ගව ඝාතනයට විරෝධය දක්වමින් හිමිනමක් අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිට රැජින හෝටලය අසලදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බව පොලීසිය කියයි.
දැඩි පිළිස්සුම් තුවාල ලැබූ හිමියෝ පොලිස් විශේෂ කාර්ය බලකා හා යුද හමුදා සෙබළුන් විසින් මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි නසා ගැනීමට පුළුවන් කියා බුද්ධ ධර්මයේ කියලා තියෙනවද. මේක සාධාරණයි කියලා කියන්න බැහැ (නි)
හිමි නමගේ ඉල්ලීම හොඳයි.ඒත් මේවා දැකලා ඕවා මිනිසුන් නවත්වයිද? එච්චර සංවේදී පුද්ගලයින් අඩුයි ඕවා කරන අය අතරේ (නි)
මෝඩ වැඩ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගවයාට අභය දානයත් කුකුලුන්, එළුවන්, ඌරන් ඇතුළු අනිකුත් සතුන්ට මරණයත් දියයුතුයි කියා බුදු බණේ තියෙනවද? ප්‍රශ්නයක් විසදීමට ඇඟට ගිනිතියා ගැනීම බුදු පිළිවෙතද? (නි)
ගිනි තැබිය යුත්තේ ගවයින් මරන පාපතරයින්වයි. ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය අත්වේවා! (නි)
ගවයන්ට යහපතක් කරන්න මෙච්චරම අන්තගාමී මගකට නොයා යුතුව තිබුනා නම් හොඳයි, මේ වෙසක් දවසේ. (නි)
සියදිවි නසා ගැනීම මානසික රෝගයකි. (නි)
අල්ලාහු අක්බර්..!! (ස)
මිනිස්සු බලාගෙන හිටපු එකේ පෙට්රෝල් බෝතලේ ගත්තු ගමන් නවත්වන්න තිබුණනේ. මෙතරම් මිනිසුන් සිටියත් මේ හාමුදුරුවන්ව බේර ගන්න බැරි වුණානේ? (නි)
ගිනිතියාගන්න අද වගේ උතුම් දවසක් තෝරා ගත්තෙ ඇයි හාමුදුරුවනේ? (නි)
ගවයාට අභය දානය ඉල්ලීම හොඳ දෙයක්. නමුත් ඊට ගත්තු ක්‍රියාමාර්ගය මුළුමනින්ම වැරදියි. ජීවිතය හානිකර ගැනීම හෝ ඊට උත්සාහ කිරීමත් විශාල පාපයක්. වැරදි ආදර්ශයක්. (නි)
ඝව ගාතක පනත ක්‍රියාත්මක නොකරන හැම දේශපාලඥයෙකුටම ශාප වේවා! (නි)
ඕක හෙල උරුමයේ අයට කිව්වා නම් හරිනෙ. ජීවිතයෙන් වන්දි ගෙවලා ප්‍රශ්න විසදන්න බැහැනේ හාමුදුරුවනේ (නි)
කිසිම තේරුමක් නැති වැඩක්නේ මේ හාමුදුරුවනේ (නි)
කරුණාකර මේවා හෙලා දැක අදහස් දක්වන්න.වීරත්වයක් මවන්නට එපා. (නි)
බුදුහාමුදුරුවො නම් ඔහොම කරන්න කියලා නැහැ නේද ? (නි)
ගවයාගේ ජීවිතය වෙනුවෙන් කරපු මේ වැඩේ මනුස්සයෝ හැටියට කාටවත් අනුමත කරන්න බැහැ. විරුද්ධ වීමේ අයිතිය පෙන්නන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද? (නි)
අපේ හාමුදුරුවනේ, දුකයි මෙහෙම දැක්කම ඒත් මම හිතන්නේ අපේ මිනිසුන්ගේ ඇස් නොඇරෙන නිසා අපේ හාමුදුරුවන් මේ වගේ තීරණයක් ගන්න ඇති.අපේ හාමුදුරුවන්ට ඉක්මනින්ම සම්පුර්ණ සුවයම ලැබේවා! (නි)
බුදු හාමුදුරුවෝ කිසිම දවසක මේ වගේ ක්‍රියා අනුමත කර නැත.මෝඩ මිනිසුන් මෝඩ අදහස් දැමීමට පෙර මේ අදහස දැමීමට අදහස් කළෙමි (නි)
මම හිතනවා බුදුදහම හින්දු ආගම සමග කුමක්දෝ සබඳතාවයක් තියනවා කියලා. හේතුව ඇයි ඔවුන් ගවයාවම මරන්න එපා කියන්නේ (හින්දුවරු ගවයා දෙවියකු සේ පුදන නිසා) ඇයි අනිත් සතුන්ව මරණ එක අනුමත කරන්නේ? නැත්නම් මේකේ පිටුපස අන්තවාදී කුමක්දෝ තිබෙනවද? (මුස්ලිම්වරු වැඩියෙන් කන හින්දද? ) (නි)
බුදු දහමෙහි එන්නේ නීති මගින් පාලනය වන විනයක් නෙමෙයි , ස්වයන් පාලිත විනයක්. ගවයා ප්‍රාණියෙක් විදියට ගත්තහම, කුකුලෙක්, මාලුවෙක් හාල්මැස්සෙක්ගෙන් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සතුන් මරණ තැන් වහන්න කියලා රජවරුන්ට බල කලේ නැහැ. නිර්මාංශ වන්න කියලත් නැහැ (දේවදත්ත නම් භික්ෂුන් නිර්මාංශ විය යුතු යයි නීතියක් ගේන්න හැදුවා. බුදු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළා.) මේ වගේ ක්‍රියාවලට ස්වාමීන් වහන්සේලා යොමු වන එක වැරදි ආදර්ශයක්. කොහොම නමුත් ස්වාමීන් වහන්සේට තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
බලන් හිටිය මිනිස්සු මොකක්ද කළේ? (නි)
පොඩ්ඩක් හිතන්න. ලංකාව ඉංග්‍රීසින්ට යට වුණත් වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ගිනි තියාගත්තද? (නි)
හරක් මරණ එක නවත්තන්න
ධර්මේ හරියට හරි. , මේ හාමදුරෝවෝ සනීපවුනහම උන්නාන්සේට ධර්ම දේශනාවක් කරන්න.(නදී)
හාමුදුරුවෝ මේ නිසා උග්‍ර ආතතියෙන් පෙලෙන්න ඇති. ඇතැම් විට වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් (නි)
සමහර අසපු හාමුදුරුවරු කියනවා මස් හොදි ටිකක්, මාළු හොදි ටිකක්, දායකයන්ගේ හිත සන්තෝෂ කරන්න චූටිම චූටි මාළු කෑල්ලක් කෑවට කමක් නැහැ කියලා. (නි)
ඝව ගාතක පනත ක්‍රියාත්මක නොකරන හැම දේශපාලඥයෙකුටම ශාප වේවා! ශාප වේවා! ශාප වේවා! (නි)
ඇගට ගිනි තියා ගැනීම තුලින් බලාපොරොත්තු වන්නේ අන් අයගේ ඇස් ඇරීමයි. ජාති ආගම් බේද නොතකා මෙම සොබා දහම රැක ගැනීමට පෙරට එන්න. සතුන් මිනිසුන් වගේම මෙලොව වාසය කළ යුතුයි (නි)
මෙරටේ ගවයින් කවුද මිනිසුන් කවුද යන්න පටලවාගෙන බොහෝ කල්. (නි)
අඩුතරමේ දළදාව වැඩම ඉන්න නුවරවත් ගව ඝාතනය නතර කරන්න බැරි ඇයි? අනුරාධපුරයේත් මේ වගේ ගව ඝාතනය නවත්වන්න. (නි)
නිල්මිණි, කාමසුඛලික්කානු යෝගයේ අලී ගැලී සිටි මිනිසුන්ගේ ඇස් ඇරීමට බුදුන් කළේ මොනවාද? (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණින් කරදරයක් නොවන්න කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
බෞද්ධයෙක් හැටියට මම අන්තගාමය පිටු දකිමි, මැදිහත් බව රකිමි. (නි)
ගව ඝාතනය වැලැක්වීම හිතනවාට වඩා ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සිරුරට ගිනි තබාගෙන විරෝධය පල කිරීම ගැන යම් පිරිසක් හාමුදුරුවන් දිහා අනුකම්පාවෙන් බලයි. ඊට වඩා දෙයක් සිදුවෙන්නේ නැහැ. වියට්නාමයේ ක්වාන් ඩක් හිමියන් සිරුරට ගිනි තබා ගත් වෙලාවේ මිනිස්සු ශෝක වුනා. නමුත් ඇමෙරිකාව ඉවත් වුණේවත් රූකඩ පාලකයන් ඉවත් වුණේවත් නැහැ නේද? සංකීර්ණ ප්‍රශ්නවලට සරල විසඳුම් දෙන්න අමාරුයි හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා. (නි)
සත්ව ඝාතනය කොහොමත් අපරාදයක්. හැම සත්වයෙකුටම ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපි ළමා කාලයේ සත්ව හිංසා කලාට අද දුක දැනෙනවා. හාමුදුරුවෝ ගත් මේ ක්‍රියාමාර්ගය බෞද්ධයන්ට අනුමත කළ නොහැකිය. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමු (නි)
ඉක්මන් සුව හාමුදුරුවනේ! (නි)
මේක මෝඩ කමද
ඝව ගාතක පනත ක්‍රියාත්මක කිරීමට කොන්දක් නොමැති ලංකාවේ බෞද්ධයන්ට ශාප වේවා! (නි)
හාමුදුරුවෝ වෙන ප්‍රශ්නයක් නිසා ගිනිතියා ගත්තා වෙන්න බැරිද ? (ස)
ඔබ වහසේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අපේ හාමුදුරුවනේ, මේ ලෝකයම අන්ධයි. ඒ නිසා නේද ඔබ වහන්සේ ගිනි තියා ගන්නකම් වටේ හිටිය ඔය තරම් මිනිසුන්ගෙන් එක් අයෙක්වත් නොදැක්කේ ? ඔබ වහන්සේගේ ක්‍රියාව නම් අනුමත කරන්නේ නැහැ.ඔබ වහන්සේ ඔය ලෙස ක්‍රියා කරමින් දේශනා කරනුයේ කුමන බුදු බණක්ද ? ඔබට ඉක්මන් සුවය ලැබේවා. (නි)
මට නම් හිතාගන්නවත් බැහැ දැන් ඉන්න හාමුදුරුවෝ ගැන (නි)
මොහමඩ් සලමි, ඔබලගේ ආසාවන් පිනවන්න තමයි හරක් මරන්නේ. අපේ ආගමේ දිවිනසාගන්න දෙයක් නැහැ තමයි. මේ හාමුදුරුවෝ නම් කළේ අහිංසක සතුන්ගේ ජීවිත බේරන්න උත්සාහ කරපු එක (නි)
නිමල්,බුදු හාමුදුරුවෝ අත්තකිලමතානු යෝගයත් කාමසුඛල්ලිකානු යෝගයත් එක ලෙසම ප්‍රතික්ෂේප කොට මැදුම් පිළිවෙත අනුගනය කිරීමෙන් පමණක් සුවය ලැබෙන බව වදාළහ.මේ අන්ත දෙකම අනුගමනය කරන්නෝ කිසි දිනක විමුක්තිය කරා නොයන බව ප්‍රත්‍යක්ෂයෙන් ම දේශනා කොට ඇති අතර මෙවන් වූ අය කෙරෙහි අනුකම්පා පෙරදැරිව සිහිබුද්ධියෙන් කටයුතු විමසා බැලිය යුතුයි. (නි)
හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව හොඳ වුණාට කරපු ක්‍රියාව අනුමත කරන්න නොහැකියි. ඉක්මන් සුවය පතමි. (නි)
හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව හොඳ උනාට . කරපු ක්‍රියාව අනුමත කරන්න නොහැකිය. ඉක්මන් සුවය පතමි.(නදී)
අන්තවාදීන් වෙනුවෙන් අපිට අපෙ හාමුදුරුවරුන්ව නැති කර ගන්ඩ බෑ. හිමියනි පෙර කල පින් බලයෙන්ම ඔබට සුවය. (නදී)
මේ වගේ පින්තුර අද වගේ දවසක දකින්න මේ කළේ නම් හොද දෙයක් නොවේ (නි)
ඇයි හාමුදුරුවනේ මෙහෙම දෙයක් කරන්න හිතුවේ? (නි)
හරක් මස් කිලෝ 1 - 2000 මස්කඩ මුදලිට හැම හරකෙටුම් 200000 පර්වහනං ගාස්තු එතකොට පරස්නේ ඉවර (ස)
බුදු දහමට අනුව නම් සියඑ සතුන්ට අභය දානය දිය යුතුයි (නි)
චෙතනාව අතිෂයෙන්ම පිවිතුරුයි, හොදයි, හැබැයි ක්‍රමය වැරදියි.(නදී)
දැන් විදුලි බිල එහෙම කොහොමද?(නදී)
සියළු සතුන්ට අභය දානය දෙමු. මේ වෙලාවේ අපි හාමුදුරුවන් සමග නේද ඉන්න ඕනේ. කරණීය මෙත්ත සූත්‍රය අනුව යම් මවක් තම එකම පුතාට කරුණාව දක්වන්නාක් මෙන් සියළු සතුන්ට කරුණාව දක්වවමු. රසයට ගිජු නොවී මස් ආහාරයට ගැනීම නවතා සියළු සතුන්ට අභය දානය දෙමු. (ස)
දැඩි මානසික ආතතියට පත් කෙනෙක් වගේ පෙනෙන්නේ මට නම් (නි)
නිමල් මහත්නෙනි,මේ ගෙවී යන්නේ 2013 ය. කරුණාකර පොත් පත් වල සදහන් කරන දේට වැඩිය බුද්ධිමත්ව සිතන්න. මෙලොව වෙසෙන සෑම මිනිසෙකුම ඔබ වගේ උගත් අය නොවෙයි. වුණ දේ වුණා. මින් මතුවට සිදුවන්නට යන දේ ගැන සිතන්න. මම හිතනවා ඔබත් මස් අනුභව කරන අයෙක් බව. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා (නි)
ධර්මය බෙදන්න ඉන්න අය මෙහෙම අන්ධකාරයෙන් හැසිරෙනකොට පෘතග්ජන අපි ගැන කුමන කතා ද?බුදුහාමුදුරුවන්ටත් ගෙරි මස් ,ඌරු මස් වලදන්න සිදුවුනා.හාමුදුරුවරුන්ට බන කියන්න දැන් අපිට සිද්ධ වෙලා. (නි)
සිය දිවි නසා ගැනීමත් ප්‍රාණ ඝාතයක් වන අතර පාපකාරී ක්‍රියාවකි. හාමුදුරු නමකට තියා කිසිම බෞද්ධයෙකු නොකළ යුතු ක්‍රියාවකි. (නි)
ඉල්ලීම නම් වටිනවා. ඒත් අනුගමනය කරලා තියෙන්නෙ නොගැළපෙන ක්‍රියාවක්. මේකද බුද්ධ පුත්‍රයෙක් ලෝකෙට දෙන ආදර්ශය. "හීයක් වැදුන කෙනෙක් හීයෙහි දිග පලල නොසොයා බෙහෙත් කරන්නා සේ, හිස ගිණිගත්තකු එගිණි නිවන්නට දුවන්නාටත් වඩා ඉක්මනින්" නිවන් අවබෝධ කරගන්නෙ මේ අයුරින්ද? (නි)
නිල්මිණි, ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුත්යි. ඔබ ලංකාවේ පාර්ලිමේන්තුවට නොගොස් ඉන්නේ කෙසේදැයි හිතාගත නොහැක. (නි)
ඇමෙරිකාවේ මරණ ගවයෝ දැක්කම ලෝකෙම ඉන්න හාමුදුරුවරු ටිකත් මදි ගිනි තබාගන්න.ලංකාවේ තියෙන්නේ පුහු ආගම් මතවාද.දේශපාලකයෝ තමා ගිනිතියන්නේ. (නි)
බොහෝ දෙනෙක් උපදෙස් දීලා තියෙනවා මෙතන.නමුත් උන් වහන්සේ කළ දේ වැරදි වුනත් උන්වහන්සේගේ අරමුණ යහපත්. ඒත් මේ පව්කාර දේවල් වෙනස් කරන්න බැහැ. ඔබ වහන්සේට දීර්ගායුෂ (නි)
අනේ! හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි. (නි)
පැවිද්දෙක් දිවි නසා ගැනීම ගිහියෙක් දිවි නසා ගන්නවාටත් වැඩිය පාපයක්. ධර්ම අවබෝදයක් ඇති අය ඇයි මේ විදියට හැසිරෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ (නි)
දුකයි. වැඩේ නොගැලපෙනවා වුණත් ඉල්ලීම සාදාරණයි (නි)
හැම සතෙකුටම ජීවත් වීමේ අයිතිය ලබාදෙන්න පුළුවන් වන්නේ මිනිසුන් වන අපටම පමණයි. ආත්මාර්තකාමි මිනිසුන් මස් කන්න කෑදරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම තුලින් සත්තුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදෙන්න උත්සහ කලත්, තමන්ගේ කුස පුරවාගන්න විතරක් දඟලන බොහෝ අයට මේ වගේ වැඩ විහිළුවක් විදියටයි පේන්නේ. ඉක්මන් සුව ලැබේවා හාමුදුරුවනේ ඔබට! (නි)
ගවයම මරන්ඩ එපා කියන්නේ ඇයි කියලා අහන නොදන්නා කුක්කු බබාලට කියන්නේ. ගවයා කියන්නේ අනිත් සතුන්ට වඩා ලාංකීය ගොවි ජනතාවට ජීවිතය පුරාම උදවු කරන සතෙක්. ගම්වල දරුවො ප්‍රෝටීන් ලබා ගත්තේ ඒ කිරි වලින්. අද ගම්වල කිරි හරක් නැහැ. මරාගෙන කාල. ලමයින්ට මන්දපෝෂණය. ඒ කිරි අම්මව මරන් කන එකයි ඌරෝ මරන් කන එකයි එක සමානද? (නි)
සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනාකොට වදාල පරිදි මේ සිදුවීම පරපණ නැසීමෙන් කරගන්නා වූ ප්‍රාණගාත අකුසල කර්මයකට වඩා අනිටු පලවිපාක ලැබෙන ක්‍රියාවකි. අදාළ කරුණට විසදුම් සෙවීමට විකල්ප මාර්ග තිබියදී කුමන චේතනාවෙන් උවත් සියදිවි හානිකරගැනීමෙන්,ඉතාමත්ම අති දුර්ලබව ලබාගන්නා මිනිසත් බවට නිගාකරනවා මෙන්ම නැවත මනුෂ්‍ය ආත්මයක් ලබාගැනීම ඇතී අවස්තාව සිහිනයක් සැබැකරගන්නවාටත් වඩා අති දුෂ්කර කරගන්නේය. මොන අරමුණින් හෝ තම ජීවිතය නැතිකරගැනීමට කවුරු හෝ දැනටමත් සිතා සිටිනවානම්, 550 ජාතක කතා මනාව අද්‍යනයකර බෝසත් චරිතයෙන් මනුෂ්‍යත්වයේ අසිරිය හොඳින් අවබෝධ කරගෙන සසරගමන අවසන් කරගන්නා තෙක් මනුෂ්‍ය ආත්මයක් ලබාගන්නවාද නැතිනම් කල්ප කාලාන්තරයක් අපාගතවන තැනැට කටයුතු කරගන්නවාද යන්න සිහිනුවනින් කල්පනාකාර බැලීම වටී. මන්ද? අති ශ්‍රේෂ්ට බුද්ධත්වයට පවා පත්වීමට සුදුසුකම් ලබන්නේ මනුෂයකු බැවිනි.(නදී)
ගවයෙකුට මැරුම් කන්න සිද්ද වෙන්නෙ එම ගවය පෙර අත්මයක මනුස්සයෙක්ව සිටිය භවයක එවැනිම අකුසල කර්මයක් කිරීමේ විපාකයක් (සන්ස්කාරයක්) නිසා. අපිට සන්ස්කාරයො වලක්වන්න බැ. බුදු හාමුදුරුවො වත් සන්ස්කාරයො වැලැකුවේ නැ. (අ)
වැඩිදෙනෙක් සිල්පද පටලවාගෙන. ඔව්න්ගෙ දැනුමනම් සම්පූර්ණ නෑ.හාමුදුරුවන්ට දන්නෙ නැතුව බොරුවට බනින්න එපා. සියදිවි නසා ගැනීම පාපයක් නොවෙයි. ඒ සදහා උදාහරණ මට පෙන්වන්න පුලුවනි. අවථානුකූලව බුදුන් වහන්සේ එය අනු දැන වදාරා තියෙනවා. පර පණ නැසීම නම් පාපයක්. මට මතක විදියට කවියකුත් කියන්නම්. (අ) අදමින් ජීවත් වෙනවා වෙනුවට දැහමින් මිය යනු සොදමයි සතහට, මෙලෙසින් වදහල බුදු බණ සිහිකොට සතොසින් පින්කොට පැමිනෙව් නිවනට
මේකට තියෙන හොදම විසදුම ඉල්ලුම නැති කරන එක. ඉල්ලුම නැතම් සැපයුමෙන් වැඩක් නෑ. මිනුස්සුන්ව දැනුවත් කරන්න නොකා ඉන්න මිස කඩ වහන්න කියන එක බොරැවක්නේ නේ. ෙහැබැයි මේ ක්‍රමේ හැම සතෙක් ටම පොදුවේ ක්‍රියාත්මක කල යුතුයි (අ)
ලංකාවේ දිනකට හරක් මරනවාට වඩා මිනිස්ස්සු මරනවා බැරිද මේවාට පිලියමක් ලබාදෙන්න ? (අ)
මුස්ලිම් අය සිංහල නම් වලින් ප්‍රතිචාර දාන එක කරුනාකරලා නවත්වනවද? මොකද අපිට ඒක තේරෙනවා (නි)
ගවයාට වඩා උතුම් මිනිස්සු අමු අමුවේ මරණ එකට කව්රුත් දිවි නසා ගන්න උත්සාහ කරන්නේ නැහැ එහෙත් සතෙකු වෙනුවෙන් පන දෙන්න සුදානම්. අරක්කු බොනකොට දෙන ඕනෙම මසක් කන්න සුදානම්. (අ)
බුදු දහම යනු විශ්වයටම මෛත්‍රිය පැතිරවූ දහමක් බව දැනගත්තොත් හොදයි
සත්තු හදනඑක හොඳ නැහැ කියමුකො එහෙනම් මස් කන්ඩත් හොඳ නැහැ. කුකුල්ලු, ඌර,මාළුව,එළුවා, ඉස්සා කන්නත් බැහැනෙ,ශාකයටත් පණ තියනවා මම හිතන්නෙ බුදුහාමුදුරුවො දීපු බුදු දහම මේක නෙවී.. (අ)
අසෙවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං.(නදී)
ඉම්රාන්, ඔයා අරක්කු බොනකොට ඌරු මස් කනවා නේද ? (නි)
මේ උතුම් වෙසක් පෝය දිනයේ මෙවැනි ක්‍රියා මම අනුමත නොකරමි (නි)
මේ හමුදුරෝවෝ බොදු බල සේනාවේ අයෙක් වෙන්න බැහැ. එයා බොදු බලයෙක් උනා නම් කට්ටිය ගෙනිහිල්ල මස් කඩේ වහන්න තිබුණා. සිය දිවි නසා ගන්න එක බුද්ධාගමේ උගන්නන්නේ පාපයක් කියලා. එහෙම උගන්නන්න ඉන්න කට්ටිය මෙහෙම කරාම දරුවන්ට හරි වැරදි උගන්නනේ කොහොමද?(නදී)
බුදුන්ගේ අන්තිම දානයත් නරක්වූ උරුමස් බව අමතක කරන්න එපා.(නදී)
ස්වාමින් වහන්සේ ගිනි තියාගන්න කොට නුවර මිනිස්සුන්ට බේර ගන්න තිබුනේ නැද්ද? නුවර මිනිස්සු කියන්නේ රටට මොන විපතක් උනත් ඇස කන් අරින්නේ නැතුව ඉන්න මිනිස්සු. (නදී)
කරුණාකරලා බුදු දහම දන්නේ නැති උදවිය ධර්මය පෙරටු කරගෙන පවිටු ප්‍රශ්න නගන්න එපා. අවශ්‍යනම් ත්‍රිපිටකය කියවන්න. මෙය පෘතග්ජන භික්ෂුවකගේ සිතුවිල්ලක් මිස නිර්මල බුදු දහමේ ඇති හරයක් නොවේ.(නදී)
ලංකාවේ තරම් කොස් කොළ පණ්ඩිතයෝ නැතුව ඇති කොහෙවත්. මිනිස්සු නිකමටවත් හාමුදුරුවෝ කියන දෙයක් ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑනේ. දැනුත් එක එක ලොකු කතා කියනවා විතරයි. පව් පින් ගැන ඔච්චර දන්නවනම් මස් කන්නේ ඇයි?(නදී)
අද වැනි උතුම් පොහෝ දිනක පවක පිනක වෙනසක් නොදකින උදවිය නොදන්නා දේවල් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම සුභයි. රොෂානා, ශාකයකට ජීවයක් තිබුනට විඤ්ඤාණයක් නැහැ. පණ ඇති සතුන් ලෙස දේශණා කලේ විඤ්ඤාණය සහිත ස්කන්ධ පහක් ඇති සතුන් ගැනයි. ඔයා ලඟ මිට වඩා වෙනස් බුදුන්ගේ දහමක් තියෙනවනම් ලොවටම ලබා දෙන්න.(නදී)
මිනිසත් බව දුර්ලභයි.(නදී)
ගොදික කියලා හාමුදුරු කෙනෙක් දිවිනසාගෙන රහත් උනා.(නදී)
නිමල් මහතාණෙනි, පාර්ලිමේන්තුවට යාමට කිසිම උවමනාවක් නැත. ඊට වැඩි වැදගත් මිනිසුන් වෙසෙන තැනක මම වාසය කරමි. මම හිතන්නේ ඔබ වැනි අයට තමා ඔය කියන තැන සුදුසු. ඔබට ජය!(නදී)
මම අසේලගේ කතාව අනුමත කොට නිහඬ වෙමි . මේ සිද්දිය සහ බුද්ධාගම අතරේ සම්බන්දයක් නැත. මෙය සිවුරක් ඇඳපු හිමිවරයෙක් එයාගේ අදහස ක්‍රියාත්මක කිරීමක් පමණි.(නදී)
ප්‍රාන ඝාතය කියන්නේ මිනිස් ප්‍රානත් එක්ක සේරම ප්‍රානයි. මේවා මෝඩ වැඩ. මම දන්න ගම්පහ තියෙන මස්කඩ තුනක් කරන්නේ අපේ සිංහල මිනිස්සු. ඉතින් ගිනි තියාගෙන මොකටද සවුත්තු වෙන්නේ.(නදී)
මේ වැනි අනුවන ක්‍රියා නිසා වෙන්නේ බුදුදහමට නිග්‍රහයක්. සන්ඝ කතිකාවක් පවත්වා මේ ම භික්ෂුවට නිසි දඩුවම් දිය යුතුයි. සත්ව ඝතනය හෝ සියපණ නසා ගැනීම බුදුදහම අනුමත කරන්නේ නැහැ.(නදී)
මේ භික්ෂුව උපතින් බෞද්ධ විය හැකි වූවත් අවබෝධයෙන් බෞද්ධ වූ කෙනෙක් නොවේ. පාරම්පරික බෞද්ධයා බුදු දහම නොදනී. බෞද්ධ විය යුත්තේ බුදු දහම හා එහි ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයෙන්. බුදු දහමත් එහි ප්‍රතිපත්ති පිළිබඳවත් නිවැරදි සංකල්පනා නැති මෙබඳු භික්ෂූන් නිසා නිර්මල බුදු දහමට හානි නුවූවත් බෞද්ධ සංකල්ප පිළිබඳ දුරාවබෝධ අනෙකුත් ආගමිකයන් අතර ඇතිවීම වැලැක්විය නොහැකියි. අද සසුනේ පැවිදිව සිටිනා බොහෝ භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් තුලින් ගම්‍ය වන්නේ බෞද්ධ මූලධර්මවාදයක් ගොඩනැගීමට කැසකවන සඟ පරපුරක ඡායාවක්. ඔවුන් නියම බුදුමග නොදත් හා දැනගැනීමට උත්සාහ නොකරන කාම සුඛල්ලිඛානුයෝගී පරපුරක්. එසේ නොවන නියම බුදුමග සොයා යෑමේ අනවරත උත්සායහක නිරත භික්ෂූන් නැත්තේද නොවේ. උන්වහන්සේලා බැබලීමට මාධ්‍ය ඇසුරු නොකරන නිසා අප්‍රකටය. තේරුම් ගන්න. මේ භික්ෂුව රැල්ලේ යන මූලධර්මවාදී භික්ෂු ප්‍රතිරූපකයෙකි.(නදී)
අද ගවයා වෙනුවෙන් ගිනිතියාගත්තා. හෙට මාලු මරන්න එපා කිව්වම ධීවර කර්මාන්තය නවතියි. ඊළඟට කෘමීන් මැරීම පව් කියා ගොවිතැන් නවතියි. අනේ මන්දා මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ මේවට තමයි. ඉක්මන් සුව ලැබේවා.(නදී)
ලංකාවේ ඉන්න ගොඩක් හාමුදුරුවරු මෙහෙමහරි කරගත්තොත් බුද්ධාගම රැකෙනවා (නි)
නිල්මිණි , භික්ෂූන් වහන්සේ ගිනිතබාගැනීම ගැන උදම්වන ඔබට තුන්සරණයි. (නි)
ගොඩක් අය මේක ගව ගාතනය නවත්වන්න කියලා පටු කරලා කතා කරනවා. නමුත්, මේක ඊට වඩා බරපතල දෙයක්. මට පෙනෙන විදියට සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් කරපු කැපකිරීමක්. කොහොම වුණත් යම් ක්‍රියාවක් කිරීමේදී එය තමුන්ට හෝ වෙනත් අයෙකුට අයහපතක් වෙනවා නම් එය නොකළ යුතුයි කියලයි මම නම් අහලා තියෙන්නේ. ඒක නිසා මෙය අනුමත කළ නොහැකි දෙයක්. මීට පසුවවත් මෙවැනි දේවල් සිදු නොවීමට වගබලා ගත යුතුයි. හාමුදුරුවනේ, ඔබ වහන්සේට තුනුරුවන් පිහිටින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
හාමුදුරුවෝ කළ දේ හරි. එහෙත් එහි බරපතලකම තව ටිකක් හාමුදුරුවෝ හිතුවා නම් මේ විපත අද වෙන්නේ නැහැ.අපේ රට ලෝකෙම තියන හොදම බෞද්ධ රට.ඒ වුණාට තුන් වේලටම මස් කන රටක්.මේ විපතෙන් අපේ රට ගලවාගන්න හාමුදුරුවෝ ගිනි තියාගත්තට වැඩක් වෙන්නේ නැහැ.මේවට එරෙහිව කටුතු කරන්න ඕනෑ රට පාලනය කරන අයයි. අනේ පවු හාමුදුරුවෝ! (නි)
මෙය නම් පරිනත බුද්ධියක් ඇති බුද්ධ පුත්‍රයකුගේ වැඩක් ලෙස මම නම් නොදකිමි (නි)
මෙය බටහිර ක්‍රිස්තියානි ආහාර සංස්කෘතිය හා මුස්ලිම් අන්තවාදය පරදවා සිංහල බෞද්ධ දේශය නැවත ගොඩනැගීමට සැමගේ ඇස් අරවන අවස්ථාවක් වේවා! (නි)
මට නම් හිතෙන්නේ ඔය ස්වාමීන් වහන්සේට මොකක් හරි ලොකු වෙන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. (නි)
අසේල කියපුදේ හරි. තවත් බුදුදහම ගැන විවේචනය කරන්න එපා. ගාතනය නවත්වන්න වෙන විකල්පයක් නැතිය කියා හිතා හාමුදුරුවෝ මෙය කරන්න ඇති. [ චේතනාහහ් බික්කවේ කම්මන් වදාමි]. කර්මයට මුල්වෙන්නේ චේතනවය. හාමුදුරුවන්ටත් පව් නොසිදුවෙවී කියා හිතමි. ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි.(නදී)
මම මේ දේ අනුමත කරන්නේ නැහැ. මේ වැඩෙන් මේක නවත්තන්න බැහැ. ලොකු පුටු වල ඉන්න අය දැනගන්න ඕන මේකට මොන යම් හරි විසදුමක් දෙන්න.(නදී)
ගිනි තියන්න ඕනා හරක් මරණ එකාට හාමුදුරුවනේ.(නදී)
සිය දිවි නසා ගැනීම බුදු දහමට අනුව ප්‍රාන ඝාතයක් නොවන්නේය. එය ඇවතක් පමණි. බුදු රදුන් සිය පන නසා ගැනීම අනුමත කල අවස්ථාද ධර්මයේ ඇත. (නදී)
බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතා වල ඇස්,ඉස්,මස්,ලේ දන් දීපු බෝසත් චරිත තියෙනවනේ. එහෙම පාරමී පිරුවවත්ද? ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා!(නදී)
නිල්මිණි ඔයා ස්ත්‍රී දුෂණයට එරෙහිව ගිනි තියා ගන්න අපේ සහයෝගයට පෙට්රෝල් දෙන්නම්.(නදී)
"විනාශ කාලෝ, විපරීත බුද්ධි" කියලා තියෙන්නෙ මේවට තමයි.(නදී)
මේ වගේ පුවත් වලට ප්‍රතිචාර දාන්න දෙන්න හොඳ නෑ. අන්තිමට වෙන වෙන ප්‍රශ්න හැදිලා තමයි නතර වෙන්නේ.(නදී)
මේක සෙල්ලමක් නොවේ. හෑල්ලුවට ගන්න එපා. වෙන කියන්න විදිහක් ,තැනක්,ක්‍රමයක්,නැති වෙනකොට මොනවා කරන්නද හාමුදුරුවෝ කියලා (නි)
මේ හාමුදුරුවන් කලින් යවන ලද ලිපි වලට ප්‍රතිචාරයක් නොදැක්වූ සියළුම නිළධාරීන් මෙම අපරාධයට වගකිව යුතුයි (නි)
මේවා දකිනකොට මට නම් දැන් බුදුදහම එපා වෙලයි තියෙන්නේ (නි)
ධර්ම මහතාණනි, කරුණාකර කියන්න ඔය කියන දිවිනසාගැනුම හරි කියලා මොන බන පොතේද තියෙන්නේ කියලා. නොදන්නා නිසයි මේ අහන්නේ. (නි)
සජිත් කියා අදහස් දක්වන එක්කෙනත් අපේ ජාතියේ එකෙක් වගේ. ඒත් මොකද සිංහල නමකින් පෙනී සිට ඔය වගේ අදහස් දමන්නේ? සජිත් ට බයද අම්මා තාත්තා මුස්ලිම් කියල පෙන්වන්න? (නි)
ඉස්ලාම්, කිතු, යුදෙව් දහම් අනුව මරණයෙන් පසු ඔවුනට ඇත්තේ ස්වර්ගය හා අපාය පමණි. නමුත් බුදු දහමට අනුව දෙව්, බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත, අපාය යනුවෙන් කිහිපයකි. දෙව්, බඹු ලෙස ඉපදුනත් (ස්වර්ගය) කවදා හෝ හා නැවත මිනිස්, තිරිසන් හෝ අපාය ගත වීම වැළක්විය නොහැක. තිරිසනුන් ද මේ චක්‍රයට අයත් සත්වයෝය. ඔවුන් මැරීම පාපයක් වන්නේ මේ නිසයි. ගවයා කියන්නේ මිනිසාට සම්පතක්, ගවයාගෙන් සියලුම දේ ලබාගෙන, අන්තිමට මරා දැමීම අන්තිම පාපකාරී ක්‍රියාවක්. (නි)
මේවා දකිද්දී මටත් ධර්මය ඒපා වෙලයි තියෙන්නේ. මට නම් මේවට පිස්සුයි වගේ.(නදී)
මගේ නමින්ම තවත් මහේෂ් කෙනෙක් මේ තීරුවට ලිපි දානවා. ඉතින් මගේ ලිපිත් පල වෙනවා. ඉතින් මගේ අදහස් වලට වැඩිය ගොඩක් වෙනස් අදහස් තමයි අනිත් මහේෂ් නමින් යන ලිපි වල පල වෙන්නේ (නි)
කවුද කියන්නේ ලෝකේ හොඳම බුද්ධාගම තියෙන්නේ ලංකාවේ කියලා?ලෝකේ හොඳම බුද්ධාගම,හොඳම බෞද්ධයෝ ඉන්නේ මියන්මාරයේ,ලංකාවේ ඉන්නේ හොඳම පාවා දෙන්නෝ. (නි)
හිතාගන්නත් අමාරුයි (නි)
අපේ රටේ ගවයන් මැරීම තහනම් කළා නම් මේ මුස්ලිම් අය අපෙන් ප්‍රශ්න අහන්න එන්නේ නැහැනේ. අපි අපේ ආගමට අනුව වැඩ කලොත් අනිත් ආගම් වල අයට කතා කරන්න දෙයක් නැහැ . (නි)
හිස තට්ටේ ගාලා කහ සිවුර අන්දලා මහන වුනාට හිත මහන වෙලා නැහැ.(නදී)
ගව ඝාතනයට විරෝධය දක්වමි.(නදී)
ඔන්න හාමුදුරුවරු.බොදු බලසේනාවට ආදර්ශයක්.(නදී)
ජනවර්ගයක සම්ප්‍රදායන් මෙවැනි ක්‍රියාවලින් වෙනස්කළ නොහැකියි.බෞද්ධයකු ලෙස මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැක. (නි)
ගෙදර ශීතකරණය මෝචරියක් කරගන්නවා, මස් ගෙනත් දාගෙන. තමාගේ බඩ ඇවිදින සුසාන භූමියක් කරගෙන මිනිස්සු වුනු අපි නටන පිස්සුව ගැන හිතලා බලන්න හොද අවස්ථාවක් (නි)
හාමුදුරුවෝ ලොකු පාපයක් කරගෙන. මහා මෝඩ වැඩක්, හාමුදුරුවරු මීට වඩා ආදර්ශමත් වෙන්න ඕනා.(නදී)
අපොන්සු කන්නේ හරක් මස් ,කුකුල් එළු මස්, බොන්නේ ඌරු මස් සුප් . හරක් අං දෙක විතරයි කන්නේ නැත්තේ (නි)
මෙම ස්වාමින් වහන්සේ ඉල්ලා සිටියේ දළදා පරිසරයේ, අනුරාධපුර ශුද්ධ භූමියේ පමණක් ගව ගාතනය නොකරන්න සත්‍ය ග්‍රහයක්. ඉහල නිලදාරියෙක් පැමිණ කිවුවේ එය කළ නොහැකි බවයි. ඉතින් හාමුදරුවෝ විරෝදය පෑවා. ගිනිතියා ගත්තා (නි)
හාමුදුරුවෝ ලොකු පාපයක් කරගත්තේ.හාමුදුරුවරු අපේ පුජකතුමන්ලා වගේ ආදර්ශමත් වෙන්න ඕනෑ (නි)
අපි හැමදාම එකිනෙකා මරාගෙන කනවා. සංසාරේ හැටි දන්නේ නැහැ. (නි)
මහේෂ් ද සිල්වා , ඔබ හරි ඔබේ නමෙන්ම එය පෙනෙනවා. තෙරුවන් සරණයි.(නදී)
අපොන්සු, ගෙදර ශීතකරණය මෝචරියක් කරගන්නවා. මස් ගෙනත් දාගෙන. තමාගේ බඩ ඇවිදින සුසාන භූමියක් කරගෙන අන් අයගේ අදහසට නිගරු නොකරන්න.(නදී)
. හාමුදුරුවන්ව අපිට විරයෙක්. මොකද ඔබට මට කාටවත් කරන්න බැරි උන ටික උන්වහන්සෙ තමන්ගෙ ජිවිතෙ පරදුවට තියල කරල පෙන්නුව. ගෙරි මස් ගාත් පිටින් ගිලින අයට අසරන ගවයන් තවත් අහාරයක් විතරයි.ඒක එයාලගෙ අගමික නායකයගෙ චින්තනය. එත් බුද්දාගමෙ සත්තු මරාගෙන ආගමික උත්සව සමරන්න කියල නැ. අදින් පස්සෙවත් අපෙ රටේ නායකයන්ට ගව ගාතනය නවත්වන්න පුලුවන් වේවා. හාමුදුරුවන්ට ඉක්මනින්ම සුවය ප්‍රාර්තනා කරමු.(අ)
ක්‍රම්ය වෑරදි කියන අය හරි ක්‍රමය කියන්නෙ නෑහැනේ. හාමුදුරුවනේ ඔබට ඉක්මන් සුවය පතමි.(නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජාතියේ කිරි මව වෙනුවෙන් කරපු දේ වටිනවා. දැන්වත් අපේ රටේ සිංහල බෞද්ධයගේ ඇස් ඇරේවි රටේ නායකියින්ගේ ඇස් ඇරේව්. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා ඔබ වහන්සේ පාරමිතාව ඉෂ්ට වේවා.(නදී)
ඔලුව බු ගල කහ සිවුරක් දාපු හෙමෝම හිමිවරු නෙමේ . සමහරු නොයෙකුත් වාසි තකා. ඔයදේ කරගන්නවා .ඔවුන් හරියට බුදු දහම ගම අවබෝදයක් තිබෙන ය නොවේ. මේකෙන් වෙන්නේ අපේ නිර්මල බුදුදහමට විනාසයක් පමණි. සෑම ආගමකම මේ වගේ අය ඉන්නවා.(නදී)
අද කාලේ අමු අමුවේ මිනි මරනවා මන් දැක්කා යු ටුබ් එකෙන්. ඉස්ලාම් ආගමේ අන්තවාදීන් බෙල්ල කපනවා අමෙරිකන් මාද්‍යවේදියෙක් ගේ. තව බොහෝ දේ ඔවුන් මිනිහගේ බෙල්ල කපන්නේ කුරානය කියවමින්. ඉතින් ගව ඝතනය ගැන කුමක් කියමිද ? (නදී)
මෙන්න තවත් බෞද්ධ ප්‍රවෘත්තියක්. ඊළග වෙසක් දිනය සමරන්න තවත් කරුණක්. මේවා මෝඩ වැඩ. හැම සතෙක්ම මරණ එක පව්. හැම ජීවිතයක්ම වටිනවා. එළුවා, කුකුළු, මාළු මේ හැම එකක්ම ජීවිත. අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ගේ දානෙට තෝර මාළු පෙති අනිවාර්යයි. මම දන්නා හාමුදුරු නමක් ඉන්නවා පේරාදෙණියේ පිරිවෙනක. උදේට සිවුර රෑට කලිසම ඇඳලා තොප්පිය දාගෙන යන්නේ. කාටවත් හොයන්න බැහැ. පන්සලේ ඉන්න පොඩි නමලා කෙල්ලන්ට ලියුමුත් ලියනවා. මෙන්න සිවුරට ගෙන කරන වැඩ. හැම පන්සලකම ඉන්නවා මේ වගේ හොරු. සියදිවි හානිකර ගැනීම හිමි නමකට අකැපයි. (නි)
මෙම ගිනි තබා ගැනීමට සුදානම් වන විට සමහර පුද්ගලයන් වීඩියෝ කිරිමටත් ගින්න නිවා දැමීමටත් සුදානමින් සිටි බව රුප රාමු මගින් මම දැක්කා.හරි සිංහල බෞද්ධයන් සිටියා නම් ඇයි මේකට ඉඩ දුන්නේ? බුද්ධිය ප්‍රකෝපය විසින් මෙහෙයවන තැනට භික්ෂූන් වහන්සේ පත් නොවිය යුතුයි.කෙසේනමුත් අහිංසක සතුන්ගේ ජිවිත විනාශ කරන උදවියට ඒ සියලු වැරදි වලට දඩුවම් ලැබෙනවා .අපේ හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
නෙතුම් , ඔබට ලජාවක් නැද්ද, ඔබ ක්‍රිස්තියානි පුද්ගලයකු වී බෞද්ධයනට උපදෙස් දෙන්න? සිංහල බෞද්ධ රාජ්‍යය බටහිර ක්‍රිස්තියානි අන්තවාදයෙන් හා මුස්ලිම් අන්තවාදයෙන් බේරා දෙනු! (නි)
තම මතයට විරුද්ද මත දරන අය මර්ධනය කරන්න, ගල් මුල් ගහන්න, අතින් පයින් ගහගන්න යන ගමේ චන්ඩි වගේ වැඩකරන අය අතර අන් ජාතීන්ට පාඩම් උගන්නන්න බඩේ බෝම්බ බැදගන ඇවිත් පත්තු කරලා මිනිස්සු මරන මිනිස්සු හිටිය රටක, පොඩි ප්‍රශ්නයකටත් සියදිවි නහගන්න දගලන තරුනයන් ඉන්න රටක, අරක්කු බීලා සිගරැටි බිලා 40000 සිය දිවි නහ ගන්න අය ඉන්න රටක ඔබ දුන් ආදර්ශය විශිස්ඨය හිමියනි. සතෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඔබ වසර ගනනක් කල සටන විශිඨයි හිමියනි. ඔබ මතු බුදුවන බෝදිසත්ව පරපුරක වන බව නොවනු මානය. ඔබ වහන්සේට නිවන් සුව.(නදී)
මට අදහා ගන්න බැහැ මේ සිද්දිය
හාමුදුරුවන්ට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ...! (නි)
මස් කඩ වලට අවසර දෙන්නේ පළාත් පාලන ආයතනෙ ඇයි ඒවට බලපෑම් නොකරන්නේ (දී)
ජිවිතයක් කියන්නේ ගවයාගේ ජිවිතේ විතරද? අනිත් සතුන්ගේ ජිවිත කජු ඇට කොස් ඇටද. ඇතටම මෙයාලට පිස්සු.(ස)
ඔබ වහන්සේ කරපු දේ වටිනවා. දැන්වත් අපේ රටේ මස් වැද්දො ඕවා නවත්තයිද දන්නේ නැහැ. (නි)
තමන්ගේ මස් කන්න පුරුදු වුනානම් හොදයි, අහිංසක සත්තුන්ගේ මස් කන්නේ නැතුව. (නි)
මිනිස්සුම තමයි ඔය තිරිසන් සතුන් වෙලා ඉපදින්නේ. කය, වචනය, සිත සංවර කර ගැනීමෙන් තිරිසන් ලොවෙන් මිදෙමු (නි)
ගවයාට පමනක් නොව සමස්ත මානව ප්‍රජාවටම විසල් අකටයුතුකම් සිදුවන යුගයක සිරුරට ගිනි තබා ගැනීම වැනි අතිශය සංවේදී ක්‍රමවේදයන්ගෙන් ඊට විසදුම් සෙවිය නොහැක.සියලු දෙය අත්හැර කහවතින් ජීවිතය සරසා ගත්තේ සසර මග තවත් කෙටි කිරීමටය.සම සතලිස් භාවනාවන්ගෙන් පූර්ණ සමථයද විදර්ශනාවද තිබියදී එමගින් සිත දියුණු කර බොහෝ භෞතික හා අධ්‍යාත්මික හැකියාවන් වඩා ගැනීමට භික්ෂුවකට ඉතා ඉහල හැකියාවක් තිබියදී ඔබ වහන්සේ මේ කොහෙද වැඩියේ......... (නි)
හරකගෙ කිරිත් බීලා,හරකගෙන් වැඩත් අරගෙන,හරකා වයසට ගියාම හරකගෙ මසුත් කාලා, තව හමටත් තලනවා!!! හරක් කපන අයගේ දරුවන්ටත් එක්ක හෙණ හත ගහන්න ඕනෑ. (නි)
ගවගාතනය තහනම් කරන නීතියක් ගෙනෙන්න කියල අපි සිංහල මුස්ලිම් එකතුවෙලා රජයට බල කරමු (නි)