පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලිය (2013) ආරම්භ කරමින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (2 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ත‍්‍රිත්ව විදුහලට නිතරග ජයක් හිමිවිය.
‘ජනාධිපති’ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගයට ඞී. එස්. සේනානායක විදුහල නොපැමිණීම හේතුවෙන් ත‍්‍රිත්ව විදුහලට ජය පිරිනැමුණු අතර ඒ අනුව ත‍්‍රිත්ව විදුහල මේ මස 9 වැනිදා අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.
තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල විදුහල හෙට (3 වැනිදා) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගි වීම වැදගත් නේද ජය ලබන්න ඕනෙම ද (අ)
ආවත් වැඩක් වෙන්නෙ නැහැ. දුවන්න ගහනවා (නි)
තරඟ පවත්වන්නේ නැතුව ක්‍රීඩා කරන කණ්ඩායම් වලට ක්‍රීඩා කරීමට නොදී මෙච්චර වියදම් කරන්නේ නැතුව කෙලින්ම ඕන කෙනාට කප් එක දුන්නා නම් ලේසි නේද ??නිකන් කින්ග්දොම් ඔෆ් වාඩියා(ෆිල්ම්)එක වගේ....(අ)
අපිට ගහන්න දුන්නෙත් නැහැ එයාලා ගැහුවෙත් නැහැ .... (නි)
ලංකාවේ රග්බිත් දැන් අගාධයට ගිහින් තියෙන්නේ (නි)