IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගහෙන් වැටුණම ගොනත් ඇනලා

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙවැනි පෙළ ජේලර්වරුන් 12 දෙනකු පළමු පෙළ ජේලර් තනතුරට උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඇතැම් නිලධාරීන් ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම, නිසි කලට කාර්යක්ෂමතා කඩඉම් සමත් නොවූ ජෙලර්වරුන්ට උසස්වීම් ලබාදීම සහ අසත්‍ය තොරතුරු ලබාදී පළමු පෙළ ජෙලර් තනතුරට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ලක් ඉදිරිපත් කළැයි ඔවුන්ගේ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ලිපියකින් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයාට ලද පෙත්සමක් මත අක්‍රමිකතා සොයා බලා පරීක්ෂණයක් කිරීමට පත් කළ විගණන නිලධාරී ඩබ්ලිව්.වී.එස්. ෆොන්සේකා මහතාගේ වාර්තාව අනුව දෙවැනි පෙළ ජේලර්වරුන්ගේ සාක්ෂි සහිතව කටඋත්තර ලබාගත් ෆොන්සේකා මහතා තම වාර්තාව මඟින් උසස්වීම් ලැබූ දෙවැනි පෙළ ජේලර්වරුන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි ද අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයිද නැවත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් ලත් නිලධාරීන් උසස් කරන ලෙසද නිර්දේශ කර ඇත.

නමුත් එවකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාවූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා එම නිර්දේශ නොසලකා හරිමින් අත්තනෝමතික පාලනයක් ගෙන ගිය බවත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ගිය පැමිණිලිකරුවන්ට චෝදනා කර තිබීම සම්බන්ධවත් ඔහු එම ලිපියේ සඳහන් කරයි.

මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව පැමිණිලිකරුවන්ට එරෙහිව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා චෝදනා පත්‍රයක් ගොනු කිරීම මානව හිමිකම් කොමිෂන් සභාවට කළ බලවත් අපහාසයක් බවත් දර්ශන කුරුප්පු මහතා පෙන්වා දෙයි.

එම පැමිණිලිකරුවන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, චෝදනා පත්‍ර ලබාදීම, සේවය අතහැර ගියාසේ සලකා සේවයෙන් පහකිරීම ඇතුළු පළිගැනීම් නතර කර දැනටමත් නිකුත් කර ඇති චෝදනා පත්‍ර අවලංගු කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්ට නිර්දේශ කරන මෙන් ඔහු එම ලිපියෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ගහෙන් වැටුණම ගොනත් ඇනලා

දුමින්ද Tuesday, 03 March 2015 03:10 AM

හැම තැනම නිලධාරී-ත්‍රස්ත වාදය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 11 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 379 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 226 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 345 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1069 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2855 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site