IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගහෙන් ගෙඩියක් මෙන් 40,000 ක ලයිට් බිලක්

හොරණ පොකුණුවිට කුළුපනේ ස්වයං රැකියා කරන්නෙක් 2005දී විදුලිය ගත්තේය. 2012 වන තුරු ඔහුට බිලක් නොලැබිණි.

2012 දෙසැම්බරයේදී රුපියල් 38,000ක, ඉන් පසු රුපියල් 40437 ක ද බිලක් ලැබිණි.

2005 සිට බිල් නොඑවීම ගැන විදුලිබල මණ්ඩලයට ලියුම් කිහිපයක් යැවූ බවත්, ඊට පිළිතුරු නොලැබුණු බවත් ඔහු කියයි.

දින දෙකකට පෙර ඔහුගේ විදුලිය සිඳලීය.

ස්ථිර ආදායමක් නැති තමාට ඒ මුදල එකවර ගෙවිය නොහැකි බව ඩී ඒ ජේ එම් ගුණරත්න මහතා කියයි.

අපොස පන්තියේ ඉගෙන ගන්නා පුතාට ද දැන් රාත්‍රී කාලයට පාඩම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කියයි.

හිඟ මුදල් වාරික හයකින් ගෙවන ලෙස ඔහුට නියෝග කර ඇත.

ඒ අනුව ඔහු රුපියල් 6470ක් සමග මාසේ බිල ගෙවිය යුතුය.

මෙතරම් මුදලක් ගෙවා ගැනීමට නොහැකි බව ඔහු කියයි.

මේ ගැන කතා කිරීමට මණ්ඩලය හමුවීමට ගිය විට එක්කෝ බිල ගෙවන්න, නැත්නම් ලාම්පුතෙල් භාගයක් අරං ගෙදර යන්න යනුවෙන් නිලධරයකු කී බව ද ගුණරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධරයන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක දහයකින් සමග වරුවක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය.

විදුලිබල මණ්ඩලය අද ඔවුනට දැන්වූයේ රුපියල් තුන් දහසක් හා මාසික බිල ගෙවන ලෙසයි. ඒ අනුව ඔහු අද රුපියල් තුන් දහසක් ගෙව්වේය.

හොරණ විදුලි ඉන්ජිනේරු සී කන්දෙගෙදර මහතා පැවසුවේ තමන් අතින් වරදක් සිදුවී ඇති බවයි. අදම විදුලිය සන්ධි කරන බව ද ඔහු කීවේය.

(ඡායාරූප සිරි මහ බෙල්ලන)

 



අදහස් (0)

ගහෙන් ගෙඩියක් මෙන් 40,000 ක ලයිට් බිලක්

රංජිත් ද සිල්වා Friday, 31 May 2013 03:30 PM

ආ තව එකක්. අවරුදු හතක් කියන්නේ මාස අනූවක් විතර. මාසෙකට දාහ උනොත් රුපියල් අනූ දාහක් බිල වෙනවා. ඉක්මනට ඕක ගෙවන්න. මමනම් පොලියත් එක්ක ලක්ෂයක් විතර ඉල්ලනවා. ගහෙන් ගෙඩි එනවා නෙමේ, හොරෙන් ඉඳල අහු වෙලා.(නදී)

:       0       0

නලින් Friday, 31 May 2013 03:27 PM

ඔය හොද වැඩී. (ස)

:       0       0

අමිළ Friday, 31 May 2013 03:45 PM

බිල එවපු නැති එක විදුලි පල මන්ඩලේ සම්පුර්න වැරැද්ද. කොහේවත් යන මනුකියවන්නෙකුට කියන්න බැහැ අපේ බිල ලියලා දෙන්න කියලා. එයාලට විදුලි බල මන්ඩලෙන් දෙනවා වැඩකරන්න ඕඩරයක්. ඒන වෙනස් කරන්න කාටවත් බැහැ.(නදී)

:       0       0

අකිල Friday, 31 May 2013 04:03 PM

සුබ දවසක් ඔබ සියලුම දෙනාට. බිෂාන් ඔයත් ආස්චර්යයට කඩේ යනවද?. මේ මිනිහ වැරදියි තමයි. බිෂාන් ඔය කඩේ යාම ගැන දුකයි.මෝඩ වෙන්න එපා .සංවර්දනයක් නොමැත.(නදී)

:       0       0

ඉසාම් Friday, 31 May 2013 04:44 PM

හැමෝම සිංහනාද බලු ‍කෙදිරිලි අර මනුස්සුය දැනුම් දුන්න කියන එක දැක්ක නැද්ද. තමන්ට එහම උනාම අඩනවා. වටේ දුවනවා හැමෝම එක නිසා බොරු අදහස් දාන්න එපා.(ස)

:       0       0

මල්කා Saturday, 01 June 2013 05:46 AM

කොච්චර ලාබද? මට මාසෙට 3800 ක බිලක් එනවා. එයාට අවුරුදු 7ටම 40000යි (නි)

:       0       0

ලන්කාපුත Friday, 31 May 2013 12:24 PM

බිලක් ආවෙ නැති කාලේ මෙයා මොනවද කරේ. සාදාරන මිනිහෙක් කියල ඔප්පු කරන්න?(ස)

:       0       0

ප්‍රදීප් කුමාර Friday, 31 May 2013 12:24 PM

ආස්චර්ය ? (ස)

:       0       0

ෆයිසර් Friday, 31 May 2013 12:25 PM

මේවා හෙණ ගහන අපරාධ...අහිංසක දුප්පත් මිනිහටමයි පහරදෙන්නේ.. (නි)

:       0       0

චූලා Friday, 31 May 2013 12:23 PM

ලාම්පු තෙල් බාගයක් අරන් ගෙදර යන්න කිවුව නිලදාරි මහත්තයෝ, මොකෝ ඔහෙලගෙන් වරදක් වෙලා නැද්ද මෙතන?වුණ වරදට සමාව කණගාටු වෙන්න තරම්වත් මානසික මට්ටමක් නැති ඔහෙලා කාගේ සපත්තු ලෙවකාලාද රස්සා ගත්තේ? (නි)

:       0       0

ශෙහාන් Friday, 31 May 2013 12:25 PM

විදුලි බල මණ්ඩලේ පාඩුව බිලියන 77. දැන් හදන්නේ පරණ බිල් වලින් හරි පාඩුව මකාගන්නද මන්දා. ලංකාවේ රාජ්‍ය ආයතන වලින් තෙවෙනි තැනට වැඩිම වැටුප් තියෙන්නේ විදුලිබලේ. මෙතරම් පාඩු තිබිලත් ලක්ෂ ගණන් බෝනස් දුන්නනේ? (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 31 May 2013 12:32 PM

නිකන් විදුලිය දෙනවා ද ? කවදා හෝ බිල එන බව දන්නවා නේ. විදුලිය ගත් දා සිට රු.1000 ගානේ වෙන් කර තිබ්බා නම් අද 90,000ක් විතර තියෙනවා. කිසි ගානක් නැතුව ගෙවලා දාන්න තිබුනා. (නි)

:       0       0

නිතුන් Friday, 31 May 2013 12:36 PM

අවුරුදු 8 තිස්සේ පිනට පාවිච්චි කරනකොට, ඔය ගැන හිතුනේ නැද්ද? බලල මල්ලෙන් එලියට පැනල වගේ . (ස)

:       0       0

අමිල Friday, 31 May 2013 05:35 PM

පවු ඒ අසරන මිනිස්සු

:       0       0

දර්ශන Saturday, 01 June 2013 08:16 AM

දෙයියෝ සාක්කි

:       0       0

කමල් Friday, 31 May 2013 12:40 PM

මෙය විදුලි බල මණ්ඩලයේ වරදක් නේද? (නි)

:       0       0

සමන්ත Friday, 31 May 2013 05:44 PM

අකිල ඔයා කඩේ යන්නේ කාටද..? (ත)

:       0       0

බිෂාන් Friday, 31 May 2013 12:44 PM

ප්‍රදීප් කුමාර හැමදේම ආස්චර්ය ගිණුමට බැර කිරීම සාදාරණද ? හැමදේටම මේ රටේ වැරදිකරු එක පුද්ගලයෙක්ද ? ලංකීක ජනතාවගේ සිතුවිලි හරි බොළදයි.(ස)

:       0       0

සංජීව ජගත් Friday, 31 May 2013 12:45 PM

‍ම‍ටත්‍ ‍ඔ‍ය ‍ව‍ගේ‍ම ‍වැ‍ඩක්‍ ‍වුණා. ‍අ‍පේ ‍ගෙ‍ද‍ර ‍ක‍රන්‍ට්‍ ‍මී‍ට‍ර‍ය ‍ති‍යෙ‍න ‍තැ‍න ‍වෙ‍නස්‍ ‍ක‍රන්‍‍න ‍‍වුණා, ‍අ‍ලු‍තින්‍ ‍‍ගෙ‍ද‍ර‍ට ‍කා‍ම‍ර‍යක්‍ ‍‍හ‍දන්‍‍න ‍වෙ‍ලා. ‍වි‍දු‍ලි‍බ‍ල ‍මන්‍‍ඩ‍ල‍ය‍ට ‍ලි‍ඛිත‍ව ‍දන්‍‍වන්‍‍න ‍කි‍ය‍ලා ‍ම‍නු ‍කි‍ය‍ව‍න ‍ම‍නුස්‍‍ස‍යත්‍ ‍කී‍වා. ඒ ‍වි‍දි‍හ‍ට‍ම ‍අ‍පි ‍ක‍ළා. ‍ලි‍ඛිත‍ව ‍මෙ‍ම ‍වෙ‍නස්‍ ‍කි‍රී‍ම ‍අ‍ප ‍ල‍ග‍ම ‍ති‍යෙ‍න ‍වි‍දු‍ලි‍බ‍ල ‍මන්‍‍ඩ‍ල‍යේ ‍උ‍ප ‍පො‍ල‍ට ‍බා‍ර ‍දුන්‍‍නෙ 2010 ‍දෙ‍සැම්‍‍බර් ‍ව‍ල , ‍‍කි‍යන්‍‍නත්‍ ‍ස‍තු‍ටු‍යි ‍මේ ‍‍වැ‍ඩේ 2013 ‍අප්‍රේල්‍ ‍මාස‍යේ ‍සිද්‍‍ධ වුණා. ‍මෑ‍ත‍කදි ‍ගෙ‍ද‍ර‍ට ‍‍ලි‍යු‍මක්‍ ‍එ‍ව‍ලා ‍ති‍යෙ‍න‍වා, කා‍ම‍ර‍යක්‍ ‍ඇ‍තු‍ලෙ ‍වි‍දු‍ලි ‍මී‍ට‍ර‍ය ‍ති‍යෙන්‍‍නෙ ‍දො‍රක්‍ ‍දා‍ලා ‍ව‍හ‍ලත්‍ ‍ති‍යෙන්‍‍නෙ ,‍දො‍ර‍ල‍ග ‍බල්‍‍ලෙ‍කුත්‍ ‍‍බැ‍ද‍ලා ඉන්‍‍න‍වා ‍නී‍ති‍ම‍ය ‍ක‍ට‍යු‍තු‍ ක‍රන්‍‍න ‍සිද්‍‍ද‍වෙ‍න‍වා ‍කි‍ය‍ලා. ‍ම‍ම ‍ද‍කි‍න ‍හො‍ද‍ම‍ දේ ‍ත‍ම‍යි ‍රාජ්‍ය ‍අ‍ය‍ත‍න‍යක්‍ ‍වේ‍වා ඕනෑම ‍ආ‍ය‍ත‍න‍ය‍ක‍ට ‍අ‍පේ ‍‍වැ‍ඩ‍ක‍ට ‍බා‍ර‍දෙ‍න ‍ලි‍ය‍විල්‍‍ල‍ක‍ට ‍අ‍ත‍්ස‍නක්‍ ‍හෝ ‍කො‍පි ‍එ‍ක‍ක් ‍ල‍ග‍ත‍බා‍ගන්‍‍න ‍එ‍ක හොදයි. රාජ්‍ය ‍අ‍ය‍ත‍න‍‍ ව‍ලින්‍ 75% ‍වි‍ත‍ර ‍ඔ‍ය‍ත‍රම්‍‍ම ‍කාර්යක්‍ශ‍ම‍යි. (නි)

:       0       0

නිමල් ප්‍රනාන්දු Friday, 31 May 2013 12:48 PM

2005 සිට බිල් නොඑවීම ගැන ලියුම් මගින් දැන්වුවා නම් හා මොහු වරදක් නොකළ බව තහවුරු වන්නේ නම්, වහාම සිඳලු විදුලිය ලබාදී ගෙවිය යුතු මුදල වාරික 60 කින් ගෙවීමට නියම කර එයින් වාරික 12 ක් ලාම්පු තෙල් භාගයක් අරන් ගෙදර යන්න කියූ නිලධාරීයාට ගෙවීමට නියෝග කල යුතුයි (නි)

:       0       0

ලිනෙත් Friday, 31 May 2013 12:52 PM

විවිද මානසිකත්වයන් තියෙන පරිබෝගිකයෝ ඉන්නවා ඒ උනාට විදුලි බල මණ්ඩලේ රජ කාරිය හරියට කරනම් ඔය ප්‍රශ්න නෑනේ. (ස)

:       0       0

රංජන් Friday, 31 May 2013 01:03 PM

බිල හදන්නත් ඕනෑ ගෙදර මිනිස්සුමද? ලියිට් බිල දෙන්න විදුලිබල මණ්ඩලේට අමතක වුනාට මේ මනුස්සයා පලිද? වගකීම පැහැර හැරලා මදිවට මහා ලොකු චන්ඩිකම් දාන්නත් එන්න මහජන මුදලින් නඩත්තුවෙන රජයේ සේවකයන්ට කවුද හයියක් දීලා තියෙන්නේ? (නි)

:       0       0

නිමල් සිල්වා Friday, 31 May 2013 01:13 PM

තාමත් ඩොට් මෙට්රික්ස් බිල්! (නි)

:       0       0

පද්මිණි Friday, 31 May 2013 01:11 PM

2005 සිට විදුලි බිලක් නොලැබීම ගැන විමසා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යැවූ බවට ඔප්පු කරන්න වෙයි. නැත්නම් සොරි තමා. (නි)

:       0       0

රන්ජිත් Friday, 31 May 2013 01:12 PM

මයාගේ මෝඩ කමට වෙන බෙහෙතක් නැහැ. සද්ද නොකර පිනට හිටියට දැන් වත් හරියට බිල ගෙවන්න නැත්නම් අමතක කරන්න. ශාප කරලා වැඩක් නැහැ. (ස)

:       0       0

සුබා Friday, 31 May 2013 01:13 PM

සම්පූර්ණ වරද විදුලිබල මණ්ඩලයේ.රාජකාරිය හරියට ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක කවදද වුණේ? (නි)

:       0       0

නීල් Friday, 31 May 2013 01:18 PM

මාස්පතා මනුව කියවීමට එන තැනැත්තා අසළ නිවෙස්වලට එනවා දැක්කහමවත් කිසිවක් නොකළාට ඔලුවට ටොක්කක් අනින්න ඕනේ.(ස)

:       0       0

ටෙනිසන් Friday, 31 May 2013 01:20 PM

ඇයි සමහරු ඔය විදිහට මින්සුන්ව පහත හෙලන්නේ? කොච්චර මිනිස්සු හොරට විදුලිය ගන්නවද ? කපටියෙක් හෝ වංචා කරයෙක් නම් ඔය අවුරුදු ගානටම පොඩි බිලකින් වැඩේ කරගන්න තිබුනනේ. අවංක මිනිසුන්ට ගරහන්න එපා (නි)

:       0       0

Pubudu Friday, 31 May 2013 01:24 PM

ගුණරත්න මහත්තයා ලියුම් යැවුවේ ලියාපදිංචි තැපෑලෙන්ද ? පිටපත් තියෙනවද? අල්ලස් හා දුෂන එකට පැමිණිල්ලක් දාන්න, රජයේ නිලදාරියෙක් / නිලදාරීන් රාජකාරීය කළේ නැහැ කියලා (නි)

:       0       0

සංජීව Friday, 31 May 2013 01:25 PM

මේකේ අසරණයි වගේ පේන මිනිහා අමුවංචා කාරයෙක්. බිලක් අවේ නැත්නම් ලියුම් ලියල හරියනවද ? හොර කමට සද්ද නැතුව ඉඳලා දැන් අසරණ පාර්ට් එක රඟපානවා.(ස)

:       0       0

වරුණ Friday, 31 May 2013 01:28 PM

තමාට විදුලි බිලක් ලැබුනේ නැත්නම් අවට නිවෙස් වලින් සොයා බලන්න තිබුනා. නමුත් කෙනෙකුට බිලක් නිකුත් නොකිරීම හා ඔහු අපහසුතාවයට පත් කිරීම මණ්ඩලයේ වැරැද්දක්. සාමාන්‍ය මනුස්සයෙක් මසකට රු6000ක් බිල ගෙවලා ජීවත් වෙන්නේ කොහොමද? ආශ්චර්යට චන්දෙ දීපු සියල්ලන්ටම දැන් දෙලොව රත්වී ඇත (නි)

:       0       0

බණ්ඩාර Friday, 31 May 2013 01:30 PM

මාසයකට රුපියල් 475/= වෙලා තියන්නේ. මෙොට බිල් අවේ නැත්නම් තැපැල් කාර්යාලයේ ගිණුමක් ඕපන් කරලා මාසෙට 500/= ගානේ දාන්නනේ තිබුනේ. ලැබෙන මුදල අරපිරිමැස්මෙන් පරිහරණය නොකරන එකේ විපාක තමා (නි)

:       0       0

කසුන් Friday, 31 May 2013 01:37 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගන වල ලයිට් බිල් ගෙවන්නේ කවුද? (නි)

:       0       0

සුසිල් මිලානෝ Friday, 31 May 2013 01:41 PM

මේ විදුලි පාරිභෝගිකයා අවුරුදු 8ක් නිහඩව විදුලිය පාවිච්චි කිරීම ලොකු වරදක්. දඩුවම් විදින්න ඕනේ.තමන්ට අවංක උනානම් මෙහෙම වෙන්නෙ නෑ.(ස)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Friday, 31 May 2013 02:04 PM

අපොස පන්තියේ ඉගෙන ගන්නා පුතාට ද දැන් රාත්‍රී කාලයට පාඩම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කියයි.දැන් තියෙන්නේ දවල්ට ඉගෙන ගෙන රෑට ඉස්කෝලේ යන්න (නි)

:       0       0

උපාලි Friday, 31 May 2013 02:04 PM

සංජීව, ඔබ නියම වචන වලින්ම කියන්නේ සහතික ඇත්ත. මේ කාලේ විදුලි බිල කිව්වාම කවුරුත් අනුකම්පා කරන නිසා දැන් රස්සාවක් නැතිකමයි, පුතාගේ විභාගේ ගැනයි කියනවා. දඩත් එක්ක හිග මුදල් අය කළයුතුයි. (නි)

:       0       0

ලාල් Friday, 31 May 2013 02:09 PM

මේ මනුස්සයට රු 700ටත් අඩු බිලක්නේ මාසයකට ඇවිත් තියෙන්නෙ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 31 May 2013 02:14 PM

භූමිතෙල් බාගයක් අරගෙන ගෙදර යන්න කිව්ව එකාව පොඩ්ඩක් මට මුන ගස්සන්නකො (නි)

:       0       0

මැණික් Friday, 31 May 2013 02:15 PM

ඔයින් ගිය ඇති මාමේ... අලුත් ගාස්තු ක්‍රමේට ආවනම් මොකෝ කොරන්නේ?(ස)

:       0       0

චානක ඇන්ටන් Friday, 31 May 2013 02:18 PM

මෙතැනදී දෙපාර්ශවයම වැරදියි. අවුරුදු 08ක් පාරිබෝගිකයෙකුට බිලක් නිකුත් කරන්නේ නැහැ කියන එක විදුලි බල මණ්ඩලය පැත්තෙන් බරපතල වරදක්. මෙහෙම තව කීයක් වෙනවා ඇද්ද? පාඩුව කොපමණ වෙයිද. මෙම පුද්ගලයත් වසර 08ක් ම සද්ද නැතුව හිටපු එකත් වැරදියි. නමුත් ඔහු විදුලිබල මණ්ඩලයට යවපු ලිපි වල පිටපත් තිබේ නම් නීතියේ පිහිටක් ලබා ගන්න පුළුවන් කමක් ඇති. (නි)

:       0       0

සුදේශ් Friday, 31 May 2013 02:30 PM

සුසිල් මිලානෝ, සිංහල ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඒ මනුස්සයා ලිපි කිහිපයකින් දැනුම් දුන්නා කියලා තියෙන්නේ (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 31 May 2013 02:37 PM

බිල් පත් ආවේ නැති කාලේ හිතුවේ නැද්ද, කවද හරි විදුලි බිල ගෙවන්න වෙනවා කියලා.හැම එකටම විදුලි බල මණ්ඩයට දොස් කියන්නේ ඇයි? බොහෝ අය විදුලිය හොරෙන් පාවිච්චි කරනවා. බිල් පත් නොගෙවපු කාලයේ ඉතුරු කරපු සල්ලි වලින් දැන් බිල ගෙවන්න (නි)

:       0       0

මොහමඩ් Friday, 31 May 2013 02:40 PM

එයාගේ මුණ දැක්කම පේනවා අහිංසකයෙක් කියලා. විදුලි මීටරය දිහා බලන්නේ ඒකේ වරදක් වෙලා වගේ. (නි)

:       0       0

මිනිපේ Friday, 31 May 2013 09:16 PM

අල්ලපු ගෙදර යාලුවට එහෙම විදුලි රැහැනක් ඇද්දද ?හොදට මතක් කරලා බලන්න.පව් අනේ (නි)

:       0       0

එරංග Friday, 31 May 2013 02:47 PM

බිෂාන්, බොළඳ අපිට කියල දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා? (නි)

:       0       0

බඩී Friday, 31 May 2013 02:55 PM

මේ ලිපිය සත්‍ය නම් මේ වරද කර ඇත්තේ විදුලි බල මණ්ඩලයෙනි. පාරිභෝගිකයාට ඇති අයිතීන් අනුව වරක් හෝ ඒ බව ඔවුන්ට දන්වා ඇත්නම් ඔහු නිවැරදිය. ඔහුට දැන් දී ඇති බිල ඔහුට හැකි ආකාරයෙන් අය කරගත යුතුව ඇත. (නි)

:       0       0

රැම්කෝ Friday, 31 May 2013 02:59 PM

විදුලිබල මණ්ඩලේ පිළිගත්තා නම් එයාලගෙන් වරදක් වුනා කියල එයාල සහනයක් දෙන්න ඕන. (ස)

:       0       0

සදුනි. Friday, 31 May 2013 03:03 PM

විදුලිබල මණ්ඩලේ ඉන්නේ කිසිම අවබෝධයක් නැති අයද? බිල නොවිමසා වාසි බලපු මෙයත් කපටියෙක් වගේ.මේක ආශ්චර්ය කියලා රජයට බනින්නෙත් මෝඩයෝ... (නි)

:       0       0

නලින් Friday, 31 May 2013 03:09 PM

මේ මිනිස්සුන්ගේ අතේ නොවෙයි වරද තියෙන්නේ (දී)

:       0       0

අනුරුද්ධ Friday, 31 May 2013 03:16 PM

බිල අපු නැති එකේ වැරැද්ද ඒ මිනිහගේ නෙමේ. එකේ වැරැද්ද විදුලිබල මණ්ඩලේ. විදුලිය දුන්නම බිල ගෙදරට එවන්න වෙනම කියන්න ඕනද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 93 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 789 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1638 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1063 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 446 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 271 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site