පසුගිය රජය පැවති 2005 වර්ෂයේ දී කරාපිටියේ ඉදිකිරීමට ගිය මාතෘ හා ළමා රෝහල වෙනුවෙන් ලැබුණු මුදල් ගැන සොයා වංචා කරුවන්ට දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් ඉදිකර දෙන ලෙසත් ඉල්ලා අද සවස කරාපිටියේ දී පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. මේ රෝහල සෑදීමට ජර්මන් හෙල්මුත් කෝල් පදනමෙන් සුනාමි පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 3640 ක් ලැබිණි. රෝහලට අඩිතාලම් දැම්ම ද ඉදිකිරීම් සිදුවූයේ නැත. ඉන්පසු 2012 දී ජර්මන් පුනර්නිර්මාණී බැංකුවෙන් රුපියල් කෝටි 330ක ණය මුදලක් ද මේ රෝහල වෙනුවෙන් රජය විසින් ගෙන ඇතැයි උද්ඝෝෂකයෝ කියති. එසේ වුවද තවමත් 2005 දී දැමූ අඩිතාලමත් දිරායන යකඩ ගොඩක් හා යන්ත්‍රෝපකරණ කිහිපයක් පමණක් මෙහි දක්නට ලැබෙයි. උද්ඝෝෂකයන් පවසන්නේ එකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ මුදලට වගකිවයුතු බවයි.
මුදල්වලට සිදුවූ දේ සොයා හොරුන්ට නිසි දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් සාදා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ලෙස සැකසූ පඹයකුට ද ගිනි තැබිණි. කරාපිටියේ පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතියේ මූළිකත්වයෙන් මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාල්ලේ සුනාමි රෝහල හමස් මල්ලේ
ආනන්ද Saturday, 07 February 2015 05:54 PM
ඕන් ඒ කාලේ මහින්දගේ ආශ්චර්ය ආයුබෝවන්. ලංකාවේ බහුතරයක් ලොකු මිනිස්සු දුප්පත් මිනිසුන්ට පිටින් ලැබෙන දේත් හොරාකන කොටසක්. විශේෂයෙන් ඉන්න දේශපලුවෝ. ලබන ආත්මෙදි උන්ට කන්න වෙන්නේ උන්ගේම අසූචි. (නදී)
අසෝකා Saturday, 07 February 2015 06:50 PM
සුනාමියට ගෙවල් හදන්න අාපු අයට සමහර නිලධාරීන්ගේ ගෙම්බර් බලලම ඇතිවෙලා හුගක් ගෙවල් අතරමග නතර කරන්න සිදුවුණා. එ් වෙලේ සමහර නිලධාරීන් වැඩ කලේ හරියට ඒ ගොල්ලන්ගේ වෙරක්කාරයෝ ටිකකට සලකනවා වගේ. (නදී)
චන්ද්‍ර වීරසිංහ Saturday, 07 February 2015 08:45 PM
කුමාර්, ඔහේ වැඩේ අවුල් කරන්න හදන්නේ නැතුව එක තැනකින් පටන්ගන්න දෙන්නකො. (නි)
හසිත් Saturday, 07 February 2015 09:09 PM
අනෙක් දේවල් කරන්න කලින් රටේ පාලකයන් සහ වෙනත් වගකිවයුතු නිලධාරින් මේ දේවල් සම්බන්ධයෙන් ඒ කාලයේ මොනවා කරන්න ඇද්ද කියලා බැලුවොත් හොඳයි නේද? (නි)
නුවන් Sunday, 08 February 2015 01:25 AM
මේ සුනාමි ආධාර වලට සැබෑවටම සිදුවූයේ කුමක්දැයි කියා සොයාබැලුවොත් නරකද? (නි)
දුමින්ද Sunday, 08 February 2015 03:19 AM
මේවා හෙන ගහන අපා ගත වන අපරාද. (නදී)
චවීන් Sunday, 08 February 2015 04:47 AM
මේවා ලොකු අපරාධ.මේ වගේ දේවල් අනාවරණය කරන මාධ්‍යවේදීන්ට ස්තුතියි.මේක දුෂණය පිළිබඳ හොඳ හෙළිදරව්වක්. මේ හොරු නීතිය ඉදිරියට ගෙන්වන්න ඕනෑ. (නි)
ශලිනි Sunday, 08 February 2015 06:23 AM
2004 සිට මෙතෙක් මෙම ස්ථානයට වර්ග කිලෝමීටරයක් වටා ස්ථිරව පදිංචි පසුගිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 7ක් සිටිමුත් විපක්ෂ එක් අයකදු පත් කරගෙන නොමැති දකුණු පළාතටම යෝජීත මේ රෝහල තවමත් ඉදිකරන්න බැරි උනා. (ස)
කුමාර් Saturday, 07 February 2015 02:39 PM
එතකොට ගෙවල් දස දහස් ගණනක් හදන්න හම්බු උන සල්ලි ගහ ගත්තු සමාජ සේවකයෝ, පුජකයෝ එයාලට මොකද කරන්නේ? එයාලගේ බැංකුවල කෝටි ගනන් තියෙනවා. සමහර අය "සක්විති" ගාව සල්ලි දාල කෝටි ගනන් නැති කරගත්තා (නදී)