට ගෙනගොස් වළ දැමීමේ කටයුතු ආරම්භකැර ඇති බවයි. රෝහලේ වාට්ටුවලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට කරාපිටියේ දාහකයක් ඇතැයි ද දිරායන ද්‍රව්‍ය දැමීම සඳහා ජීව වායු ජනක ඇතැයි ද නගරාධිපතිවරයා කියයි. එසේ වුව ද ඒවා නිසි පරිදි කළමනාකරණය නොකර රෝහල් බලධාරීන් නගර සභාවට වරද පටවන බව ද නගරාධිපතිවරයා කියා සිටියේය.
නගරාධිපති මෙසේ ද කීවේය.
‘‘නගර සභාවෙන් ඉවත්කරන්නේ රෝහලේ මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණයි. දැනට රෝහලේ ගොඩගසා තිබෙන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කළුපාට පොලිතීන් මළු. මේ විදියට හැමදාමත් කරාපිටියේ සායනික අපද්‍රව්‍යත් අපට ඉවත්කරන්න බැහැ. අපි ඉරිදා සිට කුණු ඉවත්කිරීම ආරම්භ කළ බව දැන දැනත් රෝහල් බලධාරීන් දැන් රෝගීන් අමාරුවේ දමා ලිඛිත පොරොන්දු ඉල්ලනවා. දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන් පත්වන අසීරුතාව සළකා බලා ඔවුන්ට සහනයක් සැළසීම මූළික කාරණයක් හැටියට ගෙන ඉදිරියේ දී මුළුතැන්ගේ අපද්‍රව්‍ය නගර සභාවෙන් ඉවත්කරන බවට අධ්‍යක්ෂවරයා ඉක්මණින් ලියුමක් භාර දෙනවා. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වෙන්නේ (දී)
ඇයි අපේ මිනිස්සු මේ වගේ දේවල් වලට කුළල් කාගන්නේ? ජාතියක් ලෙසින් කවදාද අපි ඉදිරියට යන්නේ?මේ රටේ ඔය වාගේ දේවල් කොයිතරම් පිළිවෙලකට කරගෙන යනවද? මෙහෙත් ඉන්නේ මිනිස්සුනේ. (නි)
බයවෙන්න එපා ගාල්ලේ ජනතාවගේ ඔය ප්‍රශ්ණ විසදනවා (නදී)
කෝ මේ අපේ ඇමතිතුමා? (නි)
හැබැයි මහත්තයෝ, හැම සුළු දෙයකටම ලෙඩ්ඩුන්ට බේත් දෙන එක ඔහොම නවත්වන්න ගියොත් නම් ලෙඩ්ඩු ඔහේලට බේත් දෙන දවස වැඩි ඈතක නොවෙයි. (නි)
ඒ විදිහටම (මුදල් ගෙවා හෝ) වැඩේ කළා නම් ඉවරනේ (නි)
මට නම් හිතෙන්නේ මෙතන කාගේ හරි පෞද්ගලික හෝ දේශපාලන ප්‍රශ්නයක් තියනවා. (නි)
රෝහලේ කුණුකසල ගොඩ ගැසෙනවා නම් ඒක රෝහලේ ඉන්න ලෙඩුන්ට අනතුරුදායකයි. (නි)
"පාලකයෝ හා පරිපාලකයෝ ගැටෙති." (නි)
මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මිනිස්සු (නි)
හරිනේ ඉතින්. රෝහලේ කුණු ඇද්දට වාසියක් නැහැනේ. (නි)
ආ! දැන් නගර සභාවටත් කුණු ගන්න බැහැ, රෝහලටත් කුණු අස්කරන්න බැහැ... කවුද දැන් ඕක කරන්නේ? මේ වැඩෙන් අහිංසක මිනිස්සු නේද අමාරුවේ වැටෙන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
සත්‍යපාල සහ රන්ජිත් හිතන විදියට හිතන්න නගරාධිපතිටවත් රෝහල් බලධාරින්ටවත් අවශ්‍ය නැතුව ඇති (නි)
මට නම් තේරෙන්නේ නගර සභාව හරි කියලයි. රෝහලේ වාට්ටු වලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට කරාපිටියේ දාහකයක් තියනවා නම්, එය පාවිච්චි කළා නම් ප්‍රශ්නය ඉවරයිනේ. (නි)
මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මහජනතාව (නි)
ප්‍රදේශයේ දේශපාලන ප්‍රධානීන් නින්දෙන් අවදිවෙන්න, මෙන්න වෙලාව...! (නි)
රෝහල් වල කුණු එකතු වෙන්නේ කරාපිටියේ විතරද? අනෙක් රෝහල්වල වැඩකරන විදිහට මේ අයට ප්‍රශ්න විසඳාගන්න බැරිද? කොහොමත් සෞඛ්‍යය ගැන නම් කියලා වැඩක් නැහැ.මේවා නරලොව හොල්මන්ද ආශ්චර්යද කියලා තේරෙන්නේ නැහැ. (නි)
රෝහලේ සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම නගර සභාවෙන්ද, සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද වෙන්න ඕනෑ කියලා දෙපැත්තට බෙදිලා විවාද කරන්න කලින් දෙගොල්ලොම එකතුවලා අපද්‍රව්‍ය රෝහල් භූමියෙන් ඉවත් කරලා අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පටන්ගත්තා නම් තමයි හොඳ. ඊටපස්සේ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වගකීම ඇත්තේ කාටද කියලා හොයලා බලන්න පුළුවන්නේ. (නි)
මේ දෙගොල්ලො වරද දෙපැත්තට දාගන්නවා.අහිංසක රොගීන් අමාරුවේ.දකුණු පළාතටම තිබෙන හොඳම රෝහල කරාපිටිය. (නි)
මේක පුදුම රටක්. බලධාරීන්ට කුණු ටික ඉවත් කරන හැටි විසඳාගන්ව බැරි වුණාම, රටේ අහිංසක මිනිසුන් දුක් විඳින්න ඕනෑ. (නි)