IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගුවන් යානයක එකවර යා හැකි සීමාව ඉවතට

 

( තිළිණි ද සිල්වා)

කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (10) ලංකාදීපයට පැවසීය.

ඒ අනුව දේශීය හා විදේශීය ගුවන් සමාගම්වලට අයත් මෙරටට එන සහ පිටත්ව යන ගුවන් යානා වල ඔනෑම මගීන් සංඛ්‍යාව රැගෙන යා හැකි බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේය.

ඉකුත් 07 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වෙන බවද හෙතෙම සදහන් කළේය.

එම ගුවන් යානා වල අදාළ ගුවන් සේවා සමාගම් වලට අවශ්‍ය ඔනෑම සංඛ්‍යාවක් එකම යානයක රැගෙන යා හැකි බව හෙතෙම සඳහන් කළේය.

එසේ වුවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින්ට සහ අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවමත් දින 14 ක නිරෝධායනයකට ලක් වීම අනිවාර්ය යැයිද සිවිල ගුවන් සේවා අධිකාරි සභාපතිවරයා කියා සිටියේය.

 



අදහස් (5)

ගුවන් යානයක එකවර යා හැකි සීමාව ඉවතට

සමරේ Monday, 11 October 2021 01:05 AM

අනේ මන්දා දැන් මේ පාලන රෙගුලාසි අයින් කරාම ගුවන් සමාගම් මොනවා කරාවිද කියලා. පාලන මිල ඉවත් කළ නිසා ගෑස් මිලට කරලා තියෙන දේ දැක්කම, මේ මගී සංඛ්‍යා පාලනය ඉවත් කළ නිසා. ගුවන් යානයට ප්‍රයිවට් බස් එකේ වගේ හිටගෙන යන්න පටවා ගන්නත් ඉඩ තියෙනවා.

:       16       8

Indunil Monday, 11 October 2021 04:59 AM

අයියෝ ඒකත් ඉවරයි

:       4       1

nalin Monday, 11 October 2021 06:40 AM

එහෙමනම් ටිකට් වල ගනනුත් අඩු උනානම් නේද හොද? අපි හෙන ගානක් ගෙවලනෙ අපි ටිකට් බුක් කලේ ලංකාවට එන්න.

:       0       5

swene Monday, 11 October 2021 08:12 AM

දැඩි කැපවීමකින් යම් පාලනයකට නතු කරගත් කොරෝනා දල්ල නැවත දල්වමුද?

:       2       2

Don Monday, 11 October 2021 01:27 PM

4 වැනි රැල්ල ළඟාවෙමින් පවතියි...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 580 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4054 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1564 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 640 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3794 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2825 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site