IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ  රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම  යුක්ති සහගත දැයි  එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය.

හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ  තම පක්ෂයද   සිටින බව පැවසූ දිසානායක මහතා  විශ්‍රාම ගිය නිලධාරියකුට කුමන හෝ දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවකුටත්  අයිතියක් නැතැයිද සඳහන් කළේය.

දිසානායක මහතා මෙසේ පැවැසුවේ  ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද. කීත් නොයාර්ට පහර දුන්නේ කවුද. උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ කවුද. පෝද්දල ජයන්තට පහර දුන්නේ කවුද. ඒ පරීක්ෂණ කොච්චර දුර ගියාද කියලා කියලා කියන්න අපි දන්නවා. මේ පාර්ලිමේන්තුව   හමුදාවට මුදල් වෙන් කරල දීල  තියෙන්නෙ ජනතාවට පහර දෙන්න නොවෙයි. උද්ඝෝෂණ වලට පහර දෙන්න නොවෙයි.

උද්ඝෝෂණ කරුවන්ට පහර දුන්න පිරිසක් නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ කවුද පොලිසියට දුරකතන ඇමතුම් දුන් පුද්ගලයා. කමල් ගුණරත්න ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයෙක්. ඒක ඔහුට තියෙන අයිතිය. අපි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට වෙනත් අයගෙ ඒ  අයිතිය ඔහු හාර අවුස්සන්නේ කොහොමද. වෙනත් දේශපාලන ව්‍යාපාර වලට වැඩ කරන අය පාලනය කරන්න ඔහුට තියන අයිතිය කුමක්ද. හමුදා සොල්දාදුවන්ට ගරු කළ යුතුයි කියලා කතා කරන ආණ්ඩුවක්.

මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ  එද්දී ගුවන්තොටේදී පරීක්ෂාවට ලක් කළා. කුඩු අරගෙන එනවද කියලා හෙව්වා. හේතුව මොකද්ද. ජාතික ජන බලවේගය එක්ක දේශපාලනය කිරීම. මේක සාධාරණ නැහැ. මේ වැඩේ කරන්න එපා. යම් දේශපාලන ව්‍යාපාරයකට විතරද මේ රටේ දේශපාලනය කරන්න අයිතිය තියෙන්නෙ.

අද අපිත් එක්ක වැඩ කරන විශ්‍රාමික හමුදා  නිලධාරීන්ට කඳවුරුවලට යෑම සීමා කරල.  වෛද්‍ය සැපයුම් ලබා ගැනීමත්  සීමා කරල තියෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ  මේ කැත වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරනවා.

ජාතික සමගිය ගැන පෙළපාළියක් ගියා. සංස්කෘතික පෙරහැරක්. ඒකටත් ටවුන් හෝල් එකේදි ගහනවා. එදා පොලීසියේ එක කොට්ඨාශයකට  නියෝග දුන්නේ සාගල රත්නායක . විශ්‍රාමික නිලධාරියකුට කවර හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට ඇති අයිතියට අකුල් හෙලන්න එපා. රාජකාරියේ ඉන්න හමුදා නිලධාරින් සමග දේශපාලනය නොකළ යුතුයි කියන මතයේ අප ඉන්නවා.



අදහස් (5)

ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක්

ලසිත් Thursday, 23 November 2023 01:42 PM

පාටියේ පෙර වැරැදි නිසා සාමාජිකයා ගැන ගුවන්තොටුපලේ අයට සැක හිතෙන්න ඇති. දැන්වත් හැදෙන්න බලන්න සහෝදරයා...

:       22       9

රංබොඩ Thursday, 23 November 2023 01:48 PM

උද්ඝෝෂණවලට පහර දෙනවා කියන්නේ ජ.වි.පෙ.ට. පහර දෙනවා කිියන එකනේ... ඒකයි දුක...!

:       4       11

Perera Friday, 24 November 2023 04:09 AM

ආරක්ෂක ලේකම්ගේ පැටිකිරිය බ්‍රසීල ශ්‍රීලංකා තානාපති කාරයාලේ අය දන්නවා .එයා හිරේ ඉන්න ඕන කෙනෙක්

:       1       3

රෝහණ විජේවීර Saturday, 25 November 2023 09:21 AM

ජවිපෙ කියන්නේ පටන් ගත් දා ඉඳලාම ත්‍රස්තවාදී කල්ලියක්. ඒකට සම්බන්ධ හමුදා නිලධාරීන් පිටරට ඉඳලා එනකොට මොන වගේ අවි ආයුධ ගේනවාද කියලා පරීක්ෂාකරලා බලන්නම ඕනෑ...

:       2       2

Bamunuarachchi Saturday, 25 November 2023 05:44 PM

ඈ බොල අනුර ගොයියෝ, අරුණ ජයසේකර ගැන තිබෙන පස්සේ අමාරුව මොකක්ද? ඊළඟට කියන්න 1971, 1989, 2022 කාලේ කරපු දහසකුත් ගිනිතැබීම් මිනිමැරුම් වලට කී දෙනෙක් එල්ලුම් ගස් ගියාද? හිරේ ගියාද? හරිනම් ඔයාවත් එල්ලන්න ඕනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 291 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 299 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 377 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 299 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 419 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 446 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site