එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් පැවති පෙළපාලියට වෙඩි තැබූ බව කියන පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හර්මන් ගුණරත්න මහතා, හිටපු අමාත්‍යවරයකු වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයකුය. ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
ඔහු පහර කෑමට ලක්වී ලේ පෙරාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගෙන නැතැයි පොලීසිය කියයි.
මේ සිද්ධියෙන් පසු මංගල සමරවීර මෙහෙය වු කණ්ඩායමේ පෙළපාලිය අතහැර දැමූ අතර මෛත්‍රී ගුණරත්න හා ශිරල් ලක්තිලක මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායම කොළඹ බලා පිටත් වීම ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් රාජපක්ෂ...!!!(දී)
මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. රුක්මන්ට ජේ ආර්. කිවුවේ නායකත්වයට පෙර අනුගාමිකත්වය පුරුදු වෙන්න කියන පාඩමයි. අනෙක් අයටත් මේක පාඩමක්. ගුණ වඩන්න රත්තරන්. (නි)
නියමයි මංගල. ස්තූතියි (නි)
රනිල් සහ සජිත් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සිටිය යුතු අය.ඒ අයව ගෙදර අරින්න කාටවත් බැහැ. (නි)
අපි ළඟදීම සජිත්ව ගෙදර අරිනවා .
අපි රනිල්ව ගෙදර යවනවා
රනිල් කළු කොපි බිලානේ ඉන්නේ (දී)
තාත්තට මෛත්‍රීකරන හැටි කට්ටිය කියා දෙයි.(නදී)
මෛත්‍රී සහ ශිරාල් කියන්නේ නිකම්ම නිකන් පළාත් සබා මන්ත්‍රිලා දෙන්නෙක් විතරයි .. මෙයාලට ඇත්තටම මහා ලොකු ජනතා සහයක් නැහැ .. මේවා පිටිපස්සේ ඉන්නේ රටේ මහා තැන .. මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ එකම දෙයයි.. ඒ කියන්නේ රටේ විරැකියාව වැඩියි .. මිනිස්සුන්ට දවසක් උදා උනාම කරන්න රාජකාරියක් , රස්සාවක් , ගෙදර වැඩක් නැති උන් බුරුතු පිටින් මේ ලංකාවේ ඉන්නවා .. ඒ හින්ද තමයි මේ වගේ පෙළපාලිවලට මිනිස්සු පිරෙන්නේ .. චන්දෙ කාලෙට දේශපාලකයන්ගේ පස්සේ යන්නේ .. මේවා වලින් පෙනෙන්නේ එක දෙයයි .. එනම් ලංකාව කියන්නේ තාම 3 වන ලෝකේ නොදියුණු දුප්පත් රටවල් වලින් පහලම තත්වයේ ඉන්න රටක් , ජනතාවක් බවයි ..ඒ රටවල් වල උන් තමයි දේශපාලුවන්ව දෙවියෝ වගේ ඔලුව උඩ තියාගෙන මිනිමරාගන්නේ ...(දී)
අයියෝ සල්ලි, මොකක්ද මේ ලංකාවේ වෙන්නේ. මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි? (නදී)
මෛත්‍රී ගුනරත්නටත් දැන් වයස 60 ක විතර පෙනුමක් තියෙන එකේ එයාගේ පියාට අඩුම ගානේ 80 ක් විතර වෙන්න ඕන .. නමුත් නහින දෙහින වයසේත් පිස්තෝල අතේ තියාගෙන මේ වගේ ජනතා පෙළපාලියකට ගිය එකට විශාල දඬුවමක් දෙන්න ඕන ..මෙයා වර්තමාන ජනපතිගේ උපදේශක වරයෙක් .. මෙයාලට ඕන විපක්ෂය විනාශ කරලා හිතේ හැටියට හොරමැරකම් කරගෙන වලපල්ලට යනකම් සැපට ඉන්නයි .. එකනේ මේ නහින දෙහින කාලෙත් පිස්තෝල අතේ තියාගෙන පෙළපාලි යන්නේ .. (දී)
දන්නා යකා හොඳයි ලු නොදන්නා දෙය්යන්ට වඩා.. කියල අද මාතර යු ඇන පී කාරයෝ අපිට ඉගැන්නුවා.... ජනතාව මීහරක් වනතාක් කල් පාලකයන් වන්නේ ගොපල්ලන් ය.... (දී)
මෛත්‍රීට සහ ශිරල් ජය !(නදී)
අන්කල් නහින දෙහින කාලේ මොනපෙලපාලිද අපේ සීයා වගේ පන්සලකට ගිහින් පිනක් දහමක් කරගත්තොත් නරකද (දී)
රනිල්ට එක්සත් ජාතික පක්ෂයේ නායකකම තියාගන්න එයාගේ සහකරුවෝ විසින් දියත් කරන ලද ප්‍රහාරයක්.මෛත්‍රී ගුණරත්න මැතිතුමාට අපගේ ප්‍රණාමය.සියලු බාධක මැදින් පක්ෂයට අරක්ගත් සාපය වන රනිල් එලවා දෙමිය යුතුය.අප පක්ෂයට ඉදිරියට යා හැක්කේ එවිට පමණි.මෛත්‍රීට සහ ශිරල් ජය!! (දී)
දුක් වන්න එපා නදී ලංකාවේ මැර බලය නැතුව කොහොමද දිනන්නේ? (දී)
මිනිස්සු නීතිය අතට අරගෙන හැසිරෙනකම් සියල්ලෝම බලාගෙන ඉන්නවද? හරි පුදුමයි.(නදී)
මෙයා ජනාදිපති උපදේශක.මෛත්‍රී ගුණරත්න ඒ වගේම නීති උපදේශක. මෙයාලට අවශ්‍ය යු.එන්.පී එක නැති කරන්නද?(නදී)