IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගුවන් ශූරතා දෙකම ත්‍රී මලේට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ   තවත් එක් සුවිශේෂී අංගයක් වන  2015 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය  කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.

සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් 23 කට අධීක කණ්ඩායම් සංඛ්‍යාවක් මෙවර තරඟාවළියට සහභාගී වූ අතර ඉන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ මොරවැව ගුවන් හමුදා කඳවුර අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය. මෙම කණ්ඩායම් තුන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඉදිරියේ තම දක්ෂතාවයන් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී පයිලට් ඔෆිසර් ඒඑන්වී මීතලාව  අණදුන් මොරවැව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම (ලකුණු 438.2) ශූරතාවයට හිමිකම් කියනු ලැබූ අතර ෆලයින් ලෙෆ්ටිනන් ඩීඑමිකේ ගමගේ අණදුන් අනුරාධපුරය ගුවන් හමුදා මුලික කඳවුරු කණ්ඩායම (ලකුණු 430.94) සහ පයිලට් ඔෆිසර් එචිඑචිඩී ජීවන්ත  අණදුන් රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුරු කණ්ඩායම (ලකුණු 422.7) පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා ලදී.

තූර්යවාදක තරඟාවළියේදී මුලික කදවුර කටුනායක තූර්ය වාදක කණ්ඩායම සහ චීන වරාය විද්‍යාපීඨ තූර්යවාදක කණ්ඩායම තරඟ වදින ලදී.

ගුවන් හමුදාව සතුව තූර්ය වාදක කණ්ඩායම් හතරක් පවතී. ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම 1970 ජූලි මස 01 වන දින සිට ආරම්භ කරන ලද අතර එය 2002 වසරේදී කොටස් දෙකකට වෙන්කොට කණ්ඩායම් දෙකක් නිර්මාණය කරන ලදී.    ඒ කණ්ඩායම සහ බී කණ්ඩායම වශයෙන් මූලිකව හැදින්වූ මෙම තූර්යවාදක කණ්ඩායම් යුගලය රෙඩ් වින්ග් සහ ග්‍රීන් වින් ලෙස 2005 වසරේ සිට හඳුන්වනු ලබයි.

තූර්ය වාදක කණ්ඩායම් සඳහා වූ අධික වෙහෙසකර කාලසටහන හේතුවෙන් විසිරයාම් පෙළපාලි සහ අනෙකුත් චාරිත්‍රානුකූල උත්සව අවස්ථාවන් සඳහා 2007 වසරේදී දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ තුන්වන තූර්යවාදක කණ්ඩායම ස්ථාපිත කරන ලදී. එසේම 2009 වසරේදී ගුවන් හමුදා හතරවන තූර්ය වාදක කණ්ඩායම චීනවරාය ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත කරන ලදි.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායමි දෙකක් තම හැකියාවන් අනුසාරයෙන් සරඹ සදහා ඒකාබද්ධ වාදනයක් සපයනු ලබන අතර සංගීත රටාවන් එක්කරමින් ප්‍රේක්ෂකයන් හට විනෝදාස්වාදයක් ද සපයනු ලැබීය. එසේම මෙම කණ්ඩායම් ද්විත්වයම අගනා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කණ්ඩායම් ද්විත්වයක් වන අතර ඉන් චීන වරාය විද්‍යාපීඨ තූර්යවාදක කණ්ඩායම මුලික කදවුර කටුනායක තූර්ය වාදක කණ්ඩායම පරදවා අන්තර් ඒකක තූර්ය වාදක තරඟවළියේ ශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

 Best-Band--Taem Best-Drill-Taem DSC_2007 DSC_2019 DSC_2039 DSC_2045 DSC_2060 DSC_2073 DSC_2083 DSC_2086 DSC_2110 DSC_2114 DSC_2118 DSC_2143

 



අදහස් (0)

ගුවන් ශූරතා දෙකම ත්‍රී මලේට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 735 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 659 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 138 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 928 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 196 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1139 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site