IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගැහැණු 500ක් සමග යහන් ගත වූ ක්‍රිකට් ක්‍රීඩකයා

2016-04-23-ent-38

කාන්තාවක් එක්ක යහන්ගත වෙන එක ගොඩක් අයට කරන්න පුළුවන් වුණාට කාටද පුළුවන් ඒක කටක් ඇරලල කියන්න. ඒත් බ.ඉ.කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ටිනෝ බෙස්ට් බය නැතුව කියනව එයා ගෑනු ළමයි පන්සීයකටත් වඩා එක්ක යහන්ගත වුණා කියල. මෙහෙම  කියල තියෙන්නෙ ළඟදි එයාම  එළිදක්වපු එයාගෙ චරිතාපදානෙ.

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු දේහධාරීම ක්‍රීඩකයා වුණ ටිනෝ කියල තියෙන්නෙ තමන් ලෝකෙන්ම වඩාත්ම කඩවසම් පුද්ගලයෙක් කියන කාරණය විශ්වාස කරනවා කියල.

"මම ගෑනු ළමයින්ට ආදරේ කරනවා, ගෑනු ළමයි මට ආදරේ කරනවා. මම තමයි ලෝකෙ ඉන්න කඩවසම්ම තට්ටයා. මම මට  විහිළුවට කියන්නෙ. කළු බ්‍රැඩ් පිට් කියල. මම ක්‍රීඩකයෙක් විදිහට සංචාරය කරද්දි ගෑනු ළමයි එක්ක කතා කරල තියෙනව. ඒගොල්ලොත් එක්ක ඇවිදල තියෙනවා. යහන් ගත වෙලා තියෙනවා. මම ගණන් කරපු හැටියට මම ගෑනු ළමයි 500 ත් 650 ත් අතර ගාණක් ඒකට අයිති වෙනවා."

ටිනෝ වැඩිදුරටත් තමන්ගෙ චරිතාපදානෙදි කියල තියෙනවා

" ඒත් මොන තරම් සම්බන්ධකම් තිබුණත් කාටවත් තමන්ගෙ පළවැනි ආදරේ අමතක කරන්න බෑ." කියල.  ටිනෝටත් ඒක අදාළයි.

"මගේ පළවැනි ආදරේ වුණ මෙලිස්සා. අපි දෙන්නට තමානි කියල ලස්සන පුතෙකුත් හිටියා.නමුත් හැමදේම නරක අතට හැරුණා. එයා මගෙන් වෙන් වුණා.

මේකෙ එක තැනකදි ටිනෝ තමන්ව හඳුන්වා ගන්නෙ පිරිමි ගණිකාවක් හැටියට. තමන් කැමති නම් එයා මොන විදිහෙ ගෑනු ළමයෙක්ද කියල ටිනෝ කියනවා.

"මම ගෑනු ළමයෙක්ට කැමති වුණොත්. එයා කවුරු වුණත් කමක් නෑ. එයා තනිවෙලා නම් ඉන්නෙ. මුලින්ම මම ගිහින් එයාට මං ගැන හඳුන්වා දෙනවා. ඊට පස්සෙ එයාගෙ විස්තරත් අහනවා. කිසිම කෙල්ලෙක් මාව ඒකෙදි බය කළේ නෑ."

"මම පිරිමි ගණිකාවක් වුණා තමයි. මට ඒ වෙනුවෙන් ඇස්බැන්ඳුම් කරන්න වුණා. නමුත් දවසින් දවස මගේ ජීවන ශෛලිය  අලුත් වුණා. සමහර දවස්වලට මම එක එක දවසට එක එක කෙල්ලොත් එක්ක විනෝද වුණා."

මට කාත් එක්කවත් සම්බන්ධකමක් ඇති කරගන්න ඕන වුණේ නෑ. මම ඒක මාත් එක්ක යාළු වුණ කෙල්ලන්ට කෙලින්ම කිවුවා. සම්බන්ධකම් නෑ කියන්නෙ කිසිම බයකුත් නෑ. මට ඕන වුනේ සතුටු වෙන්න විතරයි. කෙල්ලෙක්ට බොරු කියන්න ඕන නෑ. අවංක වෙන්න.

නමුත් තමන් වගේම සෙල්ලක්කාර තමන්ගෙ කණ්ඩායම් සගයන් ගැනත් ටිනෝ මේකෙදි කියන්නෙ තරමක් වෙනස් විදිහට.

"මම මගේ මේ ජීවිතය ගැන මගේ කණ්ඩායම් සගයන්ට කියල තිබ්බෙ. ඔවුන්ට මම විහිළු කළා. ක්‍රිකට් ගහන්න පුළුවන් නිසා තමයි උඹලට කෙල්ලො කැමති වෙන්නෙ. ක්‍රිකට් ගහන්න බැරි නම් උඹලට කෙල්ලොත් නෑ." කියල.

අපි (කණ්ඩායම් සගයන්) අතර තරග තිබ්බා. ටුවර් එකක් ගියාම කවුද වැඩියම කෙල්ලො යාළු කර ගන්නෙ කියල. මම හිතන්නෙ මගේ තමයි රෙකෝඩ් එක. 2005 වසරේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී මම කෙල්ලො 40 ක් එක්ක යාළු වුණා. ඔස්ට්‍රේලියානු කෙල්ලො තමයි මට හම්බවෙච්ච හොඳම කෙල්ලො.

"මගේ පළවෙනි ආදරේ වුණ මෙලිසා පස්සෙ පිළිවෙළක් වුණා. එයාට දැන් තව ළමයෙක් ඉන්නවා.  එයා විශේෂ කෙනෙක්. ඇයට සියලුම දේවල් හරියන්න කියල මම ප්‍රාර්ථනා කරනවා." ටිනෝ වැඩිදුරටත් පවසයි.

තමන්ගෙ ජීවිතය ඇතුළෙ කාන්තාවන් කොයි විදිහට ඇසුරු කළත් කාන්තාවන්ට තමන් ගොඩක් ගෞරව කරනවා කියලයි ටිනෝ අවසන් වශයෙන් කියන්නෙ.

"ගෑනු ළමයි කියන්නෙ විශිෂ්ට කට්ටියක්. මම බිහිවුනෙත් විශිෂ්ට ශක්තිමත් කාන්තාවකගෙන්. මම ඔවුන්ට ගොඩක් ගෞරව කරනවා."

ඕෂිත වරකපිටිය



අදහස් (0)

ගැහැණු 500ක් සමග යහන් ගත වූ ක්‍රිකට් ක්‍රීඩකයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 87 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2240 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 321 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 412 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1633 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1597 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site