ගොවි ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට තමා කළ යෝජනා ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (02) පිළිගත් බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.
වී ගොවියන් මෙන්ම අනෙක් බෝග වගා කරන ගොවියන්ටද පොහොර සහනාධාරයක් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද දිසානායක මහතා කීවේය.
ගොවි ගැටළු ගැන සාකච්ඡා කිරීමට තමා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද දිසානායක මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ ගබඩා කර තිබූ වී මෙට්‍රික්ටොන් අසූ දහසක් රට යැවීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිතුරු තර්ක වාද නොවෙයි ඇමතිතුමා ගොවියන්ට ඕනේ විසඳුම්. වී ටික සාධාරණ මිලකට විකුණා ගන්න තියෙනවා නම් සහනාධාර එච්චර වැදගත් නෑ. (ර)
ගොවි සංවිධාන රටම කළඹන තෙක් නිහඬව සිට හෝ එකඟත්වයකට පැමිණීම සතුටුයි. ඒ ජයග්‍රහණය ජ,වී,පෙ වෙත ගලා යා යුතුයි. කෙසේවෙතත් නාමල් කරුණාරත්න මහතාගෙන් ඔබේ ප්‍රකාශය තහවුරු විය යුතුය. (ර)
මේවාට පැළැස්තර විසඳුම් නම් වැඩක් නැහැ (නි)
කතාවට පමණක් බැහැ ක්‍රියාත්මක කල යුතුයි. ඇත්තටම මෙය සත්තියද යන්න පැහැදිලි කරගන්නේ කොහොමද ? පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශයක් කල යුතුයි එය ඇත්ත කියල. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ වාරය එනකන්. (අ)
නිර්භයව පෙරට ඇවිල්ලාද උත්තර දුන්නේ? (නි)
දේශපාලන හස්තයක් මේ උද්ගෝෂණ වල පිටුපසින් නොව ඉදිරියෙන් ඉන්න බව රටම තේරුම් ගත්තා. ඒ නිසාම ගොවි සටන ජයගන්න බවත් දැක්කා. (ම)
මේ කතාත් ඡන්ද පොරොන්දු වගේ තමයි පෙන්නේ. (ර)