රජය සියලුම වර්ග වල පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කර ඇත. හෙක්ටෙයාරයකට රුපියල් 25000 ක පොහොර සහනාධාර ලෙස ගොවියනට ලැබෙන බවත් රජය කියයි.
රජය සියලුම වර්ග වල පොහොර මිටියකට රුපියල් 2500 ක උපරිම මිලක් නියම කර ඇත. හෙක්ටෙයාරයකට රුපියල් 25000 ක පොහොර සහනාධාර ලෙස ගොවියනට ලැබෙන බවත් රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද 350/= ට දුන්නා. මෙයාලා 2500 ට. ඒත් ගන්න පොහොර නැහැ. (නි)
පොහොර මිටියක් 5000 කල යුතුයි. සහනාධාර කැපිය යුතුයි රට දියුණු කිරීමටනම්. (ර)
වැඩක් කලොත් අනා ගන්නවා. කොහොම වුණත් දැන් තමයි හරි පීල්ලට ඇවිත් තියෙන්නෙ. (ර)
මේකත් අර බජෙට් එක වගේ තමයි. අන්න අදත් ගොවියෝ පාරේ. (ර)
අයවැය ගැන මේයා ට තේරෙන්නෙත් නෑ ජනතවට තේරෙන්නෙත් නෑ. (ර)
ඇමති තුමාට ඇත්තේ නිවැරදි දැක්මක්. (ර)
මම රටවල් ගණනාවක වැඩකරලා තියෙනවා. ලංකාවේ තරම් නිකම් දෙනදෙවල් ගන්න බලාගෙන ඉන්න ජාතියක් මම කොහේදීවත් දැකලා නැහැ.(හේ)
හැමදාම විවේචන විතරයි වැඩක් හරියට කරන්න දන්නේ නැ.... ටිකක් හරියට හොයලා බලන්න ඒ මිනිස්සුන්ට වෙන අපහසුතා ගැනත් (හේ)
මට කියන්න දන්නා කවුරු හරි අක්කරයකට එක කන්නයකට ලබාදෙන පොහොර පරමණය හෝ මුදල් ප්‍රමාණය. (ම)
මොනවද මේ කියන කතා ,2500 ට තියා 250,000 ගන්නවත් පොහොර කඩවල් වල නැහැ හැබැයි කඩේ හාල් නම් 120 යි. (ර)
ඉස්සෙල්ලා සතොස කෑව දැන් මුදල් ඇමති වෙලා රටම කනවා ජනමාධ්‍යය මෙයාගේ අතීතය ගැන විග්‍රහයක් දැනීමක් දෙනවනම් හොදයි (බ) .
රන් ගොවියා සුරකිමු (ම)
අඬන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)
මේ ප්‍රශ්න ජනපතිතුමා දන්නේ නැද්ද? (නි)
ජනාධිපති තුමා බැන්න නේද ගොවියා නැගිට්ටෝත් ආණ්ඩුව අවසානේ කියල (බ)
සතොස වගේ නොවෙයි මේ වැඩ. ලංකාවට දෙවි පිහිටයි ! (නි)
ගොවිතැන පිළිබඳව ඇමතිතුමාට නිසි වැටහීමක් නැහැ වගෙයි. එතුමාට උපදෙස් දෙන නිලධාරී පැලැන්තියත් ඒ වගේමයි. කරුණාකරලා මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ගොවිතැන ගැන දන්නා ගොවි මහත්තයෙක් උපදේශකයෙකු ලෙස පත්කරගන්න. (නි)
කරුණාකරලා පැහැදිලි කරනවද ඔය පොහොර ලබාගන්න හැටි. පහුගිය කාලෙ හුඟක් දේවල් කිවුවා. ඒත් පැහැදිලි නැහැ. යමක් කියනකොට ඒක මහජනතාවට පැහැදිලි කළොත් තමයි වැඩක් වෙන්නේ. මොකද ගොවියා දැනුවත් කළයුතුයි අහවල් තැනින් ලබා ගන්න කියලා. (නි)
2500*10=25,000, 500*10=5000 ඔයාම කියන්නකෝ මොකක්ද හොඳ කියලා (නි)
මොනවද මේ කියන කතා? ඉස්සර පොහොර මිටි 10ක් ගන්නම යන්නේ රු. 3500යි. එක ගොවීන්ට ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක ඕනෑතරම් ගන්න පුළුවන්. දැන් මිටි 10ක් ගන්න 25,000ක් දෙන්න ඕනෑ. එතනයි ප්‍රශ්නය. මිටි 10යි දෙන්නෙත්, ඒකත් ගන්න නැහැ කඩවල. ඊළඟට පෝරම ඉංග්‍රීසියෙන් පුරවන්න, බැංකු ගිණුම් අලුතින් අරින්න, නැවත සල්ලි ඉල්ලුම් කරන්න... කොච්චර මඩවනවද අහිංසක මිනිසුන්ව. ඉස්සර 50ට ගත් වී දැන් ගන්නේ 16-18ට. එතනත් ගොවීන්ව තලා පෙළනවා. හැබැයි කඩේ හාල් නම් 100 පැනලා. (නි)
බොරු කතා කියල ගොවියෝ රවටන්න එපා. සහනදායක ක්‍රමයකට පොහොර ටික දෙන්න. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
බොරු කියන්න එපා මහත්තයෝ. පොළවේ පයගහල ඉන්න අපිනේ දන්නේ ඔහෙලා දෙන මේ පොහොර ගන්න තියන අමාරුව. 2500 ට තියා 25000 ගන්නවත් පොහොර කඩවල් වල නැහැ. වී වලට වගේම තේ වලටත් එහෙමයි. මෙහෙම ගියොත් වී /තේ ගොවියන්ට ඔය දෙන සල්ලි වලින් වහ අරගෙන බොන්න තමා වෙන්නේ. හැමදාම රාජපක්ෂ පාලනයට බනින්නේ නැතුව වැඩක් කරලා පෙන්වන්න. (නි)
නිකන් පෝර දෙන ස්ථානය කියනවද?(අ)
සුලු අපනයන බෝග වගාකරුවන්ට මේ පොහොර සහනාධාරය නැද්ද?. අප රු. 1350/- ට ගත්ත කුරුඳු පොහොර කිලෝ 50 ක මල්ලකට දැන් 2500/- ගෙවන්න ඕන. සහනාධාර 25000/- නැතිව කොහොමද අප වගා කරන්නේ. (අ)
විහිළු කරන්න එපා මහත්තයෝ ප්‍රශ්නේ වෙන තැනක තියෙන්නේ. ඔය මුදල එක කන්නයකට වත් අපිට මදි. කොළඹ සිතල කාමර වල ඉන්නේ නැතිව කුඹුරු කරන ගොවියෙකු ගෙන් ඇහැව්වා නම් ඇත්තටම කතාව කියයි. (ර)
පොහොර කෙසේ වෙතත් අර පහුගිය කන්නේ මිලදී ගත්ත වී ටික සහල් කර අඩු මිලට හෝ වෙළඳ පලට නිකුත් කරන්න නැත්නම් මේවා පුස්කාල පස්වෙලා ගියහම කාටවත් නැත , නිතරම ගොවියන් ගැන පමණක් නොව පාරිභෝගිකයා ගැනත් කල්පනා කරන්න (බ)
ගොවීන් ගොඩ දැමුවාට ඔබට බොහොම පින්! දැන් ඉතින් සතුටින් කාල බීලා ඉන්න පුළුවන්. රටම ගොඩ දාපු මහේන්ද්‍රන් මහත්තයත් ඔය ඉන්නේ. (බ)