2014 අය වැයෙන් සහන ලබා නොදුන් බව කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් අද සාම්ප්‍රදායික ගොවි ඇඳුමෙන් සැරසී කොළඹ කොටුවේ දී විරෝධතාවක් පැවැත්වූ.
2014 අය වැයෙන් සහන ලබා නොදුන් බව කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් අද සාම්ප්‍රදායික ගොවි ඇඳුමෙන් සැරසී කොළඹ කොටුවේ දී විරෝධතාවක් පැවැත්වූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවි මාමලත් නෝනලා ළගටමනේ යන්නේ (නි)
ඔක්කොම හෝදලා ගනිමු රජකමට... (නි)
නියමයි.දැන් කොළඹ නෝනලා හිතාවි, අමුඩය ගහන්නෙ කළු රෙද්දෙන් කියලා. (නි)
ලැම්බෝගිනි ,ෆෙරෙරි,පොර්චේ වගේ කෝටි 10-15 කාර් නොවෙයි මේ අසරණ මිනිසුන් ඉල්ලන්නේ.ජීවත් වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් පමණි. (නි)
"අපි වවමු රට හදමු" කිව්වට ලංකාවේ ඉදලා සෑම සිකුරාදාම මෙහෙට ගෙනෙන "පොළොස්" ගෙඩි ටික,"කොහිල අල" ටික,"රතු හාල්" ටිකවත් කලට වෙලාවට යවාගන්න බැහැ.සතියක් ගෙනාවොත් සති දෙකක් නැහැ.ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (නි)
යමු යමු ඉක්මනට බලන්න (නි)
දැන් නම් ඉක්මන් පිළිතුරක් ලබාදෙයි කියා හිතෙනවා (නි)
''මඩ හෝදාගත් කල ගොවියාත් රජකමට සුදුසුයි''ලු (නි)
සංචාරකයෝ ගිහින් කියයි ලංකාවේ මිනිස්සු තවම ඉන්නේ අඩ නිරුවතින් කියලා. (නි)
ගොවියෝ නම් කවදාවත් ඔතනට ඔය විදියට එන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
ඔය ටිකත් අහවර කරලම අාවා නම් තමා වටින්නේ.. (නි)
අයියෝ මන්ද....??? ප්‍රාග් ඉතිහාසික යුගයට යනවා වගේ තමා මට නම් දැනෙන්නේ...රජය ගොවීන්ව නොසලකා හැරීම කණගාටුවට කරුණක් තමා... එත් ඉතින් මෙහෙම...??? (අ)
අපි ඔක්කොම අමුඩේ අැන්දා නම් කොයිතරම් මුදලක් ඉතුරු කරන්න පුලුවන්ද? බලන්ඩකෝ ගාම්භීරත්වය... හැබැයි වැඩ ඇරිලා බස් එකේ යන්න ලැබෙන්නේ නැහැ (නි)
අර ඡායාරූපයේ ඉන්න සුදු නෝනා මොනවා හිතනවා ඇද්ද? (නි)
ජය වේවා! (නි)
මොනවා වුණත් වැඩේ ලස්සනයි. (නි)
සුද්දිගේ පොඩි දරුවා අහන්න ඇති "අම්ම් මී.... කව්ද අර හියුමන්ස්ලා?" කියලා. එතකොට එයා මොනවා කියන්න ඇද්ද? (නි)
ලංකාවට ලැජ්ජා කරනවා. කතිරේ ගහලා දැන් දඟලනවා. බල මාළු කෑවා නම් වින්දවපන් පුසෝ (නි)
අයියෝ! දියුණු රටවල මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාව හරිම දුප්පත් රටක් සහ එහෙ ඉන්න මිනිස්සු අදින්නේ මෙහෙමයි කියලා. මෙහෙමත් ආශ්චර්යයක්? අනේ පවු මේ මිනිස්සුන්ටත් යන කලක් තියෙන්න එපායැ. (නි)
අනේ! මේක මාසයකට වතාවක් ගානෙ පවත්වන්න. (නි)
අය වැයෙන් ළදරුවන්ට දුන් සහන මදි කියලා ඔය ගමන්ම ළදරුවන්ගේ උපන් ඇඳුමිනුත් සැරසිලා හිටියා නම් ජනතා අවධානය නොසෑහෙන්න ලැබෙන්න තිබුනා. (නි)
මේ මොන ගොයියෝද? මට නම් එහෙම පෙනෙන්නෙ නැහැ (නි)
ගොවියෝ මේ දෙවියෝ ..... ගොවියෝ මේ දෙවියෝ වරෙව් අවදිවී නැගෙවූ සමගිවී ! රට ස්වයංපෝෂි කරන අපගේ ගොවියන්ට අවශ්‍ය දේ ලබා දියවූ! (නි)
ගොවි රජවරුන්ට ජයවේවා! ගොවි රජවරුන්ට ජයවේවා! (නි)
'ජම්බෝ කැබිනට්' එක අඩු කරලා රටට බත සපයන ගොවියාට සාධාරනය ඉෂ්ට කරන්න (නි)
දහනායක මහත්තයා පාර්ලිමේන්තුවට ගිය හැටි මතක් වෙනවා මට (නි)
අපේ ලාංකිකයන්ට මේ මොනවා වෙලාද? (නි)
අපේ ගොවියන්ගේ දේශීය ඇඳුම ලස්සනයි. විදේශික සංචාරකයන්ට හොඳ අවස්ථාවක් අපේ දේශීය හොවියන් කොළඹදී දැක බලා ගැනීමට. (නි)
අපිත් කලිසම් අඳින්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා. නැත්නම් අපිටත් අමුඩය පිටින් තමා යන්න වෙන්නේ. ගොවි මහත්වරුනි. මේ පාර සකස් කරලා තියෙන්නේ ගොවි කම්කරු මධ්‍යම පාන්තිකයන්ට හිතකර අයවැයක් නෙමෙයි. අපිටත් දැන් තියෙන්නේ කලිසම් ගලවලා ඔලුවේ ඔතාගෙන කොටුවට ඇවිල්ලා කෑ ගහන්න තමයි. (නි)
සුද්දියෙකුත් බලාගෙන නේද? ලැජ්ජාවේ බැහැ (නි)
අමුඩෙත් නැතුව පෙළපාලි යන දවස වැඩි ඈතක නොවේ යැයි මගේ හිත කියනවා. සංචාරක ව්‍යාපාරය ගැන සිහින මවන රජයේ ලොක්කන්ට මේක හොඳ දසුනක්. (නි)
අයියෝ! මොනවද මේ? ලැජ්ජා නැද්ද? මට බලන්නත් ලැජ්ජයි. විදේශිකයෝ බලබලා යනවා. ඉස්සර අමුඩය ගැහුවේ ගොවිකම පෙන්නන්න නොවේ. කුඹුරු වැඩ බර වැඩක් නිසා පිරිමින්ට ඇතිවිය හැකි අතුරු එල වලින් බේරීමට හා ආරක්ෂාකාරී පියවරක් ලෙසත්, යට ඇදුම් නොතිබුන නිසාත්, රෙදි හිගකම නිසාත් ය. මේ අවවැය සාධාරන නැහැ. ඒ වුණාට මේ වගේ වැඩ හොද නැහැ. (නි)
අමුඩය අන්දපු පියවරුන්ගේ පුත්තු ලොකු පුටුවලට ගිහින් අමුඩයට සමච්චල් කරන යුගයක් අද තියෙන්නේ (නි)
අනේ ගෙවිලියොත් මෙහෙම හිටියද? (නි)
මට නම් හරිම අප්‍රසන්නයි (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ කිවුවලු (නි)
ශ්‍රී ලාංකීය සවිය මොවුන්ය (නි)
අමුඩේ ඇඳලා ගැහැණූ අයටම කොළ බෙදන එකට නම් මම එච්චර කැමති නැහැ (නි)
එකක් පැහැදිලියි. මේ සියල්ලෝම අවංකව අරමුණ වෙනුවෙන් පැමිණි අයයි (නි)
මොකද මේ? කාන්තාවන්ට විතරද පත්‍රිකා බෙදන්නේ ... (නි)
මට ඉස්සර කාලය මතක් වුණා (නි)
අමුඩ කොටේ කුඹුරට හොඳ වුණාට අනෙක් ලෝකයේ රටවල් වලට නම් හොඳ දෙයක් නොවේ. මේවා මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙනවා. අනෙක නගරයක් මැද්දේ, ඉල්ලුම් දිනා ගැනීමට කරන ක්‍රමවේද නම් බොහෝ අශීලාචාරයි. (නි)
මේක කාගේ වැඩක්ද කියලා හිතාගන්න පුළුවන් අපිට (නි)
ගොවියන්ට සහන නොලැබුණු බව ඇත්තයි. නමුත් අමුඩය නම් එතරම් ආරක්ෂාකාරී ඇඳුමක් නොවේ. හදිසි කලබලයකදී ගැළවී ගියහැකි බව පෙනේ. කාන්තාවන් ළගට යනවිට ඉතාම කිට්ටුවට නොයන මෙන් ඉල්ලමි. (නි)
විදේශිකයින් අමුඩය ඇන්දාට සිනා වෙන්නේ නැත. සමහර බටහිර රටවල විරෝධතා දක්වන්නේ නිරුවතිනි. ඒ නිසා ඔවුන්ට මෙය ගානක් නැත. අමුඩය වැනි ශ්‍රේෂ්ඨ ඇඳුමකට සිනා වෙන්නේ අපේ කළු සුද්දන් පමණි. (නි)
උදලු නැතුව උදලු දාන ගොවි අන්කල්ලා යෝධයෝ වගේ.. (නි)
අපේ මිනිස්සු කතිරේ ගහලා දැන් දඟලනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ ආකාරයටම ස්ත්‍රීන් පාරේ හිටියොත්? (නි)
දැන් වෙලා තියෙන්නේ අපි ගහමු, රටම කමු (නි)
ඒකනේ ඇන්ටන්, බලන්නකෝ ඒකෙත් වැඩේ හැටි. (නි)
රකිත්, නියම කතාව! නමුත් සෙනග තමයි මදි. දැනෙන විදිහේ විරෝධයක් නැහැ වගේ පෙනෙන්නේ. (නි)
ඊ ලග පියවර කොහොම වෙයිද? (නදී)
අමුඩය කැඩුනොත් ඔක්කොම ඉවරයි.(නදී)
ඔජායේ.(නදී)
ගොවියෙකුගේ තේජවන්ත පෙනුම ලැබෙන්නේ ඔය ඇඳුමෙන් කුඹුරේ, කමතේ, වැව ඉවුරේ ඉන්න කොටයි. මේ ඉන්න තැනට අමුඩයේ නොගැලපීම කොයි තරම්ද කියල තේරුම් ගන්න මොලයක් සංවිධායකයන්ට තිබිල නැහැ. ඒ නිසා මේ මිනිස්සු ටික ලජ්ජා නැති විකටයන් පිරිසක් බවට පත්කරලා. මහා ජුගුප්සා ජනක දර්ශනයක්! (නදී)
ද්‍රවිඩයො කියන එක හරි මේක තමයි අපේ ජාතික ඇඳුම. (ස)
උදලු අරන් -අමුඩෙ ගහන් -කොලඹ යමන් - හැඩයි බොලන්. (ස)
"එතකොට එයා මොනවා කියන්න ඇද්ද?" කියන්න ඇති ඒගොල්ල ඒලියන්ස්ලා කියලා. (ස)
ඉතාම අප්ප්‍රසන්නයි, ඉල්ලීම් සාදාරන විය හැක. ඉල්ලන විදිය අනුමත කල හැකිද. අපේ රට සන්ච්ාරකයින්ගේ පාරාදීසයකි. බටහිර ටරවල් අපට කරන අමනුස්ස චෝදනා වලට මේ මෝඩයින් සාක්ෂි සපයනවා. ගොවි ඉල්ලීම් ඉදිරිපත් කරන්න අමුඩේම ගහන්න ඕනද. මේ අය දැන් කුඹුරට උනත් අමුඩය ගහන්නේ නැහැනේ. (නදී)
"මොකද මේ? කාන්තාවන්ට විතරද පත්‍රිකා බෙදන්නේ " ඒගොල්ල විතරනේ ලඟට එන්නේ (නදී)
ගොවියන්ට කැනහිලි කම්කරලා අපිට යා හැකි ගමනක් නැහැ. (නදී)
අර වරක් ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වලට විරුද්දව කියල කන්තාවොත් මෙහෙම අප්‍රසන්න වැඩක් කලා උඩුකය නිරුවත්ව. මට හරිම ලැජ්ජාවක් ඇතිඋනා. මෙයත් හරිම ගොන් වැඩක්. තමුන්ම ලැජ්ජා වෙන්න ඕනේ. (නදී)
අමුඩය ගහගෙන කොළඹ ඇවිල්ලම පෙන්නනේ කොළඹ ඉන්න අලුත් කට්ටිය අමුඩය දැකලා තියෙන්නේ පික්චර් වල විතර නිසා වෙන්න ඇති. මේ දර්ශන දකින ඕන කෙනෙකුට ඔවුනගේ ඉල්ලීම් ගැන නොවේ හිතෙන්නේ. මොවුන් මේ නටන මල විකාරය ගැනයි. (නදී)
මෝඩ ගොවියෝ.(නදී)
වප් මගුල නෙමෙයි උදුවප් මගුල.(නදී)
මරේ මරු... අපේ රටේ කාන්තාවන්ට පිරිමින්ගේ පස්ස බලන්න හොඳ චාන්ස් එකක් හම්බුනා. (නදී)
මොන උද්ඝෝෂණය කලත් ටික දවසයි. ඊට පසු කාටත් අමතකයි.ලොක්කෝ දන්නවා ඒක. ඒ හින්දා එයාලට ගාණක් නැහැ දැන් අපි ලයිට් බිල ගෙවන්නෙ නැද්ද?? (ස)
මේ ලංකාවම ඉන්නේ ගොවියෝ ඔච්චරද ? ජේ වී පෙ ට ගේන්නද පුළුවන් උනේ 30 ක්ද ? (ස)
මේ මිනිස්සු ඇවිල්ල තියෙන්නේ අමුඩ සංදර්ශනයක් කරන්න මිසක දුක කියන්න නම් නොවේ. මොන මල කෝලමක්ද. (ස)
ඔතන ඇති ගොවියෙක් නැහැ..ගොවියෝ කවදාවත් ඔහොම එන්නෙත් නැහැ..උන්ට ඔය විකාර වලට වෙලාවකුත් නැහැ..ඔය අපේ රතු මල්ලිලාගේ මාධ්‍ය සංදර්ශනයක් ..එයාලගේ නළුවෝ ටිකකට අමුඩ ගස්සල පාරට දාලා. මුන් අමුඩෙත් විකුනනවා..අනේ අපි නොදන්නා ලයිව් ..(නදී)
අමුඩය අපේ සංස්කෘතික අංගයක්. ඒක තියෙන්නේ ඇඳලා කුඹුරට බහින්න. ඇදගෙන නගර සංචරය කරන්න නොවේ. අමුඩයටත් අපහාස කරනවා. (ස)
ඉල්ලීම් දිනාගන්න නම් මහන්සි වෙන්නම වෙනවා. (නදී)
කාලෙකින් දැක්ක අර්ථවත් උද්ගෝෂණයක්. (නදී)
ගොවියෝ අමුඩ ගහගෙන කුඹුරට, හේනට ගියා මිසක පිට ගෙවල් වලට ගියේ නැහැ. පාලකයින් පක්ෂ අමුඩ කඩේ යවනවා කියන්නේ ඕකට ටමයි . අහිංසක ගොවියෝ (ස)
ගොවි නිෂ්පාදන වල ගණන් අහද්දී ගොවියා අසරණයි කියලා කියන්න බැහැ. මේක විහිළුවක්. (නදී)
කෝ අර ටිල්වින් සහ සෝමවංස සහෝදරවරු දෙන්නා නැහැනේ (නදී)
සරත් සමග එකගයි (නි)
අනේ! හරිම ලස්සනයි (නි)
ඇත්තටම ගොවියන්ට මොනවාද ලැබුනේ?? (නි)
මෙතන නම් ඉන්නේ ගොවියෝ නෙවේ. සීයයට සීයයක් විශ්වාසයි ,කුඹුරකට බැහැපු නැති අය. අපි ගම්වල හිටපු අය නියම ගොවියෝ අපිට හදුනාගන්න පුළුවනි. මේ අය කුලියට ලිප්ටන් වටරවුමේ ඉන්න අයගෙන් කොටසක්. කොළඹ අය අමුඩේ කියන්න මොකක්ක්ද කියා දන්නැති එකේ අමුඩේ කියන එක පෙන්නුවට බොහොම ස්තුතියි ඔය මහත්වරුන්ට.(නදී)
රකිත් ඔබ හරි. ඔය ඕනේ තරම විරෝදතා තියෙන්නේ පිටරටවල නිරුවතින් සහ අද නිරුවතින් (උ. දා. සතුන්ගේ හම් ඇඳුම් හැටියට යොදා ගැනීමට විරුද්දව) . සුද්දන්ට නෙමේ මේක මැජික් වෙලා තියෙන්නේ අපේ අයට.
ඔන්න මාමේ ටිකක් වහගන්න.(නදී)
ජයවේවා!. පාලකයෙනි.. අපේ ගොවිජනතාව අසරණ කරන්න එපා. (නදී)
සමහරක් කියල තියනෙවා බලපුවම බත් කන අයද ද කියලා හිතෙනවා කියලා. ටයි කෝට් ඇදලා ඉන්න හොරුන්ට වැඩිය ඔය මිනිසුන් රටට වාසනාවන්, (නදී)
අපේ ඉතිහාසය නොදන්නා අයට මේවා අසීලාචාර වැඩ. නුගත් අයගේ වැඩ. යුරෝපයට ගිය සමහර අයට යුරෝපයේ ගොවියා බූට්ස් දාගෙන වැඩකරනවා දකිනකොට අපේ ගොවියාගේ අබුඩය ඔහුට පෙනෙන්නේ වනචාරින්ගේ ඇදුමක් ලෙසයි. අපි කොයි රටක හිටියත් අපේ රටේ හැම දෙයක්ම වෙනත් රටවල් සමග සමාන කිරීමට අවශ්‍ය නැහැ. (නදී)
මඩ සෝදා ගෙන රජකම ගන්න ආව ගොවි මහතුන් වෙන්න ඇති මේ.. (ස)
කාන්තට ඔච්චරද එකතු කරගන්න පුළුවන් වුනේ?පව් වැඩේ (නදී)
මේ ආණ්ඩුවෙන් තරම් ගොවීන්ට සහන දීලා නැහැ වෙන කිසිම ආණ්ඩුවකින් .... (නදී)
ජේ.වී.පි අය කරන්නේ හැමදාම අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන එක තමා (නදී)
නෝනලාට විතරක් පත්‍රීකා බෙදන විදියට නේ කැමරාව ගිහින් තියෙන්නේ කාගේ දෝසා......... (නදී)
අන්න කැමරන් එනවලු - අමුඩෙන් මානව හිමිකම් වහගන්න ඉගෙන ගන්න.... (නදී)
ඉන්දියාව සහ බටහිරයෝ එකතු වී කරණ තවත් නාඩගමක කොටසක්. නවනීදන්ට එන්න ඉඩ දුන්නා. එයාගේ කන්නාඩියට පෙනුනද රටේ සාමය ගැන? කැමරුන්ට ඕනෑ විදිහට සප්පායම් වෙලා පහරලා ගියා. රජිව් ගාන්ධි පවුළ පෝෂණය කළ කොටි, රජිව් ගාන්ධිට කළ දේ අමතක වී සිටින අය, ජයලලිතාගේ රූකඩ පෙන්දෙකු ලංකාවට ආවොත් අසුභ දසුනක්ම වනු ඇත. ආවොත් රජිව් ගාන්ධිට වගේ හමදා ගෞරවයෙන් සැලකීම වටී. ෴ විදේශික මවක් සහ දරුවෙක් ගමන් කරමන් සිටිති. මේ දැරියටත් ප්‍රශ්නයක් ඇති මේ කවුරුන්ද කියා?මෙතන වෙනත් දේශපාලන මඬගොඩක මේ ගොවියෝ වැටී සිටින්නේ නම් ! මේ අයට කන්න වෙන්නේත් මඬම තමයි. මඬ නැති නගරයක දසුන ලංකාවටම මඬ ගෑමකි. (නදී)
ගොවියෝ වගේ අන්දපු ....රතු කට්ටියගේ වැඩක් වගෙයි (නදී)
ඔතන ඉන්න අයගෙන් වැඩිහරියක් ඇත්ත ගොවියෝ නෙවේ, සමහර අයගේ පස්චත්බාගේ සුදුවට තියෙන හැටි බලන්න. සමහර අය දැක්කම ගොවියෝ කියල හිතන්නත් අමාරුයි, සමහර වෙලාවට පිටින් ගෙන්නපු අය වෙන්නත් පුළුවන්, ඇත්ත ගොවියෝ ඔහොම එයි කියල හිතන්න අමාරුයි, මොකද ගොවියන්ට ඉස්සරට වැඩ වී වලට වැඩි මිලක් දැන් ලැබෙනවා. එකනේ ඡන්දයක් තිබ්බහම විපක්ෂේ කුජීත වෙලා යන්නේ ඒ පැත්තේ. (නදී)
සරත්, ඔතන ඉන්නේ කතිරේ ගහපු අය නෙවේ. විපක්ෂෙට කතිරේ ගහපු ටික දෙනෙක්. අසාර්ථක උද්ඝෝෂණයක්. ඇත්ත ගොවියන්ටත් කරපු අපහාසයක්. (ස)
බැරී වෙලාවත් අවම බලය කියල වතුර ජෙට් එකක් හරි කඳුළු ගෑස් එකක් හරි වැදුනා නම් බලන්න තිබුනා අමුඩත් නැතිව දුවන හැටි ගොන් රාලලා. ජ වී පෙ හැමදාම කලේ ඔය වගේ ගොන් වැඩමයි. කලින් හිටිය නායකයෝ හොඳ සංවිධායකයෝ උපයා දුන්න ඡන්ද ලක්ෂ 12 මුන් දැන් බිංදුවටම බස්සනවා. (ස)
මේ උන්නැහේලා ගොවියෝද නැතිනම් ගොයියෝද කියල සැකයක් හිතෙනවා....දැන් කාලේ ගොවියෝ අමුඩෙ විතරක් නොව කලිසම් ටී ෂර්ට් පවා ඇඳගෙන ගොවිතැන් කරනවා.....හැරත් ගොවියන්ට විතරද ප්‍රශ්න තිබෙන්නේ ගොවිලියන්ට නැද්ද? එහෙම නම් ගොවිලියන් කොහොමද ඇඳගෙන එන්නේ ? ජ.වි.පෙ.ට න්‍යායයන් අමතක වෙලාද? (ස)
නියම කට්ටිය (නි)
මේ අසරණ මිනිස්සු මහපාරට බස්සන්න සංවිධානය කළ අය මේකට ඉදිරිපත් වෙලා නැද්ද? (නි)
ඔසන් සලාම් - කටාර්, හරියට හරි. ඒගොල්ලෝ ගෙවිලියෝ අමතක කරලා. හැබැයි ගෙවිලියොත් ආවනම් උද්ගෝෂණය අති සාර්ථකයි! (ස)
මේකේ ප්‍රධාන සංවිධායකටත් අමුඩයක් ගහලා ඔතන ඉන්න තිබුනේ. (නි)
ජේ වී පි උන්දැලට කොහොමත් හෙළුවෙන් වැඩ පුරුදුයි නේ (නදී)
අපේ මුතුන් මිත්තන් රටට බත දෙන්න ඇදපු ඇදුමට නිගා කරමින් අවලාද ලියන අයගේ අම්මලාට කියන්න තියෙන්නේ ඔබලා රටට බිහි කර ඇත්තේ කළු සුද්දන් බවයි. හෙළයේ ඉතිහාසයක් ගොඩනගලා දහදිය වගුරලා අපිට ඉතිරිකරලා අනුර පුර පොලොන්නරුව සිගිරිය වැවූ දාගැබ් හදලා රට ගොඩ නගලා තියෙන්නේ සුද්දාගේ කලිසම ඇදගෙන නොවෙන බව කළු සුද්දන්ට මතක් කර දෙමි. අමුඩය හෙලයාගේ අනන්‍යතාවයි. (නදී)
බන්දුල පෙරේරාට අමුඩයක් අන්දලා අරිමු මහ ගෙදරට. (නදී)
ටිකක් බුද්ධිමත්ව කව්රුත් මේ අය ගැන හිතන්න. මේ අය සබන් කෑල්ලක් ගන්න වී කිලෝ 2 කක් විකුනන්න ඕනා. කොතරම් අභග්‍ය දෙයක්ද, අනෙක් අයට පිකටින් කරලා, ස්ට්‍රිච්ක් කරලා, කෞවුරුහරි ඇපයට තියල ඉල්ලීම් දිනාගන්න පුළුවන්. මෙයාලගේ සහනාදාර, විෂම වැටුප, හිග මුදලුත් එක්ක දෙන්න. ලොකු පිනක්.(නදී)
අමුඩ ඇද ගන්න කිව්වට කිව්ව අය කව්රුවත් අමුඩයක් ඇන්දේ නැහැ නේ ..(නදී)
හොද වෙලාවට මෙතන දකුණේ ගොවීන් නැහැ වගේ, හිටියනම් ඔය සුදු නෝනා ? (නදී)
ගොවියා අමුඩය ගසයි. මේ ගොවියෝ වයසය. තරුණ ගොවියෝ නැත. මොනවා වුනත් මේ ගොවියන්ගේ කැපවීම අපුරුය.(නදී)
ලස්සන කොළඹ අවලස්සන කල 30ක් පමණ, අපේ ගොවි ජනතාව නියෝජනය නොකරන " බල්ලොත් එක්ක බෑ". අපේ ජනරාල් තුමාට වත් වැදගත් විදියට විපක්ෂ උද්ඝෝෂණයක් සකස් කරන හැටි මේ අයට පාඩමක් කියා දෙන්න කියමු. (නදී)
දුලාට හිතෙන දේවල් හා. (ස)
ගොවිකම පෙන්නන්න වෙන්න ඇති අමුඩේ ගහන් ආවේ. දැන් ගොවියෝ යන්නේ කොට කලිසම් ඇඳං. ලොක්කෝ ටික අමුඩ ගහන් එන්න තිබ්බේ. මේ මිනිස්සු ගොවියෝ නෙවේ . කුලී ගොවියෝ (ස)
ලොක්කො කවුරුත් ඇවිත් නෑ වගේ.. ඔහොමම තමා...කොහෙ හරි ඉන්න මිනිස්සු ටිකක් බොහොම අමාරුවෙන් ගෙනැල්ලා පොඩි ඇඩ් එකක් දාන්ඩ... ජ.වි.පේ. නායකයෝ දෙතුන් දෙනෙකුත් ඔහොම ආවනම් තමා ආදර්ශමත්... (ස)
කාලෙකට පස්සේ හොඳ ඩ්‍රාමා එකක් බැලුව වගේ. තව ටිකක් කල් යන කොට අමුඩෙත් නැතුවම ඒවිද. අනේ රටකට ගිය කලක්. (ස)
මේක අඹුඩෙට කරපු අපහාසයක්.(නදී)
නිකම් මෝඩයෝ වගේ මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න එපා. කීදෙනෙක් ඉන්නවද?කවුද මෙහෙයවන්නේ කියල බලනවට වඩා මේ අයගේ ඉල්ලේම මොකක්ද?එය සාධාරණද කියා සිතන්න පුරුදු වෙන්න.මහ ලොකුවට දේශීයත්වය දේශප්‍රේමිත්වය,ගැන කතා කරන නායකයෝ ලජ්ජා නැතුව ගොවියන්ට නොසලකා කුරක්කන් ඇටෙත් ආනයනය කරනවා. ඔවුන්ට ලැබෙන සොච්චම් 1200 ක විශ්‍රාම වැටුපවත් ගෙවන්නේ නැහැ. ඒකත් හිගයි. මේ ගොවීන් ගෙදරට වෙලා හිටියොත් මේ අයිතිවාසිකම් කොහොමත් ලැබෙන්නේ නැහැ. ඇමති මණ්ඩලය නම් දවසින් දවස පැටව් ගහනවා. ඒ අයගේ වැටුප් සහ දීමනාත් වැඩි වෙනවා. තැලෙන යකඩේ තමා මේ අය උඩ පැන පැන තලන්නේ. මොලේ කළදක් හරි තියෙන අයට පමණයි මේවා තේරෙන්නේ. (නදී)
අපේ අහිංසක ගොවියෝ පව්. ඔය අමුඩය කියන ඇඳුම ඇන්දේ කුඹුරේදී වෙහෙස මහන්සි වෙලා වැඩ කරනකොට පහසු හින්දා. ඒක විහිළුවක් කරගෙන අපේ අහිංසක ගොවියාව මඩවන්න එපා.එදා වේල හොයාගෙන කාල ඉන්න දුප්පතාට මෙහෙම කරන්න එපා මහත්තුරුනේ. ඇත්ත ගොවියන්ට අපහස කරන්න එපා. පව්....... සමහර අයගේ සමහර අදහස් ඉෂ්ට කරගන්න මෙහෙමෙ කරන්න එපා. (ස)
ගොවියන්ටත් අන්තිමට පාරටම එන්න උනා එහෙනම්......! (ස)
අපි හැමදාම බලන් ඉන්නේ අපේ රට දියුනු වෙනකම්. ඒත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ.(නදී)
මමත් පට්ට ගොවියෙක් තමයි. මේ පින්තුර දිහා බලල අදුන ගන්න පුළුවන් පට්ට ගොවියා කව්ද කට්ට ගොවියා කව්ද කියලා . මෙතන කට්ට ගොවියෝ වැඩි යි පට්ට ගොවියෝ ඉන්නේ ඉතාම අඩු පිරිසක්. ගොවියන් වන අපට ප්‍රශ්ණ තියනවා කප්පරකට. ඒවාට විසදුම් ලබාගන්න ක්‍රමෝපායන් තියනවා. 71 දී 88-89 දී අසාර්ථක වුනු අපේ කළු මල්ලිලාගේ ශෝබන වැඩනේ!! (ස)
ජ වී පෙ අනාගතයේදී අමුඩ ගහ ගෙන කුඹුරු කොටන්න තමා වෙන්නෙ. (ස)
පින්තුර මිසක් ඉල්ලීම් මොනවද කියලා නැහැනේ? පිටරට පොහොර වලට ආධාර නම් දෙන්න එපා, ඒවායින් මුළු ලෝකෙම පොලව දැන් විෂ වෙලා. රටේම කොම්පෝස්ට් හදාගන්න පටන් ගන්න. ලෙඩත් අඩුවෙයි.(නදී)
ලබන වසරේ වැඩිපුර විදේශිකයන් අප රටට ගෙන්වා ගැනීමේ තවත් සාර්ථක වැඩ පිලිවෙලක්..... (ස)
ගොවියන්ගේ දුක දන්නා , ගොවිකම දන්නා අය මෙතන ප්‍රතිචාර දාලා තියෙන්නේ හරි අඩුවෙන්.(නදී)
අනේ අපේ පරම්පරාවේ අඹුඩයට වෙචච දේ(දිල්) .
අයියෝ මාමේ! (නදී)
අර පළමු පින්තුරේ අන්තිමට ඉන්න කෙනා නම් හරිම හොදයි. මට පුළුවන් උදව් කරන්න (නදී)
පිටිගල මිලානෝ,මොකක්ද ඔයාට තියන අප්‍රසන්න කම. බොරුවට සිංහලකම ගැමි කම ගැන පුරා ජේරු ඔයා කියන්නේ (නදී)
රකිත්, ඔබගේ සිතුවිල්ල නියමයි. මේකේ ගොඩක් අයෙගේ තියෙන්නේ මහන්තත්වේ.(නදී)
ගොවි මහතුන්ගේ මේ ක්‍රියාවට (ඇදගෙන ඉන්න අමුඩය දැකීම) සමහරක් අයට ලජ්ජලු. නමුත් මේ අය ඇදගෙන ඉන්න ඇදුම ඒ අයගේ ඇගට ආවේ කොහෙන්ද කියල මේ බාලයන් දන්නේ නැති වගයි මට පෙනෙන්නේ. මේ ලැජ්ජාව සහිත උදවියගේ ඇදුමෙන් වසාගෙන ඉන්න ඔය අවයව ටික ලොකුවෙනකම් බත් කෑවේ ඔයාලට ලජ්ජා කරන ගොවි මහතුන් අමුඩය ගහගෙන වෙලට බැහැපු නිසා බව මතක් කර ගත්තොත් හුගක් ගරුයි. (නදී)
අනේ අපොයි වෙච්ච දෙයක්. හැමදාම හැමතැනම අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු අසරණයි.(නදී)
කොළඹ ඇත්තෝ දන්නේ නැතිව ඇති ගොවි ඇදුම මේක කියලා.' දැන්නම් දුල පුතාලට ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් නේ අපේ ' උරුමය.(නදී)
රකිත්, ගොවි මහතුන්ගේ අමුඩය ගැන අපිට ලජ්ජද නැතිද කියනඑක වෙනම ප්‍රශ්නයක්. අද උනත් තරුණයින් කැමැත්තෙන් ගොවියන් වෙන්නේ නැහැනේ. මේවයින් වෙන්නෙ අකැමැත්ත තවත් වැඞි වෙන එක.(නදී)
ගොවි ඇඳුම තියෙන්නේ කුඹුරට බහින්න. ඒක ඇඳගෙන ගොවියා හැමතැනම ගියේ නැහැනේ. ගොවියාත් රැවටුණු හැටි ? (නි)
කෝ අර කෝකටත් හීන් නුලෙන් ආවඩන ඊනියා ජාතිවාදී අය? සද්ද නැහැ මේ වගේ වෙලාවට. (නි)
ලස්සනයි! (නි)
රටේ ආශ්චර්යය! (නි)
ආණ්ඩුව ඔවුන්ට සහන දෙන්නෙ නැද්ද? (නි)
ඉන්දිකගේ කතාවට මමත් එකග වෙනවා. (නි)
නයනා නංගි සුද්දියෝ වැල්ලේ ඉන්නවා මේ විදියට දන්නවද? පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න (නදී)
සංඛ, ගොවිජන ඉතිහාසය ගැන අල්ප මාත්‍රයක හෝ දැනුමක් තිබේනම් අමුඩය ලජ්ජා සහගතද නැද්ද යන ප්‍රශ්නය කිසිදාක පැන නොනගී. එය ප්‍රශ්නයක් විය යුතු නැත. මෙම ඇඳුම ඇඳගෙන නිෂ්පාදනය වන පලදාවෙන් බත් රසකර කන්න පුලුවන්නම් ඇඳුම ගැන ලජ්ජා විය යුතු නැත. එසේ කරන පුද්ගලයා ගැනද ලජ්ජා විය යුතු නැත. මඩ සෝදා ගත් ගොවියා සිංහාසනයටත් සුදුසුයි යැයි කීවේ ඒ නිසයි. අද තරුණ ගොවියන් අකැමැත්තෙන් ගොවිකම කරන්නේ ඇයි? හරියට විශ්‍රාම වැටුපක්වත් ලැබෙන්නේ නැති රැකියාවකට යන්න කවුද කැමති? දේශීය ගොවියා ආරක්ෂා කරගන්න හරි වැඩපිළිවෙලක් තිබුනානම් මෙම ප්‍රශ්නය මතු වන්නේ නැත. ගොවියන් කිසිදාක අමුඩය ගැන පැමිණිලි කර නැත. කෝටි ගණන් වියදම් කරලා බෙන්ස් කාර් ගෙන්වන රටේ ඇයි ගොවියන්ට හරියට විශ්‍රාම වැටුපක්වත් ගෙවන්න බැරි? ගිනස් වාර්තා පොතට ඇතුලත්වන ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න පුලුවන්නම් ඇයි අහිංසක ගොවියාව නඩත්තු කරන්න බැරි? (නදී)
අමුඩය ලජ්ජා සහගතද නැද්ද කියන එක මෙතන අදාල නොවේ. අමුඩය අපේ සංස්කෘතික අංගයකි. එයට කවුරුත් ලජ්ජා විය යුතු නොවේ. ලජ්ජා විය යුත්තේ එයට අපහාස කිරීමට යි. කුඹුරට බහින්න පමණක් ඇඳිය යුතු අමුඩය තව කාටවත් විරෝදය පාන්න ප්‍රදර්ශන බාන්ඩයක් ලෙස ඇදගෙන විදි සංචාරය කරමින් අමුඩයටත් අපහාස කරන අය ගැනයි මේ කියන්නේ. මොවුන් නියම ගොවි මහතුන් නම් මෙතන ඉන්න 30ක් පමණ වන මේ ගොවි මහතුන්ට පමණක් ප්‍රශ්න තිබේද. (නදී)
සුදු නෝනා හොඳට බලනවා. (නදී)
ගොවියන්ට සවන්දෙනවා නම් පාරට බහින්න අවශ්‍ය නැත. පාලකයනට තමන්ගේ ප්‍රශ්න ගැන අවදානය ලබාගන්න කරන උත්සහයක් බව නොතේරෙන අදහස් ප්‍රකාශ කරන මෝඩයන් ගැන කණගාටුවන අතර නිර්මලා , රකිත , වැනි අය ගැන ආඩම්බරයක් ඇතිවේ.(නදී)
මෙතන අදහස් දමන සමහරුන්ට ඇස් වල දෝෂයක්ද එහෙම නැත්නම් අංක ගණිතයේ නොහැකියාවද යන්න මටනම් නොතේරේ. අන්තිම පින්තුරයේ අමුඩය ඇඳගත් 50 පමණ සිටින බව මටනම් පෙනේ. ඇත්ත ගොවියන් වෙතත් නැතත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් කතාකිරීම ලජ්ජා සහගත නොවේ. එය අමුඩයට කරන අපහාසයක්ද නොවේ. අපහාසය කලේ මුළු ඇඟ පුරාම සුදුවතින් සැරසී ගොවියන්ට රු 1250ක් වැනි සොච්චමක විශ්‍රාම වටුමක් අනුමත කල සහ එයට අත් එසවූ අයයි. (නදී)
අමුඩය ඇන්දම ඇති වරද මොකද්ද?අපේ රට ඉතාම රස්නෙයි.එදා මිනිසුන් අදට වඩා බුද්ධිමත්, අව්වට ගියාම දහදිය නිසා අඩුවෙන් අදින්න ඔවුන් පුරුදුවී සිටිය.(දිල්)
ගෙවිලියෝ ටිකත් ආවා නම් නේද හොද? (නදී)
සමහර අය මෙම මිනිස්සු ගැන නොහිතා තමන්ගෙ අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. (නි)
මේක ගැළපෙන්නේ නැති වැඞක්. මේ අාණ්ඩුව ගොවියන්ට සළකනවා (නි)
අයවැයට විරුද්දව හඩක් නගන්න මිනිස්සු නැති රටක ගොවියෝ වුණත් නැති වුණත් කරන වැඩේ අගයන්න ඕනෑ. මොකද හේතුව සාධාරන නිසා. (නි)
මෙහෙම වැඩක් කරපු ගොවි මහත්තයන්ට මගේ ප්‍රණාමය බඩ පෙරට. (නදී)
කොළඹ ඉඳන් කඩේ යන ගොයියෙක් කියනවා එදා පෙළපාලියට ආවේ ගොවියෝ නොවෙයිලු. වායු සමීකරණය කල කාමර වල සිට ගොවි ප්‍රශ්න විසඳන නිලධාරියෙක් වගේ මේ පෝතකයා කතා කරන්නේ.(නදී)
සමහර අය අදහස් දාන්නේ හරියට එයාලගේ පරම්පරාවේ එක්කෙනෙක්වත් අමුඩේ ගහලා නැහැ වගේනේ. (නි)
මෙයාලටත් අර සමහර කාන්තාවන්ට වගේ අඩනිරුවත් ඇඳුම් අඳින්න හිතිලද? (නි)