ඉන්දියා රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ‘සුව සැරිය‘නොමිලේ ගිලන් රථ සේවාවේ යෙදෙන කාර්ය මණ්ඩලයට සහ ගිලන් රථ වලට ආවරණයක් සහිත නිසි ස්ථානයක් බොහෝ පොලිස් ස්ථාන තුළ නොමැති බව සුව සැරිය සේවකයෝ චෝදනා කරති.
පොලිසි 170ක් පමණ ආවරණය වන පරිදි ගිලන් රථ 100ක් පමණ යොදවා තිබේ.පැය 12 මුර සේවා යටතේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරියෙකු සහ හදිසි ප්‍රථමාධාර පුහුණුව ලද රියදුරකු යොදවා ඇත.කාර්ය මණ්ඩලයේ සේවකයින්ට අහාර ගැනීමටවත් ස්ථානයක් නැති බව ද කියති.
නිසි ආවරණයක් නොමැති වීම නිසා ගිලන්රථ අව්වසෙහ වැස්සට අසුවී වෛද්‍ය උපකරණ වලට හානී සිදු වෙතැයි සේවකයෝ පවසති.
මේ පිළිබදව පොලිස්පති ඇතුළු බලධාරීන් දැනුවත් කළ බවත් මෙතෙක් විසදුමක් නොලැබුණ බවත් ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් අදාළ පහසුකම් සපයන ලෙස පොලිස් ස්ථාන වලට දැනුම් දී ඇති බවත් පූජිත විජේසුන්දර පොලිස්පතිවරයා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්වන ආවරණ ඉන්දියාවෙන් ඇණවුම් කරන්න පුළුවන්. ඒවා සවිකරන්න ඉන්දියාවෙන් විශේෂ පුහුණුව ලද කාර්මිකයෝ ගෙන්වන්නත් පුළුවන්. අවශ්‍යම වුණොත් මේවා පිරිසිදු කරන්න පුහුණු කම්කරුවොත් ඉන්දියාවෙන්ම ගෙන්වන්න පුළුවන්. ඇයි මේවා නොකරන්නේ. (නි)
අැයි මේවා පොලිසි වලට දුන්නේ. පොලිසි වලට වෙන වැඩ කොයිතරම් තියෙනවද? මේවා දෙන්න තිබුනේ රෝහල් වලට. හදිසිම වෙලාවට ඩොක්ටස්ලත් ඉන්නවා. එහෙම නොකර විකාරයක් කරලා දැන් නාගන්නවා. හැම වැඩක්ම එහෙමයි. (නි)
මේවාට කාටත් බැනල වැඩක් නැහැ. වැඩේ කරන්න බාරගත් අය මේ ගැන හිතලා නැහැ (නි)
සිල්වා, ගැටළුවක් දකින අන්දම දෙස බලා ඉගෙනගැනීමට හැකි නම් ඉමේෂ්ට ලොව දැකිය හැකිවේවි. මෙය ඉතා ප්‍රයෝජනවත් කර්තව්‍යයකි. (නි)
මෙච්චර කාලෙකට බෝක්කු කටක් වත් හදාගන්න බැරි වුන ආණ්ඩුවක් කොහොමද ඔය වැඩ කරන්නේ.....(හේ)
ගිලන් රථ මොකට පොලීසි වලට දුන්නද? දැන් කොහොමද ස්වාධීනව කටයුතු කරන්නේ (නි)
ගිලන් රථ ඒ ඒ ප්‍රදේශයේ, ප්‍රාදේශීය සභාපති රජතුමාට භාරදෙන්න. සේවකයන් ටිකට එතුමාගේ මාළිගාවේ ඉඳුම් හිටුම් සැපයුවාම හරිනේ. එවිට එතුමාට වාහන ටික හයර් කරන්න පුළුවන්. සේවකයන්ගෙන් ගෙදර වැඩපල ගන්න පුළුවන්. ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් හොඳ ගතමන්ට් එකක් ක්ලේම් කරන්නත් පුළුවන් (නි)
මේකේ වැරැද්ද සම්පුර්ණයෙන්ම තියෙන්නේ ඉන්දීය රජයෙයි. ආධාරයක් දෙනවා නම් එ්ක හරියට දෙන්න දන්නේ නැද්ද? (නි)
110 (ගිනි නීවීමේ සේවා ), 119 (පොලීසිය) එ්කාබද්ධ කළා නම් මීටවඩා සේවාවක් කරන්න පුළුවන්. ඇයි එහෙම නොකරන්නේ (නි)
සමහරු නිකන් ලැබුන දේ රැකගන්නේ නැතුව ඉන්දියන් කම්කරුවෝ ගැන කතා කරනවා. පහුගිය කාලේ අපේ රට ලෝකේ තිබුණු සමෘද්ධිමත්ම දේශයනේ (නි)
ඔවු දැන්ම මේවා නඩත්තු කරන්න ඉන්දියාවෙන්ම කට්ටිය ගෙනෙන්න වෙයි (නි)
අපේ අය කවදද වැඩක් හරියට කළේ? (නි)
මේ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට බැරිද ප්‍රදේශයේ දානපතීන්ගේ සහය අරගෙන මේකට විසඳුමක් දෙන්න. උවමනාවක් නැතිකම තමා ..... (නි)
මේවා කොහෙද තියෙන්නේ? මම නම් දැක්කේ නැහැ ගම් වල මේවා තියනවා. නගරෙට මොකටද මේවා? නගරේ වාහන ඕනෑතරම් තියෙනවා. එ්ත් ගම් වල පොඩි රෝහල් වලට නැහැ මේවා. ලෙඩ්ඩු මැරෙනවා. තරුණයෝ මැරෙනවා. නිකන් දෙනකොට ගන්නවා. හිතන්නේ නැහැ නඩත්තු කරන හැටි. (නි)
ඇයි අපෙන් ගන්න ජරාව... අනේ මොකටද අපේ කට! (නි)
මට තේරෙන විදියට පොලිසි වල මේවා ගාල්කරලා තියන්න ඉඩ පහසුකම් නැහැ. මේ රටේ මේවා තියන්න වෙන ඉඩක් ඇත්තෙම නැද්ද? (නි)
මෙම ගිලන්රථ සේවය අපේ රටට අලුත් දෙයක්. මෙම සේවයෙන් මහජනතාවට වන සේවය ගැන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යයෙන් රටම දැනුවත් කළොත් මෙම සේවයේ වටිනාකම කාට කාටත් තේරුම්යයි. (නි)
අලියෙකුත් දීලා හෙණ්ඩුවක් ගන්න බැරිකම.... ලැජ්ජයි! (නි)
අපේ අයට නොමිලේ දුන්නා නම් ඒකේ වටිනාකමක් නැහැ. මොනතරම් රෝහල්ගත කරන්න අසාධ්‍ය ලෙඩ්ඩු ගම් වල ඉන්නවද? ඇයි මේ ග්‍රාමසේවක මහතුන්ගේ කාරුණික උදව්වෙන්වත් එවැනි ලෙඩුන්ට පිහිට නොවන්නේ? (නි)
නොමිලේ දුන් සේවාවවත් හරිහැටි පිළිවෙලකට කරගන්න බැරි මහා පුදුම ජාතියක්නේ මේ සිංහලයෝ කියන්නේ. (නි)
මේ විදිහට මේ හදිසි ගිලන් රථ පොලිසිවල නාස්තිවීමට නොදී මේ රටවල මෙන් පළාතක් අයිතිවෙන විදිහට ස්ථානගත කර, පොලිසිය, රථවාහන සේවය, ගිනි නිවන රථ සේවය තුන් සේවයම එකට සිටිනසේ යාකොට 119 දුරකතන අංකය දමා එක පාලන ස්ථානයක් දමන්න. එම පාලන ස්ථානය ඉතා ක්‍රියාශීලි වියයුතුයි. එවිට කාහටත් ප්‍රශ්න දොස් නැති ජනතාවට මහඟු සේවයක් විය හැකියි (නි)