ගලේවෙල දඩුයාය සින්හාරජාරාමයේ නව බුදු මැදුරක් හා සංඝාවාසයක්ද සමඟ සාම කුලුණක් ඉදි කිරීමට යයි.
ජපානයේ දානපතියන් පිරිසක් සමග ජපන් ලංකා මිතුරු පදනමමේ කාරියට ලක්ෂ 12 ක් වැය කරයි.මාර්තු මාසය අවසන් කිරීමට පෙර වැඩ අවසන් කිරීමට නියමිත බව එම සංගමයේ මහා ලේකම් කන්දලම හෝටලයේ කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා කීහ.
නෙදර්ලන්ත ජාතිකයෝ පිරිසක් අද මේ සඳහා මුල්ගල තැබුහ.
ප්‍රාදේශිය සහා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතාද එහි පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලේවෙල කියන්නේ පොඩි ටවුමක් නේද? (දී)
පිටරටවල ගොඩක් ඇති හැකි දානපතියෝ ඉන්නවා. නමුත් මේ අයට හරි දේ පෙන්නලා ඒ අයගේ පරිත්‍යාගයෙන් උපරිම ප්‍රතිපල ලැබෙන දේවල් වලට යොමු කලොත් ගොඩක් පින්. මුලිකත්වය දෙන්න ඕන වැඩ මීට වඩා තියෙන්න පුළුවන්. අඩු තරමින් දුෂ්කර පැත්තකට පාර කිලෝ මීටරයක් වත් හදල දුන්නොත්? (දී)
දැනට මාස කිහිපයකට උඩදී ජිනීවාහි බෞද්ධ විහාරයේ අධිපති තවලම ධම්මික නායක හාමුදුරෝවෝ කොරියාවේ දානපතියන්ගේ ආධාරයත් ඇතුව ලංකාවේ දුෂ්කර පළාත් කිහිපයක වැසිකිලි නොතිබුන පාසල් 57ක ට වැසිකිලි තනා දුන්නා. කරන්න හදන මේ කර්තව්‍ය අප අඩු තක්සේරුවකට ලක් කරන්නේ නැහැ. නමුත් දැවෙන ප්‍රශ්නයකට ලබා දෙන පිළිතුරේ මහත්පල ආනිශංස තියෙනවා. (නදී)