(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපවත් වී වදාළ මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනා හිමියන්ගේ දේහයට අද (20) දහවල් අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.