IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගිලීමලේ උත්සවයට ජැක්සන් සර්රුත් ආවා

2016-07-07-ent-104

නම

රැවන් පෙරේරා

 

පවුලේ විස්තර

අම්මයි, තාත්තායි, අයියයි, මල්ලියි, ආච්චියි, මමයි.

 

ඉගෙන ගත්ත පාසැල

2016-07-07-ent-105රත්නපුර ගිලීමලේ සමනල මහා විද්‍යාලයෙන් O/L වෙනකම් ඉගෙන ගත්තා’ ඊට පස්සේ A/L කළේ රත්නපුර ධර්මපාල විද්‍යාලයෙන්.

 

කලාවට යොමු වුණේ කොයි කාලේ ඉඳන්ද?

පාසල් කාලේ ඉඳන්ම. මම මුල්ම පාසල් වේදිකාවේ රඟපෑවේ 6 වසරේදී.

 

ඒ කියන්නේ නළුවෙකු වීම තමා ඔබේ එකම සිහීනය

ඔව්... ඔව්... පෙරපාසල් යන කාලේ ඉඳන්ම මම ආස කළා.

 

ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ කොයි කාෙලද?

2007 දී විතර

 

මොකක්ද මුල්ම නාට්‍ය?

සුරේෂ් අබේසේකරගේ අසුරාවේශය

 

කොහොමද අත්දැකීම

ඒ අත්දැකීම කියන්නේ පොඩි කාලේ ඉඳන් අයියලා අක්කලා එක්ක එක එක ඇඳුම් ඇදන් විවිධ චරිත කරලා, ඊට පස්සේ පාසැල් වේදිකාවේ රඟපාලා හිටිය මට ටෙලිනාට්‍යට අවස්ථාව ලැබුණම හිතාගන්න බැරි තරම් සතුටක් දැනුණා.

 

මුලින්ම රඟපෑවේ?

විශ්ව විද්‍යාල ශිෂයෙක්ගෙ චරිතයක්. චන්න පෙරේරාගෙ යාළුවෙක්ගෙ චරිතයක්.

ඊට පස්සේ ලැබුණ නිර්මාණ ජීවිතය ලස්සනයි, උතුවන්කන්දේ සරදියෙල්, රැවන් මාළිගා, රෝස කටු, ලොක්කි, බිනරමලී, සුජාතා, දියණියෝ, කුටු කුටු මාමා ඒවගේ නිර්මාණවලට දායක වුණා.

 

ඔබට වසරේ නැගී එන නළුවා ට හිමි සම්මානය ලැබුණා. ලැබුණු ඇගයීම ගැන මොකද හිතෙන්නේ?

මේ සම්මානයේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕන මගේ ගුරැවරයා වන ජැක්සන් ඇන්තනී මහතාට. මොකද ඔහු නොහිටින්න මේ සම්මානය මට ලැබෙන්නේ නැහැ. මොකද මම මීට ෙපර නාට්‍ය රුසක රඟපාල තිබ්බා. හැබයි ඒ හැම එකක්ම මෙගා නාට්‍ය. මෙගාවලින් බැහැරව රඟපෑ එකම නාට්‍ය දස්කොන්. ඉතින් මගේ දක්ෂතා තේරැම් අරගෙන මට ගැළපෙන චරිතයක් දීලා මාව සම්මානනීය නළුවෙකු විදියට කෙලින් හිටවන්න කටයුතු කළේ ජැක්සන් සර්. සම්මානය ගැන තියෙන්නෙ පුදුම සතුටක්.

 

ඔබට කොහොමද ජැක්සන් ඇන්තනී මහතාව මුණගැහෙන්නේ?

මම ඔහුට ගොඩක් ගරැ කළා. ඉතින් මම එතුමාගේ Phone no එක හොයාගෙන කතා කළා. කාලයක් තිස්සේ එතුමා සමඟ දුරකතනයෙන් කතා බහ කළා. ඊට පස්සේ මට එතුමාගේ අබා චිත්‍රපටයේ සහයකයෙකු ලෙස වැඩ කරන්න ලැබුණා. ඒ කාලේ ඉගෙන ගත්ත දේ බොහොමයි.

 

මේ දවස්වල විකාශය වෙන නාට්‍ය මොනවද?

උරැමක්කාරයෝ, සේයා.

 

ඉදිරි කලා නිර්මාණ මොනාද?

සුමිත් කුමාරගේ අරලිය අරණ ඒවගේම ණයට ඉල්ලා අමනාප නොවන්න, වස්සාන ප්‍රේමයේ නම් තාම රෑපගත කිරීම්.

 

අනාගත බලාපොරොත්තු?

හොඳ නළුවෙක් විදියට කලා ක්ෂත්‍රය තුළ රුදෙමින්, කලාවට වගේම රටට වැඩදායි යමක් කිරීම තමා.

 

මේ ගමන එන්න උදව් කළ අය මතක් කළොත්?

ජැක්සන් සර් ඉදිරියෙන්ම ඉන්නවා. ඒවගේම රවින්ද්‍ර විජේරත්න, දිනුෂා රාජපතිරණ, තරංග දිසානායක, රන්ජන් ප්‍රසන්න, සුමිත් කුමාර, ජනක චමින්ද, වගේම මට වචනයකින් හරි උදව් කළ අය, ඒ වගේම මම මේ දේ කියන්නත් හදසර අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි මම සම්මානය ගත්තට පස්සේ මම වෙනුවෙන් ගිලීමලේ ගමේ උදවිය ලොකු උපහාර උත්සවයක් තිබ්බා. ඒකට ජැක්සන් සර් සහභාගි වුණා. ඉතින් ඒ දේ සංවිධාන කළ ගමේ අයට ස්තූතියි කියනවා හදසර තුළින්.

 

අනූ 

 

DESHAYA



අදහස් (0)

ගිලීමලේ උත්සවයට ජැක්සන් සර්රුත් ආවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1005 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 669 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 353 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 595 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site