IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගුවන් යානය තුළත් මහ හොරකමක්

(ටී.කේ.ජී.කපිල)

ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.

සැකකාර චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය  රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .

47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසනවල පැමිණ තිබූ අතර , ඔවුන් සමග චීන ජාතිකයකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි .

ගුවන් මගීන්ට සුවදායක නින්දකට අවශ්‍ය පසුබිම සකස් කර දීම සඳහා එහි විදුලිය නිවා දමා තිබූ අතර ඒ අවසරයෙන් ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක් , එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ .

මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා , ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමට යාමේදී මුදල් නොමැති බව දැන ඒ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි .

 



අදහස් (4)

ගුවන් යානය තුළත් මහ හොරකමක්

සුරංගොඩ Thursday, 14 December 2023 08:13 AM

ව්‍යාපාරික ලෙබනන ජාතිකයෙක් ලංකාවට ඇවිත් තියෙන්නෙ මවට බෙහෙත් ගන්න කියලා තියෙන්නෙ ලංකාවෙ උසස් වෙදකමේ ප්‍රථිපල තියෙනවා කියලා විශ්වාසයක් නිසා තමයි ඒත් අපේ උන්දැලා බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවෙ රෝහල් වලට නේද .ඒ චීනා මුදල් හොරකම් කලා වගේම තමයි චීන්නු ලංකාවෙ හෙලුවෙන් ඉන්න හොරුත් එක්ක ලංකාව සූරාකෑම කලේ කියන්න පුළුවන්

:       2       7

lankapuatha Thursday, 14 December 2023 08:31 AM

ඔබේ මුදල් එහි තිබූ බව තහවුරු කරන්නේ කෙසේද? ඒක ගත්තේ චයිනස් මෑන් බව තහවුරු කරන්නේ කොහොමද? ඔබ පැවසූ පරිදි වෙනස සිදු වූ බව ඔබට තහවුරු කළ හැකිද?

:       1       4

viraj Thursday, 14 December 2023 10:04 AM

චීන්නු කියන්නේ පල් හොරු

:       1       7

බද්රානි Thursday, 14 December 2023 02:37 PM

ලෙබනන් මනුස්සයාගේ මුදල් චීනා හොරකම් කරන එක ගැන හිතන්න කලින්, චීන්නු එක්ක එකතුවෙලා උඹලගේ පාලකයෝ උඹලාගේ මුදල් මංකොල්ලකෑ එක ගැන හිතා පල්ලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 1354 0

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 727 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2204 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1368 6

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2450 2

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 795 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39322 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25640 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1118 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site